IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විල්ගමුව පුංචි හපනා මා පියන්ට අත දෙන බව කියයි

ගොළු බිහිරි මා පිය යුවළකගේ  පුතකු  මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 186 ලබා ගෙන ඉහළින් සමත් වී මේ සිද්ධියක් මාතලේ විල්ගමුව  අධ්‍යාපන කළාපයේ නාමිණිඔය ගම්මානයෙන් වාර්තා විය‍.

නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන තිවංක බුද්ධික සිසුවා  මේ දස්කම දැක්වීය.

නො 2150, අක්කරකාල,නාමිණිඔය විල්ගමුවෙහි පදිංචි ජයන්ත රෝහණ අමරසිංහ (37) හා මව ශ්‍යාමලී වලිසුන්දර (34) ඔහුගේ මා පියෝයි.

 ඔවුන්  උපතින්ම ගොළු හා බිහිරිය‍.

තිවංක සිසුවා සිය අධ්‍යාපන කටයුතු බොහෝ දුෂ්කරතා මැද කැරගෙන ගිය අතර ස්ථිර රැකියාවක් නොමැති ඔහුගේ පියා කුලී වැඩ කරමින් දරුවාගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක කැර ගැනීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරයි

අවුරුදු හතරක් වයසැති තිවංකගේ නැගණියද  හදවත් රෝගයකින් පෙළෙන්නිය.

තිවංකගේ දස්කම් පිළිබඳ පැවසු පන්තිභාර අනුෂා කුමාරි ගුරුතුමිය කීවේ කිසිදු උපකාරක පන්තියකට හෝ සහ‍භාගී නොවී දැඩි ආර්ථික දුෂ්කරතාද මැද මේ දරුවා  වි‍ශිෂ්ට ජයක් ලැබු බව හා පාසලටද විශාල කීර්තියක් අත් කර දුන් බවයි.හොදින් උගෙන වෛද්‍යවරයකු වීම තමාගේ එකම බලාපොරොත්තුව පුංචි තිවංක අප හා පැවසීය.

දරුවාගේ අධ්‍යාපන කටයුතු  වෙනුවෙන් උදව් කිරීමට කැමැති පරිත්‍යාගශිලීන්හට දරුවාගේ පියා වන  ජේ එල් එම් ඩී ජයන්ත රෝහණ අමරසිංහ මහතා නමින් විල්ගමුව මහජන බැංකුවේ  122 200 130037 322  ගිණුමට  මුදල් බැර කළ හැකියි.

 

 

 



අදහස් (0)

විල්ගමුව පුංචි හපනා මා පියන්ට අත දෙන බව කියයි

සත්‍යපාල Sunday, 06 October 2013 03:05 AM

පෙනෙනවද කාබාසිනියා වුන පන්ති කාමරය?"කොළඹට කිරි අපිට කැකිරි" කවුරුහරි අතේ වැඩිපුර සල්ලි ටිකක් තියන කෙනෙක් මේ දරුවට වගේම මේ ගුරුතුමියටත් පාසලටත් යමක් කරන්න. (නි)

:       0       0

කුමුදු Sunday, 06 October 2013 04:01 AM

මේ දරුවා ඇත්තටම දක්ෂයෙක්.අඩු පහසුකම් මැද, ටියුෂන් නොයා ,තමන්ගේම උත්සාහයෙන් ලකුණු අරගෙන. දෙමාපියන්ගෙන් අකුරක්වත් අහගන්න විදිහක් නැති වුනත් ලකුණු 186 අරන්. ගොඩක් පොහොසත් පවුල්වල,ගොඩක් වියදම් කරලා, ටියුෂන් දීලා, දෙමවුපියොත් කියලා දීලා,කරගන්න බැරි ළමයි කොච්චර ඉන්නවද? (නි)

:       0       0

කේ එච් ආර් කේ දිසානායක Thursday, 10 October 2013 01:14 PM

අමීර් මගේ ඇස්වලින් පුංචිම පුංචි කදුලක් කඩා හැලුනා අල්ල්හාගේ අසිර්වාදය ලැබිල මේ පැටියාට සක්තියක් වෙන්න නුබට සක්තිය ලැබීවා. ඒ වගේම මට පුළුවන් ආයෝජනය අද මම කරනවා සියලු දෙනාට ස්තුතියි (ත)

