විදේශ ගමන් බලපත්‍රයක් හේතුවෙන් කුමාර් ගුණරත්නම් මහතා සිරගත වීමටත් විමල් වීරවංශ මහතා සිරගත නොවීමටත් හේතුව විමල් වීරවංශ මහතා රජයේ ප්‍රබලයකු සමඟ ඩීල් දමා තිබීම විය හැකි හැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ඔහු එසේ කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එක්සත් ජාතික පක්ෂය වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත කිසිදු සංශෝධනයකින් තොරව ගෙඩිය පිටින් සම්මත කිරීමට උත්සාහ කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බව ද පෙරේරා මහතා කීවේය.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ගෙඩිය පිටින් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයට සිහිනයක් හෝ ඇති විය හොහැකි යැයිද රාජ්‍ය ඇමැති සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජානැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. පරාද වෙලත් ඇමතිකම් කරන්නේ කවුද මහත්තයෝ? (නි)
ඇමති හිරේ ගියත් ජනාධිපති හිරේ ගියත්, නිලධාරින් විතරක් සදා සැපෙන් ඉන්න රටත් මොකක්ද කියලා අහන්න හිතෙනවා මට.(හේ)
හොර නම් හොර උපන්දින සහ කල් ඉකුත්වූ ගමන් බලපත්‍ර යන වැරදි වලට දඩුවම් උපරිමයෙන් විදින්නේ සාමාන්‍ය ජනතාව පමණි. කොයි පැත්තේ දේශපාලඥයෙක් වුවත් නිදහස්වේ. මේ රට කුමක්ද? (බ)
මෙයාට යන එනමක් නැහැ (ම)
ඔබ කියන දේ හරි ඇති. මොකද ඩීල් ගැන දන්නේ දේශපාලකයෙක්ම තමයි අපිට වැඩිය. (නි)
ඔබ ඡන්දෙනුත් පැරදිලා ඇමතිකමෙන් රාජ්‍ය අැමතිකමට වැටුනත් ඔබ ළඟ සිටි කට්ටිය නම් තාම ඒ පුටුවලමයි. (නි)
මේ වෙනකොට බොහෝ දේ හෙළිදරව් වී හමාරයි (නි)
ඔබට පක්ෂව සිටි අයම තමයි අද වෙන කතා කියන්නෙ ඔබ ගැන. (නි)
අනේ අපි නොදන්නා ඔයාලගෙ ඩිල් කතා? (නි)
හානේ....... ඇත්තද? මේ කියනකන් අපි දන්නෙවත් නැහැනේ (නි)
ස්ටාර් තරඟයට මොකද වුණේ. ආයෙත් පටන් ගන්නවද? අපි හරිම ආසයි අපේ දුක්විඳලා එවන බිලියන ගණන් ඒ වගේ වැදගත් දේවල් වලට වැයකරලා ඔයාලත් ටිකක් හරි සතුටු වෙනවා නම් (නි)
“හෙළිදරව්ව“ බලන්න. ඔබ ගැන ඔබගේ නිලධාරින් කතා කරනවා අහගෙන ඉන්න ආසයි. හැබැයි ඒ ජනවාරි 8 න් පස්සේ. එතෙක් ඔබ ළඟමයි හිටියේ (නි)
හැබැයි ඒ කාලේ ඔබතුමාලා බඩ බැඳගත්තා වගේ හිටිය අය දැන් ඔබතුමාලා ගැන කියන්නේ වෙනස් කතා (නි)
මොනදේ කළත් ඔබ තාමත් ඇමති. ඔයාලගෙ ගෝලබාල නිලධාරි කට්ටිය තාමත් ඒ පුටු වලමයි. අපි ඡන්දෙදි මේගැන සළකා බලන්නම්. (නි)
ඩීල් ගහලා තියන්නේ කවුද කියලා අපිට කියන්න එන්න එපා (නි)
මහා නාඩගමක්.(හේ)
මැයි දින කෑමට ලක්ෂ ගණන් වියදම් කළේ කවුද කියලා දැන් මකතක නැද්ද? අහිංසක මැදපෙරදිග දුක්විඳින අපේ සල්ලි වලට මොකද කළේ? (නි)
ඔයයි ඔයාලගෙ ගෝලබාලයොයි ඔයාලා ඇමතිකම් කළ කාලේ හිටපු ආයතන වලට කළ දේවලුත් අපි දන්නවා. (නි)
ඩීල් ගහන්නේ කවුද කියලා අපි හොඳටම දැනුවත් (නි)
ඒ කියන්නේ ආණ්ඩුව සමඟ ඩීල් දැම්මොත් ගරු අධිකරණය තමන්ට ඕනෑ විදිහට ලිහිල් කරගන්න පුලුවන්ද? ඔබතුමා ආණ්ඩුවේ නිසයි අහන්නේ (නි)
ඔබතුමා ඇමතිකම් කළ කාර්යාංශයේ වුණායැයි පවසන මහාපරිමාණ දූෂණ ගැන මොකද කියන්නේ? ඒවා දැන් සොයනවද? ඩිල් ගැන කතා මොනවටද? (නි)
අපේ ඩිලාන් ඇමතිතුමාගේ කතා ගැන එතරම් කලබල වියයුතු නැහැ. එතුමා ගැන කවුරුත් දන්නවා. (නි)
ඩීල් දාගෙන අැමැති කම් බදාගෙන ඉන්නේ කවුද කියලා කන්නාඩියක් ඉස්සරහට ගියානම් තේරෙයි.(හේ)
දැන් ආණ්ඩුවේ අන්දරේ වෙලා වගේ.(හේ)
දැන් මේ දේවල් දකිනකොට හිනා යනවා.(හේ)
මොකද මේ කෑ ගහන්නේ නින්දෙන් නැගිට්ටලා වගේ.(හේ)
අයියෝ ! ඔයා ඒක දන්නේ අදද? රටේ ජනතාව ඒක දැනගෙන හුඟක් කල්. මතකද රිසානාගේ බෙල්ල කැපුව බව වත් නොදැනගෙන ඒ දැරියව බේර ගන්න හැටි පාර්ලිමේන්තුවේ කයිවාරු ගහපු හැටි. (බ)
ඔයගොල්ලෝ එන්න කෝ ඊලග ඡන්දෙට. ගිය පාර අපිට පෙන්නුවේ බබා, මේ පාර අපි පෙන්නනවා බබා ඔය ගොල්ලන්ට. (බ)
මොනවාද මේ කියවන්නේ? කතා කරන්න ඕන නම් තේරුමක් ඇති දෙයක් ගැන කතා කරන්න.(හේ)