පාරිසරික අතින් වැදගත් ස්ථානයක් වන රිටිගල රක්ෂිතය වැලි ජාවාරම්කාරයින්ගේ සහ දඩයම්කරුවන්ගේ අතින් විනාශයට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.
‘එසැණ’ දින දෙකක් රිටිගල රක්ෂිතයේ විනාශය දැක්කේය. දිය සිඳී යන දියකඩිති සොයා යන වන සතුන් දඩයම් කිරීමට වතුරටද වස දමා ඇත. දඩයක්කරුවන්ට සොයාගැනීමට නොහැකිවූ සතුන්ගේ සිරුරු මුළු වනයම ගඳ ගස්වයි. වැලි බලපත් දීමට ඇතැම් නිලධාරීන්ගේ අනුග්‍රහය ලැබී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම වනාන්තරයක්ම , රජයේ දේපළක්ම ආරක්ෂා කිරීම සඳහා වැටුප් සහ වෙනත් දීමනා ගෙවමින් නිලධාරීන් පත්කර සිටිනවිට මේ සිදුවන විනාශයන්ට වගකිවයුත්තේ කවුද? (නි)
වනාන්තර බැරිනම් රටම කෑවත් කටක්වත් අරින්නැතිව ඉන්න එක(අ)
ඉස්සෙල්ල තමන් තමන්ට ආදරය කරන්න ඕනේ. තමන්ටවත් ආදරය කරන් නැති අය තිරිසන්නුන්ටත් එහා ගිය සත්ව කොට්ටාසයක්. එ් අය තමයි මේ වගේ වැඩ කරන්නේ දිගට හරහට. (නදී)
රටකට යන කලක්. දේශපාලුවන්ගේ අනුදැනුම ඇතිව මේ දේවල් සිද්ද වෙන්නේ. කෙසේ වෙතත් එසැනට ස්තුතියි මේ හෙළිදරව් කිරීම් සම්බන්දයෙන්. අඩුම තරමේ මුළු රටේම මිනිස්සුන් දැනගනීවි කෙරුවාව (නදී)
බලාගෙන ගියාම අපේ දේශපාලන අදිකාරිය එ.එල්.ටී.ටී එකට ඉදිරියෙන් වගේ ඉන්නේ? (නදී)
කිසිම දෙයක පිළිවෙලක් නැතිකමනේ මේ. ගෙයක් දොරක් හදාගන්න වැලි උවමනා වෙනවා.ඒවාට තැන් වෙන්කරලා දෙනවා නම් හැමතැනම හාරන එකක් නැහැනේ. (නි)
අනේ මේවා නවත්වන්න කවුරුන් හෝ මැදිහත් වෙන්න (නි)
දැන් බලනකොට ඕනෑම ජාවාරම්කාරයෙකුට හිතුසේ හම්බකර ගැනීමට තහනමක් නැතුවා වගෙයිනේ. (නි)
මෙසේ වැලි ගොඩදැමීම් ආදියට බලපත්‍ර ලබාදීමෙන් මහා විනාශයක් සිදුවේ. මෙවැනි පුවත් පළකිරීම ඉතා අගනා දෙයකි. (නි)
කුමාරිගේ ප්‍රාර්ථනාව "බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලාවත් පතමු"! අහිංසකයි. නමුත් සේන ප්‍රශ්නයක් හරහා දීලා තියෙන උත්තරයෙන් හරි කුමාරිගේත් ඇස් ඇරේවා කියා පතමි. අන්ධයින්ට පෙනෙන්නේ කෙසේදැයි මම කුමාරිගෙන් අසමි. (නි)
හරියට පාරවල් දියුණු කරලා ගම් වලට සේවය කළා නම් ගම්වල මිනිස්සු වැලි අදින එකට යන්නේ නැහැ. කොරියාව වගේ දියුණු රටක කවුරුත් වැලි අදිනවද? ඒ මොකද? එහෙ නගරයයි ගමයි සමානයි (නි)
අපේ දේශපාලුවෝ රට විකුණගෙන කනවා .තව ටික කාලෙකින් අපේ රටත් සෝමාලියාව වගේ වෙයි (අ)
වැලි වලින් කරන්නේ ගෙයක් දොරක් හදාගන්න එකයි.වැලි ගංගා වල ඔයවල,ඇළවල් වල පතුලේ තැන්පත්වීමෙන් ගංවතුරට ඉවුරු කඩාගෙන යනවා. වැලි කියුබ් එකක් රු:8000/= ක් විතර වෙනවා. දුප්පත් මිනිහෙක් ගෙයක් හදාගන්නේ කොහොමද? වැලි ගොඩදාලා ජීවත්වුණ අයත්,ගෙයක් හදන මිනිස්සුත් අද අමාරුවේ. (නි)
මේ මෝඩ මිනිස්සු ධන තණ්හාවෙන් මුළු රටම වනසනවා. බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලාවත් පතමු. (නි)
වනජීවී ඇමතිතුමනි, කරුණාකර වහාම ක්‍රියාත්මක වී මේ විනාශය නවත්වන්න (නි)
මෙහි ලොකු පෞරාණික දේවල් වලින් යුක්ත තැනක්. මෙහි ඉතිහාසය වසර 3500 ට එහා තිබෙනවා. මතු පරපුර වෙනුවෙන් රැකගැනීම අපගේ කාගේත් වගකීමක් (නදී)
වනචාරි මිනිසුනේ, නුඹලා ගොඩදමන්නේ වැලි නොව, කපා පලා හාරා ගොඩ දමන්නේ නුඹලා හැදු වැඩු දෙමාපියන්ගේ පපු කුහරයි (නි)
මෙය පිටුපස සිටින්නේ කවුද කියා අපිට සිතාගන්න පුලුවන් (නි)
මේවා බලන්නවත්, හොයන්නවත් කෙනෙක් නැහැ. මේවා සහගහන අපරාධ (නි)
බොන වතුරට වහ දාන අය මිනිස්සු නම් වෙන්න බැහැ (නි)
අනේ දෙවියනේ! වැනසෙන සත්ත්ව ජීවිත වලට වගකියන්නේ කවුද? (නි)
රිටිගල රැකගැනීම අපේ වගකීමක්. රිටිගල , හිරිවඩුන්න ශ්‍රී මහ බෝධිය මේ ප්‍රදේශයේ සංරක්ෂණය කළ යුතු ස්ථානයක් (නි)
මේ දේවල් බලධාරින්ට පෙනෙන්නේ නැද්ද? ලංකාවට ගිය කලක් !! (නි)
ඉතින් තවත් වැහි වහීයැ මේ අපරාධ කාරයින් ඉන්නා බිමට.(නදී)
බලවතුන්ගේ අනුග්‍රහය නැතුව මෙවැනි දේවල් වෙන්නේ කොහොමද? (නි)
මම හැමතිස්සෙම කියනවා වගේ ත්‍රස්තවාදීන්ගේ කාලේවත් මේතරම් පාරිසරික විනාශයක් වුණේ නැහැ. මුළු ලංකාවම දැඩි අනතුරකයි පවතින්නේ. දේශපාලකයින්, නිලධාරීන් අමු අමුවේම පරිසර පද්ධතියම විනාශකරමින් ඉන්නවා. (නි)