අම්බලන්තොට වැලිපටන්විල මුහුදු වෙරලේ සෙල්ලම් කරමින් සිටි අක්කා නඟෝ දෙදෙනකු (අවුරුදු15-13) මුහුදේ ගසා ගෙන ගොස් නංගී බේරා ගත් බවත් අක්කා අතුරුදන් වී ඇති බවත් පොලිසිය කියයි.
මීගොඩ වටරැක පදිංචි මොවුන් අම්බලන්තොට ඥාතී නිවසක පැමිණ සිටියදී මෙම අනතුරට ලක් වී තිබේ.
යෙෂිනි විද්‍යා (15) මෙසේ මුහුදේ අතුරුදන් වී ඇති අතර බේරාගත් ඇගේ සහෝදරිය අම්බලන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නේ පව් අහන්න කොටම මගේ පපුව මොනවද උනා, එ් දැරියට මෝක්ෂ සුවය පතමි (අ)
සමහර අපේ දෙමවුපියෝ මුහුදු වෙරළට ඇවිත් ළමයිනට මුහුදේ නාන්න දීල සුද්දෝ වගේ ගොඩට වෙලා බලාගෙන ඉන්නවා . එයාල හිතන්නේ ඒක මෝස්තරයක් කියල ,(අ)
බොහෝවිට දෙමාපිය නොසැලකිල්ල විය හැක (අ)
අනේ ඔව්! සමහර දෙමවුපියෝ සතුටු සාමීචියේ දරුවන් මුහුදේ. මම නම් කරන්නේ පළමුව මම මුහුදට බැහැලා ගැඹුර බලලා ඉමක් හදාගෙන දරුවන් සෙල්ලම් කරනකම් බලා ඉන්නවා (නි)
බොහෝ දෙනෙක් මුහුදේ තිබෙන අනතුරුදායක බව ගැන කිසිම අවබෝධයක් නැතුව නාන්න බහිනවා. මෙවැනි අවාසනාවන්ත දේවල් වෙන්නේ ඒකයි. (නි)
සාමාන්‍යයෙන් වෙරළේ සිටින කෙනෙක් විශාල රළක් නොගසා මුහුදට බිලිවෙන සම්භාවිතාවය අඩුයි.මුහුදු රැල්ල නිතරම ගොඩටයි ඇදෙන්නේ. එම නිසා කෙනෙකු මුහුදට වැටුනත් මුහුද ඇතුළට යන එක සිදුවෙන්නේ ඉතා සෙමින්. ප්‍රශ්නය වෙන්නේ කෙනෙකු පිහිනීමට දන්නේ නැතුව අසාමාන්‍ය ලෙස වතුර පාරකට මැදිවුනාම ඔහු ව්‍යාකූලවීමෙන් තත්වය දරුණු අතට හැරීමයි.මෙයින් මිදීමට දරුවන්ට පිහිනීම හුරුකළ යුතු අතර වතුරට යවනවිට ආරක්ෂක මෙවලම් අන්දවා තිබීම, කළයුතුයි. (නි)
ගොඩක් දෙමාපියන්ට සාමාන්‍ය දැනීම නෑ. අනතුරක් වෙනකම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. උනාට පස්සේ පොලවේ හැපී හැපී අඩනවා. බලන්න පාරේ ළමයි අරගෙන යන විදිය. ළමය පාර පැත්තේ දෙමව්පියෝ හොද ආරක්ෂාවට අයිනේ යනවා. දෙමවිපියෝ මෙයිට වැඩිය හිතන්න ඕනා. අනතුරක් වෙන්න යන්නේ තත්පරයි නැත්නම් දෙකයි. (නදී)
දෙමාපියන්ගේ නොසැලකිල්ල. මේක රටට නරක කාලයක්. (නදී)
තාක්ෂණ විෂය වගේම රට වටේ තියන මුහුදෙන් සහ මැද්දේ තියන වැව් වලින් බේරෙන්න පීනන්න උගන්නන්න පටන් ගන්න අපේ ඉස්කෝල බාර දෙවි වරුන්ට ඇස් ඇරේවා. (නදී)
අනේ මන්දා මේ දරුවෝ මොනා කරගන්නවද කියලා. ජල ගිනි එක්ක සෙල්ලම බොහොම අනතුරුදායකයි. (නදී)
මුහුදු වෙරළ කියන්නේ සෙල්ලම් පිටියක් නොවේ, කුඩා ළමයින්ට. නමුත් දුප්පත් වෙරළේ ජීවත්වන මොවුන් සෙල්ලම් කරන්නේ බොහෝ විට මාරයා සමග බව මොවුන් දන්නේ නැහැ(නි)
මමත් පුංචි පුතෙකුගේ තාත්තා කෙනෙක්. මේ වාගේ දේවල් අහන්න ලැබෙන හැම වෙලාවේම හිත දවස් ගානකට දුක්බර වෙනවා. අනේ දෙමව්පියනි,විනෝද ගමන්,නෑදෑ ගමන්,වන්දනා ගමන් යනවිට දරුවන්ට වතුරට බහින්න දෙන්න එපා. ඔබට පීනන්න පුළුවන් නම් දරුවන් එක්ක වතුරට බැස්සට කමක් නැහැ. නැත්නම් දරුවන්ගේ ජීවිත අනතුරේ!! (නි)
රංජිත් සිල්වා හරි. මම අදත් දුක් වෙනවා මට පීනන්න බැරි එක ගැන. (නි)