(හේමලතා ඞී හේවගේ)
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම සේවා වසම් දෙකකට අයත් පවුල් 42 ක් පමණ අවතැන්වී ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි.
නාලවලාන සහ මාහරගම යන ග‍්‍රාමසේවා වසම්වල අවතැන්වූ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටත් ඔවුනට අවශ්‍ය පිසූ ආහාර ඇතුඵ සහන සැපයීමට කටයුතු කරන ලෙස අදාල නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බවද ඒ මහතා කියයි.
වර්ෂාව දිගටම පැවතියහොත් මා ඔයේ ජල මට්ටම ඉහල යෑම නිසා පිටාර ගැලීමේන් ප‍්‍රදේශ රැසක ගංවතුර අවදානමක් පැවතිය හැකි බවත් ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්වයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ප‍්‍රාදේශීය ලේකම්වරයා කියයි.
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වර්ෂාවෙන් පන්නල පවුල් 42ක් අවතැන්