IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විලච්චිය බලු කොටුව එපා

අනුරාධපුර විලච්චිය පාරේ පුසියන්කුලම නෙල්ලිකුලමේ බලුකොටුව ගමෙන් ඉවත් කරන්නැයි අනුරාධපුරයේ අමරධම්ම හිමියෝ අද උපවාසයක් ඇරැඹුහ.

දැයට කිරුළට පසුවඇරැඹු මේ බලු කොටුව අයාලේ යන බල්ලන්ගේ නවාතැන් පොළයි.

බල්ලෝ තුන්සීයක් පමණ එහි සිටිති .

බල්ලන්ගේ අපද්‍රව්‍ය අසල වැවට සේදී යන බවත් බලු මැක්කන් ගමේ බෝ වී ඇති බවත් බල්ලන්ගේ  බිරීම නිසා ගමේ මිනිසුන්ට රෑට නින්දක් නැති බවත් කියති.

අනුරාධපුර නගරාධිපති එච් පී සෝමදාස මහතා පවසනුයේ බලු කොටුව නඩත්තු කිරීම නගර සභාවට පැවැරී ඇති බවයි.

එහි රැගෙන එන බල්ලන් වඳ භාවයට පත් කර ජලභීතිකා එන්නතද විද යළි මුදා හරින බව ඔහු කියයි.

 

 

 

 

 

 



අදහස් (0)

විලච්චිය බලු කොටුව එපා

බමුණු Monday, 10 February 2014 01:49 PM

'' සුනඛ අයිතිවාසිකම්'' උල්ලංගණය වෙන්නේ නැද්ද" අයිති වාසිකම තිබෙනවා ඒත් පැටව් ලැබෙන්නේ නැති එකයි හොඳේ.(නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Monday, 10 February 2014 02:59 PM

අහිංසක සත්තු අයාලේ ගිහින් ජභිතික රෝග හදාගෙන ඒ පළාතේ මනුස්සයන්ට හපකලා මිනිසුන්ට ලෙඩ බෝකරනවට වඩා මේ විදිහට ඒ සතුන්ට ඉන්න ස්ථානයක් වෙන්කරපු එක. නමුත් එක පරිසරයට හානියක් නොවෙන , මිනිසුන්ට කරදරයක් නොවෙන ස්ථානයක් තොරාගත්තනම් නගර සබාව මේ කරන දේ අපි අගේ කරනවා. (දිල්)

:       0       0

උපුල් Monday, 10 February 2014 03:14 PM

ඇයි නගරේ කරදර ගමට ?. බලු සංගම් විදේශ ආධාර වලින් බල්ලෝ බලාගත යුතුයි.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 09 February 2014 08:36 PM

පුවක් ගහෙත් දෙබලක්, කිවලු ඔහොම යන්,..... අප ද්‍රව්‍ය වැවට යාමත්, මැක්කෝ බෝවීමත් ගැන බලධාරීන් කටයුතු කලයුතුය , (අ)

:       0       0

විජේරත්න Sunday, 09 February 2014 08:52 PM

මරන්ඩද කියන්නේ (අ)

:       0       0

චම්පා Sunday, 09 February 2014 08:52 PM

මේ අහිංසක සතුන්ටත් ගම්වැසියන්ටත් යහපත් විසදුමක් ලබාදීම බලධාරින්ගේ වගකීමක්.(අ)

:       0       0

ආස්ඩ් Sunday, 09 February 2014 08:59 PM

මේගොල්ලෝ කලින් දේශපාලනය කරපු අය බල්ලෝ වුනාට (අ)

:       0       0

ජපනා Sunday, 09 February 2014 09:05 PM

බල්ලො තුන්සියකගෙ මැක්කො මහ ගානක් ඇති කියලා නම් මම හිතන්නේ නැහැ. මැක්කොන්ට වඩා බයානක සත්තු ති වැවේ. නමුත් බල්ලෝ බුරන්න ගියාම නම් එපා වෙනවා. (අ)

:       0       0

ප්‍රියන්ත Sunday, 09 February 2014 09:06 PM

මහ පොළොව අයිති මිනිසුනට පමණක් නොවෙයි. ඒ අහිංසක සතුනුත් ජීවත් වෙන්න ඕනෑ නේද? දැනට තිබෙන ගැටලු සතුන්ට ද හානියක් නොවෙන පරිදි සාකච්ඡා මගින් විසඳා ගැනීමයි හොඳම දේ. (අ)

:       0       0

සුනෙත් Monday, 10 February 2014 04:41 PM

මෙතන තියෙන්නේ ආගමික ප්‍රශ්නයක් නොවෙයි පාරිසරික ප්‍රශ්නයක් (දී)

