හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් පෙනී සිට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 55 ක් පරිහරණය කරමින් රුපියල් ලක්ෂ 690 ට අධික මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් බරපතල මුල්‍ය වංචා විමර්ශන පිළිබද ජනාධිපති කොමිසම අද (13) පැය දෙකකට අධික කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගත් බව කොමිසම කියයි.
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් 2010 වසරේ සිට 2015 ජනවාරි මස දක්වා වරින් වර විවිධ අවස්ථාවන් වෙනුවෙන් මෙම මෝටර් රථය පරිහරණය කර ඇති බවත් එහි කුලිය , ඉන්ධන, රියදුරු වැටුප්, වෙනුවෙන් මෙම මුදල ඉංජිනේරු සංස්ථාවෙන් මුදල ගෙවා ඇති බවද කොමිසම කියයි.
මෙම මුල්‍ය වංචාව පිළිබදව ලැබුණ පැමිණිල්ලක් මත කොමිසම පරීක්ෂණයක් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
සද්ධාතිස්ස හිමියන් අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකු වශයෙන් සිටි බවත් උන්වහන්සේට මෙම වාහන හා මුදල ලබා දුන් බවට ඉංජිනේරු සංස්ථාවේ ලේඛන වල සදහන් වන බවද කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේ අනුගමනය කළ යුතු වුවත් මේ අය අනුගමනය කරන්නේ රාවණාවයි! රාවණා කියන්නේ, රාමායනයේ කියවෙන විදිහට නම් අධමත්වයේ සංකේතයකි.. (ම)
අනේ අපේ බුද්ධ ශාසනය මෙවැනි අයගෙන් බේරාගන්න (නි)
විල්පත්තු කැලේ විනාශය සිංහලයන්ට නොපෙනෙන්නේද? (නි)
බණ කියන්න යන්න ඇති (නි)
ඔය එක්සත් භික්ෂු පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංගමය වගේ ඒවා අනෙක් පක්ෂ වලට තියෙන්නේ. ඉතින් වීරවංශට තිබුණහම මොකද මේ තරම් පුදුමයක්? (නි)
කිසිම වරදක් මට නම් පෙනෙන්නේ නැත. (නි)
බුද්ධ ශාසනයටත් මේවායින් වන්නේ නිගාවක් නොවේද? (නි)
නාමල්ලාගේ යාලුවෝ ළඟම එනවා වගෙයි තනි රකින්න. (නි)
රටේ සංහිඳියාව බිඳලන්න හැර විමල්ගෙන් රටට වුණ එක සේවයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියනවද? මේ මනුස්සයා රටට යමක් කළා නම් ඒ ජේ.වී.පී එකත් එක්ක. (නි)
ඔය කියන වකවානුවේදී වීරවංශ යන්න ඇත්තේ හෙලිකොප්ටරයෙන් වෙන්න ඇති, අපේ හාමුදුරුවන්ට කාර් එකෙන් එන්න කියලා (නි)
එතකොට දැන් ඉන්න කාර්ය මණ්ඩල සාමාජිකයෝ යන්නේ පයින්ද?(ම)
එතකොට ලක්ෂ 350 විතර වාහනයක් රියදුරු එක්ක... රියදුරාට පඩිය මාසෙට රු50000 ක් විතර නම් නරකම නැහැ. කොහොම කොහොමහරි බෞද්ධයාටයි බුද්ධාගමටයි පහර වදින එක තමයි වෙන්නෙ මේවායින් (නි)