:       0       0

අමීර් Monday, 07 October 2013 10:40 PM

අදරනීය පුතේ , මම කොලඹ සහිරා විදුහලේ ආදී ශිෂ්‍යෙයකි. ඔබට කැමතිනම් ඔබේ ඉගෙනීමට අවශ්‍ය සියලුම වියදම් සහ නවාතැන් පහසුකම්ද අපේ විදුහල වෙතින් ලබාදියහැක. ලංකාදීප හරහ මා අමතන්න. 0778887997.(නදී)

:       0       0

මධු Thursday, 10 October 2013 05:57 PM

පුතේ,නුඹ සැබෑ හපනෙක් (නි)

:       0       0

යමුනා Sunday, 06 October 2013 09:24 PM

කඳුළු වැටුනේ නොදැනුවත්වම. බොසත් ගුණැති දැරුවෙකු ලැබීමට පින් කලත් සතුට වචනෙට නගන්නට පින් නොකලත් සසර මෙලෙසි බුදුන් වදහල...ලංකාදීපයට වගේම නැණැති මාධ්‍යවේදියනි ඔබ කළ මෙහෙය අගේය.(නදී)

:       0       0

රූපවතී Thursday, 10 October 2013 05:58 PM

මෙතන සිටින කිසිවෙක් දුරකතන අංක ඉල්ලන්න එපා. ඒ දෙමාපියන්ට කතා කරන්න බැහැ.වෙන මිනිසුන්ට කතා කර අපි අසරණ වේවි.හොදම දේ අපි මේ දමා තිබෙන ගිණුම් අංකයට මුදල් බැර කළ විට ඒ හිමිකරුවන් ලබා ගනීවි. අනේ හැකි සෑම කෙනෙක්ම මේ අසරණයින්ට උදව් කරන්න.අපිට නිර්වාණයට තවත් පින් වුවමනා නැති වේවි.මෙයින් ලැබෙන පින හොදටම ප්‍රමාණවත් (නි)

:       0       0

කපිල අබේකෝන් Monday, 07 October 2013 03:08 PM

අපි කටාර් වල සේවය කරන ලංකාවේ අයගෙන් හදුනා ක්‍රිකට් කණ්ඩායමක්. අපි කැමති මේ පුතාගේ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන්න. කරුණාකරලා අපිට මේ පුතාවත් එයාව මේ තත්වෙට ගේනවා. එයාගේ පාසලෙත් විස්තර ලබා දෙන්න, තමන්ගෙ ළමයින්ව මරලා දාන අම්මලා ඉන්න රටක මේ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න පුතේ ඔය ගොඩක් පින් කරලා,,ජීවිතේ ඉදිරියට යන හැම අඩියක ගානෙම ඒ දෙන්නව ඔයාගේ හුස්ම වගේ ලඟින් තිය ගන්න, පුතාට බුදු සරණයි !!! (ස)

:       0       0

තරංගා Friday, 01 November 2013 09:51 PM

අනේ! ලිපිනය දෙන්න. උපකාර කිරීමට කැමතියි. මේ දීලා තිබෙන ගිණුමට මුදල් දානවා. පුතේ ඔයාට තිසරණ සරණයි! (නි)

:       0       0

පාලිත Sunday, 06 October 2013 05:10 AM

දිරිය මවට, නුවණැති පුතුට, අසනීප නගාට තෙරුවන් සරණයි. සියලු සිතුම් ඉටුවේවා! (නි)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 05:26 AM

දිරිය මවට,අදරැති තාත්තාට නුවණැති පුතුට, අසනීප නගාට තෙරුවන් සරණයි. සියලු සිතුම් ඉටුවේවා! (නි)

:       0       0

නිලීකා Sunday, 06 October 2013 05:40 AM

කරුණාකර මේ දරුවාගේ හෝ ගුරුතුමියගේ දුරකථන අංක ලබාදෙන්න. අපට හැකි ආකාරයට උපකාර කරන්නම් (නි)

:       0       0

ලලිත් Monday, 07 October 2013 08:43 AM

විල්ගමුවට ජයවේවා! (නි)

