අනුරාධපුර - පුත්තලම පාරේ 5 කණුව අසන්නයේ වල් අලි රංචු දෙකක් මහා පාරේ දෙපැත්තට මාරුම නිසා ටික වේලාවක් යනතුරු වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. මෙවැනි සිද්ධියක් මෑතදී සිදු නොවු බවද ගැමියෝ කියති.
අනුරාධපුර - පුත්තලම පාරේ 5 කණුව අසන්නයේ වල් අලි රංචු දෙකක් මහා පාරේ දෙපැත්තට මාරුම නිසා ටික වේලාවක් යනතුරු වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. මෙවැනි සිද්ධියක් මෑතදී සිදු නොවු බවද ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කොළ කාලා ඇතිවෙලා කවුරුහරි අලුත් දෙයක් කන්න දෙනවද බලන්න එන්න ඇති (නි)
කොළඹ අලි නැතිකළාට වල් අලින්ට නම් මොකුත් කරන්න එපා හොදේ (නි)
මේ දර්ශනේ පිටිපස්සේ තියෙන දුක්බර කතාව ඔයාට තේරෙන්නේ නැද්ද චානක. ? වන සත්තු කැලාවේ ඉන්නයි ආස. ඔහොම එන්නේ කැලෑ වලට මිනිස්සු රිංග ගෙන උන්ගේ ජීවිත අවුල් කරන නිසායි. මේක නවත්තල හරි සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න කියලයි මේ සේරම විසදුම් මිනිස්සු දාල තියෙන්නේ. බයේ දුවන සත්තු දිහා බලලා රසයක් ලබන්නේ කොහොමද චානක? ඊට එහා හිත දියුණු කරන්න, මේ ලැබුන මනුස්ස ආත්මේ පහල ඉන්න අයට අත දෙන්න යොදවන්නත් ඕනේ. එතකොටයි සතුටින් මේ ලෝකෙන් පිටවෙන්න පුළුවන්.. (ස)
මේ වගේ දර්ශනයක් දකින්න ඇස් පින් කරලා තියෙන්නම ඕනෑ (නි)
කැළෑ ආරක්ෂා කරලා සැලැස්මකට අනුව අලින්ගේ පාරවල් වාසභූමි නිදහස් කරන්න කියලා ඉස්සර හිටි වනජීවී අධ්‍යක්ෂක සිල්වා මහතා නිර්දේශ කළා. උසාවි තීන්දුත් ලැබුණා. ඒත් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ජනාවාස, ගුවන් පාලම් හදලා මිනිස්සුත් අලිත් ආරක්ෂා කරන්න පුළුවන් ලේසියෙන්ම. සංචාරකයන් ගෙවන සල්ලි වලින් කොටසක් මේකට වෙන් කළොත් හොඳටම ඇති. එහෙම නොකළොත් පිටරටින් අලි ගෙන්නන්න වෙයි ළඟදීම සුන්දර දසුන් හොයන අයට.. ප්‍රාදේශීය පාලකයෝ මොකද කරන්නේ, කැළෑව විනාශ කරන එක නවත්තන්නත් එක්ක නේද එයාලට පඩි , කාර්, බලේ දීලා තියෙන්නේ ? සුදුසු මිනිසුන්ටයි තනතුරු දෙන්න ඕනෑ. රටේ මේ වෙන දේ හා මිනිස්සු කරන යෝජනා පාර්ලිමේන්තුවේ කියන්නේ නැහැ කවුරුත් (නි)
