රාජගිරියේ 2016 පෙබරවාරි 28 වැනි දා සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජාත්‍යන්තර වෙළඳාම හා රාජ්‍ය ව්‍යවසාය වැඩබලන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ පාඨලී චම්පික ඇමති අතින් වරදක් වී ඇත්නම් ඔහු අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් නීතිය කාටත් එක සේ ක්‍රියාත්මක බවත් ය.
තම අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුව ඇති අනතුර පිළිබඳ කිසිවක් සඟවා නොමැති බවත් එම ජීප් රථය මෙන්ම එය පැදවූ රියදුරාද පොලීසියට භාරදී පරීක්‍ෂණයට සහය දී ඇති බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්‍ෂණ කෙරෙහි කිසිම බලපෑමක් එල්ල කර නැතැයි කී ඇමතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය විකෘති තොරතුරු පළකරමින් සිටින බව ද සඳහන් කළේය.
පොලීසියේ මෙන්ම උසාවියේ කටයුතුවලට නීතිගරුක පුරවැසියෙක් ලෙස තමන් සහය දෙන බව ද ඇමතිවරයා කීවේය.
අනතුරට ලක් වූ යතුරු පැදිය ධාරිතාවය 1000ක් වන අධිවේගී යතුරුපැදිය අමාත්‍යාංශයට අයත් ජීප් රථයේ පසුපස ගැටී අනතුර සිදුවී ඇති බවත් ඇමත කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුර සිදුවුණාම පළාගිය එක වැරදියි. පැදෙව්වේ ඇමතිද නැත්නම් රියදුරුද දන්නේ නැහැ. ඒත් 1000සීසී මෝටර් සයිකල් ලංකාවේ තහනම්. ඒත් එක්කම හැපිලා තියෙන්නේ ජීප් එකේ පිටිපස්සේ. එතකොට කවුද ඇත්තටම වැරදි? (නි)
දැන් මිනිසුන්ට පාරට බැහැලා, උද්ඝෝෂණ කරලා තමා නිතිය ක්‍රියාත්මක කරගන්න වෙලා තියෙන්නේ. නොකර බැරුව නීතිය ක්‍රියාත්මක කරලා කියනවා, දැන් යහපාලනය නිසා නීතිය ක්‍රියාත්මක වෙනවලු. මතකනේ ඩිෆෙන්ඩර් සිද්ධිය. (නි)
අනේ මේ ලංකාවද? (නි)
පුර්ණ පරීක්ෂණයක් පවත්වා වාහනය පැදවූ රියදුරාගේ සැබෑ නම තහවුරු කරන්න. මීට ප්‍රථම හිටපු ගුවන් හමුදාපති කෙනෙකුත් රිය අනතුරකදී ඔහු වාහනය පැදවුයේ නැහැ කියලා පසුව වරද පිළිගත්තා (නි)
අනේ අපේ උපාසක මහත්තයා වගේ ඇමතිතුමාට බනින්න එපා (නි)
දේශපාලකයන් අතර මේ සිද්ධිය කොච්චර කාලෙකට අළෙවිවෙයිද දන්නේ නැහැ? (නි)
කෝනාර ,ඇමති අත්අඩංගුවට ගන්න කියල කවුරුවත් කියන්නේ නැහැ . කියන්නේ ඒ වෙලාවේ වාහනය පදවපු රියදුරා අත් අඩංගුවට ගන්න කියලා. අැමැතිද නැත්නම්, රජ්ජුරුවෝද කියල කවුරුත් කියන්නේ නැහැනේ (බ)
හැපුනම නවත්තන්න ඕනෙ තමයි. තුවාලකරු රෝහලට යවන්න ඕන. හැබැයි දැන් වාහනේ නැවැත්තුවහම ඒක කුඩු කරනවා. රියදුරාට නොසෑහෙන්න සලකනවා. ඒක නිසා කෙලින්ම පොලීසියට යන්න ඇති. (බ)