:       0       0

දුමිත් Sunday, 06 October 2013 06:33 AM

මේ දරුවා හට උදවු කිරීමට ක්‍රමයක් සළසා දෙන්න (නි)

:       0       0

මහවැලි Sunday, 06 October 2013 06:48 AM

මේ දරුවා,අසනීපයෙන් පෙලෙන නංගි ඇතුළු මවූපිය දෙපලට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ හා දළදා හාමුදුරුවන්ගේ නිති රැකවරණය ලැබේවා!!!. එසැණ පුවත් /කාංචන, මේ බුද්ධිමත් දරුවට උදවු කරන්න කරුණාකර අදාළ තොරතුරු අපට ලබා දෙන්න. දැන් බුද්ධිමත් දරුවන් ගමෙන් බිහිවන ප්‍රවනතාවයක් ඇතිවෙලා. කොළඹ අම්මණ්ඩිලා නම් දැන් දරුවන්ව රියල් ස්ටාර්ලා, කරන්න දගලනවනේ. සා.පෙ./ උ.පෙ. ප්‍රතිඵල වලිනුත් දැන් ඉදිරියට එන්නේ කැකිරි කන ගමේ ළමයි. (නි)

:       0       0

lakmal Sunday, 06 October 2013 03:35 PM

දිරියෙන් ජයගෙන ඉදිරියට යාමට ශක්තිය වාසනාව තව තවත් ලැබේවා. අපට ඔබට පුළුවන් උපකාරයක් කිරීමට ලිපිනයක් පලකරන්න.ඔබේ මුහුණ දුටුවිට ඔබේ ශක්තිය,වීර්ය අපට පේනවා පුතේ..(නදී)

:       0       0

දිලානි Sunday, 06 October 2013 07:41 AM

මේ මල්ලිට උදව් කරන්න පුළුවන් විදිහක් තියනවා නම් අපට කියන්න (නි)

:       0       0

රෝහණ Thursday, 10 October 2013 10:15 AM

මෙවෙනි උත්තම දරුවන්ට උපකාර කිරීමට සැරසුණු මතිදුන්ටත් මතිනියන්ටත් මගේ නමස්කාර පුරක ආචාර්ය පිළිගන්වමි. මෙවෙනි සම්පත් වල අතදී ඉහලට තැබීමට උත්සහ කිරීම උතුම් සත් ක්‍රියාවක්. අද සමාජය හුගක් අය කරන්නේ වැරදි ක්‍රම වලින් හම්බු කරන්න උත්සහ දැරීමත් තරුණ පරපුරට වෙරදී ආදර්ශ දීමත්ය. (දී)

:       0       0

එෆ් ආර් Thursday, 10 October 2013 10:16 AM

ඔබ වැනි දරුවන් රටේ දේශපාලකයන්ගේ දරුවන්ට ආදර්ශයක් ..... (දී)

:       0       0

විජේන්ද්‍ර Sunday, 06 October 2013 07:47 AM

කාටහරි මේ පාස‍ලේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න හැකිද? (නි)

:       0       0

සුජිත් රත්නායක Sunday, 06 October 2013 08:30 AM

මට මේකේ තියෙන රුප රාමු දැක්කහම මොකුත් ලියන්නේ නැතිව ඉන්න බැරි උනා. මම මුලින්ම ලංකාදීපයට සහ දෙවනුව පාසැලට සහ ඔහුගේ ගුරුතුමියටත් ස්තුති කරමි. මංද මොනතරම් දුෂ්කරතා මද ලබපූ ජයක්ද මේක? පුතේ මට නම් නුබයි ලංකාවෙන්ම පළමුවෙනියා. නුබ නියම දක්ෂයෙක්. නුබට දෙවියන්ගේ ආශීර්වාදය නිතරම ලැබෙනවා. එම ශක්තියෙන් නියම ප්‍රයෝජන ඉදිරියටත් ගනී කියල මම හිතනවා. පුතේ නුබ අදහන ආගම ධර්මය හොදින් පිළිපදින්න. අවංක වන්න, එඩිතර වන්න, නුඹට කවදාවත් වරදින්නේ නැහැ. නුබ අපට වීරයෙක්, නුබට සැමදැ ජය සහ සතුට සහ සෞභාගය පතමි. දළදා සමිදු පිහිටයි.(නදී)