චාල්ස් කුමාරයා බලන්න යනවා වෙන්න ඇති. එයා පරිසරය, සත්තු ගැන හොයලා බලනවා කියලා සත්තුන්ට දැනිලා ඇති. වැඩිකල් යන්න ඉස්සර අලි වඳ වෙනවා කියලා අනාවැකි කියලා තියෙනවා මේ මරණ විදියට. අන්තිමට මේ පින්තුර තමයි සංචාරකයන්ට පෙන්නන්න වෙන්නේ (නි)
කුමාර්, විදුර, හොඳ අදහසක්. මේක කරන්න ඕනෑ පරණ සැළැස්මට අනුවයි. ඒක තියෙනවා වනජීවී එකේ. සල්ලි කොච්චර හොයනවද සංචාරකයන්ගෙන් මේ සත්තුන්ව පෙන්නලා? පිට උඩ තියාගෙන ගිහින් එහෙම. මිනිස්සු එකතුවෙලා කරනකල්ම ආණ්ඩුවට බල කරන්න ඕනෑ. වදදීලා මේ සත්තුන්ව මරණ එක නවතිනවා ඉන්දියාවේ විදියට තට්ටු ජනාවාස හදලා ගොවියන්ව එක තැනක තැබුවහම. ගංජා වවන වැලි අදින ගස් කපන දේශපාලක හා වංචාකාරයන්ට මොකද කරන්නේ? හමුදාව දාලා කැළෑ සුද්ධ කරන්න ඕනෑ. එහෙම වුණොත් රටේ මිනිසුන්ගේ වාසනාවක්. දැනුමත් පුහුණුව ලබපු අයත් මේ රටේ ඉන්නවා. සැලැස්මක් හදලා සංවර්ධනය හරියට කරන්න. වන සත්තුත් කැළයත් මිනිස්සුත් රැකගෙන.. ඇයි නොකරන්නේ? (නි)
මේ මහා මාර්ග හැදුවේ අලිමංකඩ ( අලි අවුරුදු දහස් ගානක් තිස්සේ ගිය පාර ) ගැන ගණන් නොගෙන. පත්තර වලින්, කැළෑ අවට හාමුදුරුවරු එහෙම කීවා අලිමංකඩ හරහා පාර යන තැන් වලට 'අහස් පාලම්' දාන්න කියලා අලින්ට යටින් යන්න.. (ලෝකේ කරනවා වගේ) ඒත් කලේ නැහැ. දැන් නිතරම අලි දුම්රියවලට හැප්පෙනවා ඒ තැන්වලදී.. මේ සතා හොඳ නායකයෙක් නිසා කලබලයක් නැතුව වාහන නවත්තලා රැලම පරිස්සමට අරන් ගියා. අනේ මේ තරම් නුවණ තියෙන මනුස්සයෝ වගේ සත්තුන්ව නේද දවස ගානේ අපේ රටේ මරල දාන්නේ? මෙහෙයුම් කියලා උන්ගේ වාසභූමි වලින් එලවල දාන්නේ? වගකීම් හිමි සේරමලා මේ පව ගෙවනවා දවසක දරුණු විදියට. (ස)
සුන්දර දසුනක්.(නදී)
අලියා අහිංසක වගේම වෙලාවකට දරුනු සතෙක්. ඒ අයට මොකුත් නොකර හිටියොත් උන් පාඩුවේ යාවි.(නදී)
කලේ මැදින් පාරවල් හදනකොට අලිමන් කඩවල් තියෙන තැන වලින් ගුවන් පාලම් ඉදි කරන්න එතකොට ගැටළුවක් නැහැනේ. (දී)
මේ අයට අර අපේ අහවල් 'කොතට' යන්න පාර පෙන්නමුකෝ කට්ටියම එකතු වෙලා (නි)
කුමාරගේ අදහසට මාත් එකයි, රටේ සියලුම වැඩ කරන ජනතාවට 1% වන සතුන් ආරක්ෂණ බද්දක් පනවා ඒ මුදලින් කැළයේ ජීවත් වන මිනිසුන් සඳහා නව නාගරික නිවාස ක්‍රම හදමු. මේ ගැන කරුණාකර ඔබලාගේ අදහස් දක්වන්න (නි)
