IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වෙලේ සුදාට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (14) මරණීය දණ්ඩනය නියම කළේය.

ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී ප්‍රාණය නිරුද්ධ වනතුරු වෙලේ සුදාගේ බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

ගල්කිස්ස අධිකරණය අසල ප්‍රදේශයකදී විත්තිකරු හෙරොයින් ජාවාරම් කරමින් සිටි බවට වූ චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා මෙලෙස විත්තිකරුට මරණ දඬුවම පැනවීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී වෙලේ සුදා හා ඔහුගේ මිතුරකු අත්අඩංගුවට ගෙන තිබූ අතර හිරගෙදර ඇතිවූ කැරැල්ලකදී ඔහුගේ මිතුරා මියගොස් තිබිණි.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේදී වෙලේ සුදා සාක්කි දෙමින් තම පියාට අයත් පොල් ඉඩමකින් ලැබුණු පොල්, අන්නාසි සහ බිත්තර විකුණා තමා පෝසතකු වූ බවත් තමන් අකුරු නොදන්නා නමුත් තම දරු තිදෙනා කොළඹ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය හදාරන බවත් පැවසීය.

කොළඹ හතෙන් මන්දිර, කොළඹ මධ්‍යයේ ඉඩම් මෙන්ම ඉන්ධන පිරවුම්හල්ද ඇති තමන්ට සුපිරි නවීන පන්නයේ වාහන ඇති බවද ඔහු අධිකරණය හමුවේ සාක්කි දෙමින් පිළිගත්තේය.

ඉදිරිපත්වූ සියලු සාක්කි සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇතැයි තීරණය කරමින් ඔහුට මරණ දඬුවම පැනවීය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.

සමාජයක පුද්ගලයන්ට හා රටට කිව නොහැකි හානියක් කරන මෙවැනි වැරදිකරුවනට උපරිම දඬුවම් දියයුතු බවත් වෙලේ සුදාට එරෙහි චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ බවත් විනිසුරු ප්‍රකාශ කළේය.

මෙවැනි අයට ඉහළම දඬුවම පැනවීමෙන් හෙරොයින් මත්කුඩු ජාවාරම්කරුවන් දෙවරක් සිතා බලනු ඇතැයිද විනිසුරුවරයා කීවේය.

වෙලේ සුදා විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයද විනිසුරුවරයා ඉවත දැමීය. 2008 දෙසැම්බර් 4 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක මර්දන අංශය ගල්කිස්සේදී ඔහු අත්අඩංගුවට ගත්තේය.

 

welesuda_20151014 welesuda_20151014-2 welesuda_20151014-3



අදහස් (0)

වෙලේ සුදාට මරණ දඬුවම

සංකල්ප Wednesday, 14 October 2015 05:45 AM

අවසානයේදී වෙලේ සුදාට මරණ දඬුවම ලැබුණා . එත් පසුගිය කාලයේදී අප නිරතුරුව ඇසු, වෙලේ සුදා සමඟ ඈඳුණු දේශපාලකයින් ගැන මොකුත් සඳහනක් වත් නැහැනේ .සමහර විට ඒවා අප ඒ ඒ කාල වලදී අහන උණුසුම් පුවත් පමණක් විය හැක .(ම)

:       0       0

සේරසිංහ Wednesday, 14 October 2015 05:54 AM

තෝරු මෝරු බේරිලා සේරමගේම පව් හාල්මැස්ස පිටින් ගියා (බ)

:       0       0

නුවන්සර Wednesday, 14 October 2015 06:07 AM

හොරයින් ග්‍රෑම් 7.06 කට නඩු වැටුනත්, අප අසා ඇති පරිදි වෙලේ සුදා යනු මහා පරිමාණයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකි. ඒ නිසා, ඇතැම් විට ඔහු අයත් වන්නේ 'තෝරු මෝරු' වර්ගයට විය හැක. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 14 October 2015 07:03 AM

පවු කියලත් හිතෙනවා දැන්නම්. නමුත් ඉතින් මොනා කරන්නද. මෙයා නිසා අකාලේ විනාශ උන තරුණ ජිවිත කොතෙක් නම් ඇද්ද එහෙම බැලුවොත්? (ර)

:       0       0

චන්දික Wednesday, 14 October 2015 07:48 AM

මගේ හිතටත් දුකක් දැනෙනවා. ලස්සන කොල්ලෙක්. එ්ත් නරක වැඩ කලොත් නිසි දඩුවම් ලැබිය යුතුයි. (ස)

:       0       0

සේන Wednesday, 14 October 2015 07:54 AM

කෙටි ‍ ක්‍රම වලින් සල්ලි හොයන්න ගියේ නැතිනම් වටිනා තරුණ ජීවිතයක්. (ස)

:       0       0

තිළිණ Thursday, 15 October 2015 02:08 PM

කරපු වැරදි දැන් තේරෙනවා ඇති. (ර)

:       0       0

අමල් Wednesday, 14 October 2015 07:31 PM

මහා රූස්ස ගහක දළු කැපුවට ගහ මැරෙන්නේ නැහැ.ගහ කඳින් කපන්න ඕනෑ. වෙලේ සුදාගේ දුප්පත්කම නිසා ඔහුව බිලිගත් කුඩු රජවරු අත්අඩංගුවට ගන්නේ කවදාද? (නි)

:       0       0

විපුල් Wednesday, 14 October 2015 08:34 AM

ඇමතිවරයෙක් වෙන්න පින නැද්ද? (ර)

:       0       0

ධර්ම Wednesday, 14 October 2015 09:42 AM

මහා පාරේ බෝක්කුවක් උඩ නැත්නම් තාප්පෙකට හේත්තු වෙලා කබ ,හොටු පෙරාගෙන, ගැවසෙන ලස්සන තරුණයෝ දැක්කම චන්දිකට, ඉසුරන්දිට දුක හිතෙන්නේ නැත්ද?ඒ දරුවන්ගේ දෙමාපියන් විඳින දුක ඇහුණාම දුක හිතෙන්නේ නැත්ද? (ස)

:       0       0

අනුර Thursday, 15 October 2015 03:28 AM

බුදුන් වහන්සේ උපධි සම්පත්තියේ වටිනාකම දේශනා කර තිබෙනවා. මෙතන ප්‍රතිචාර දමපු සමහරු වෙලේ සුදාගෙ ලස්සන ගැණ කතා කරල. එහෙම නම් වෙලේ සුදා නිදහස් කරල පාරෙ යන කැත මිනිහෙක් අල්ලගෙන ඇවිත් මරන දඬුවම දුන්නනම් ඉවරයිනේ වෙලේ සුදා පාර්ලිමේන්තු ගිහින් ටී වී ස්ටේෂන් දෙක තුනක් තියාගෙන ලොකු මිනිස්සු එක්ක සම්බන්ධකම් ගොඩ නගාගත්ත නම් මට මොකුත් මතක නෑනෙ කියන්න තිබ්බ. වෙලේ සුදා වික්කෙ කාගෙ කුඩුද කියලයි හොයන්න ඕන. (අ)

:       0       0

ගීත සදරුවන් Wednesday, 14 October 2015 11:15 AM

වෙලේ සුදාගේ පව්ලේ අයට මොන තරම් ලොකු වේදනාවක් ඇතිද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4228 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහරගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


වැල්ලවාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 17 0


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 19 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 50 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 88 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14687 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site