IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


වාර්තා තවම නැත්තේ පරීක්ෂණ යට ගහන්නද?

යාපනයේදී පොලිස් වෙඩි පහරින් සරසවි සිසුන් දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින යාපනය පොලිසියේ පස් දෙනා ලබන 27 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස  යාපනය මහේස්ත්‍රාත් එස් සදීෂ්කරන් මහතා නියෝග කළේය.

සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධ වාර්තා මෙතෙක් අධිකරණය ඉදිරිපත් නොකිරීම ගැන විවේචනය කළ මහේස්ත්‍රාත්වරයා එසේ කරන්නේ   සිද්ධිය වසන් කිරීමේ අදහසින්දැයි  රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය.

පසුගිය ඔක්තෝබර 21 වැනි දා පොලිස් වෙඩි තැබීමෙන් යාපනය සරසවියේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන් සහ දේශපාලන විද්‍යා අංශයේ ශිෂ්‍ය නඩරාජා කජන් මිය ගියහ. පොලිසිය මුලින් කීවේ මෙය රියඅනතුරක් බවයි. පසුව අනාවරණය වූයේ පොලිස් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.

සිසුන් දෙදෙනාගේ මරණ යාපනය මූලස්ථාන පොලිසිය විසින් රිය අනතුරකින් සිදුවූ මරණයක් යැයි ඒත්තු ගන්වමින් ඝාතන සිද්ධිය යට ගැසීම පිළිබදවත් ඊට අනුබල දුන් පොලිසියේ ඉහළ නිලධාරීන් කවුරුන්ද යනුවෙනුත් පරීක්ෂණයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පළමු නඩු දිනයේ දී දුන් නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව    මෙතෙක් සිය රාජකාරිය ඉටු කර නැතැයි මහේස්ත්‍රාත්වරයා කීවේය.

මරණයට පත්වූ සිසුන් දෙදෙනාගේ දෙමාපියන් වෙත පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නැයි බලකර ඇතැයි කියන  පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන්ද වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලුවත් රහස් පොලිසිය එම වාර්තාවද මෙතෙක් ලබා දී නැතැයි මහේස්ත්‍රාත් පැවසීය.  කිසිදු වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව  විවේචනය කළ  මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය යට ගැසීමේ උත්සහායක් පවතින්නේදැයි ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ කිරීම සදහා   නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මෙම ප්‍රකාශය අධිකරණයේදී දැඩිව විවේචනයට ලක්වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ නීතිපති උපදේශයක් අත්‍යවශ්‍ය නොවන බව අගතියට පත්වූ පාර්ශවයේ නීතීඥවරුන් අධීකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේය.

snapshot_050

image-0-02-06-65aa5b5bbd9b990cd74b478fbe3df9ed87282f67ab3056b3dc7fa92d877536fc-V



අදහස් (0)

වාර්තා තවම නැත්තේ පරීක්ෂණ යට ගහන්නද?

බමුණුසිංහ Saturday, 14 January 2017 02:30 AM

පරීක්ෂණ යටගියාට අපිට කමක් නැත (නි)

:       0       0

ලුසේන Friday, 13 January 2017 11:09 AM

යහපාලනයේ වෙනස මෙයයි . (අ)

:       0       0

බුද්ධික Friday, 13 January 2017 12:28 PM

වාර්තා ඉක්මනින් ලබා දෙන්න.(හේ)

:       0       0

පෙරුමාල් Friday, 13 January 2017 01:45 PM

ඇත්ත නේන්නම්. අධිකරණ නියොගයක් තිබියදී නීතිපති උපදෙස් මොකටද? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 232 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1905 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3551 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 576 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1615 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11039 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site