IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වැල්ලවාය මස් මඩුවයි මස් කඩෙයි වහයි

වැල්ලවාය ප්‍රාදේශීය සභා සභාපති රෝහණ වන්නිආරච්චි මහතා ගව සම්පත රැක ගැනීමට සැබෑ ආදර්ශයක් දෙමින් වැල්ලවාය ප්‍රාදේශීය සභා ගව මස් මඩුව හා මස් කඩය පෙබරවාරි පළමුවැනිදා සිට වසා දමා වසරකට  ගවයන්  2000-3000 පමණ ජීවිත බේරා දීමය ඉදිරිපත් වෙයි.

වැල්ලවාය දිගටම ගව මසින් තොර නගරයක් කරන බවත්, දැනට දුම්වැටි නොවිකුණන නගරයක් බවට පත් කර ඇති බවත් ඔහු කියයි.

මස් මඩු  ටෙන්ඩරය රෝහණ වන්නිආරච්චි පදනමෙන්  රුපියල් දස ලක්ෂයකට මිලට ගත්තේය.

එහෙත් මස් මඩුව හෝ මස් කඩය මේ වසරේත් දිගටම වසා තැබේ.

සභාපතිගේ මේ තීරණය ප්‍රදේශයේ සියලු විහාරස්ථානවල භික්ෂූන්ගේ ප්‍රසාදයට හේතු වෙයි.

ඌව පළාතේ ප්‍රධාන සංඝ නායක ඇතිලිවැව හිමරතන හිමියන් පැවසුයේ සභාපතිගේ තීරණයෙන් ගවයන් තුන් දහසකටත් උන්ගෙන් ලැබෙන පැටවුන්ටත් අභිය දානයක් ලෙසයි.

ගිය වසරේද වැල්ලවායේ ව්‍යාපාරික රංජන් ද සිල්වා මහතා රුපියල් ලක්ෂ 14කට ටෙන්ඩරය මිලට ගෙන මස් මඩුව හා මස් කඩය වසා දැමීය.



අදහස් (0)

වැල්ලවාය මස් මඩුවයි මස් කඩෙයි වහයි

ආශා Tuesday, 05 February 2013 10:04 PM

මස් කන්නම ඕනැයෑ? (නි)

:       0       0

සරත් Tuesday, 05 February 2013 10:08 PM

නඩරාජට තරහා ගිහින් වගෙයි.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 05 February 2013 10:08 PM

වැල්ලවායේ පදිංචියටට එන පිරිස වැඩිවෙයි. ඒ නිසා ඉඩම් මිල වැඩිවෙයි.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 05 February 2013 10:12 PM

වැල්ලවායේ කිරිඅම්මලා, පුතාලා, මුනුපුරාලා පෙර පින් කර ඇති අය බවයි පෙනෙන්නේ.(නදී)

:       0       0

සදා Wednesday, 06 February 2013 11:02 AM

ඉතාමත් වටිනා වැඩක් ! මේ වගේ හොද දේටත් විරුද්ද වෙන අය ඉන්නවා දැක්කම පුදුම හිතෙනවා . නුවන් , මම ඔයාගේ අදහසට සහාය වෙන්න කැමති (ස)

:       0       0

ඩිලාන් Tuesday, 12 February 2013 02:22 PM

මස් කඩ වහන්න කලින් පරිසර චක්‍රය පිළිබදව දැනුවත් වී සිටිය යුතුයි. (නි)

:       0       0

නේරංජි Tuesday, 05 February 2013 10:13 PM

අපි දුන්න ඡන්දෙට ගරු කරලා මේවා බලලා රට හදන්න.(නදී)

:       0       0

rathnayaka arachchige Wednesday, 06 February 2013 11:03 AM

කුනුවී ගද ගහන දේශපාලකයින් අතරේ ඔබ ශ්‍රේෂ්ට මැනිකක්. ඔබට ජය!(නදී)

:       0       0

ගාමිණී Tuesday, 05 February 2013 10:18 PM

මෙම ව්‍යාපෘතිය ඊලගට සුද්ද නගරවලින්ද සුද්ද විය යුතුයි.(නදී)

