වල්ගා හයකින් යුතු විස්මිත වල්ගාතරුවක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. හබල් දුරේක්ෂය ආධාරයෙන් මෙය මුල්වරට දැක ඇත්තේ සැප්තැම්බර් 10 දින දීය.
එය දැනට පී/2013 පී5 ලෙස නම්කැර ඇත. කැලිෆෝනියා විශ්විවද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ජේවිත්, මැක්ස් ප්ලාන්ක් සහ සූර්ය නිරීක්ෂණ ආයතනයේ ආචාර්ය ජෙසිකා අග්‍රාවල්, ජෝන් හොප්කින්ස් සරසවියේ එච්.වේවර් සහ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ එස්.ලාර්සන් විසින් මේ ගැන පර්යේෂණ සිදුකැර ඇත.
ඔවුන් පවසන්නේ අඩි 790 ක් පමණ විශ්කම්භයකින් යුතු ඇස්ටරොයිඩයක් සේ දිස්වූ ඒ වටා බයිසිකල් රෝදය ස්පෝක් පිහිටන ආකාරයට විහිදී ඇති වල්ග හයක් දක්නට ලැබෙන බවයි. මෙහි ඇති විවිධ හැඩයෙන් යුත් වල්ග සැප්තැම්බර් 10දා දුටු ආකාරයට වඩා ඉන් දින කිහිපයකට පසු නිරික්ෂනය කරද්දී වෙනස් හැඩයක් ගෙන තිබූ බවයි.
''එය දුටු මොහොතේ අපි තුශ්නිම්භූත වී ගියා. ඒ වල්ගය විටින් විට වෙනස් වනවා. එය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් චමත්කාරජනක දර්හනයක්. " කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ඩේවිඩ් ඒ ගැන එසේ කීවේය.
විද්‍යාඥයන් පවසන්නේ දූලි වළාවේ වනස්වීම් යම් කිසි කෝණයකට අනුව සිදුවන බව සොයාගත හැකි වූ බවයි. එමෙන්ම එකවර විශාල පිපිරීමක් සිදුවීමෙන් දූවිලි ඈතට විහිදී යන බවක් පෙනේ යැයි ද ඔවුහු කියති. ඔවුන් පවසන්නේ ඉදිරියට මාස පහක්වත් මේ වස්තුව දූලි වළාන් විහිදුවනු ඇති බවයි.
ආචාර්ය ජෙසිකා අග්‍රවාල් පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම නිතරම වල්ගාතරුව නිරීක්ෂණය කළ බවයි. ඔවුන් සොයාගත් තොරතුරු අනුව මෙය භ්‍රමණය වන වේගය අනුව දූවිලි වළාව ක්ෂය වී යන බව ඔහු කියා සිටියි.
මහාචාර්ය ජේවිත් මෙසේ පවසයි.
“මේ වගේ වල්ග තරුවක් හැදෙන්න ගොඩක් කල් යනවා. මේවා මත උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1,500ක් පමණ වනවා. ”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලිග 6 නෙමෙයි 225ක් තියෙනවා අරහේ. ඔවුන් නම් ජනතාවට තරු පෙන්නනවා.... (නි)
අයවැයෙන් පස්සේ අපිටත් තරු පෙනිලයි තියෙන්නේ. ඒ මදිවට වල්ග 6 තරුත් පායලා. (නි)
දැන් සිදුවෙන දේවල් සමග බැලුවම තරු වලට වල්ග හැදෙනවද වල්ග වලට තරු හැදෙනවද කියලා හිතාගන්න බැරිවෙයි. (නි)
ඔන්න තරු පේනවා. කරවල , උම්බලකඩ , මුන්ඇට , සීනි සේරම ගණන් යනවලු.(අ)
ඔන්න තරු පේනවා. කරවල , උම්බලකඩ , මුන්ඇට , සීනි සේරම ගණන් යනවලු. (නදී)
අපිටනම් ඔයිට වඩා හොද තරු පෙනුනා අය වැයෙන් පස්සේ. (අ)
අපිටනම් ඔයිට වඩා හොද තරු පෙනුනා අය වැයෙන් පස්සේ.(ස)
දෙවියන් සමිබන්ධව මම සොයන නමුත් නමුත් මා දෙඅතක් මැද අතරමංව සිටිමි.(නදී)
දෙවියන්ගේ නිර්මාණ නැත. ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරගත් මනක්කල්පිත සර්ව බලදාරියෙක් පමණයි. සර්වබලදාරින් ගැන ලොවට කීවෙත් දේවදූතයන් නොව මනුෂ්‍යයන්ය.(නදී)
තව මේ වගේ නොසොයාගත් තරු පමනක් නොයෙවයි තව බොහෝ දෑ මේ විශ්වය තුලත් පෘථිවි තලය තුලත් පවතී.(නදී)
ලෝකයේ තව සොයා නොගත් දේ බොහෝ ඇත.(නදී)
වලිග හය තිබුනේ නැත්නම් මෙය තාමත් හැංගිලා ඉන්දික. (නි)
දෙවියන්ගේ නිර්මාන විශ්මිතයි නේද? ඔහොමයන් ඔහොමයන්! තවත් ඉස්සරහට තවතව දෙවල් දැකගන්න ලැබේවි.(අ)
මෙක වෙන දෙයක් වෙන්න බැරිද? පිටසක්වලින් ආපු යානයක් වගේ දෙයක්? (අ)
නවතම සොයාගැනීම් තුලින් මේ ලොව වෙසෙන ජනයාට අහිතකර බලපෑම් සිදු වෙමින් පවතින්නේද නැතිනම් එය ඉදිරියට හොදක් සිදුවේද දෙවියෝ දනී අපි නොදනී (නදී)
මෙතුවක් කලකට ඔයා කොහෙද පනේ සැගවිලා සිටියේ සොය ගන්න කම් හරි හොරා (නදී)
වල්ග තරුවක වලිගය සෑදෙන විද්‍යත්මක මතය බොරු වෙනවා.. (නදී)