IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


‘‘වරාය නගර ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කළොත් රටම ගොඩ‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.

නමුත් එය හරියට ක්‍රියාත්මක නොවුවහොත් රට ලොකු ව්‍යසනයකට පත් වන බවද ඔහු කීය.

ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය .

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට තමා විරුද්ධ නැති බවත් නමුත් මේ රටේ සම්පත් චීනයට විකිණීමට තමා විරුද්ධ බවත් ඔහු ප්‍රකාශ කළේය.

රටේ කොටසක් පරදේශක්කාරයන්ට ලබාදීම තමා හෙළා දකින බව පැවසූ සරත් ෆොන්සේකා මහතා එය වහා නතර කළ යුතු බවද කියා සිටියේය.

කොරෝනා පරාජය කිරීමට යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා සේනාංක අද ලොකු කාර්යභාරයක් කරන බවත් මේ කටයුතු වෛද්‍ය ක්ෂේත්‍රයට තනිවම කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

නිරෝධායන කටයුතු සංවිධානය කරන හමුදාවට මඩ ගැසීමට තමා විරුද්ධ යැයි කී ෆොන්සේකා මහතා හමුදාවට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතු බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (18)

‘‘වරාය නගර ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කළොත් රටම ගොඩ‘‘

sharm warn Thursday, 20 May 2021 09:49 AM

හරියට නොකර වංගුවෙන් යන්න හදන එක තමයි රටටම තියෙන ප්‍රශ්නේ..

:       1       9

පප්ප Thursday, 20 May 2021 09:54 AM

කෙලින් නිර්භයව කථාකරන රටේ ජනතාවට ණය නැති මේ අභීත මිනිසාට අපගේ ප්‍රණාමය....!!!

:       0       17

Ruwan Thursday, 20 May 2021 10:21 AM

කරපු ව්‍යාපෘති වලින් ගොඩ ගිය එකක් කියන්න බලන්න... ගොඩයාවි ටික දෙනෙක් .. සුනාමියෙන් වගේ..

:       2       8

සිරිබිරිස් Thursday, 20 May 2021 10:23 AM

සරත් ෆොන්සේකා මොකාටද එන්න හදන්නේ?

:       10       3

මැක්ස් Thursday, 20 May 2021 10:25 AM

දැන් ඔන්න ඔබතුමාටත් මඩ ගහයි ජේවීපී කාරයෝ....

:       8       6

කාංචන Thursday, 20 May 2021 10:31 AM

ප්‍රවෘත්ති විකෘති කරන්න ඕනේ නැහැ. මිනිස්සුන්ට දැන් විඩියෝ බලන්න පුළුවන් සජීවීව..

:       1       4

ලලිත් අම්බලන්ගොඩගේ Thursday, 20 May 2021 11:19 AM

ගරු මන්ත්‍රීතුමනි, ඔබ අම්බලන්ගොඩ උපන් කෙනෙක්... මේ පැත්තේ දේශපාලකයින් අපේ ගම හප කරලා ඉවරයි. අපේ තානායම ඇතුලු දේපල ගොඩාක් විනාශ කරලයි තියෙන්නේ. නරකද තමන්ගේ උපන් ගමට ඇවිත් ගම ටිකක් දියුණු කළොත්? අපිට පක්ෂ, පාට බේද වැඩක් නැහැ. මම මේක වරක් අපේ මහින්ද දේශප්‍රිය මහතාටත් යෝජනා කළා...

:       1       15

Thisa Thursday, 20 May 2021 11:57 AM

ඇවසි දේ නියම තැනට ගෙනැල්ලා....

:       0       8

Thissa thilakarathna Thursday, 20 May 2021 12:00 PM

නියම නියම තැනදී නියම දේ කරනවා...

:       0       6

රට වැසියා Thursday, 20 May 2021 12:16 PM

බොහොම පැහැදිලි, නිරවුල්, සමබර අදහස් ප්‍රකාශයක්...

:       0       11

kamal Thursday, 20 May 2021 01:44 PM

මෙතෙක් කල් දේශපාලකයින් හොරකම් කරේ නැතිනම් අපේ රට මෙලහකටත් ගොඩ...

