ගොළු බිහිරි මා පිය යුවළකගේ පුතකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 186 ලබා ගෙන ඉහළින් සමත් වී මේ සිද්ධියක් මාතලේ විල්ගමුව අධ්‍යාපන කළාපයේ නාමිණිඔය ගම්මානයෙන් වාර්තා විය.
නාමිණිඔය ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන තිවංක බුද්ධික සිසුවා මේ දස්කම දැක්වීය.
නො 2150, අක්කරකාල,නාමිණිඔය විල්ගමුවෙහි පදිංචි ජයන්ත රෝහණ අමරසිංහ (37) හා මව ශ්‍යාමලී වලිසුන්දර (34) ඔහුගේ මා පියෝයි.
ඔවුන් උපතින්ම ගොළු හා බිහිරිය.
තිවංක සිසුවා සිය අධ්‍යාපන කටයුතු බොහෝ දුෂ්කරතා මැද කැරගෙන ගිය අතර ස්ථිර රැකියාවක් නොමැති ඔහුගේ පියා කුලී වැඩ කරමින් දරුවාගේ අධ්‍යාපනය කටයුතු සාර්ථක කැර ගැනීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරයි
අවුරුදු හතරක් වයසැති තිවංකගේ නැගණියද හදවත් රෝගයකින් පෙළෙන්නිය.
තිවංකගේ දස්කම් පිළිබඳ පැවසු පන්තිභාර අනුෂා කුමාරි ගුරුතුමිය කීවේ කිසිදු උපකාරක පන්තියකට හෝ සහභාගී නොවී දැඩි ආර්ථික දුෂ්කරතාද මැද මේ දරුවා විශිෂ්ට ජයක් ලැබු බව හා පාසලටද විශාල කීර්තියක් අත් කර දුන් බවයි.හොදින් උගෙන වෛද්‍යවරයකු වීම තමාගේ එකම බලාපොරොත්තුව පුංචි තිවංක අප හා පැවසීය.
දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උදව් කිරීමට කැමැති පරිත්‍යාගශිලීන්හට දරුවාගේ පියා වන ජේ එල් එම් ඩී ජයන්ත රෝහණ අමරසිංහ මහතා නමින් විල්ගමුව මහජන බැංකුවේ 122 200 130037 322 ගිණුමට මුදල් බැර කළ හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි පුතේ ඔයාගේ දස්කම් දැකපු මේ මාමලා නැන්දලා. ඔයාගේ අනාගත සිහිනයට උදව් කරාවී. ඉදිරියටම යන්න මේ ලෝකය ජයගන්න මගේ පුතේ.(නදී)
මෙවෙනි උත්තම දරුවන්ට උපකාර කිරීමට සැරසුණු මතිදුන්ටත් මතිනියන්ටත් මගේ නමස්කාර පුරක ආචාර්ය පිළිගන්වමි. මෙවෙනි සම්පත් වල අතදී ඉහලට තැබීමට උත්සහ කිරීම උතුම් සත් ක්‍රියාවක්. අද සමාජය හුගක් අය කරන්නේ වැරදි ක්‍රම වලින් හම්බු කරන්න උත්සහ දැරීමත් තරුණ පරපුරට වෙරදී ආදර්ශ දීමත්ය. (දී)
අදරනීය පුතේ , මම කොලඹ සහිරා විදුහලේ ආදී ශිෂ්‍යෙයකි. ඔබට කැමතිනම් ඔබේ ඉගෙනීමට අවශ්‍ය සියලුම වියදම් සහ නවාතැන් පහසුකම්ද අපේ විදුහල වෙතින් ලබාදියහැක. ලංකාදීප හරහ මා අමතන්න. 0778887997.(නදී)
