බත්තරමුල්ල ලංකා බැංකුවේ ටෙලර් යන්ත‍්‍රයේ මුදල් කොල්ලකෑමට ගත් උත්සාහය අසාර්ථක වී ඇත්තේ අද අලූයම ඒ අසලින් ගමන් කළ තරුණයන් පස් දෙනකුගේ උකුසු ඇස නිසායැයි පොලිසිය හා බැංකුව කියයි. බැංකුව දෙසින් ආ ශබ්දයක් ගැන අවධානය යොමුකැර කොල්ලකරුවකු අල්ලා ගැනීමට ඔවුහු සමත් වූහ. ඔහු සිටියේ මහපාරේ ඔත්තු බලමිනි. ඔවුන්ගේ දැන්වීම අනුව පොලිසිය එහි එන විට ටේලර් යන්ත්රය කඩමින් සිටි කොල්ලකරු පොලිසියට එල්ල කළ අත්බෝම්බ ප‍්‍රහාරය විලෝ ගසක වැදීමෙන් පොලිසිය බේරුණේය. පොලිස් වෙඩි පහරින් එම කොල්ලකරු මිය ගිය අතර තරුණයන්ගේ ග‍්‍රහණයේ සිටි කොල්ලකරුද අත්අඩංගුවට ගනු ලැබීය. පැන ගිය තෙවැන්නා අල්ලා ගැනීමට පොලිසිය මෙහෙයුමක් ඇරැඹීය. ලංකා බැංකුවේ බස්නාහිර පළාත් සහකාර මහ කළමනාකරු නිමල් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ බැංකුවේ මුදල් කිසිත් රැගෙන යෑමට කොල්ලකරුවන්ට නොහැකි වූ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල කොල්ලො ටිකක් නෙ ඉන්නෙ දැන් පොලිස්සියෙ!ඔත්තුව දුන්නු කොල්ලන්ටත් weldone.
මෙම ඔත්තුව දුන් සියල්ලම අපි අගය කල යුතුයි.
ප්‍රසාදිනී,ඔයාගෙ කතාව ඇත්ත වෙන රටවල ATM යන්ත්‍ර කඩන්නෙ නැහැ.ඒ අය කරන්නෙ යන්ත්‍රය පිටින් උස්සන් යන එකයි.
මේන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රථිඑලයක් !!
ඔව්.. ඔව්.. මේකටත් අර කට්ටිය සෙට් වෙලා ඇති.
ප්‍රසාදිනී,ඔයාගෙ කතාව ඇත්ත වෙන රටවල ATM යන්ත්‍ර කඩන්නෙ නැහැ.ඒ අය කරන්නෙ යන්ත්‍රය පිටින් උස්සන් යන එකයි.
අපේ රටේ පොලිසියට ලයිසන් තියෙනවා මහ දවාලේ මිනී මරන්න.අපිත් ඉතිං මරාපියවු කියලා කමෙන්ට්ස් දානවා.මොකටද නීතියක් තියෙන්නේ?
හයියෝ ප්‍රසාදිනී !! ඔයා පාරවල් දිගේ තිබිල දැකල තියෙන්නේ කූල් ඩ්‍රින්ක , වොටර් දිස්පෙන්සේර් යන්ත්‍ර ATM යන්ත්‍ර තියන්නේ අඩුම ගානේ කිලෝමීටර 10 කට එකක්. පව් මේ කෙල්ල රැවටිලා
ප්‍රසාදිනී!! ඔයත් පරිස්සමෙන් හිටියොත් තමා හොඳ
එක හොරෙක් අල්ලන කොට තව හොරු දහයක් බිහිවෙනවා. මේ හේතුව හොයලා පිළියම් යෙදුවොත් යහපත් සමාජයක් හැදේවි. හොරුත් මනුෂ්‍යයෝය.
