බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ වන ජීවී චිත්‍රපටයක් තිර ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි පෝල් විලියම්, මවගෙන් වෙන් වුණු ලේන් පැටියකු දුටුවේය. අසනීප ගතියෙන් සිටි ලේන් පැටියාට සාත්තු කළ ඔහු ‘රොබ්‘ යනුවෙන් නමක් ද තැබීය. මාසයක්ම ලේන් පැටියාට සාත්තු සප්පායම් කළේය.
ලේනාගේ මව ලේනා සොයා එතියි ලේන් පැටියා ගස් බෙනයක තැබුව ද මව නොපැමිණියා ය.
දැන් ලේනා ඔහුගේ කමිස සාක්කුවේ සිටී. ලැප්ටොප් පරිගණකයේ සිටී. ඔහුගේ කෝප්පය ඇතුළට ද යයි.
පෝල් ලංකාවට පැමිණියේ විල්පත්තු දිවියන් හා පුරා විද්‍යා නටබුන් ගැන වාර්තා චිත්‍රපටයක් සැකසීම සඳහාය.
තමා කොතරම් ලේන් පැටියාට ආදරය කළත් තම රටට ලේන් පැටියා රැගෙන යා නොහැකි බව පෝල් කියයි.
අනෙක් අතට ලේනුන් හොද සුරතළුන් නොවන බව ද ඔහු කියයි.
(ඡායාරූප බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ සාජා නුවර.මම දැන් මෙහෙ වසර 8ක් සේවය කරනවා.මට මෙහෙදී පොඩි බලු පැටවෙක් හමුවුණා,වසර 2 ට විතර උඩදී.මම එයාට ටොමි කියලා නම දාලා තියෙන්නේ.හරිම කීකරුයි.මට මෙයාව ලංකාවට යනකොට ගෙනියන්න පුලුවන්ද? ඒ කොහොමද?එසැණ බලන කවුරුහරි සහෝදරයෙක් ,සහෝදරියක් කියලා දෙන්න.මොකුත් බෙහෙත් විදලා නැහැ.මට දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ (නි)
මගේ ගෙදරත් නිදහසේ ගතකරන ලේනුන් පනහකට වැඩිය ඉන්නවා. මගේ පළමු රාජකාරිය තමා උදෙන්ම ඒ අයට කෑම දෙන එක. නමුත් එක පුසේකුටවත් වත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. පුසෝ ගැන බලාගන්න හොඳ බල්ලෙකුත් ගෙදර ඉන්න නිසා ප්‍රස්නයක් නැහැ..(නදී)
සංසාරේ දුකකි.හමුවීම් වෙන්වීම් සියල්ල දුකකි. අනිත්‍යයයි.පින් විතරක් රැගෙන යන්න පුළුවන් (නි)
ජනක, ඔබගේ අදහසට මම සතුටු වෙමි. (නි)
සුද්දත් නිකන් ලේන් පැටියා වගේ.ඔයාට ගොඩක් පින් අනේ! (නි)
ඇත්ටටම එපින්වන්ත විදේශික මහතාට සුරතල් සතෙක් වෙනුවට කවුරුත් නැති අසරනයෙකුටත් ඒ වරම අත්වන්න කියල අපි ප්‍රත්ටන කරමු (අ)
හරි හුරතල් ....(අ).
ලේනාගේ පිට වුඩ ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ................. පුංචි කාලේ කිව කවියක මෙහෙම තිබුන ඉතිරි හරිය මතක නැ.(අ)
අපේ ගෙදරත් හිටිය ලස්සන ලෙන් පැටියෙක් ඌව් පුසා කෑව (අ)
චන්දි, [අංක 3] ඔයා ලේනුන්ට ඔච්චර ආසද? මම එකෙක් හොයලා දෙන්නම්. (නදී)
පිටබැද්දර ජයා මොනවද මේ කියන්නේ? (නි)
මෙයාට ගොඩක් පළතුරු කවලා වගෙයි. ඒකයි ඔය ඔලුව ලොකු (නි)