:       0       0

සුරේෂ් Tuesday, 11 February 2014 09:01 PM

මේක පටන් ගන්න හිතුන කෙනාට ගෞරව කරනවා.දුක් විඳින මේ වගේ සතෙක් දැක්කමත් ආදරයක් අනුකම්පාවක් දැනෙන නැත්නම් ඒ මිනිස් හිතෙන් වැඩක් නැහැ. (අ)

:       0       0

නිශාන්ත Sunday, 09 February 2014 11:08 PM

ඇයි මේ කාටවත් ඒ මිනිස්සු විඳින දුක නොතේරෙන්නේ .බල්ලොත් ඔනේ කොල්ලොත් ඔනේ එක තේරුම් ගනන් නිලධාරින් මෙවා පටන් ගාන් ඔනේ මිනිස්සු වැඩිය නොගැවසෙන .සතුන්ට හිතකර ඒවගෙම කිසි කෙනෙකුට කරදරයක් නොවෙන විදිහටයි සල්ලි තිබ්බ පලියට ගෙයක් හදලා බල්ලො රැක්කට වැඩක් නෑ . .අන්තිමට් බල්ලොයි කොල්ලොයි දෙගොල්ලම අමාරුවේ (අ)

:       0       0

ප්‍රදීප් Monday, 10 February 2014 12:12 AM

මේ මිනිස්සු දවල්ට ගිනි අවුවේ වැඩකරලා, රෑට නිදාගන්නත් නැතුව දුක් විඳිනවා.නමුත් බල්ලන්ටත් පිහිටක් තිබිය යුතුනිසා , සතවලෝලින්ගේ සංගමයකට මේ වෙලාවේ උදවු කරන්න පුළුවන්. සමහර සත්ව සංගම් මිනිසුන්ට ආදරේ නැති වුනත් සතුන්ට කරුනාවයි. (අ)

:       0       0

බණ්ඩා Monday, 10 February 2014 12:26 AM

බල්ලෝ ඔක්කොම චීනෙට දෙන්න ...බලු මසේ රස දන්නේ චීන්නු ...(අ)

:       0       0

බිනර Monday, 10 February 2014 05:34 PM

මේ කරලා තියෙන වැඩ කොයිතරම් හොද වැඩක්ද ගමේම ඉන්න බල්ලෝ ටික එක තැනක (දී)

:       0       0

චින්තක Monday, 10 February 2014 05:34 PM

හොද වෙලාවට ලංකාවේ බල්ලෝ මරාගෙන කන්නේ නැහැ (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 10 February 2014 05:34 PM

මොකද කියන්නේ යවමුද කොරියාවට හරි චීනෙට හරි නැත්නම් විඅට්නාමේත් හොඳ ඉල්ලුමක් තියෙනවා බල්ලන්ට (දී)

:       0       0

සමාදී Monday, 10 February 2014 02:20 AM

ඒ කියන්නේ බල්ලකුට වත් ලංකාවේ නිදහසේ ජීවත් වෙන්න නෑ කියන එකද ? (අ) .

:       0       0

වරුනි ස්වීඩනය Monday, 10 February 2014 02:32 AM

මේ වගේ ආයතනයක් ලංකාවේ තියනවා කියලා මම දැන ගත්තේ මේ පුවතින් . මේ ගැන අපි සතුටු වෙන්න ඕනි . ඒ වගේම මේ වගේ තැන වලට අදාර කරන්නත් ඔවුන් දිරි ගන්වන්න කටයුතු කරන්න වටිනවා . (අ)

:       0       0

සොයිසා Monday, 10 February 2014 02:35 AM

අයාලේ යනවට වඩා හොදයි ඔහෝම ඉන්න එක. (අ)

:       0       0

සුරාජ් Monday, 10 February 2014 02:39 AM

මේ ආයතනයට ආදාර කරන්න මම කැමතියි ! (අ)

:       0       0

ජාගුරු Monday, 10 February 2014 03:27 AM

මීට වඩා ප්‍රශ්න රටේ තියනවා. නගරසභාව ලඟට ගියා නම් නේද හොඳ? පවු. (අ)

:       0       0

බන්දු Monday, 10 February 2014 04:22 AM

අපේ රෙටේ තරම් බල්ලෝ නැතිව ඇති කොහෙවත් (අ)