:       0       0

සද්ධා Tuesday, 05 February 2013 10:19 PM

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි.(නදී)

:       0       0

යූනුස් Tuesday, 05 February 2013 10:21 PM

ගව ඝාතන පමණක් ඇයි නවත්වන්නේ? ඇයි කුකුල් මස්? මෙයාට ගව මස් කන්න බැරි ලෙඩක් තියෙනවද දන්නේ නෑ නේද? අනෙක් සතුන්ගේ පණ පණ නොවේද? (නදී)

:       0       0

කසුන් Sunday, 10 February 2013 08:52 PM

හොද දේ අගය කරන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

කිස්ස Wednesday, 06 February 2013 11:21 AM

ලැබුනත් ලෝකෙන් ගැරහුම් නුඹයි පුතේ උතුම්.(නදී)

:       0       0

මොහොමඩ් Tuesday, 05 February 2013 10:29 PM

මුළු රටටම ආදාර්ශමත් වැඩක් (දී)

:       0       0

ලකී Tuesday, 05 February 2013 10:40 PM

හරක් මරන්න බැහැ. අනෙක් ඕනෑ සතෙකුයි මිනිස්සුයි මරන්න පුලුවන්. (නි)

:       0       0

දුමින්ද Wednesday, 06 May 2015 06:00 PM

ඔබ ඔබේ ජීවිතයට කොච්චර ආදරෙයිද ? ඒ වගේම සියුලු දෙනාට ආදරය කරන්න (නදී)

:       0       0

රිස්මි Tuesday, 05 February 2013 10:44 PM

ඔය සල්ලි කොහෙන්ද? (නි)

:       0       0

අහමඩ් Tuesday, 05 February 2013 10:46 PM

එතකොට වැල්ලවායේ තැබෑරුම් වහන්නේ කවදද? (නි)

:       0       0

ඡන්න Friday, 17 January 2014 09:00 PM

මෙවන් පුතුන් නැවත නැවත ඉපදේවා. ඔබ වැනි කෙනෙකුට බාදා ඕනි තරම් ඇති, ඒත් කවදාවත් පසු බහින්න එපා.(නදී)

:       0       0

ජසීම් Tuesday, 05 February 2013 10:47 PM

අනෙක් අපරාධ නවත්වන්නේ කවදාද? (නි)

:       0       0

හිල්මි Wednesday, 06 February 2013 04:55 PM

රොෂාන්ගේ කියමන නියමයි. නමුත් අර සුගත්ට මොකක්ද හැදිලා තියෙන පිස්සුව? (නි)

:       0       0

හිල්මි Wednesday, 06 February 2013 04:59 PM

නියමයි මාරසිංහ. මම ඔබට එකගයි. (නි)

:       0       0

කල්ප Tuesday, 05 February 2013 10:59 PM

විශාල පිනක්. ඔබට ජය! (නි)

:       0       0

ගාමිනි Tuesday, 05 February 2013 11:05 PM

ඉතා සතුටුදායක කතාවක් (දී)

:       0       0

සුභසිංහ Wednesday, 06 February 2013 11:48 AM

මෙය ඉදිරි දියුණුව තකා ගත් හොද ජනප්‍රිය තීරණයක්. වැල්ලවාය පැත්තේ තියෙන පුශ්නේ මස් කඩ නෙමෙයි ගංජා.(නදී)

:       0       0

ආශා Saturday, 09 February 2013 05:31 AM

ඉස්සෙල්ලාම ගණිකා මඩම්, තැබෑරුම් වහලා ඉන්න එපැයි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 06 February 2013 11:51 AM

හරක් මරන්න බැහැ. මිනිසුන් මරන්න පුළුවන්. ඔයාලා හරකට විතරක් මේ තරමි ආදරේ ඇයි?(නදී)

:       0       0

මොහාන් Tuesday, 05 February 2013 11:28 PM

ඉතින් ඔය මස් කඩේ වහලාදාන එකට වඩා හොද නැද්ද ඕකේ කිරි කඩයක් වගේ බිස්නස් එකක් පටන් ගත්තා නම්? (නි)