අපි කටාර් වල සේවය කරන ලංකාවේ අයගෙන් හදුනා ක්‍රිකට් කණ්ඩායමක්. අපි කැමති මේ පුතාගේ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන්න. කරුණාකරලා අපිට මේ පුතාවත් එයාව මේ තත්වෙට ගේනවා. එයාගේ පාසලෙත් විස්තර ලබා දෙන්න, තමන්ගෙ ළමයින්ව මරලා දාන අම්මලා ඉන්න රටක මේ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න පුතේ ඔය ගොඩක් පින් කරලා,,ජීවිතේ ඉදිරියට යන හැම අඩියක ගානෙම ඒ දෙන්නව ඔයාගේ හුස්ම වගේ ලඟින් තිය ගන්න, පුතාට බුදු සරණයි !!! (ස)
විල්ගමුවට ජයවේවා! (නි)
නෙතට කදුළු නැගුනු පුවතක්. පුතේ, ඔබටත්,පවුලේ සැමටත් දෙවු රැකවරණය,ආශීර්වාදය ලැබේවා! උදවු කරන්න ආසයි. (නි)
හැමෝම විස්තර අහනවා උදව් කරන්නට. (නි)
මෙම දරුවට උදව් කිරීමට තොරතුරු සපයන්න. ස ම. ජයතිලකේ 0552222580. (අ)
ලිපිනය දාන්ඩ.(නදී)
ගිණුම් අංකයක් තියනවා නම් මම උදව් කරන්නම් .(නදී)
කඳුළු වැටුනේ නොදැනුවත්වම. බොසත් ගුණැති දැරුවෙකු ලැබීමට පින් කලත් සතුට වචනෙට නගන්නට පින් නොකලත් සසර මෙලෙසි බුදුන් වදහල...ලංකාදීපයට වගේම නැණැති මාධ්‍යවේදියනි ඔබ කළ මෙහෙය අගේය.(නදී)
ඔබ වැනි දරුවන් රටේ දේශපාලකයන්ගේ දරුවන්ට ආදර්ශයක් ..... (දී)
රත්තරන් පුතේ,ඇස් දෙකට කඳුළු ආවා මේක කියවලා. පැටියෝ මමත් සෙරෙප්පු දෙකක්වත් නැතුව, පාරේ රස්නේ නිසා තණකොළ ගොඩෙන් පැන පැන පාසල් ගිහින් 1975 අවුරුද්දේ ශිෂ්‍යත්වේ පාස් වෙච්ච කෙනෙක්. ඔබ අද ලබන සතුට මට දැනෙනවා පුතේ. මම කිසිම දවසක ටියුෂන් පන්තියකට අඩිය තියල නැහැ. බුද්ධික පුතේ ඔයා සැබවින්ම බුද්ධිමත්. ඔබගේ අනාගතය වාසනාවන්ත කරගැනීමට ශක්තිය...ධයිර්යය ලැබේවා....!!!! හැකි උදාවක් ඔබගේ අද්‍යාපනය වෙනුවෙන් මම කරනවා. චන්දෙ තියෙන්න ඉස්සෙල්ලා ඔබගේ ප්‍රතිපල ආවානම් ඔබට ගොඩාක් දේවල් ලැබෙන්න තිබුනා......(නදී)
දිරියෙන් ජයගෙන ඉදිරියට යාමට ශක්තිය වාසනාව තව තවත් ලැබේවා. අපට ඔබට පුළුවන් උපකාරයක් කිරීමට ලිපිනයක් පලකරන්න.ඔබේ මුහුණ දුටුවිට ඔබේ ශක්තිය,වීර්ය අපට පේනවා පුතේ..(නදී)
කරුණාකරලා මට ගිණුම් අංකයක් ලබාදෙන්න මාසයකට අවැසි මුදල මම දෙන්නම්.(නදී)
තිවංක බුද්ධික පුංචි පුතේ, ඔබගේ අනාගත අභිමතාර්ථයන් එලෙසම ඉටු කර ගැනීමට හැකි වේවා යනු අපගේ පැතුමය. .(නදී)
දුරකථන අංකය අපිට ලැබෙනවා නම් අපිට උදවු කරන පුළුවන්. (නි)
මේ දරුවා හට උදවු කිරීමට ක්‍රමයක් සළසා දෙන්න .කරුණ කරලා ගිණුම් අංකයක් දාන්න. නියම දක්ෂයෙක්.පුතාගේ දස්කම් දැකලා අපි ගොඩක් සතුටු වෙනවා ගුරුතුමියට ප්‍රණාමය පුදකරමි.. (නදී)
ඔය මනාපය ගන්ඩ වියදම් කරන සල්ලි මේ වගේ ළමයින්ට බෙදා දෙන්ඩ මහතුනි. මේ පුතාට සදා ජය පතමි. (නදී)