:       0       0

සිරිල් Sunday, 06 October 2013 08:39 AM

ඔබගේ සිතුම් පැතුම් ඉටුවේවා! (නි)

:       0       0

තාරක Thursday, 10 October 2013 02:23 PM

පුතේ ඔයා මේ තරම් සාර්තක උනෙත් ඔයාගේ උතුම් ප්‍රාර්ථනය නිසයි!!! අනාගතයේත් ඒ වගේම වේවි!!(දිල්)

:       0       0

සංජු Sunday, 06 October 2013 08:48 AM

ජය සිරිමා බෝ රජුන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා! මල්ලි, ඔයා තමා මේ පාර ලංකාවේ පළවෙනියා.ඔයාට උදව් කරන්න පුළුවන් විදිහක් තියනවා නම් අපට කියන්න. (නි)

:       0       0

කෙවන් Sunday, 06 October 2013 11:06 PM

ගිණුම් අංකයක් තියනවා නම් මම උදව් කරන්නම් .(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 06 October 2013 09:26 AM

පුතා ඔබ ලැබුව ජයග්‍රහනයෙන් අද අපව සතුටු කලාක් මෙන් මතුද අපේ මුළු රටමත් ලෝකයත් සතුටු කිරීමට කිරීමට ඔබට භාග්‍ය ලැබේවා. තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබ රැක දේවා.(නදී)

:       0       0

නිලූ විදානාගේ - සෞදි අරාබිය Sunday, 06 October 2013 09:28 AM

උනුසුම් සුභ පැතුම් මල්ලියේ. ඔබ විශිෂ්ඨයි. නියම දක්ෂයා ඔබයි. පුංචි ඔයාගේ පැතුම් ඒ ආකාරයටම සපල වේවා! සියළු දෙවියන්ගේ පිහිට ලැබේවා!(නදී)

:       0       0

චානුක Sunday, 06 October 2013 11:32 PM

ලිපිනය දාන්ඩ.(නදී)

:       0       0

බන්දුල අදිකාරී Thursday, 10 October 2013 10:39 AM

කරුණාකරලා ලිපිනය සහ ගමන් මාර්ගය ලියා දන්වන්න පොත්පත් ලබාදීම සදහා. අපි සතුටු වෙන්නේ ඔබ දෙමව්පියන්ට සලකන්නට උත්සහ කරන නිසා (දී)

:       0       0

රත්න සිංහ Sunday, 06 October 2013 09:49 AM

පුතා ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. (නදී)

:       0       0

පෙරේරා Sunday, 06 October 2013 10:09 AM

හොදින් ඉගෙන ගෙන දෙමව්පියන්ද රැක බලාගන්නට වාසනාව හා දහිරිය ලැබේවා! . (නදී)

:       0       0

ප්‍රදීපා Sunday, 06 October 2013 04:44 PM

රත්තරන් පුතේ,ඇස් දෙකට කඳුළු ආවා මේක කියවලා. පැටියෝ මමත් සෙරෙප්පු දෙකක්වත් නැතුව, පාරේ රස්නේ නිසා තණකොළ ගොඩෙන් පැන පැන පාසල් ගිහින් 1975 අවුරුද්දේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච කෙනෙක්. ඔබ අද ලබන සතුට මට දැනෙනවා පුතේ. මම කිසිම දවසක ටියුෂන් පන්තියකට අඩිය තියල නැහැ. බුද්ධික පුතේ ඔයා සැබවින්ම බුද්ධිමත්. ඔබගේ අනාගතය වාසනාවන්ත කරගැනීමට ශක්තිය...ධයිර්යය ලැබේවා....!!!! හැකි උදාවක් ඔබගේ අද්‍යාපනය වෙනුවෙන් මම කරනවා. චන්දෙ තියෙන්න ඉස්සෙල්ලා ඔබගේ ප්‍රතිපල ආවානම් ඔබට ගොඩාක් දේවල් ලැබෙන්න තිබුනා......(නදී)

:       0       0

කෙලී Sunday, 06 October 2013 04:51 PM

පුංචි පුතේ ඔයාගේ දස්කම් දැකපු මේ මාමලා නැන්දලා. ඔයාගේ අනාගත සිහිනයට උදව් කරාවී. ඉදිරියටම යන්න මේ ලෝකය ජයගන්න මගේ පුතේ.(නදී)