අපිට නම් මේවා අහලා අහලා දැන් සාමාන්‍ය දේවල් වෙලා (නි)
මෙය මිනිස්සු පුදුම විදිහටනේ සල්ලි නාස්ති කරලා තියෙන්නේ. උල තියන්නයි වටින්නේ. (නි)
රාජපක්ෂලා හා ඔවුන්ට කඩේ ගිය කිසිවෙකු නැවත රටේ සම්පත් සුරාගෙන කන්න හිතාගෙන ඉන්නවා නම් ඔවුන් ඔක්කොම මිරිඟුව පසුපස දුවන සාවුන් කියා තමයි කියන්න තිබෙන්නේ (නි)
බල බල බලේ .... රාවණ බලේ (බ)
බුදු දහම හා ඉංජිනේරු වෘත්තිය පිළිබඳ සමීක්ෂණයක් වෙන්න ඇති (නි)
කවුද දන්නේ දෙවියනේ, රාජපක්ෂ රජය ඔය විදිහට පෙරළේවි කියලා? හාමුදුරුවොත් තමන් වහන්සේට අයත් ශාසනික කටයුතු ටික කරගෙන හිටියා නම් ඉවරයිනේ. රට-දැය-සමය වෙනුවෙන් සටන් කරන්න රජයේ වාහන අවශ්‍යමද? (නි)
අපිට මතකයි රූපවාහිනියේදී විමල් මහත්තයා කියනවා බොදු බලේට මුදල් ආවේ නෝර්වේ වලින් කියලා. දැන් ඉතින් ඔය එන්නේ එළියට ඕවා වෙන්න ඇති. අනේ පව් ජනතාව! (නි)
දක්ත සොයාගෙන ඉවරයි වගේ. (හේ)
රාවණා බලය නිසා රටේ මිනිසුන්ට කරදර වුණ එක විතරයි අපි නම් දැක්කේ (නි)
අනේ මන්දා මේ අවනඩු අපි කාට කියන්නද කියලා (නි)
අනේ අහිංසක අපේ සල්ලි! (නි)
පිරුවට ඇඳලා මේ වගේ වැඩද කරන්නේ.(හේ)
මෙම වාහන හා මුදල ලබාදුන් බවට ඉංජිනේරු සංස්ථාවේ ලේඛන වල සඳහන් කර, කළ හොරකම ටිකක් ගැටළුසහගතයි. (නි)
මේ රට විනාශකළේ දේශපාලකයෝ විතරක් නෙමෙයි, ඔවුන්ගේ අන්තේවාසිකයොත් මේ රට කෑවා. (නි)
අැයි රාවණාගේ දඬු මොණරේ මෙයාලට දීලා නැද්ද? (නි)
අනේ වීරවංස එහෙම කරන්නේ නෑ.එයා මේක කරන්න ඇත්තේ රටට තියෙන ආදරේට (හේ)
ලේසී නෑනේ.(හේ)
වීරවංශ මහතා කවදාවත් එහෙම කරන්නේ නෑ.(හේ)
ඒක තමා මෙයාල අරයව බලයට ගෙන්න දගලන්නේ. පරණ සැප හොයන්න බලාගෙන. අපි හිතුවේ රටට ආදරේට පෙළපාලි යන්නේ කියල. බැලුවහම එයාල බේරෙන්න හදන්නේ. (අ)
මේවට කියන්න තියෙන්න දේවල් නැ (අ)
අපේ කාලේ පන්සලක් භික්ෂුවක් කිව්වහම කොපමණ භක්තියක් සැදැහැවන්තකමක් තියෙනවද? අද මෙහෙ ඉඳලා බලනකොට කොපමණ අශෝභනද? රටකට ගිය කලක් කියලා හිතෙනවා. දකුණේ බෞද්ධාගමිකයෙක් වශයෙන් කිව හැක්කේ අහෝ දුකකි කියලයි. (නි)
මේක විජාතික කුමන්ත්‍රණයක් (නි)
අනේ, අයියෝ! වීරවංශ මහත්තයා කවදාවත් එහෙම කරන්නේ නැහැ. කළත්, පිනක් දහමක් කරගන්න තමයි කරන්නේ (නි)
මෙවන් චීවරධාරීන් නිසා රටේ වැඩ වාසය කරන අහිංසක සිල්වත් හිමිවරුන් අපහසුතාවයට පත්වීම ගැනයි අපිට දුක. (නි)