ලග්ගල කොල්ලන්ගේ වැඩ. ජයවේවා මල්ලියා.(නදී)
නුබට සැමදා ජය සහ සතුට සහ සෞභාගය පතමි. දළදා සමිදු පිහිටයි. (නදී)
අමීර්..!! ඔබේ අදහස ගොඩක් හොදයි ..!!ඔබට මගේ ප්‍රණාමය ..!!! ඔබේ උත්සාහය සාර්ථක වේවා කියා පතමි (දිල්)
වාසනාවන්ත පුංචි පුතෙක් (නි)
වීඩියෝ එක නැවත නැවතත් බැලුවෙමි. පුතේ නුබ සමග දෙවියන්ගේ ආශීර්වාදය නිරන්තරයෙන්ම රැදෙනු ඇත. සුබම සුබ අනාගතයක්. ඔය මුහුණ හැමදාම හිනාවෙන්ම සරසේවා. හදවතින් නුබව තුරුළු කර ගතිමි, වාසනාවන්..ස්තුති ලංකාදීපය මේ වගේ වැදගත් දේ පලකරනවට. හරිම ලස්සන අදහස් වලින් ප්‍රතිචාර දාල තියෙන ඒ උණුවෙන මනුස්ෂ්‍ය හදවත් වලටත් දෙවි පිහිටයි.(නදී)
අනේ! ලිපිනය දෙන්න. උපකාර කිරීමට කැමතියි. මේ දීලා තිබෙන ගිණුමට මුදල් දානවා. පුතේ ඔයාට තිසරණ සරණයි! (නි)
ලංකාවට යනවිට සුදු රෙදි ටිකක් සහ සපත්තු යැවීමට මෙහෙ මගේ යහළුවන් ඉන්නවා (නි)
ඔව් රූපා අක්කේ.මට අවශ්‍ය මේ දරුවා සමග ටිකක් කතා කිරීමටයි (නි)
මෙතන සිටින කිසිවෙක් දුරකතන අංක ඉල්ලන්න එපා. ඒ දෙමාපියන්ට කතා කරන්න බැහැ.වෙන මිනිසුන්ට කතා කර අපි අසරණ වේවි.හොදම දේ අපි මේ දමා තිබෙන ගිණුම් අංකයට මුදල් බැර කළ විට ඒ හිමිකරුවන් ලබා ගනීවි. අනේ හැකි සෑම කෙනෙක්ම මේ අසරණයින්ට උදව් කරන්න.අපිට නිර්වාණයට තවත් පින් වුවමනා නැති වේවි.මෙයින් ලැබෙන පින හොදටම ප්‍රමාණවත් (නි)
පුතේ,නුඹ සැබෑ හපනෙක් (නි)
අමීර්, ඔබට මේ සත්කාර්යයට සහභාගි වීමට සිත යොමුවීම ගැන අපි ශ්‍රී ලාංකිකයෝ විදියට ගොඩක් සතුටු වෙමු. (නි)
අමීර් මහතා ගේ කාරුණික බව අගය කරමි. මෙන්න නියම ඉස්ලාම් භක්තිකයෝ!!දරුවට යහපතක් ම වේවා.(දිල්)
''ඉන් ෂා අල්ලාහ් '' ( ඔබේ පැතුම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා) (නි)
පුතාගේ දස්කම් දැකලා අපි ගොඩක් සතුටු වෙනවා. ලගදීම අපි ලංකාවට එනවා. ඔයාට තෑගි ගේන්නම්. මගේ අයිය ඉන්නේ මාතලේ. මෙහෙ ඉදල මුදල් එවන්ට නම් ටෙලිපොන් අංකයක් තියෙන්ට ඕනා. මොකද, රහස්‍ය අංකය කියන්ට ඕනා.. (නදී)
පුතේ ඔයා මේ තරම් සාර්තක උනෙත් ඔයාගේ උතුම් ප්‍රාර්ථනය නිසයි!!! අනාගතයේත් ඒ වගේම වේවි!!(දිල්)
අමීර් මගේ ඇස්වලින් පුංචිම පුංචි කදුලක් කඩා හැලුනා අල්ල්හාගේ අසිර්වාදය ලැබිල මේ පැටියාට සක්තියක් වෙන්න නුබට සක්තිය ලැබීවා. ඒ වගේම මට පුළුවන් ආයෝජනය අද මම කරනවා සියලු දෙනාට ස්තුතියි (ත)
අහිතක් නොසිතා මේ අය සම්බන්ද කර ගැනීමට හැකි දුරකතන අංකයක් සදහන් කරන්න.(දිල්)