:       0       0

ජේම් Sunday, 06 October 2013 10:16 AM

හදපත්ලෙන්ම සුබපතනවා පුංචි පුතේ, මමත් මෙම දුෂ්කර ප්‍රදේශයේ බැවින් මෙම ජයග්‍රහණයේ අගය හොඳින් දනිමි. ගුරුතුමියට ප්‍රණාමය පුදකරමි. නුබයි ලංකාවෙන්ම නියම පළමුවෙනියා. නුබ නියම දක්ෂයෙක්, අවංක වන්න, එඩිතර වන්න, නුබට සැමදැ ජය සහ සතුට සහ සෞභාගය පතමි. (නදී)

:       0       0

ෆ්‍රී Thursday, 10 October 2013 10:54 AM

සුපිරි පුතෙක්, ජය නියතෛයි

:       0       0

පද්මිණී Sunday, 06 October 2013 10:26 AM

පුතාගේ දස්කම් දැකලා අපි ගොඩක් සතුටු වෙනවා. ලගදීම අපි ලංකාවට එනවා. ඔයාට තෑගි ගේන්නම්. මගේ අයිය ඉන්නේ මාතලේ. මෙහෙ ඉදල මුදල් එවන්ට නම් ටෙලිපොන් අංකයක් තියෙන්ට ඕනා. මොකද, රහස්‍ය අංකය කියන්ට ඕනා.. (නදී)

:       0       0

මීසා Sunday, 06 October 2013 10:47 AM

නුබට සැමදා ජය සහ සතුට සහ සෞභාගය පතමි. දළදා සමිදු පිහිටයි. (නදී)

:       0       0

අයෝමා Monday, 04 November 2013 05:34 PM

වීඩියෝ එක නැවත නැවතත් බැලුවෙමි. පුතේ නුබ සමග දෙවියන්ගේ ආශීර්වාදය නිරන්තරයෙන්ම රැදෙනු ඇත. සුබම සුබ අනාගතයක්. ඔය මුහුණ හැමදාම හිනාවෙන්ම සරසේවා. හදවතින් නුබව තුරුළු කර ගතිමි, වාසනාවන්..ස්තුති ලංකාදීපය මේ වගේ වැදගත් දේ පලකරනවට. හරිම ලස්සන අදහස් වලින් ප්‍රතිචාර දාල තියෙන ඒ උණුවෙන මනුස්ෂ්‍ය හදවත් වලටත් දෙවි පිහිටයි.(නදී)

:       0       0

කුසුම්සිරි Monday, 07 October 2013 12:52 AM

මෙම දරුවට උදව් කිරීමට තොරතුරු සපයන්න. ස ම. ජයතිලකේ 0552222580. (අ)

:       0       0

අසෝක Saturday, 05 October 2013 07:59 PM

මෙන්න අපේ එසැන මිතුරු මිතුරියන්ට උදව්වක් කරනවානම් හොද අවස්ථාවක්! පුතේ නුබේ සියලු යහපත් අදිශ්ටන ජය ගැනීමට හැකිවේවා!(නදී

:       0       0

බන්දුල Sunday, 06 October 2013 10:53 AM

ලග්ගල කොල්ලන්ගේ වැඩ. ජයවේවා මල්ලියා.(නදී)

:       0       0

සම්පත් Friday, 16 May 2014 08:49 AM

වාසනාවන්ත පුංචි පුතෙක් (නි)

:       0       0

චන්දි Thursday, 10 October 2013 08:25 PM

ඔව් රූපා අක්කේ.මට අවශ්‍ය මේ දරුවා සමග ටිකක් කතා කිරීමටයි (නි)

:       0       0

චන්දි Thursday, 10 October 2013 08:28 PM

ලංකාවට යනවිට සුදු රෙදි ටිකක් සහ සපත්තු යැවීමට මෙහෙ මගේ යහළුවන් ඉන්නවා (නි)

:       0       0

සුපුන් Monday, 07 October 2013 01:16 AM

හැමෝම විස්තර අහනවා උදව් කරන්නට. (නි)