:       0       0

රසල් Wednesday, 06 February 2013 05:27 PM

දැන්න වැල්ලවාය මිනිසුන්ට වඩා හරක් බෝවෙනවා.(නදී)

:       0       0

සනත්123 Tuesday, 05 February 2013 11:29 PM

නියම වැඩක් සභාපති තුමනි..ඔබ සුජාත පුත්‍රයෙක්..වැල්ලවාය දිවයිනේ හොඳම නගරය කරන්න.. (ත)

:       0       0

ජෙරාඩ් Wednesday, 06 February 2013 11:57 AM

මිනී මරන ජරා වැඩ කරන දේශපාලකයින් අතරේ ඔබ වැදගත් මහත්තයෙක්.(නදී)

:       0       0

තිලකගේ Tuesday, 05 February 2013 11:58 PM

ප්‍රාදේශීය සභා පාලකයින්ගේ ක්‍රියාකාරකම් පිළිකුල් වී ඇති යුගයක ඔබ කතාවෙන් නොව ක්‍රියාවෙන් කළ මේ දේ විශිෂ්ටයි. (නි)

:       0       0

සූකිරි Wednesday, 06 February 2013 12:03 PM

කුඩු අපේ රටේ තහනම් කියලා මිනිස්සු කුඩු බොන්නේ නැද්ද? දඩමස් තහනම් කියලා දඩමස් කන්නේ නැද්ද. ගණිකා වෘත්තිය තහනම් කියලා ගණිකාවෝ අපේ රටේ නැද්ද?(නදී)

:       0       0

කාවින්ද Wednesday, 06 February 2013 12:36 AM

ලංකාවේ හැම නගරයකම ඔබ වැනි ධර්මිෂ්ඨ පුද්ගලයන් බිහි වේවා. ඔබට ගොඩක් පින්. (ත)

:       0       0

සුදීර Wednesday, 06 February 2013 12:05 PM

හරක් මස් කන අන් ජාතීන් ගැනත් හිතන්න. මැදපෙරදිගත් ඌරුමස් විකුනනවා. මේකද ජාතික එකමුතුකම? (නදී)

:       0       0

ජයසිංහ Thursday, 07 February 2013 08:54 AM

මේ වගේ අනෙත් අයත් බුද්ධිමත්ව සිතනවා නමි බුද්ධිමතුන් පිරුණු රටක් ඉදිරියෙදි ගොඩනැගෙයි.(නදී)

:       0       0

සේන Wednesday, 06 February 2013 12:06 PM

මේවාට හුරේ දාන්නේ මිනස්සුනේ. මේවා ඡන්දෙ ගන්න කරන වැඩ.(නදී)

:       0       0

අරුණ Wednesday, 06 February 2013 05:50 PM

ඔබගේ උදාර ක්‍රියාව නිසා පාඩු ලබන අයගෙන් බේරිලා ඉන්න. අද මේ රටේ මිනී මරන එක ලොසින්ජරයක් කනවා වගේ පහසුයි. ඔබ තුමාට කතරගම දෙවි පිහිටයි.(නදී)

:       0       0

නන්ද සමීර Wednesday, 06 February 2013 12:07 PM

හොද වැඩ කරන අයට තරහකාරයො වැඩියි. කෝකටත් පරිස්සමින් සභාපතිතුමනි.(නදී)

:       0       0

අරුණ Wednesday, 06 February 2013 12:42 AM

අවංකවම හොද වැඩක්. ඔහාමම ඉදිරියට යන්න. (ත)

:       0       0

ෂීලා Wednesday, 06 February 2013 12:08 PM

ජනප්‍රිය තීරණයක්. හැබැයි ප්‍රායෝගික නැහැ. ගණිකාවෝ, කුඩු, දඩමස් ලංකාවේ තහනම් උනාට ඒවා නැද්ද? සමාජ විද්‍යාත්මකව අධ්‍යනය කර ආකල්ප වර්ධනයක් කරන්න. බොරු වැඩ කරන්න එපා මෙයින් වෙන්නේ කළු කඩ ඇරෙන එක.(නදී)