:       0       0

මල්කා Tuesday, 11 February 2014 11:43 AM

මහා පාරේ තැන තැන ,අපිරිසිදු කරමින් , ලෙඩ රෝග හැදිලා ,ඉන්දෑද්දී මේ කැගහන අයට ප්‍රශ්න මොකුත් තිබුනේ නැද්ද දන්නේ නැහැ මේ සත්තුන්ගෙන්,,,,දැන් මේ සත්තුන්ගෙන් වෙන හානිය අවම වෙලා තියෙන්නේ මේ මහඟු සත්කාරය කරපු උතුම් මිනිසුන් නිසා,,, හාමුදුරුවෝ උපවාස කරලා මේවා නතර කරන්න නෙවෙයි ,උතසාහ කලයුතු,, මේ මිනිසුන්ව තවත් දිරිමත් කරලා,, ඉදිරියේදී මේ සතුන් බෝවීම වැළකෙන එක ගැන හිතල සතුටු වෙන්නයි,,,, (දී)

:       0       0

අතුල සම්පත් Monday, 10 February 2014 06:11 AM

බල්ලෝ මරමු. උන් බුදු ගේ වැටෙත් චු කරනවා, දන් ගෙටත් රිංගනවා. රැකට වත් හාමුදුරුවන්ට එලියට යන්න බෑ බුරනවා.(නදී)

:       0       0

රොකී Monday, 10 February 2014 06:45 AM

ඔවුන් ඔක්කොටොම ඡන්ද බලය ලබා දෙන්න. එතකොට දේශපාලන කාරයෝ ඔවුන්ට බොහොම හොඳට සලකාවි. අනේ මේ, පිස්සු නැතුව ඉස්සර වගේ මේ දඩාවතේ යන බල්ලන් මරලා දාන්න. සමහර පින්වතුන් මයිත්‍රීය අනුකම්පාව දක්වන්නේ සත්තුන්ට විතරයි. මිනිසුන් ගැන කිසිම කරුණාවක් තියන බවක් නම් පෙනෙන්න නැහැ.(නදී)

:       0       0

සජිත් Monday, 10 February 2014 07:42 AM

හාමුදුරුවනේ කරුණාව මෛත්‍රිය ගැන හිතමු නේද? (නදී)

:       0       0

ප්‍රියා Monday, 10 February 2014 07:56 AM

හොද දෙයක් කරන කොට කාටත් දරා ගන්න අමාරුයි අසරණ සතෙකුට පිහිට විම උපවාසයක් කරන්න තරම් දෙයක් තොවෙයි (දී)

:       0       0

දුශානි Monday, 10 February 2014 08:07 AM

ඒ අහිංසක සත්තුන්ට පාරේ ඉන්නත් නැහැ මෙහෙම තැනක ඉන්නත් නැහැ (දී)

:       0       0

සේනක Monday, 10 February 2014 08:14 AM

සත්තු රැකබලා ගන්නවා කියන්නේ මහත් පිනක් (දී)

:       0       0

රොහාන් Monday, 10 February 2014 08:27 AM

බල්ලොත් එක්ක බෑ අප්පා (දී)

:       0       0

මිලාන් ප්‍රනාන්දු Monday, 10 February 2014 09:05 AM

අසරණ බල්ලටවත් ජිවත් වෙන නිදහසක් නෑ (දිල්)

:       0       0

පෙරේරා Monday, 10 February 2014 09:41 AM

එතකොට සත්ව කරුණාව නැද්ද? (දිල්)

:       0       0

දිසානායක Monday, 10 February 2014 09:42 AM

අයාලේ පාරේ යනවට වැඩ මේ සත්තු මෙහෙම ඉන්න එක කොච්චර දෙයක්ද.(දිල්)

:       0       0

මීරා Monday, 10 February 2014 10:45 AM

මමත් ළඟදීම මෙම ආයතනයට උදව් කරනවා.(දිල්)

:       0       0

සෑම් Monday, 10 February 2014 12:04 PM

බුදුන්ගේ ධර්මය අනුව කටයුතු කරන හාමුදුරු කෙනෙක්නම් මේ බල්ලන්ව සුවපත් කරන්න කියලා උපවාස කරනවා මිසක් උන්ව එලවන්න උපවාස කරන්නේ නැහැ.(දී)

:       0       0

විජේසිංහ Monday, 10 February 2014 12:12 PM

බල්ලන්ට වඳ බෙහෙත් ? එතකොට '' සුනඛ අයිතිවාසිකම්'' උල්ලංගණය වෙන්නේ නැද්ද ?(දිල්)

:       0       0

සුගත් ගුණවර්ධන Monday, 10 February 2014 12:41 PM

අයාලයේ යන සුනකයන්ව අල්ලලා මේවගේ තැනක් හදල තියන එක කොපමණ හොදද,හාමුදුරු කෙනෙක් විදිහට මෙතන තවත් දියුණු කරන්න බල කිරීමක් නගර සබාවට කලානම් කොපමණ හොදද, (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3975 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 79 0


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 282 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 347 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 25 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 152 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14679 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site