:       0       0

මොහමඩ් - සෞදි Saturday, 05 October 2013 08:34 PM

උණුසුම් සුඵ පැතුම් චුටි මල්ලියේ... ඔබගේ හෙට දින දීප්තිමත්ව බැබලීමට හද පත්ලෙන්ම ප්‍රර්ථනා කරමි!!!(නදී)

:       0       0

වසන්ත Sunday, 06 October 2013 11:24 AM

ඔය මනාපය ගන්ඩ වියදම් කරන සල්ලි මේ වගේ ළමයින්ට බෙදා දෙන්ඩ මහතුනි. මේ පුතාට සදා ජය පතමි. (නදී)

:       0       0

ලලිත් Saturday, 05 October 2013 08:37 PM

මේවගේ උපතින්ම දක්ෂ දරුවන්ට සමහර රටවල කියන්නේ ගිෆ්ටඩ් චිල්ඩ්රන් කියල. එකේ තේරුම දෙවියන් විසින් ඔවුනට එම හැකියාව දායාද කර මෙලොවට බිහිකරන ලද බවට ඔවුන් අදහන ආගම් වලට අනුව විස්වාස කරන නිසා. එයට යන්න ගිෆ්ටඩ් ස්කූල් කියල වෙනම පාසල් පවා දාලා තියෙනවා එයාලගේ හැකියාවන් ඔප් නන්වන්න. නමුත් මේ දරුවට යන්න තියෙන ජාතික පාසල් අහල පහලකවත් තියෙනවද. එව්වට ගියත් එව්වට පන්දම් වලින් අරන් තියෙන රස්තියාදු කාරයින්ගේ ළමයි එක්ක අධ්‍යාපනය හරිහැටි කරගන්න ලැබෙයිද? කොහොම උනත් එම දරුවට සුභ පතන්නෙමි . කලක් මෙම දුෂ්කර ප්‍රදේශයේ රජයේ සේවකයෙකු ලෙස (1988 පමණ)සේවය කල බැවින් මෙම ජයග්‍රහණයේ අගය හොඳින් දනිමි. එම ගුරුතුමියටද ඇයගේ කැපවීම වෙනුවෙන් ප්‍රණාමය ප්‍රණාමය පුදකරමි. (නදී)

:       0       0

ශාශිමාල් Thursday, 10 October 2013 11:17 AM

ජාතියේ මිණිපහන වගේ දරුවෙක්.කවුරු හරි උදව් කරන්න,

:       0       0

සම්පත් ඉතාලිය Saturday, 05 October 2013 08:40 PM

ජය සිරිමා බෝ රජුන්ගේ ආහිර්වාදය ඔබට ලැබේවා! (නදී)

:       0       0

වන්නි තිලක් Saturday, 05 October 2013 08:45 PM

හදපත්ලෙන්ම සුබපතනවා පුංචි පුතේ. (නදී)

:       0       0

ශ්‍රීමාල් ඉතාලි Saturday, 05 October 2013 09:05 PM

මට මේ දරුවාගේ ගුරුතුමියගේ දුරකතන අංකය දුනොත් මේ දරුවට උදව්වක් කරන්ඩ පුළුවන් (නදී)

:       0       0

මානගේ Saturday, 05 October 2013 09:19 PM

පුංචි පුතේ, ඔබේ සියලු පැතුම් සඵල වේවා කියා පතන්නම්, අවංක සිතින්.(නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 10 October 2013 11:33 AM

මේ ඉන්නේ සැබෑ දක්ෂයෝ මේ දරුවන්ට ජනප්‍රිය පාසල් වල ඉඩකඩ සියයට පනහක් තැබිය යුතු අතර නිදහස් අධ්‍යාපනයද රැක ගත යුතුයි ඔවුන් වෙනුවෙන් කල යුතු එකම දෙය එයවේ (දී)

:       0       0

විරාජ් එකනායක Saturday, 05 October 2013 09:23 PM

මේ අහිංසක දරුවාට ජයෙන් ජයම වේවා නුඹ වැනි දරුවන් අපේරටට ආඩම්බරයක් ගෞරවයක් (නදී)