:       0       0

ආනන්ද Wednesday, 06 February 2013 05:52 PM

අනෙකුත් ප්‍රාදේශීය සභාපත්වරුන්ට ආදර්ශයක් වේවා!(නදී)

:       0       0

නිමල් Wednesday, 06 February 2013 12:09 PM

සරල ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් උනත් කියයි මේ වැඩෙන් කළු කඩ හැදෙන බව. බහු ආගමික, බහු ජාතික රටක බෞද්ධයෝ හරක් මස් නොකෑවට අනික් අය කනවනේ. ඇයි තමන් ගැන පමනක් හිතන්නේ.(නදී)

:       0       0

නන්දන Wednesday, 06 February 2013 12:11 PM

බහු ආගමික, බහු ජාතික, බහු සංස්කෘත රටක් කියලා ලෝකෙට ඇහෙන්න කෑගහලා වැඩක් නැහැ. බෞද්ධයෝ සහ හිංදු බැතිමතුන් නෙකෑවට අනිත් අය කන්නේ නැද්ද.(නදී)

:       0       0

විජේරත්න Wednesday, 06 February 2013 12:57 AM

උතුම් ක්‍රියාවක් ඔබතුමාගෙන්. (ත)

:       0       0

නිර්මාලා Wednesday, 06 February 2013 12:12 PM

ලංකාව බහු ජාතික රටක් නිසා මේ නීතිය සාධාරණ නැහැ.(නදී)

:       0       0

රාණි Wednesday, 06 February 2013 12:14 PM

ඇයි මේ අන්ජාතීන්ගේ අයිතීන්වලට වැට බදින්නේ.(නදී)

:       0       0

මාරසිංහ Wednesday, 06 February 2013 12:16 PM

ජනප්‍රිය තීන්දුවක්.(නදී)

:       0       0

සුපිරි Wednesday, 06 February 2013 12:25 PM

හරක් මස් වලට කලු කඩයක් කොහේහරි හැදෙන එකයි මේකෙන් වෙන්නේ. (නි)

:       0       0

දිසානායක Wednesday, 06 February 2013 01:32 AM

මේ විටමින් ආහාර නැතිකරන්න එපා. අනෙක අපේ සංචාරක කර්මාන්තය ගැනත් සිතිය යුතුයි නේද? (නි)

:       0       0

නිරාන් Wednesday, 06 February 2013 12:29 PM

මෙය‍ට දායක වූ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි (ස)

:       0       0

ශිලා Wednesday, 06 February 2013 12:31 PM

සත්තු මරණ කන එක නවත්වන්න (දී)

:       0       0

නිරෝෂන Sunday, 10 February 2013 03:48 PM

නියමයි මහත්තයෝ. වැදූ අමිමට නය නැති පුතෙක්.(නදී)

:       0       0

නිලන්ත Wednesday, 06 February 2013 12:35 PM

ලංකාවෙන් මස් කඩ ඉවත් කරන්න (දී)

:       0       0

මාරසිංහ Wednesday, 06 February 2013 12:44 PM

මේකට කිය්නනේ අන්තවාදය කියලා. මස් කන වෙනත් ජාතීන් ලංකාවේ නැද්ද?

:       0       0

දිසානායක Monday, 11 February 2013 12:22 AM

ආශා, මොහු කළ කාර්යය ගැන ප්‍රශංසා කරන්න. (නි)

:       0       0

දිසානායක Monday, 11 February 2013 12:22 AM

ආශා, මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

දිසානායක Monday, 11 February 2013 12:22 AM

මුස්ලිම් අයට තරහා යයිවද්ද? (නි)

:       0       0

විමලසිරි Wednesday, 06 February 2013 02:48 AM

හැම අවුරුද්දෙම මේ වගේ උදාර වැඩ දිගටම කරගෙන යන්න පුලුවන්ද? (නි)

:       0       0

මාලා Wednesday, 06 February 2013 12:52 PM

ඒවා වෙන්න ඕන වැඩ (දී)