කලන , සමන්ත ඔයාල හරියට හරි .මේකේ කමෙන්ට් දාන කට්ටිය හැමදාම දකින්නේ බෙසමේත් කිඹුල්ලු, මෝඩකම වෙනම දෙයක්. ඒක ප්‍රදර්ශනය කරන ඒක තමයි එයාලගෙ ලොකුම මෝඩකම්
මේ ප්‍රතිචාර වලින්ම පේනවා අපේ කට්ටිය කොච්චර බුද්ධිමත්ද කියලා
කටු ගෙයි වගේ මෙතනටත් හොරු පනිද්දිම කැමරා අලුත් වැඩියා කරන්න දාලද ???
කෝ බොලවු, මේකේ සිකුරිටි කොලුවා?
මාර සංවර්ධනයක්නේ ලංකාවේ තියෙන්නේ.ට්‍රයි කරන්නේ දියමන්ති පදක්කමටද මන්දා
පොලිසියේ දක්ෂකම නිසා සියලු දේ ආරක්ෂා කර ගත්තා. අපි ජාතියක් වශයෙන් පොලිසියට ණය ගැති වෙන්න ඕන මෙවැනි වීර ක්‍රියා වලට.ස්තුතියි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-13 14:12:35 පොලිසියේ දක්ෂකම නිසා සියලු දේ ආරක්ෂා කර ගත්තා. අපි ජාතියක් වශයෙන් පොලිසියට ණය ගැති වෙන්න ඕන මෙවැනි වීර ක්‍රියා වලට.ස්තුතියි. ඔන්න ආචාර්ය සුජිත් නිශාන්ත ආයිත් පීලි පැන්නා.ඇයි වදේ ටයිට්ල් එකෙන්ම පේන්නේ නැද්ද විලෝ ගහේ දක්ෂකමින් පොලිසිය බේරුනා කියලා
පොලිසිය රෑ 2 ටත් වැඩ ආ? මොකද දන්නෑ කට්ටිය ළඟක දි ඉදං ෆෝම් වෙලා තියෙන්නෙ? කොහොම උනත් වැඩේ සුපිරි.
මේ වගේත් වැඩකාරයො!!! මල් 7යි!
ඔත්තුව දුන්න කොල්ලන්ටත් ක්ෂණිකව ක්‍රියාත්මක උණ පොලිසියටත් රටේ උත්තමාචාරය!!!
රෑ දවල් නොබලා රට රකින විරුවන්ටත්, ඊට සහය දුන් නිර්භිත තරුණ පිරිසටත් අපේ ප්‍රණාමය!
මේක කරපු අයටත් දැන් නඩු දායි අර 'criminal' rights කාරයො, ඔන්න බලන්නකො බොරුද කියලා.
අම්මා පා දැන්නම් ආශ්චර්යය ලගයි වගේ නේද
මහ රෑ වුව සෙවිල්ලෙන් ඉඳ රට වෙන්වෙන් තමන්ගෙ යුතුකම කළ කොල්ලො සෙට් එකටත්, ඉක්මනින් ක්‍රියාත්මක වූ පොලීසියටත් අපගේ උත්තමාචාරය!
මම පාර එහාපැත්තේ අයිනේ ඉදන් ෂුට් කරපු සීන් එක...පොලීසියෙන් ඇවිත් වැනසුවනේ....
නිදන් හාරල ඉවර වෙලා ATM වලට අතගහනවා වගේ.
ජීවා ඔයාගේ කතාව හරි ... ලංකාවෙන් ගිහින් ඉන්න අය කරන්නෙම එහෙමයි ..
හොරෙක්ට හොරකම් කරන්න හිතුනම වෙන මොලෝ දෙයක් ගැන සිහියක් නෑ.ඒ නිසා තමයි මාට්ටු වෙන්නේ.දක්ෂ එකෙක් නම් මාට්ටු නොවී බේරෙනවා.ඒත් හුග දෙනෙක් එහෙම බේරෙන්න දන්නේ නෑ
කවුද යකෝ මගේ බැංකුවේ සිකියුරිටි කොල්ලට වෙඩි තිබ්බේ?
බැංකු කොල්ල කන්නේ ආසාවට නෙමෙයි.සුදුසු රැකියා අවස්ථා ලබා දී තරුණයින්ව යහමගට ගත යුතුයි
මෙම සද්කාර්යයට දායක වුණු තරුණයින්ට ස්තූතියි
බැංකුවේ ආරක්ෂකයින් හිටියේ නැද්ද?
