IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රුපියල් කෝට් 1500ක බැඳුම්කර සිද්ධියට සම්පුර්ණයෙන්ම වැරදිකරු බැවින් ඔහු හා ඊට සම්බන්ධ සෙසු නිලධාරීන් පිළිබඳව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පාර්ලිමේන්තුවට නිර්දේශ කරයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටු වාර්තාව අද(28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම කමිටු වාර්තාවේ නිර්දේශ 15ක් ඉදිරිපත් කර ඇති බව කමිටු සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කීය.

මහ බැංකුවේ වංචනිකයින් හා දූෂීතයන් හෙළිදරව් කරමින් ඉදිරිපත් කළ මේ වාර්තාව මාස 18ක පුරා කරන ලද විමර්ශන වල ප්‍රතිඵලයකි.

ඉදිරිපත් කළ නිර්දේශ වලට අනුව අර්ජුන් මහේන්ද්‍රන් බිලියන 15ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවා බව එක එල්ලේම නිර්දේශ කර ඇති අතර ඔහු හා ඊට සම්බන්ධ සියලු වගකිවයුතු නිලධාරීන් වැරදිකරුවන් කර ඇති අතර ඔවුන්ට එරෙහිව වහාම නීතීමය පියවර ගත යුතු බවටද නිර්දේශ කර ඇතැයි බිමල් රත්නායක මහතා කීය.

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේ පූර්ව විවාදයක් අවශ්‍ය බවත් මෙවැනි වංචා අනාගතයේදී සිදු නොවීම සඳහා අලුතින් නීති සැකසිය යුතු බවත් සභාපතිගේ වාර්තාවේ සඳහන් වෙයි.මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමට උදව් කළ රජයේ නිලධාරීන් කවුදැයි සොයා බලන ලෙසත් කමිටුව නිර්දේශ කරයි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවසුයේ සියලු සමාජිකයන් එකඟත්වයෙන් වාර්තාව ඉදිරිපත් කළ බවයි.

 



අදහස් (0)

වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

පිටබැද්දර ජයා Friday, 28 October 2016 11:24 AM

රටට ආදරේ නුඹලාට අපේ ප්‍රණාමය! කෝප් කමිටුවේ ක්‍රියාකාරිත්වය විශිෂ්ටයි (නි)

:       0       0

සජී Saturday, 29 October 2016 05:10 AM

ගෙන්නන්නත් ලංකාවේ ඉන්න එපායැ (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 28 October 2016 06:06 PM

දඬුවම් වගේම මුදල් අයකරගත යුතුයි (නි)

:       0       0

නිශාන් Friday, 28 October 2016 10:44 PM

සුනිල් හඳුන්නෙත්ති මහතාණෙනි, අහිංසක මහජනතාවට දැන් ඔබ පක්ෂයේ පිළිසරණ පමණි. ඉදිරියටම යන්න. ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 28 October 2016 11:43 PM

සුනිල් හඳුන්නෙත්ති මහතාණෙනි, මේගොල්ලන්ට මේක යටගහන්න ඉඩ දෙන්න එපා. (නි)

:       0       0

සුමිත් Friday, 28 October 2016 10:23 AM

නීතිය හමුවට ගේන්න ඕනෑ මේ අය පත්කළ අය නෙමෙයිද? (නි)

:       0       0

අරුණ Friday, 28 October 2016 10:23 AM

මීළඟ එක්සත් ජාතික පක්ෂ නායක රන්ජන් මහතා සදා ජනතා වීරයෙකි. මුළු රටම ඔබ සමඟයි.

:       0       0

රොමේෂ් Friday, 28 October 2016 10:42 AM

අප්‍රමාණ තර්ජන සහ බාධක මැද ජනතා පැතුම අහීතව ඉටුකළ ඔබට ගොඩක් ස්තුතියි. ඔබවන් නායකයන් තමයි රටට අවශ්‍ය. (නි)

:       0       0

රූපසිංහ Friday, 28 October 2016 10:44 AM

අර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිව අල්ලන්න ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලුවා නම් අැයි බැරි මේ හොරු අල්ලන්න ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 61 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 211 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 370 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 127 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 738 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 502 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site