අභිමංසල සහ මිහිදු සෙත් මැදුර, රණවිරු සෙවන යන සුව සහන මධයස්ථානවල නේවාසිකව ප‍්‍රතිකාර ලබන පුර්ණ ආබාධිත තත්තවයට පත් වු රණවිරුවෝ 37 දෙනෙක් අද (12) දින තුනක යාපනයේ සංචාරයක නිරත වුහ.
පුර්ණ අබාධිත රණවිරුවන් පිරිසක් උතුරේ සංචාරයක නිරත ප‍්‍රථම අවස්ථාව මෙය බව හමුදාව කියයි.
යුද හමුදාපති ලූතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේරජ් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම චාරිකාව සංවිධානය කර ඇත.
මෙම රණවිරුවන් වෙනුවෙන් ගුවන් හමුදාව ආසන 46 ක ගුවන් යානයක් වෙන්කර දී දායකත්වය ලබා දී තිබුණි.
මෙම පිරිසට නල්ලූර් කෝවිල, යාපනය කොටුව, දඹකොළ පුටුන, නාගදීප විහාරය, වැද පුදා ගැනීමටත්, අලිමංකඩ රණවිරු ස්මාරකය නැරඹීමටත් අවස්ථාව හිමිවේ.
මෙම රණවිරුවන් වෙනුවෙන් වෛද්‍යවරයෙකු, හෙද හා භෞත චිකිත්සක ඇතුලූ 16 දෙනකුගෙන් සමන්විත කර්යය මණ්ඩලයක් ද ගොස් ඇති බව හමුදාව කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අභීත රණ ශුරයින්ට උත්තමාචාරය සහ සුබපැතුම්!රණවිරුවනි ඔබ ලබා දුන් සාමය අද අපි භුක්ති විදින්නෙමු ඔබලාට නිදුක් නීරෝගී සුවය සහ අපේ ආයුෂත් අරගෙන ජීවත්වනු දැකීම අපේ සතුටයි (බ)
මේ අය දකින දකින වාරයක් පාසා මගේ ඇස් වලට කදුළු එනවා. ඔබට මේ ජීවිතයේදී කිසිම දුකක් නොදැනේවා! ඔබ නිසයි අද අප ජීවත්ව ඉන්නේ. (බ)
ඇත්තටම හොද වැඩක් (බ)
මේ වීරෝදාර රණවිරුවන්ට මෙන්ම අනෙකුත් සියලුම රණවිරුවන්ට ,ඔවුන් කළ කැපවීම් වලට අවමන් වනසේ කටයුතු කරනවා.(බ)
මිහිපිට දැකපු දෙවිවරු... අපි ඔබට සදා ණයගැතියි. (නි)
ඔබ කරපු කැපකිරීම මොනතරම්ද? වෙන අය ඒ සඳහා ලකුණු දාගන්නවා නම් එයත් කොච්චර අසාධාරණද? (නි)
මේ ප්‍රවෘත්තියට අදහස් නොදාම බැහැ. ජාතියේ විරුවන් අධිකරණයට නෙමෙයි ගෙනයන්න ඕනෑ. මේ වගේ තමන් දිනපු දේශය පෙන්නන්න. ඉතාම වැදගත් ක්‍රියාවක් (නි)
ඔබට සදා ජය! (නි)
ඔබ නිසයි අද අප ජීවත්ව ඉන්නේ.(ම)
මේ උදාර මිනිසුන් නිසා තමා අද උතුර, දකුණ මිනිසුන් හුස්ම ගන්නේ කියල නැවතත් බෙදෙන්න හදන උන්ටත් මේ අපේ විරයන්ව පෙන්වන්න මහත්වරුනි.(ම)
පාලිත, අපිත් රණවිරුවන්ට දිවිහිමියෙන් ණයගැතියි. නමුත් ඒගොල්ලෝ වරදක් නැත්නම් නීතිවිරෝධී දෙයක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න ඕනෑ. නැත්නම් එ්ක අපේ සියලුම හමුදාවන්ගේ අභිමානයට කැළලක්. (නි)
ඉතා සුබදායී වටිනා වැඩක්.(ම)
දිනූ දේශය රැකගත් රණවිරුවනි ඔබට සදා ණය ගැතියි. ඔබ නිසයි අද අප ජීවත්ව සිටින්නේ. ඔබ සතුරා සමග සටන් කළ කාලය යළිත් මතකයට නැගෙන්න ඇති. (ම)
තමන්ගේ ජිවිතේ ගැන බලන්නේ නැතුව අපේ රට රැකපු විරජෝන්ට ජාතියේ ප්‍රණාමය හිමි වෙන්න ඕන. තමන්ගේ ජීවිතේ දැන් දීපු නිසා අද අපි හැමෝම හිනාවෙලා ඉන්නවා.(ම)
මුලින්ම කියන්න ඕනේ මෙය ඉතාම අගනා කටයුත්තක් බව.මෙවැනි අභීත රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල නිසා තමයි අද අපේ රටේ සියලුම දෙනාම භය සැක නැතිව නිදහසේ ජීවත් වෙන්නේ.(ම)
නියමයි.විශිෂ්ටයි.ඇස් දෙකට කදුලු උනනවා.ඔබ නිසයි විරැවනේ අපි අද නිදහසේ හුස්ම ගන්නේ.(හේ)