ආදරණීය පුතේ ඔබට දෙවියන් විසින් ලබාදී ඇති නුවණින් ඔබගේ සියලු අදිෂ්ඨාන සර්තක කර ගැනීමට ඔබට සියලු ශක්තිය ලැබේවා පතමි.(දිල්)
පුතේ නුබ අපිට මිනි පහනක්. නුබගේ අධිශ්ටානය සපල වේවා. නුඹට තෙරුවන් සරණයි. (ත)
මේ ඉන්නේ සැබෑ දක්ෂයෝ මේ දරුවන්ට ජනප්‍රිය පාසල් වල ඉඩකඩ සියයට පනහක් තැබිය යුතු අතර නිදහස් අධ්‍යාපනයද රැක ගත යුතුයි ඔවුන් වෙනුවෙන් කල යුතු එකම දෙය එයවේ (දී)
ජාතියේ මිණිපහන වගේ දරුවෙක්.කවුරු හරි උදව් කරන්න,
සුපිරි පුතෙක්, ජය නියතෛයි
කරුණාකරලා ලිපිනය සහ ගමන් මාර්ගය ලියා දන්වන්න පොත්පත් ලබාදීම සදහා. අපි සතුටු වෙන්නේ ඔබ දෙමව්පියන්ට සලකන්නට උත්සහ කරන නිසා (දී)
ඔබගේ පැතුම් ඉටු වේවා! (නදී)
ලලිත්,මම ඔබගේ කතාවට සම්පූර්ණ එකගයි. (නි)
පාසල මගින් මෙයාව සොයාගෙන හැකි උපකාරයක් කරමු. (නි)
මේ දරුවා ඉන්ද්‍රකීලයක්.සදා ජය (නි)
පුතා, ඔබට සුභ අනාගතයක්. (නි)
මේ දරුවාව උසස්පෙළ දක්වා ගේ ළඟ තියෙන පාසලකට අරින්න කියලයි මම නම් මේ දෙමවුපියන්ගෙන් ඉල්ලන්නේ .ඒක මේ දරුවට සතුටක්. මේ දරුවා මොන පාසලේ ඉගෙනගත්තත් සමත් වෙනවා. සමහර වෙලාවට ටවුමේ ලොකු ඉස්කෝලෙකට ගියොත් මේ දරුවාගේ අධ්‍යාපනේ විනාශ වෙන්න පුළුවන් (නි)
නියම කොල්ලෙක්නේ.මෙන්න කොල්ලෝ. මම හිතන්නේ මේ පුතා ගෙදර දොරේ හොඳට සෙල්ලම් කරලා විබාගෙට ලියපු දරුවෙක් (නි)
මේ පුවත දැක්ක ගමන් ලියන්නේ.ගොඩක් සන්තෝෂයි.මට පුළුවන් දෙයකින් උදව් කරන්නම්. (නි)
මම මේ ළමයටයි ගුරුතුමීටයි දෙන්නාටම උදව් කරමි. (නි)
මවුපියන් ගොළු සහ අන්ධ වුනාට,උගන්නන්න ටීචර්ට හොඳට කතා කරත හැකියි නේ (නි)
මේ ළමයව සම්බන්ධ කරලා දෙනවා නම් උදවු කරන්න පුළුවන්.එසැනට පුලුවන් නම් අපිට විස්තර දෙන්න. (නි)
තිවංක රත්තරන් පුතේ, ඔබව මාතලේ නගරයේ පාසලකට පැමිණ ඉගෙන ගැනීමට ආසා නම් ඔබගේ කෑම බීම ආරක්ෂාකාරි ලෙස ඉඳුම් හිටුම් ඔබට ලබාදීමට මම සුදානම්. කාංචන කුමාර ආරියදාස හරහා ලංකාදීපය මගින් මට දැනුම් දෙන්න.මෙය ලෝකයට කීමට කරන දෙයක් නොවන බැවින් සහ මමත් 1975 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වී මසකට ලැබුන රුපියල් 35 න් ගෙදරට එළවලු හාල් අරන් ගිය අයෙකු බැවින් ඔහුගේ බලාපොරොත්තුව මටද දැනේ. (නි)
සුබ පැතුම්! (නදී)
රටක් වටින රටට වටින දරැවො(නදී)
මේ අහිංසක දරුවාට ජයෙන් ජයම වේවා නුඹ වැනි දරුවන් අපේරටට ආඩම්බරයක් ගෞරවයක් (නදී)
පුංචි පුතේ, ඔබේ සියලු පැතුම් සඵල වේවා කියා පතන්නම්, අවංක සිතින්.(නදී)
