වල්ලා පට්ටා පොතු සහ කැබලි කිලෝ ග‍්‍රෑම් තිස් පහක් රැගෙන බැංකාක් බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි කාබ්බෝජ ජාතිකයෝ දෙදෙනෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළ රේගුව එම වල්ලා පට්ටා තොගය රාජ සන්තක කළේය.
මෙහි රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඊ.ඒ රත්නශිල මහතා විසින් අද උදෑසන සිදු කළේය.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ වයස අවුරුදු 30 ක් සහ 50 ක් වූ මෙම කාම්බෝජ ජාතික පුද්ගලයන් දෙදෙනො වැවිලි කාර්මික ශිල්පීන් ලෙස මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවයි. මොවුහු ශ‍්‍රී ලංකාවට පැමිණි ප‍්‍රථම වතාවද මෙය වෙයි.
මොවුන් දෙදෙනා මෙම වල්ලා පට්ටා තම තමන් මලූ තුල දමාගෙන තායි ගුවන්සේවයට අයත් ටී.ජී 768 දරණ ගුවන්යානයෙන් බැංකොක් බලා යාමට අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර එහිදි රේගු ජෛව විවිධත්ව ඒකකයේ සහකාර රේගු අධිකාරීවරුන් වන සහන් ජයසිංහ සහ ඩිලාන් වීරරත්න යන නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධයක්ෂක ඊ.ඒ රත්නශීල මහතාගේ මෙයෙවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන සහන් ජයසිංහ සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කරති.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වල්ලා පට්ටා වල් පාර වැහේ
පිටබැද්දර ජයා Tuesday, 08 October 2013 04:08 PM
අනේ මන්දා මේ රටට රිංගන්නේ නැති කෙරපොත්තෙක් නැහැනේ බැලුවම !(නදී)
ලාල් Tuesday, 08 October 2013 08:22 PM
මේක නීතිමය ප්‍රස්නයක් මිස ආගමික ප්‍රස්නයක් නෙමේ (අ)
සදු Tuesday, 08 October 2013 04:28 PM
2ම ඉහතින් කියාපු දේවල් අනුමත කරනවා. ඇතතටම අපේ රටේ අයට අපේ දේ වටින්නේ නෑ.(නදී)
දුමින්ද Tuesday, 08 October 2013 03:36 PM
අපේ රටේ මොන තරම් දේවල් තිබෙනවාද ? එහෙත් අපි සියල්ල අත්තනෝමතික ලෙස විනාශ කරමින් නිසි ප්‍රයෝජන නොලබා, රූමස්සල කන්දත් පිට දෙසක් කාරයන්ට විකුණමින් පිටරටින් එන වස විස කමින් බොමින් අනේ අපේ වාගේ මෝඩ රැලක්. (ස)
සෙන්තිල් Tuesday, 08 October 2013 07:56 PM
මේ දෙන්නා බුද්ධාගමේ නේද?ඇයි මේවට උත්තර නැත්තෙ? (නි)