පසුගිය කාලවලදීත් රටේ සමහර දේවල් වලදී ජනතාවගේ අවධානය ඉතා වැදගත් වුණා.මේ තරුණ සොයුරන්ට තුති මල් මිටක්...
හැමෝම බලන්නේ කෙටි මාර්ගවලින් පෝසත් වෙන්න. මේ ආකල්පය නිසා රටේ නිති වීරෝධී වැඩ වැඩිවෙලා. මේක හොද ප්‍රවනතාවයක් නොවේ. අනෙක් අතට මේ විවෘත ධනවාදී ආර්ථික ක්‍රමය තුළ හැමදේම මුදල් මත තීරණය වන නිසා මුදල් තමා සමාජයේ ප්‍රධානතම මිනුම වෙලා තියෙන්නෙ.
දඩුවම් දෙන්න තව බැංකු කඩන්න මාන බලන අයටත් රිදෙන්න එක්ක....
කිත්සිරි, ඔයා හරිම බුද්ධිමත්.මමත් පිළිගන්නවා ඒක
කිත්සිරි කියන එක නම් හරි වගේ
කොල්ලකරුවන් ඇයි මේ තරුණයින්ට අත්බෝම්බ ප්‍රහාරයක් ඒල්ල නොකලේ. අත්බෝම්බය පසුව ගෙදර ගොස් ගෙනවිත් පොලිසියට ප්‍රහාරය ඒල්ල කලාද?
අනේ ඔයගොල්ලෝ කතාව දන්නේ නැහැ නේ. ඔන්න අපි හය දෙනෙක් බැංකුව කඩන්න ගිය. ඔය අතරතුර කව්දෝ ඉරිසියා කාරයෙක් පොලිසියට ඔත්තුවක් දීල.රොබරි සනා පොලිසිය එනකොට අපි සිකියුරිටි ගාර්ඩ් ගේ ඇඳුම මාරු කරලා එයාව අල්ලගත්ත වගේ ඇක්ටින් එක දැම්ම. ඇත්තටම වෙඩි කෑවේ ATM එක ගාව හිටපු දෙවැනි සිකියුරිටි...
තරුණයෝ පස් දෙනා එක්කෙනෙක්ව අල්ල ගත්තම ඇයි එයාලට අත් බෝම්බ ප්‍රහාරය එල්ල නොකලේ. විස්වාශ කරන්න අමාරුයි. මෙකේ යට වෙන මොකක් හරි තියෙනවා.ඇත්ත වහන්න පොලීසියෙන් ගොතන ලද කතාවක්. මේක පිටි පස්සෙ ෂුවර් එකටම දේශපාලකයෙක් ඉන්නවා.
අහස උසට බඩු මිල ගණන් යද්දී මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙද්දී මේවගේ දේවල් සිද්ද වෙන එක පුදුමයක් නෙවයි. කොල්ල කරුවන් බැංකුව කඩන්න ඇත්තේ තමන්ගේ ළමයින් ගේ බඩ ගින්න නිවන්න වෙන්නත් පුළුවන්.
වීරෝධාර තරුණයින්ට ප්‍රණාමය! මොවුන්ට බැංකුවෙන් උපහාරයක් කළ යුතුයි
මටත් හිතෙනවා මෙතන පටලැවිල්ලක් තියෙනවා කියලා ......
වෙන රටවලත් ATM යන්ත්‍ර පාරවල් දිගේ තියෙනවා.ඒවා කවුරුවත් කඩන්නේ නෑ.අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය අහිංසක තරුණයින්ගේ බලාපොරොත්තු ඉටු කර ගන්න දෙන්නේ නෑ.තව ඉස්සරහට බලා ගන්න පුලුවන් රට යන අත....
ටිකක් අසාමාන්‍යයි නේද? තරුණයන් එක කොල්ලකරුවකු අල්ලාගෙන සිටිද්දීත් අනෙක් අය ටෙලෙර් යන්ත්‍රය කඩ කඩා උන්නා ද?
