දැනට මාසික කුලි පදනම මත පවත්වාගෙන යන වෙරෝනා බෞද්ධ වීහාරස්ථානය ඉදිරි මාස දෙකේදී මිලදී ගෑනිමට හෑකි වන බව විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියෝ පවසති.
යුරෝ දෙලක්ෂ පනස් දහසක් (රුපියල් 45000000) ඒ සදහා වෑය වන බවත් පින්වතුන්ගේ පරිත්‍යාග හා දායක සභාවේ කෑපවීම මත මෙතරම් විශාල මුදලක් වෑය කොට අපේ පින් බිමක අයිතිය අපිට ලබාගෑනිමට හෑකි වන බවත් රෝමයේ නව තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා ද තමන්ට කල හෑකි සෑම උපකාරයක්ම මේ සදහා ලබා දෙන බව පෑවසුවෙ යෑයි විහාරාධිපති හිමියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඉතාලි ජාතිකයෙක් ලංකාවට ගොස් ඉඩමක් අරගෙන පල්ලියක් හැදීමට උත්සහ කලොත් මේක සිංහල බෞද්ධ රට කියල ගිනි තියගනිවී .(අ)
අපි බෞද්ධ හැටියට සතුටුවෙන්න ඕන මේ ගැන,කතෝලික පල්ලිය 1505 සිට බෞද්ධ ආගම විනාශ කරලා ඉවරයි.ඔය ටිකහරි රැකිලා තියෙන්නේ අපේ හාමුදුරුවරු නිසා,(දිල්)
වෙරෝනා ඉතාලියේ - ඉතාලිය 99% රෝමානු කතොලික ප්‍රජාව. දැන් ඒ රටෙ ඕනැම ආගමක් ප්‍රචාරය කිරිමෙ නිදහස තියෙනවා ඉතාලියේ ඉන්න මනුස්යෙක් ඇවිත් මෙ වගේ දෙයක් කරන්න හැදුවොත් අපේ ස්වාමින්වහන්සේ (බහුතරයක් නොවෙ) එක එක වෙස් මුහුනු දාගත්ත එක් එක් නම් වලින් පෙනි සිටින සියලුම ආගමිකයන් කොටවා කුහක සංතෝෂයක් ලබන්න් කුමක් කරාවිද මෙවා ආදර්ශයට ගන්න සැම කෙනෙක්ම මනුස්සයෙක් බව. (ස)
ඔය ලංකාවේ ධර්මය ප්‍රචාරය කරන්න එන පිරිසට පුළුවන් නම් සෞදි අරාබියේ ගිහින් පටන් ගන්න කියන්න, ඒ රටේ ඕනෑතරම් ඉඩ පහසුකම් තිබෙනවා. (නි)
චන්ද්‍ර වීරසින්ග්හේ,ඔය අදහස අත්හැරලා දුප්පත් ලංකාවේ පන්සලකට දීලා, දානය දෙන එකයි ඔයාට කරන්න තියෙන්නේ (නි)
බෞද්ධයනි, මේ අදහස් දෙස බලනකොට ඔබට දැන්වත් පේනවද විවිධ නම් වලින් පෙනී සිටිමින් අන්‍යාගමිකයන් අපිව කොටවන්න හදන හෑටි? (නි)
ලංකාවේ පන්සල් පල්ලි හදන්න ඇනකොටා ගන්න අයට හොද ආදර්ශයක් (නි)
කතාව සම්පුර්ණ ඇත්ත. ඔය වගේ ලොකු දෙයක් නෙමෙයි, වෙන ආගමක් සම්බන්ධ පුංචි පොතක් බෙදුවත් කෑ ගහනවා, මෙන්න බෞද්ධ රට අන්‍යාගම් කරන්න හදනවා කියලා. (නි)
ලංකාවේ ඉන්න කතෝලික විරෝධී බෞද්ධ සුපින්වතුන් දැන් මොකද කියන්නේ? එහෙ ඉන්න කතෝලිකයෝ මේවට විරුද්ධව පෙළපාලි යන්නෙත් නැහැ, අන්තර්ජාලයෙන් අපහාස කරලා පෝස්ටර් ගහන්නෙත් නැහැ. දැන්වත් තමන්ගේ තරම තේරුම් ගත්තොත් හොඳයි. (නි)
නවසීලන්තෙත්, ඕස්ට්‍රේලියාවෙත්, එංගලන්තේ ජර්මනියේ හැම තැනම සිද්ධස්ථාන තියෙන නිසා නරකද වට වන්දනා සමාගම් වලින් ලෝකේ වටේට වන්දනා නඩ ගෙනියන බිස්නස් එක පටන් ගත්තොත් (ස)
ලංකාවේ දුප්පත් පන්සලකට ආධාර කලානම් හොඳයි නේද.(අ)
කුලී පදනම මත දීර්ඝ කාලීනව සිටිනවාට වඩා මෙම ක්‍රමය වාසිදායකයි. අගය කරමි. (නි)
අදහස් බලද්දී අනේ අපේ ලාංකිකයෝ කියල හිතෙනවා ..(දිල්)
ඔය කෝටි ගණන් වැය කරන මුදල්, අර බුද්ධ ශාසන අමාත්‍යාංශය කියන වැසි ඇති පන්සල් වලට දුන්නොත්, දහම අනුව නිවන් යන්න පුළුවන් නේද ? හාමුදුරුවන්ට ටිකක් හිතලා බලන්න වේවී. (ස)
කෝ අර පිටිගල, දෙන්නකෝ යුරෝ 10000 විතර (ස)
ඔය පන්සලේ දායක මහත්තුරු සහ හාමුදුරුවරු දෙපිලක් බෙදිලා නේද ? (ස)
ලංකාවේ තාම ගෙවල් නැති අහිංසක මිනිස්සු මොනතරම් ඉන්නවද .බෞද්ධ දර්ශනය මේකද ? (ස)