:       0       0

නිෆාස් Wednesday, 06 February 2013 12:56 PM

සත්තු මරණ එක ලොකු පවක් (දී)

:       0       0

රුවන් Tuesday, 05 February 2013 06:56 PM

මෙන්න පිංකම්. මටත් හිතෙනවා දැන් දැන් වැල්ලවායේ ගිහින් පදිංචි වෙන්න. (ත)

:       0       0

හේරත් Wednesday, 06 February 2013 06:36 PM

මේ ලැබිලා තියෙන ප්‍රතිචාර වලින්ම පේනවා නේද මේක කොච්චර උතුම් වැඩක්ද කියලා? (නි)

:       0       0

ශාන්; Tuesday, 05 February 2013 06:59 PM

මගේ හිස නමා ආචාරය! (නි)

:       0       0

හේරත් Wednesday, 06 February 2013 06:37 PM

අයියෝ! වැල්ලවායේ තම්බි ජනතාව? (නි)

:       0       0

නැපෝලි Wednesday, 06 February 2013 04:12 AM

මම කිතුණු වුණත් ඔබතුමක් කළ මේ උදාර ක්‍රියාව ඉතාමත් අගය කරමි. මෙය හැමෝටම ආදර්ශයක්. අපි අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි. ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

රොෂාන් Tuesday, 05 February 2013 07:00 PM

මෙන්න ලක් පුත්තු. ඔබට සදා ජය. (ත)

:       0       0

රුවන් Wednesday, 06 February 2013 01:14 PM

මම ලංකාදීපෙ දැක්ක ලොකුම කමෙන්ට් ගොඩ... එක හොද දේශපාලකයෙක්ගෙ එක හොද වැඩක් ගැන කොහොම සතුටක්ද මිනිස්සු ලබන්නෙ? ඒක මෙතුමාට දකින්නත් එයින්ම සිත පැහැදී තව තව මෙවන් වැඩ කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලත් පතනවා. මාකටින් වලට ඇරෙන්න අපේ රටේ අනිත් දේශපාලකයොත් මේවගේ වැඩ කරානම් කොච්චර හොදද? (ස)

:       0       0

ඉන්දික Tuesday, 05 February 2013 07:02 PM

අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. . . (ත)

:       0       0

සුසන්ත Wednesday, 06 February 2013 05:05 AM

මෙන්න නියම මහත්තුරු. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 05 February 2013 07:03 PM

බුදු දහමින් ඔබතුමා ආරක්ෂා කරත්වා. ත්‍රිවිධ රත්නයේ පිහිට ඔබට ලැබේවා. (ත)

:       0       0

සමන්ත කුමාර -කොරියාවේ සිට Tuesday, 05 February 2013 07:03 PM

මිනිස් කම කියා දුන් ඔබ සැමට බොහෝම පින් .ඔබ සැමට මාගේ උපහාරය !(ත)

:       0       0

මාතර ආතර Wednesday, 06 February 2013 05:27 AM

ශාක ප්‍රෝටීන වැඩිකරලා කිරි වලින් ස්වයංපෝෂිත වෙලා, අනිත් සියලුම මස්/මාළු බිත්තර කරවල උම්බලකඩ වගේ සත්ව ප්‍රෝටීන විකුණන එකත් ඔය වගේ නැවත්තුවොත් සම්මා දෘෂ්ටික දෙවියන් ඇතුළු ඔක්කොම ධාර්මික මිනිස්සු ඔහෙට එන්න පටන් ගන්න නිසා ඔය පැත්තේ පර්චසය ගිනි ගානකට නගීවි. (නි)

:       0       0

නවුශාඩ් Wednesday, 06 February 2013 01:24 PM

දිවයිනේ සියලුම මස් කඩ වැසිය යුතුයි (ස)

:       0       0

නුවන් Tuesday, 05 February 2013 07:04 PM

මේක ඇත්තටම කරන වැඩක්නම් මමත් කැමතියි දායක වෙන්න. අරමුදලක් පිහිටුවල ඒකට සම්මාදම් ගන්න. අපිටත් ඒ පිනට එකතු වෙන්න පුළුවන්. ලංකාදීප කරුණාකර මේක මේ මහත්මයට දන්වන්න. (ත)