මට මේ දරුවාගේ ගුරුතුමියගේ දුරකතන අංකය දුනොත් මේ දරුවට උදව්වක් කරන්ඩ පුළුවන් (නදී)
හදපත්ලෙන්ම සුබපතනවා පුංචි පුතේ. (නදී)
ජය සිරිමා බෝ රජුන්ගේ ආහිර්වාදය ඔබට ලැබේවා! (නදී)
මේවගේ උපතින්ම දක්ෂ දරුවන්ට සමහර රටවල කියන්නේ ගිෆ්ටඩ් චිල්ඩ්රන් කියල. එකේ තේරුම දෙවියන් විසින් ඔවුනට එම හැකියාව දායාද කර මෙලොවට බිහිකරන ලද බවට ඔවුන් අදහන ආගම් වලට අනුව විස්වාස කරන නිසා. එයට යන්න ගිෆ්ටඩ් ස්කූල් කියල වෙනම පාසල් පවා දාලා තියෙනවා එයාලගේ හැකියාවන් ඔප් නන්වන්න. නමුත් මේ දරුවට යන්න තියෙන ජාතික පාසල් අහල පහලකවත් තියෙනවද. එව්වට ගියත් එව්වට පන්දම් වලින් අරන් තියෙන රස්තියාදු කාරයින්ගේ ළමයි එක්ක අධ්‍යාපනය හරිහැටි කරගන්න ලැබෙයිද? කොහොම උනත් එම දරුවට සුභ පතන්නෙමි . කලක් මෙම දුෂ්කර ප්‍රදේශයේ රජයේ සේවකයෙකු ලෙස (1988 පමණ)සේවය කල බැවින් මෙම ජයග්‍රහණයේ අගය හොඳින් දනිමි. එම ගුරුතුමියටද ඇයගේ කැපවීම වෙනුවෙන් ප්‍රණාමය ප්‍රණාමය පුදකරමි. (නදී)
උණුසුම් සුඵ පැතුම් චුටි මල්ලියේ... ඔබගේ හෙට දින දීප්තිමත්ව බැබලීමට හද පත්ලෙන්ම ප්‍රර්ථනා කරමි!!!(නදී)
මේ මල්ලිට උදව් කරන්න පුළුවන් විදිහක් තියනවා නම් අපට කියන්න (නි)
හදපත්ලෙන්ම සුබපතනවා පුංචි පුතේ, මමත් මෙම දුෂ්කර ප්‍රදේශයේ බැවින් මෙම ජයග්‍රහණයේ අගය හොඳින් දනිමි. ගුරුතුමියට ප්‍රණාමය පුදකරමි. නුබයි ලංකාවෙන්ම නියම පළමුවෙනියා. නුබ නියම දක්ෂයෙක්, අවංක වන්න, එඩිතර වන්න, නුබට සැමදැ ජය සහ සතුට සහ සෞභාගය පතමි. (නදී)
හොදින් ඉගෙන ගෙන දෙමව්පියන්ද රැක බලාගන්නට වාසනාව හා දහිරිය ලැබේවා! . (නදී)
පුතා ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. (නදී)
උනුසුම් සුභ පැතුම් මල්ලියේ. ඔබ විශිෂ්ඨයි. නියම දක්ෂයා ඔබයි. පුංචි ඔයාගේ පැතුම් ඒ ආකාරයටම සපල වේවා! සියළු දෙවියන්ගේ පිහිට ලැබේවා!(නදී)
පුතා ඔබ ලැබුව ජයග්‍රහනයෙන් අද අපව සතුටු කලාක් මෙන් මතුද අපේ මුළු රටමත් ලෝකයත් සතුටු කිරීමට කිරීමට ඔබට භාග්‍ය ලැබේවා. තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබ රැක දේවා.(නදී)
ජය සිරිමා බෝ රජුන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා! මල්ලි, ඔයා තමා මේ පාර ලංකාවේ පළවෙනියා.ඔයාට උදව් කරන්න පුළුවන් විදිහක් තියනවා නම් අපට කියන්න. (නි)
ඔබගේ සිතුම් පැතුම් ඉටුවේවා! (නි)