:       0       17

Demuni Uduwara Thursday, 20 May 2021 08:21 PM

රාජපක්ෂවරු කවදාවත් හරි දේවල් කලේ නෑ

:       17       17

Yohan Friday, 21 May 2021 02:42 AM

අම්මෝ ඇත්ත ? එකට කමක් නැ ඔයා පැත්තකට වෙලා ඉන්න

:       18       5

ප්‍රියන්ත එම්. ආර්. Friday, 21 May 2021 08:17 AM

හරියට කළොත් ගොඩ කියන එකට එකඟයි. මෙහි සේවයට යොදවන සහ පරිපාලනය, කළමනාකාරිත්වය දරන සියලු දෙනාව රටට අගතියක් නොකරන බවටත්, තම කටයුතු වගකීමෙන් ඉටු කරන බවටත්, යම් අගතියක් වුවහොත් එහි වගකීම දරන බවටත්, ගිවිසුමක් ගත යුතුයැයි සිතනවා. විශේෂයෙන් දේශපාලන ඕනෑ එපාකම් ඉටු නොකරන බවත් ඇතුලත් බල සහිත නෛතික ලියවිල්ලක් විය යුතුයි.

:       0       10

විපරමා Friday, 21 May 2021 09:35 AM

බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ පවුල් පිටින් මහාපරිමාණයේ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය නොකළා නම් රට ගොඩේ ගොඩ. දැනටමත් නූපන් දරුවන් පවා ලෝකෙට ණය කාරයෝ කරලා හමාරයි...

:       0       6

siri Friday, 21 May 2021 09:47 AM

කවුරුහරි කියවලා බලන්නකෝ චීන ණය උගුලට අසුවෙලා ඉන් ගොඩ එන්න බැරුව ඉන්න බංගලාදේශය, පාකිස්ථානය, සැම්බියාව, ඉතියෝපියාව, සුඩානය, නැමීබියාව, රුවන්ඩාව, සිම්බාබ්වේ වගේ තුන්වෙනි ලෝකයේ යැයි කියන බොහෝ රටවල් අද මුහුණ පා ඇති ඉරණම ගැන. අපේ රට ගැන කියලා වැඩක් නැහැ. ඕකයි තිත්ත වුණත් ඇත්ත කතාව.

:       6       4

JayanathFriday, 21 May 2021 10:35 AM

ඉතියෝපියාවේ අඩිස් අබාබා වල විදුලි දුම්රිය දුවන්නේ චීන ආධාර වලින්. අපි චීනෙට බැන බැන ඉඳලා අන්තිමට ඉතියෝපියාවේ අය කියාවි ලංකාවට පාන් දැම්මා වගේ වෙන්න එපා කියලා. වැරැද්ද චීනෙවත්, ඇමරිකාවවත්, දේශපාලුවොත් නෙමේ. රටවැසියන්ගේ... තමන්ගේ දෙයක් නිෂ්පාදනය කරන්නේවත්, කරන දෙයක් මිලදී ගන්නේවත් නෑ. තත්වෙට මදි නිසා. නිකන් ගූගල් එකේ ගහලා බලන්න ඉතියෝපියන් රේල්වේ කියලා. ඇඬෙනවා.

:       2       15

RaveendraFriday, 21 May 2021 12:39 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප සැමවිටම ඕනෑම දෙයක් දෙස බලන්නේ අපෙ තකතීරු පක්ෂවල න්‍යායන් සිත්වල පැසව පැසව නොවේද? අප අපේ දෙයක් කිසිවිට අගය නොකරන මෙන්ම අපේ දෙයක් ගැන නොහිතන විට කිසිදු දියුණුවක් නොමැති බව දශක 6ක් 7ක් තුළදීම අප විසින්ම ඔප්පුකර තිබෙනවා නොවේද?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වැන්ද අයට එන්න හෙටත් දුම්රියක්
2025 අප්‍රේල් මස 26 0 0

සිරි දළදා වන්දනාවට සහභාගි වී ජනතාවට ආපසු එන්නට පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් හෙට (27) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තම


කෝප් එකෙන් දූෂිතයන්ට නඩු
2025 අප්‍රේල් මස 26 31 0

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.


පළාත් කීපයකට අදත් වැසි
2025 අප්‍රේල් මස 26 122 0

අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව


සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 1770 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 195 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 543 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 833 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 384 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 540 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site