:       0       0

අභය Tuesday, 05 February 2013 07:06 PM

ශ්‍රේෂ්ඨ මිනිසෙක්. (ත)

:       0       0

තිස්ස- හෝමාගම Wednesday, 06 February 2013 06:09 AM

ආවත් ලෝකෙන් ගැරැහුම්- නුබයි පුතා උතුම් (ත)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 06:10 AM

අන්න ඒකටත් එක්ක කැලණිය. (ත)

:       0       0

නන්දන Wednesday, 06 February 2013 06:15 AM

මෙන්න වැඩ. ඔඹට ජය! (නි)

:       0       0

එච් ඩබ්ලිව් සංජීව Wednesday, 06 February 2013 06:37 AM

හොඳ වැඩක්. ලංකාවේ අනිත් ප්‍රාදේශීය සභා වලට ලොකු ආදර්ශයක්. මිනිස්සු හොද වැඩ කරන කොට විරුද්දව ඉන්න අය වැඩී. (ත)

:       0       0

අබ්දීන් Wednesday, 06 February 2013 01:31 PM

ඔව් ඇත්තෙන්ම මමත් එකඟයි මෙ තීරණයට (ස)

:       0       0

වරුණ Wednesday, 06 February 2013 01:31 PM

මස් කන්න එපා (දී)

:       0       0

සමන්ත කුමාර Tuesday, 05 February 2013 07:15 PM

මිනිස් කම කියා දුන් ඔබ සැමට බොහෝම පින් .ඔබ සැමට මාගේ උපහාරය ! (ත)

:       0       0

දේව Tuesday, 05 February 2013 07:19 PM

වැනසී යන කිරි අම්මලා බේරුවාට ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි. (ත)

:       0       0

අසන්ක Wednesday, 06 February 2013 07:26 AM

රිස්මි, සල්ලි කො‍හෙන් වුණහම ඔයාට මොකද? සල්ලි වලින් වැරදි දෙයක් කරලා නැහැනේ. (නි)

:       0       0

මලික Tuesday, 05 February 2013 07:20 PM

හොද වැඩක්. ඔබතුමාගේ වැඩපිලිවල දිගටම පවත්වාගෙන් යන්නට හැකි වේවා යැයි එක සිතින් පතමි. (ත)

:       0       0

අසන්ක Wednesday, 06 February 2013 07:27 AM

හොදට බලන්න. මේ වැඩේට විරුද්ධ වෙලා තියෙන වැඩි දෙනා මුස්ලිම්. (නි)

:       0       0

චන්දිම Tuesday, 05 February 2013 07:23 PM

මෙහෙම කරන එකනම් වටිනවා. අඩුම තරමින් හරක් මරන එකවත් නවතන එක හොඳයි.. (ත)

:       0       0

වරුණ Wednesday, 06 February 2013 07:46 AM

මේ ආදර්ශය අනෙක් නගර සභාත් සිතට ගන්නවා නම් හොදයි. (නි)

:       0       0

ජයා Wednesday, 06 February 2013 01:43 PM

සභාවෙන් ප්‍රතිපත්ති තීරණයක් ගන්න ඉදිරියට හරක්මස් අලෙවිසැල් පවත්වාගෙන නොයන බවට. ඒ අනුව හරක් මස් අලවි කිරීම වෙනුවෙන් ටෙන්ඩර් කතා එන්නේ නැහැනේ. හරක් මස් අලවියට අදාල ටෙන්ඩර මිලදී ගන්න යොදවන මුදලින් තවත් වඩාත්ම හොඳ වැඩක් කරන්න. එවිට වැදගත් වැඩ දෙකක් වෙනවා. කොහොම උනත් පින් අතේ වැඩේනම් නියමයි. (දී)

:       0       0

සුදත් Tuesday, 05 February 2013 07:27 PM

විශිෂ්ඨයි...!! උදාර පිංකමක්. සසර පුරාවට නිදුක් නීරෝගී සැපසම්පත් විඳ ධර්මාවබෝධය පිණිසම හේතු වේවා...!!! (ත)

:       0       0

තුෂාර (කඩුවෙල) Tuesday, 05 February 2013 07:28 PM

ඔබ සෑබෑ නියම මිනිසෙක්. ගව මස් නොකන සියලුම දෙනාගේ ගෞරවය ඔබට හිමි වෙනවා.