ඔය කියන ATM යන්තරේ හැමදාම කැඩිලා. කොල්ලෝ ටිකක් දාල ඕක ගලවන්න හැදුවම අපිට වෙඩිතියනවා. එක තමයි කුනු බක්කියේ තිබිල අහුලා ගත්ත ඩප්පියකින් ගැහුවේ
ටේලර් 1කක් පාවිච්චි කරන මනුස්සයො නම් දන්නවා.. ටේලර් යන්ත්‍රයක් භාවිතා කරද්දි දොර වහනවා කියලා එතකොට පිටතින් එන ශබ්ද ඇහෙන්නේ අඩුවෙන්..... මේ හොරා ටේලර් 1ක කඩ කඩ ඉන්න ඇත්තේ එහෙමයි... අනිත් කෙනා එලියේ සිට ඔත්තු බලමින් ඉන්න ඇති.... හැම 1ටම පොසිලයට බැනලා සැක කරලා මේ වෙග් වැදගත් මෙහෙයක් කරපු මිනිස්සුන්ට අපහාස කරන 1ක වැරදියි..මේක සිංහලයන්ගේ පහත්ම ගතියක්..අපේ අය අපේ අයටම කපනවා...
මේ ප්‍රතිචාර දාන අය හැමෝම කතා කරන්නේ අපහාසෙටයි, උපහාසෙටයි.මේ අයගේ දෙමවුපියොන්ට,පවුගේ අයට දෙවියන්ගේම පිහිටයි
මා එන විට මෙතැන පහු කර ගෙනයි ආවේ. ග්‍රෙනේඩ් එකක් පිපිරුණු බවට ඇසට පෙනෙන කිසිම ලකුණක් එතැන නෑ. එහෙම උණා නම් ළඟ ඇති වීදුරු වල ඉරක් වත් යන්න ඕනැ. ග්‍රෙනේඩ් එක වැදුණාය කියන "විලෝ ගහ" ටත් කිසිම හානියක් නැහැ. වෙඩි උණ්ඩ ටිකක් වීදුරු පසාරු කරගෙන ගොස් ඇති බව පෙනෙනවා. ඒ පොලීසිය වෙඩි තියපුවා වෙන්න ඕනැ. ඔච්චර ඉක්මණට පොලීසිය ඔතැනට ආවේ කොහොමද? බත්තරමුල්ලේ ඉතාම ජනාකීර්ණ තැනක, නව ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ඉදිරිපිට තියෙන මේ බැංකුව කඩන්න තරම් මුන්ට පිස්සුද? මෙතැන අපට නොකියන කතාවක් තියෙනවද?
වෙච්ච දේ දන්නේ හොරාත් පොලිසියත් විතරයි
කිත්සිරි කියන්නේ ඇත්ත තමයි
සහීර් කියන කතාවට මම එකග නෑ.ජීවත් වෙන්න අමාරු නම් මම කන්න දෙන්නම්.බැංකු කඩන්න එපා.
මේ යන්ත්‍රයේ නම "ATM -Auto Teller Machine "ය. එම සිදුවීම සිදු වූ ආකාරය ඉතා පැටළිලි සහගතයි.
සමන්ත ඔබ හරි.සමහරු මෝඩකම විදහා පානවා
ලියන්නා කෙසේ ලීවත් කියන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුයි.
නියමයි......පොලීසිය
මේ ටේලර් එකේ ඇතුලේ කැමරාවක් තියනවා එකෙන් කතාව බලා ගන්න පුළුවන් වේවි ....................... එතකොට බලමු ..............
මෙතන මේ පණ්ඩිත කමෙන්ට් දාන මිනිස්සු ඔහොම දෙයක් දැක්කනම් මොනව කරයිද? හීමිට මාරුවෙයි, තමන්ගේ දෙයක් නෙවෙයිනේ කියලා. මේගොල්ලො දන්නේ මෙතන ඉන්ටනෙට් එකේ කාඩ්බෝඩ් වීරයෝ වෙන්න විතරයි. ඇත්තට මේවගේ වීරකමක් කරපු සහෝදරවරුන්ට පින්. මෝඩකම පෙන්නන මිනිස්සුන්ට ඉතින් අනුකම්පා කරමු.