වැලි පැටවූ ටිපරයක් 2004 ජනවාරි මාසයේ දී කොල්ලකෑ වරදට දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඇතුළු සිව් දෙනෙක් කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් දඩ ගසා සිර දඩුවම් ද නියම කරනු ලැබූහ.
උප සභාපති පී ඩබ්ලිව් ජී ප්‍රියන්ත උදය කුමාර , සුනන්ද කරුණාරත්න, එඩ්වින් ප්‍රේමසිරි හා එම් වී පුෂ්පකුමාරට එම දඬුවම් නියම විය.
එක් අයකුට වසර 15 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, රුපියල් දස දහසක දඩයක් ද, දඩය නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක් ද නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ පොලිසියෙන් දඬුවම් නියම නොකර උසාවියෙන් නියම කලාම කට්ටියටම පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මරණ දඬුවමත් ක්‍රියාත්මක කලා නම් හරි. (ස)
හා හා හා ඔය තියෙන්නේ දැන් තපින්න හිරේ. (ස)
යුක්තිය ඉටු වීම සතුටක්. නමුත් අවුරුදු නවයක් තිස්සේ නඩුව ඇදී ඇදී ගිය එක ගැන නම් සතුටු විය නොහැකියි. යුක්තිය පසිඳලීම ඉක්මන් කිරීමට වැඩ පිළිවෙලක් යෙදීම අත්‍යවශ්‍යයි. (ස)
"මරණ දඬුවමත් ක්‍රියාත්මක කලා නම් හරි' (ස)
කලකින් ඇසූ හොඳ පුවතක්.උපාලි සමඟ මමත් එකඟ වෙමි. (ස)
දැරණියගල, මාවනැල්ල , දෙහිඕවිට, කහවත්ත මේ සියල්ලම සබරගමුවේ. මේ අය පෝෂණය කර එයින් පල නෙලාගත් උදවියට ස්වභාව ධර්මය විසින් දඬුවම් දේවි. (ස)
අවුරුදු 15 ක් කියල තිබෙන්නේ වැරදීමක් කියලයි මම නම් හිටන්නේ. (නදී)
පලා බබාලට වෙනම හිර ගෙයක් හැදුවොත් නරකද ?(නදී)
හිරේදී නවක වදේ ලැබුනොත් හුඟක් හොඳයි (නදී)
වැලි ඇදපු කට්ටියට අවසර තිබුනද? ඇයි කොල්ලකෑවේ..එයාලටත් ඇදගන්න තිබුනනේ? විස්තර තව දාන්න හරියටම දැනගන්න..(නදී)
ප්‍රාදේශීය සභා වලට තවත් සුදුසු කමක් මේ ලැබිලා තියෙන්නේ. නැවත එලියට ආවම බහුතර ඡන්දයකින් ආපසු එන්නට.(නදී)
පලා බබාලා වැඩිහරියක්ම ඉන්නේ හිරේ. මේ අයට වෙනම හි රගෙයක් හැදුව නම් හොඳයි. ඒ අයගේ වැඩ කටයුතු ඒ අයට ඕනා විදියට කරගෙන යන්න.(නදී)
කොහොම නමුත් පමාවී හෝ දඩුවම් ලැබීම හොඳයි, කොහොම නමුත් ආරියසේන යෝජනා කරන පරිදි ප්‍රාදේශීය දේශපාලකයන්ට ඉන්න වෙනමම හිර ගෙයක් හැදීම හොඳයි. නැත්නම් එහි සිටින අනිකුත් හිරකාරයන්ද මොවුන්ගේ ඇසුර නිසා නරක් වීමට ඉඩ ඇත (නි)
මේ අය වගේ අනිත් වැරදි කරන පලා බබාලාවත් ඔය විදියටම හිරේ යැවූවොත් නියමයි. (නි)
මහ අධිකරණ විනිසුරු මේනකා විජයසුන්දර මෙනවියට ප්‍රථමයෙන් ස්තුති පූර්වක මල් මිටක් ! නීතියේ දේවතාවිය ඇස් දෙක බැදගෙන ඉන්න කළු රෙදි කඩේ පැල්ලම් සහිත සිදුරු තුලින් නිතිය හොරන් රිංගා යන අවස්ථාවක සාධාරණ තීන්දුවක් ප්‍රකාශ කිරීමට එඩිතර වුන ඔබට තව තවත් ශක්තිය ලැබී සමාජයට පිළිලයක් වෙන විසබීජ නැති කර දමන්නට වරම් ලැබේවා. (ස)
වැලි ලොරියක් කොල්ල කෑවට වසර 15ක්.......හිතන්න මොවුන්ගේ බිරින්ඳෑවරුන්ට දරුවන්ට මොකද වෙන්නේ කියලා......මමත් හිතන්නේ මෙය වැරදීමක්.. (ස)