:       0       0

අමිල ඔස්ට්‍රේලියාව Sunday, 06 October 2013 11:46 AM

මේ දරුවා හට උදවු කිරීමට ක්‍රමයක් සළසා දෙන්න .කරුණ කරලා ගිණුම් අංකයක් දාන්න. නියම දක්ෂයෙක්.පුතාගේ දස්කම් දැකලා අපි ගොඩක් සතුටු වෙනවා ගුරුතුමියට ප්‍රණාමය පුදකරමි.. (නදී)

:       0       0

මනෝජ් පිරිස් Saturday, 05 October 2013 09:26 PM

රටක් වටින රටට වටින දරැවො(නදී)

:       0       0

චන්දන Saturday, 05 October 2013 09:30 PM

සුබ පැතුම්! (නදී)

:       0       0

චන්දි අලුත්වල Thursday, 10 October 2013 04:05 PM

අමීර්..!! ඔබේ අදහස ගොඩක් හොදයි ..!!ඔබට මගේ ප්‍රණාමය ..!!! ඔබේ උත්සාහය සාර්ථක වේවා කියා පතමි (දිල්)

:       0       0

සමීර් Saturday, 05 October 2013 09:39 PM

ඔබගේ පැතුම් ඉටු වේවා! (නදී)

:       0       0

සරත් අතාවුද Thursday, 10 October 2013 11:43 AM

පුතේ නුබ අපිට මිනි පහනක්. නුබගේ අධිශ්ටානය සපල වේවා. නුඹට තෙරුවන් සරණයි. (ත)

:       0       0

දුමින්ද ප්‍රියංකර Thursday, 10 October 2013 11:45 AM

ආදරණීය පුතේ ඔබට දෙවියන් විසින් ලබාදී ඇති නුවණින් ඔබගේ සියලු අදිෂ්ඨාන සර්තක කර ගැනීමට ඔබට සියලු ශක්තිය ලැබේවා පතමි.(දිල්)

:       0       0

ඉරෝෂ් Saturday, 05 October 2013 10:10 PM

මේ ළමයව සම්බන්ධ කරලා දෙනවා නම් උදවු කරන්න පුළුවන්.එසැනට පුලුවන් නම් අපිට විස්තර දෙන්න. (නි)

:       0       0

සෙන්තිල් Saturday, 05 October 2013 10:18 PM

මවුපියන් ගොළු සහ අන්ධ වුනාට,උගන්නන්න ටීචර්ට හොඳට කතා කරත හැකියි නේ (නි)

:       0       0

සෙන්තිල් Saturday, 05 October 2013 10:23 PM

මම මේ ළමයටයි ගුරුතුමීටයි දෙන්නාටම උදව් කරමි. (නි)

:       0       0

සම්පත් Saturday, 05 October 2013 10:23 PM

මේ පුවත දැක්ක ගමන් ලියන්නේ.ගොඩක් සන්තෝෂයි.මට පුළුවන් දෙයකින් උදව් කරන්නම්. (නි)

:       0       0

කින් බෙනට් Saturday, 05 October 2013 10:28 PM

නියම කොල්ලෙක්නේ.මෙන්න කොල්ලෝ. මම හිතන්නේ මේ පුතා ගෙදර දොරේ හොඳට සෙල්ලම් කරලා විබාගෙට ලියපු දරුවෙක් (නි)

:       0       0

කින් බෙනට් Saturday, 05 October 2013 10:35 PM

මේ දරුවාව උසස්පෙළ දක්වා ගේ ළඟ තියෙන පාසලකට අරින්න කියලයි මම නම් මේ දෙමවුපියන්ගෙන් ඉල්ලන්නේ .ඒක මේ දරුවට සතුටක්. මේ දරුවා මොන පාසලේ ඉගෙනගත්තත් සමත් වෙනවා. සමහර වෙලාවට ටවුමේ ලොකු ඉස්කෝලෙකට ගියොත් මේ දරුවාගේ අධ්‍යාපනේ විනාශ වෙන්න පුළුවන් (නි)

:       0       0

චන්දි Thursday, 10 October 2013 04:27 PM

''ඉන් ෂා අල්ලාහ් '' ( ඔබේ පැතුම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා) (නි)

:       0       0

ලලිත් අපොන්සු Saturday, 05 October 2013 10:40 PM

පුතා, ඔබට සුභ අනාගතයක්. (නි)