පව් ලේන් අම්මට කොච්චර දුක ඇද්ද?මොනවා කරන්නද? කාලයක් ගියාම එයාට එයාගේ පරිසරය පුරුදු වෙයි ..... චන්ද්‍ර වීරසිංහ ... ඔය එක ලේන් පැටියයි .... ලංකාවේ ඔය විදියට අසරණ දෙමාපියන් නැති දරුපැටව් කි දාහක් අනාථ නිවාසවල ඉන්නවද?...ඒ දරුවන්ට පිහිටවෙන්න කියලා ඉල්ලුවානම්..... ඔයත් සත්ව කරුණාව ඇති හොද මහත්මයෙක් කියලා තවත් හොදට පෙනේවි ....(දිල්)
අනේ මෙයාව මට දෙන්නකෝ මන් මේ වගේ සත්තුන්ට පොඩිකාලේ ඉඳලම පිහිට වෙලා තියෙනවා, (දිල්)
ලස්සන ලේනේක්නේ..(දිල්)
එංගලන්තේ මිනිස්සු ලේන මස් කනවා. එනිසා ගෙනියන්න බෑ (දිල්)
නිල්මිණි, ඔබ හරි (නි)
රාජින්ද, ලංකාදීපයට මම කැමති මේ හේතුව නිසයි. විවිධත්වයෙන් පුවත් පල කිරීම අගය කරමි. (නි)
මගෙත් ආසම සතෙක් තමයි ලේනා. (ස)
මනෝජ්, ඔයාට බල්ලා ලංකාවට ගෙනියන්න පුළුවනි. ඒ ගැන නීතිමය විස්තර ගුවන් සමාගමට කතා කරලා දැනගන්න.ශ්‍රී ලන්කන් එකෙන් අහන්න.ගෙවිය යුතු ගාස්තු ගැන.(නදී)
මනෝජ්, ඔයාට ටොමී ලංකාවට අරගෙන යන්න පුළුවනි. ඔයාගේ පළාතේ ඉන්න වෙට්නේරි දොස්තර හමුවෙලා උපදෙස් ගන්න. පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට කතා කරන්න. (ස)
අනේ එපා සුජීව ..,දැන් මට ලේන්නු හුරතල් කරන්න කාල වෙලාව නැහැ. ලොකු රාජකාරියක් තියෙනවා ඉටු කර ගන්න., (ස්තුතියි ඇහුවට)(නදී)
අපිත් කොච්චර ලේනුන්ව බේරාගෙන නිදහස් කරලා තියනවද? (ස)
මම හිතන්නේ නම් සතුන්ට උන්ගේ පාඩුවේ ඉන්න ඉඩ ලබා දීම විතර පිනක් වෙන නැහැ කියලයි. (නි)
පත්මිණි,චුල -කුවේට්,බොහොම ස්තුතියි මාව දැනුවත් කළාට (නි).
මේ සතාට ආහාර බිඳක් දන් දීලා නිර්ලෝභීව සතුටු වනවා මිස සතුන්ව බලහත්කාරයෙන් කූඩුකර හැඳීම සතුන්ට සිදු කරන හිංසාවක් ලෙස හැදින්විය හැකිය. (නි)
චමත් අපේ දිහා ඉන්නවා දඩු ලේනෙක් ඔයාට එවන්නද?මට ඔයාගේ ලිපිනය දෙන්නකෝ. මං ගෙදරටම ගෙනල්ල දෙන්නම්. (ස)
මනෝජ්,ඔයාට බල්ලව ගෙනියන්න පුළුවන්.එක ගුවන් බලපත්‍රයකට එක බල්ලෙක් ගෙනියන්න පුළුවන්. ඔයාට කිලෝ 35 ක් දෙනවා නම් බල්ලාගේ බර කිලෝ 20 ක් නම් ඉතිරි කිලෝ 15 බඩු ගෙනියන්න පුළුවන්. කුඩුවක දාන්නත් ඕනෑ. එන්නත් විදලා තියෙන්නත් ඕනෑ. ඔයා ඉන්න රටෙන් බල්ලව පිටගෙනියන්න තහනමක් නැද්ද කියලා බලන්නත් ඕනෑ. ඒ ඔක්කොම කරගෙන ගුවන් සමාගමේ කෙනෙකුගෙන් ඉතිරි විස්තර දැන ගන්න. කොහොමටත් ඔයාට බල්ලාව ගෙනියන්න පුළුවන්. ඔයාගේ වෑයම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.... (නි)
චන්ඩි, ඔයාට ලේනෙක් ලැබුනොත් මොකද කරන්නේ? (නි)
මස් කන්නේ නැති සුද්දෝ කොච්චර ඉන්නවද (නදී)
මස් කන්නේ නැති සුද්දෝ කොයි තරම් ඉන්නවද , (නදී)
ඔය ලේනෙක් නෙවේ මීයෙක් (නදී)
කරුණාකර වනයට මුදා හරින්න. එය මහගු පිනක් වනු ඇත (නි)
සුද්දෝ හුඟාක් කැමති පුසොන්ට ! (ස)
ලොකු පිනක් මහත්තයෝ (නි)
මගෙත් ආසම සතෙක් තමයි ලේනා. (නි)