මිනිසුන් සඳහා අලුත් ජනාවාස ඇතිකොට අඩුම තරමේ එක පළාතක් අපි වන සතුන්ට වෙන්කරමු. කැළයෙන් මිනිසුන් එළියට ගනිමු. නව ජනාවාස සඳහා අරමුදලක් පිහිටවමු. ණයක් ගෙන හොඳ වැඩක් පටන් ගනිමු. ලස්සන ලංකාවේ පරිසරය රැක ගනිමු. (නි)
අනේ ඉතින් අපේ කට්ටිය වාහන සද්ද නොකර ටිකක් ඉන්නකෝ. මෙයාලා ඔයාලට කරදරයක් නොකර එයාලගේ පාඩුවේ පාර මාරු වෙයි. (නි)
උදේ පාන්දරම ලස්සන පින්තූර ටිකක්. අපේ රට කොයිතරම් ලස්සනද? මේ අහිංසක සතුන් රැක ගනිමු. පාරේ අයිනෙන් යන ලස්සන (නි)
දෙගොල්ල දෙපැත්තට මාරු වෙනකොට 'හලෝ කොහොමද ඉතින්', 'ගුඩ් මෝනිං' 'බලාගෙන ඔය පැත්තේ මිනිස්සු ඉන්නවා' වගේ දේවල් එහෙම කියලනේ යනවා ඇත්තේ. ඒකට ඉතින් ටිකක් වෙලා යනවා තමා. ඒකට මොකද, ඒ ගොල්ලන්ගේ වැයික්කියනේ. (ස)
අවුරුදු දහස් ගණනක සිට මේ කැළයේ... ලස්සන වනසතුන් සමගින් කල් ඇරියේ.. මහමග තැනින් තැන තිබුණත් අද ඊයේ.. අලි යන ගමනෙ වෙනසක් නෑ දිවා රැයේ... (නි)
මේ අහිංසක සත්තු යනවා ඇත්තේ එයාලගේ වාසභුමි හොයාගෙන වෙන්න ඇති. මේ තිරිසන් සතුන්ට තේරෙන්නේ නැහැනේ ඔවුන්ටත් වඩා තිරිසන් ආත්මවල උපන් අය ඔවුන්ගේ භුමිය සදහටම උදුරාගෙන කියලා. (නි)
සිදුවෙමින් පවතින පරිසර විනාශය ගැන වගකිවයුත්තෝ වහාම පියවර ගත යුතුව ඇත (නි)
යාල,මින්නේරියේ ගිහිල්ලා දහස් ගණන් දීලා ඔච්චර ලස්සනට බලන්න බැහැ.ටිකක් ඉවසල ඉන්න. අපි මොකටද අලිමංකඩ වල් උඩින් තාර පාර එලාගත්තේ. (නි)
අලිත් එකයි . වැලි , පස් අදින කහ කුරුල්ලොත් එකයි.මේ දෙගොල්ලම අනතුරුසහිතයි (නි)
අලි පාර මාරුවන ස්ථාන වලට (දුම්රිය/ මහා මාර්ග) ගුවන් පාලම් හෝ උමං මාර්ග දීම වැදගත් (නි)
මේකට හේතුව වන සතුන්ගේ දේපල මිනිසා විසින් කොල්ලකෑමයි. (නි)
මේ සත්තු එහෙමට කරදරයක් කරන්නේ නැහැ. අපේම වරදින් තමයි මෙයාලා හිරිහැර කරන්නේ (නි)
සත්තුන්ට ඉන්න තිබෙන වනාන්තර ඔක්කොම බලපුළුවන්කාර අය විනාශ කළාම මේ අයත් අපිත් එක්කම පදිංචියට ඒවි. (නි)
මිහිපිට ඉන්න දැකුම්කළු දැවැන්තයන්ට හිමි ඉඩකඩ ඇති අපේ මේ පුංචි දිවයින මහත්මා ආඩම්බරයක්. රැක ගනිමු අලි පරපුර (නි)