:       0       0

ධම්මික Sunday, 06 October 2013 12:33 PM

දුරකථන අංකය අපිට ලැබෙනවා නම් අපිට උදවු කරන පුළුවන්. (නි)

:       0       0

සම්පත් Saturday, 05 October 2013 10:47 PM

මේ දරුවා ඉන්ද්‍රකීලයක්.සදා ජය (නි)

:       0       0

බුද්ධි Thursday, 10 October 2013 04:46 PM

අමීර් මහතා ගේ කාරුණික බව අගය කරමි. මෙන්න නියම ඉස්ලාම් භක්තිකයෝ!!දරුවට යහපතක් ම වේවා.(දිල්)

:       0       0

ගනේගොඩ Sunday, 06 October 2013 01:00 PM

තිවංක බුද්ධික පුංචි පුතේ, ඔබගේ අනාගත අභිමතාර්ථයන් එලෙසම ඉටු කර ගැනීමට හැකි වේවා යනු අපගේ පැතුමය. .(නදී)

:       0       0

දර්ශන් Saturday, 05 October 2013 11:51 PM

පාසල මගින් මෙයාව සොයාගෙන හැකි උපකාරයක් කරමු. (නි)

:       0       0

තාරක Saturday, 05 October 2013 11:56 PM

ලලිත්,මම ඔබගේ කතාවට සම්පූර්ණ එකගයි. (නි)

:       0       0

පද්මිණි Thursday, 10 October 2013 04:57 PM

අමීර්, ඔබට මේ සත්කාර්යයට සහභාගි වීමට සිත යොමුවීම ගැන අපි ශ්‍රී ලාංකිකයෝ විදියට ගොඩක් සතුටු වෙමු. (නි)

:       0       0

බන්දුල Sunday, 06 October 2013 01:12 PM

කරුණාකරලා මට ගිණුම් අංකයක් ලබාදෙන්න මාසයකට අවැසි මුදල මම දෙන්නම්.(නදී)

:       0       0

සත්‍යපාල Sunday, 06 October 2013 01:17 AM

තිවංක රත්තරන් පුතේ, ඔබව මාතලේ නගරයේ පාසලකට පැමිණ ඉගෙන ගැනීමට ආසා නම් ඔබගේ කෑම බීම ආරක්ෂාකාරි ලෙස ඉඳුම් හිටුම් ඔබට ලබාදීමට මම සුදානම්. කාංචන කුමාර ආරියදාස හරහා ලංකාදීපය මගින් මට දැනුම් දෙන්න.මෙය ලෝකයට කීමට කරන දෙයක් නොවන බැවින් සහ මමත් 1975 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වී මසකට ලැබුන රුපියල් 35 න් ගෙදරට එළවලු හාල් අරන් ගිය අයෙකු බැවින් ඔහුගේ බලාපොරොත්තුව මටද දැනේ. (නි)

:       0       0

අශාන් Monday, 07 October 2013 07:33 AM

නෙතට කදුළු නැගුනු පුවතක්. පුතේ, ඔබටත්,පවුලේ සැමටත් දෙවු රැකවරණය,ආශීර්වාදය ලැබේවා! උදවු කරන්න ආසයි. (නි)

:       0       0

මෙර්ල් Sunday, 06 October 2013 01:22 AM

කරුණාකර මෙම දරුවට සළකන්න ලිපිනයක් පල කරන්න (නි)

:       0       0

චන්දි අලුත්වල Thursday, 10 October 2013 12:47 PM

අහිතක් නොසිතා මේ අය සම්බන්ද කර ගැනීමට හැකි දුරකතන අංකයක් සදහන් කරන්න.(දිල්)

:       0       0

සරදිඑල් Sunday, 06 October 2013 01:44 AM

බැරිද ගිණුමක් අරඹන්න? මාත් කැමතියි මාසෙට නියමිත ගණනක් පොතට දාන්න සහ නුවර එන්න කැමති නම් හොඳ ඉස්කෝලයක් අරන් දෙන්න. එහි ඇති නේවාසිකාගාරයේ නවතැන් පහසුකම්ද සලසා දෙන්න කැමැත්තෙමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 96 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 85 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 4155 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2588 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3242 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5934 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18871 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site