සුපිරි නළුවෙක් වුණත් කැළය තරම් වටිනා රජදහනක් සතෙකුට කොයින්ද? (නි)
සංසර බැදීමක් වෙන්න ඇති, එහෙත් මේ භවයේදීත් වැඩිකලක් ළග ඉන්න පින නැතුවා ඇති!!!! (නි)
මේ මහත්මයාට ලේන් පැටියා සමග රට යාමට අවසර දෙමු (නි)
තිරිසනුන්ට වුණත් ආදරය තේරෙනවා (නි)
පානාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාදියාමි (නි)
සතෙකුට ආදරය කරන්න සංවේදී හදවතක් තිබෙන්න ඕනෑ (නි)
විදේශයක සිට ලියමි . කරුණාකර බෞද්ධ පින්වතෙක් හෝ පින්වතියක් මෙම ලේන් පැටියාට සරණ වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. (ස)
ලස්සනයි, අනේ මගේ ගෙදර හිටිපු ලේන් පැටියව මටත් මතක් වෙනවා.සත්තු මිනිස්සු වගේ නෙවෙයි.එයාලගෙ ජීවිතේට කවුරු ආවත් ඒ ආදරේ වෙනස් වෙන්නෑ. (ස)
ඔය වගේ සිදුවීම් ඕන තරම් සිංහල ජන සමාජයේ සිදුවී තිබෙනවා.නමුත් සුද්දෙක්ගේ සත්ව කරුණාව අගේ කරනවා. (ස)
අලංකාර දසුනක්. (ස)
පෝල් ලේනට හරි කැමති වගේ. (ස)
ගහ කොළ සත්තු කියන්නෙ අපිත් එක්කම ලොකු මහත් වෙන අය.සුද්දගෙ කරුණාව හොඳයි.ඒත් සුද්දට මස් නැතුව ජීවත් වෙන්න බෑ.ඒකයි වැරැද්ද. (ස)
ලේන් පැටියා හෙන නිදි කුම්බරයෙක් නේ .. (ස)
පින් ගොඩක්. (ස)
පෝල්ට ලේනා රැගෙන යාමට අවශ්‍ය නිතිමය සහය ලබාදීමට හැකි නම් හොඳයි. (ස)
කුමාරි, මස් කන්නේ සුද්දෝ විතරයි. අපි මස් කන්නේ නැහැ ? (ස)
ඈතයි බොහෝ ඉපදුන මව් රට ශීතයි.. උණුසුම් සිරි ලකේ වන ජීවින් ගාවයි.. අසරණ ලේන් පැටියගෙ සුරතල් තාවෙයි.. අමතක නොවෙන සුන්දර දේවල් මේවයි... (ස)
සුද්දා ගාව තියෙන්නේ “ කැනොන් “ කැමරාවනේ. ඒවා ආසියාවේ . (ස)
රට ගෙනි යන්න බැරි වුනත් ලේනා හරිම අහිංසක සතෙක්. මිනිස්සු වගේ නෙමේ සතුන්ට මුල අමතක වන්නේ නෑ. හොඳට කලෙහි ගුණ තියනවා. (ස)
ඌ නිදිකුම්බෙක් නෙවෙයි. ඌ තාම ඇස් ඇරලා නෑ.. (ස)
ලංකාදීපෙට මම කැමති මේ හේතුව නිසයි. විවිධත්වයෙන් පුවත් පල කිරීම අගය කරමි. (ස)
මගෙත් හිටියා ලේන් පැටියෙක් පොඩි කාලේ . ඌව කාක්කෙක් අරන් ගියා ජනේලෙ උඩ රොටි කකා ඉන්න කොට. (ස)
අපි ඔහුව අගය කරමු (නි)
මේ ලේන් පැටියා දකිනකොට මට අපේ ගෙදර මාසයක් විතර අපිත් එක්ක හිටි ලේන් පැටියා මතක් වුණා.එයා ටිකක් ලොකු වෙලා, පරිසරයට මුදා හැරිය දවසේ ලොකු දුකක් දැනුනා.ඒත් එයා ඉන්න ඕනෑ එළියෙනේ.මේ පුද්ගලයාගේ සත්ව කරුණාව අගය කරනවා. (නි)
චන්ද්‍ර වීරසින්ග්හේ,සතෙකුට කරුණාව දයාව දැක්වීම සදහා බෞද්ධම විය යුතු නැහැ. ඔවැනි අදහස් පළකිරීමෙන් ඔබගේ මානසිකත්වය කෙසේදැයි වටහාගත හැක (නි)
ෂික්! මට ඔහොම ලේනෙක් හම්බවෙන්නේ නැහැනේ. (නි)
නිල්මිණි, ඔයා හරියටම හරි. (නි)
මටත් උන්නා ලේන්නු ගොඩක් දැන් ඉන්න නම් එකම එක ලේනයි.(නදී)
චන්දි, ඇයි කුකුළන්ට කැමති නැද්ද? (නි)