මට මේකේ තියෙන රුප රාමු දැක්කහම මොකුත් ලියන්නේ නැතිව ඉන්න බැරි උනා. මම මුලින්ම ලංකාදීපයට සහ දෙවනුව පාසැලට සහ ඔහුගේ ගුරුතුමියටත් ස්තුති කරමි. මංද මොනතරම් දුෂ්කරතා මද ලබපූ ජයක්ද මේක? පුතේ මට නම් නුබයි ලංකාවෙන්ම පළමුවෙනියා. නුබ නියම දක්ෂයෙක්. නුබට දෙවියන්ගේ ආශීර්වාදය නිතරම ලැබෙනවා. එම ශක්තියෙන් නියම ප්‍රයෝජන ඉදිරියටත් ගනී කියල මම හිතනවා. පුතේ නුබ අදහන ආගම ධර්මය හොදින් පිළිපදින්න. අවංක වන්න, එඩිතර වන්න, නුඹට කවදාවත් වරදින්නේ නැහැ. නුබ අපට වීරයෙක්, නුබට සැමදැ ජය සහ සතුට සහ සෞභාගය පතමි. දළදා සමිදු පිහිටයි.(නදී)
කාටහරි මේ පාසලේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න හැකිද? (නි)
මෙන්න අපේ එසැන මිතුරු මිතුරියන්ට උදව්වක් කරනවානම් හොද අවස්ථාවක්! පුතේ නුබේ සියලු යහපත් අදිශ්ටන ජය ගැනීමට හැකිවේවා!(නදී
මේ දරුවා,අසනීපයෙන් පෙලෙන නංගි ඇතුළු මවූපිය දෙපලට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ හා දළදා හාමුදුරුවන්ගේ නිති රැකවරණය ලැබේවා!!!. එසැණ පුවත් /කාංචන, මේ බුද්ධිමත් දරුවට උදවු කරන්න කරුණාකර අදාළ තොරතුරු අපට ලබා දෙන්න. දැන් බුද්ධිමත් දරුවන් ගමෙන් බිහිවන ප්‍රවනතාවයක් ඇතිවෙලා. කොළඹ අම්මණ්ඩිලා නම් දැන් දරුවන්ව රියල් ස්ටාර්ලා, කරන්න දගලනවනේ. සා.පෙ./ උ.පෙ. ප්‍රතිඵල වලිනුත් දැන් ඉදිරියට එන්නේ කැකිරි කන ගමේ ළමයි. (නි)
මේ දරුවා හට උදවු කිරීමට ක්‍රමයක් සළසා දෙන්න (නි)
කරුණාකර මේ දරුවාගේ හෝ ගුරුතුමියගේ දුරකථන අංක ලබාදෙන්න. අපට හැකි ආකාරයට උපකාර කරන්නම් (නි)
දිරිය මවට,අදරැති තාත්තාට නුවණැති පුතුට, අසනීප නගාට තෙරුවන් සරණයි. සියලු සිතුම් ඉටුවේවා! (නි)
දිරිය මවට, නුවණැති පුතුට, අසනීප නගාට තෙරුවන් සරණයි. සියලු සිතුම් ඉටුවේවා! (නි)
මේ දරුවා ඇත්තටම දක්ෂයෙක්.අඩු පහසුකම් මැද, ටියුෂන් නොයා ,තමන්ගේම උත්සාහයෙන් ලකුණු අරගෙන. දෙමාපියන්ගෙන් අකුරක්වත් අහගන්න විදිහක් නැති වුනත් ලකුණු 186 අරන්. ගොඩක් පොහොසත් පවුල්වල,ගොඩක් වියදම් කරලා, ටියුෂන් දීලා, දෙමවුපියොත් කියලා දීලා,කරගන්න බැරි ළමයි කොච්චර ඉන්නවද? (නි)
පෙනෙනවද කාබාසිනියා වුන පන්ති කාමරය?"කොළඹට කිරි අපිට කැකිරි" කවුරුහරි අතේ වැඩිපුර සල්ලි ටිකක් තියන කෙනෙක් මේ දරුවට වගේම මේ ගුරුතුමියටත් පාසලටත් යමක් කරන්න. (නි)
බැරිද ගිණුමක් අරඹන්න? මාත් කැමතියි මාසෙට නියමිත ගණනක් පොතට දාන්න සහ නුවර එන්න කැමති නම් හොඳ ඉස්කෝලයක් අරන් දෙන්න. එහි ඇති නේවාසිකාගාරයේ නවතැන් පහසුකම්ද සලසා දෙන්න කැමැත්තෙමි. (නි)
කරුණාකර මෙම දරුවට සළකන්න ලිපිනයක් පල කරන්න (නි)