වරදක් නැත්නම් ඇයි පලා ගියේ. (ම)
අපේ රටේ මර්ග නිතියක් නෑ (ම)
හප්පලා පලා යාමේ වරද තියෙනවා එයට දැඩුවම් ලැබිය යුතුය. අඩුම තරමේ රෝහලකට වත් ගෙන ගිහින් නෑ (ම)
වැරදක් ඇතත් නැතත් අනතුර සිදුවූ විට මුලින්ම කරන්න ඹන තුවාලකරුවන් රෝහලට ගෙනයාම. මෙතන එහෙම වෙලා නෑ අනතුර සිදුකර පලාගොස් තියෙනවා මහජන නියොජිතයොත් මෙහෙම කරනවද? පලායන්න හේතුවක් තිබිය යුතුයි රිය පැදවුවෙ වෙන කෙනෙක් වෙන්න පුඵවන් පලාගිය වරදට අත්අඩංගුවට ගතයුතුයි (ම)
වරද කාගේද කියල හොයගන්නකම් කියන්න බැහැ වරද කාගේද කියල. (ම)
ඔව්. එසේ විය යුතුයි. ඔය කියන ඔබත්. (ර)
පිටිපස්සෙන් එන වාහනයක් හප්පන එක මහදෙයක් නෙමෙයි. මතකද පෑලියගොඩ හයි වේ එකේදී බයිසිකලයක් කාරයක පිටුපස හැප්පුවා? (නි)
අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් වුණා කියලා ඇමති අත්අඩංගුවට ගන්න අවශ්‍යද? අනතුරට පත්වුණ වාහන දෙක පදවපු රියදුරන් දෙදෙනාගේ ක්‍රියාකලාපයේනේ හරි වැරැද්ද හොයන්න ඕනෑ (නි)
මට හිතෙන්නේ ජීප් රථය පස්සට ධාවනය වන එකක් වගෙයි. යතුරුපැදියේ ගිය කෙනා ඒක දැනගෙන ඉඳලා නැහැ. ඔය පොඩ්ඩට යතුරුපැදියේ එන්ජින් ධාරිතාව පවා හොයාගෙනනේ. කොහොමද අපේ කට්ටියගේ වැඩ. (නි)
මේ කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)
එතකොට වමෙන් ඉස්සර කරන්න ගිහිල්ලද මේ අනතුර වෙලා තියෙන්නේ. මෙහි ජීප් රථය වරදක් කර නැති බවයි හිතෙන්නේ. පොදු විපක්ෂය නිකන් කෑගහනවා. (නි)
සිසිරගේ අදහසට මම 100% එකඟයි. වාහනයේ පසුපස තමයි හානි වෙලා තියෙන්නේ. ඒ වගේම බයිසියිකලය සීබීආර් 1000 වර්ගයේ ලංකාවේ මාර්ග වල පාවිච්චියට ලියාපදිංචි කළ නොහැකි එකක්. නමුත්, අනතුරක් සිදුවූ පසු වැරැද්ද කගේ වුවත්, නොනවත්වා ධාවනය නීතිය කඩකිරීමක්. (නි)
මගේ අත්දකීම් වලට අනුව මේ අනතුර ඇත්තටම සිදු වෙලා තියෙන්නේ බුයිසිකලේ එක පදවපු කෙනා අතින් මොකද ම ඉතා පරිස්ක්සමින් පින්තුර ටික පරික්ෂ කලා ඒ අනුව තමි මේ අදහසක දක්වන්නේ (රේ)
පිටිපස්සෙන් ඇවිල්ලා හැප්පුවා නම් අනිවාර්යයෙන්ම බයිසිකලේ වැරදියි. කොහොමත් දැන් සෙට් එකක් ඉන්නවා පාරේ රේස් පදින (නි)
පස්සෙන් පිඹගෙන ගිහින් හප්පලා නම් මොනවා කරන්නද? ඉගිලෙන්න ඇති. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. (ර)
1000 cc පාවිච්චියත් නීති විරෝධියි .ඒ වගේම ඇමති වරදක් කර තිබේ නම් ඔහුට විරුද්ධවද නීති ක්‍රියාත්මක විය යුතුයි . (ර)