විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වැව්, විල් හා පතස් බහුතරයක් සිඳීම නිසා සතුන් ජලය සොයා සංක්‍රමනය වෙතියි කියති.
ජලය සොයා යන මුවන්, ගෝනුන්, දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවධානම වැඩි වී ඇති බව ද පැවසේ.
ඉඩෝරය නිසා ගහ කොළද වේළි ගොස් ඇත.
උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා කියනුයේ ජල හිඟය උග්‍රවී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍යාමන් , පරාක්‍රමබාහු රජතුමා නැවත ඉපදුනොත් අපිට මේ ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන් වෙයි (නි)
සතුන්ට ජලය සපයන්න කොහොම හරි. අනේ පව්! (නි)
මෙන්න මේ නිසා තමයි අප්‍රිකානු ජල ව්‍යාපෘතියක් සදහා අපේ රටින් කල විශාල මුදල් පරිත්‍යාගය අපි අගය කල යුත්තේ. (නදී)
ඉසුරන්දි ඔබේ වචන ටිකට සහ අදහසට පින්.මමත් අදහස් දැක්විය යුතු නැහැ. (දී)
ඡන්දෙ කාලෙට දත් කුට්ටම එළියට දාගෙන විරිත්තන අයට බැරිද ඔය නාස්ති කරන මුදල් වලින් මේවට පිළියම් සොයලා පිළිසකර කරන්න. (නි)
වටේ තිබෙන ගම්මාන වල අය ගෝනුන් දඩයම් කරනවා. මේවා නතර කරන්න වනජීවි එකට සේවකයො මදි. බලධාරීන් මේ ගෑන හොයා බලනවා නම් හොඳයි (නි)
වනජීවී ඇමතිතුමනි, බව්සර් යොදා සතුන්ට ජලය සපයන්න. (නි)
ඩී. එස්. සේනානායක , සී. පී ද සිල්වා, ඩර්ලි සේනානායක වැනි මැතිඳුන් මගේ රටට බිහිවේවා! (නි)
වැව වල රොන් මඩ තැන්පත් වෙලා. වතුර රඳන්නෙ නැහැ (නි)
වැව ගොඩ වෙලා නේද? (නි)
මේ රටේ ගොඩක් නාස්ති කරන සල්ලි වලින් බැරිද හැමෝම එකතුවෙලා මේකට දීර්ඝකාලීන විසඳුමක් හොයන්න? (නි)
පොඩි පොඩි වළවල් හාරන්න බල්නන වැව මැද්දේ. මම හිතන්නේ අඩි 2 ක් විතර යට වතුර තියෙනවා (නි)
මේ වගේ පව්කාර රටක මොනවට ඉපදුණාද මන්දා. (නි)
පිටරටින් හරි වතුර ටික ගෙනවිත් මේ අසරණ සතුන්ගේ පිපාසය නිවන එක රජයේ වගකීමක් නොවේද? (නි)
තියෙන ඉඩම් ටිකත් බෙදලා දුන්නනේ... ඉතින් දැන් මොනවා කරන්නද? (නි)
එදා රජවරු හැදූ වැව් ටික ගොඩගන්න බැරි අයද ලංකාවේ ඉන්නේ? කොයිතරම් වැව් ගංගා තියනවද? ඔය ටික හරියට කළමනාකරණය කරගන්න බැරි දේශපාළුවන් ටිකක් ලංකාවේ ඉන්නේ. දැන්වත් මේ දේවල් වලට, ජල අර්බුදයට දීර්ඝකාලීන විසඳුමක් හොයන්න (නි)
මේවාට විකල්ප ඇත. තාවකාලික ජල ටැංකි සාදා සතුන්ට වතුර සපයන්න බැරිද? (නි)
වැස්ස වලාහක දෙවියනේ, අනේ මේ මුව පොව්වන්ගේ පිපාසය නිවනු මැන! (නි)
වහින වතුර ටික වැවේ රඳවාගන්න බැරි රටක්නේ මේ. (නි)