:       0       0

රුවන් Wednesday, 06 February 2013 01:44 PM

මාරසිංහට ඔව්චර අමාරුවක් තියෙනවා නම් ගිහින් සත්තු මරලා මස් දෙන එකනේ, කවුරුත් එපා කියලා නැහැනේ. (නි)

:       0       0

සංජීව Tuesday, 05 February 2013 07:30 PM

මෙන්න මිනිස්සු. (ත)

:       0       0

අශාන් Tuesday, 05 February 2013 07:34 PM

මෙන්න ආදර්ශමත් මිනිස්සු. (ත)

:       0       0

නිවන්ත Wednesday, 06 February 2013 08:05 AM

රිස්මි, අහමඩ්, යූනුස් සහ ජසීමාගේ හිත රිදිලා වගේ හරක් මස් නැතුවට. (නදී)

:       0       0

බුද්ධිකා Wednesday, 06 February 2013 08:05 AM

සභාපතිතුමනි, ඔබට ගාල්ලෙන් හරසර! (නි)

:       0       0

රංග ෂානි Tuesday, 05 February 2013 07:36 PM

අනේ ඔබ තුමාට පුළුවන්නම් මුළු ලංකාවෙම මේ දේ ක්‍රියාත්මක කරන්න. (ත)

:       0       0

ගාමිණි Tuesday, 05 February 2013 07:36 PM

අපට ආඩම්බරයි සභාපති තුමණි! ඔබට සියලු දෙවි රැක වරනයි! (ත)

:       0       0

ඊනාම් Wednesday, 06 February 2013 01:53 PM

බාර් ටිකත් වහලා දැම්මොත් නියමයි. (නි)

:       0       0

රුවන් Tuesday, 05 February 2013 07:40 PM

මම කිතුණු වුණත් ඔබතුමක් කළ මේ උදාර ක්‍රියාව ඉතාමත් අගය කරමි. මෙය හැමෝටම ආදර්ශයක්. අපි අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි. ඔබට දෙවි පිහිටයි. (ත)

:       0       0

දිනේෂ් Tuesday, 05 February 2013 07:40 PM

බුදු සරණයි. (ත)

:       0       0

ධනුෂ්ක Tuesday, 05 February 2013 07:43 PM

ඔබතුමාට මගේ ආචාරය. (ත)

:       0       0

මහින්ද-ඩුබායි Tuesday, 05 February 2013 07:43 PM

හුඟක් පින්. (ත)

:       0       0

චාමි Wednesday, 06 February 2013 01:59 PM

බෞද්ධ රටකට මස්කඩ කුමටද? තැබෑරුමුත් වහනවා නම් තවත් හොදයි. (නි)

:       0       0

නදීශාන් Wednesday, 06 February 2013 08:25 AM

නියම වැඩක් . බොහොම පින් ඒ උතුම් වැඩේට (ස)

:       0       0

ජනක Wednesday, 06 February 2013 08:30 AM

මේවා ප්‍රාදේශීය සභාවලට පමණක් නොවේ. ලොකුම ලොකු නායකයන්ටත් හොඳ ආදර්ශ.ශේෂ්ඨ නායකයකුගේ ලක්ෂණ මතුවෙනවා.කල්පනාවෙන් කටයුතුකරන්න.සුභ සහ ජය. (ස)

:       0       0

පතු Tuesday, 12 February 2013 04:49 PM

හොද වැඩක් (දී)

:       0       0

මගියා Tuesday, 05 February 2013 07:48 PM

නියම නායකයෙක්. ඔබතුමාට බුදු සරණයි. කවදාහරි ලංකාවෙ ජනාධිපති වෙවායි පතනවා. (ත)

:       0       0

මාලා Wednesday, 06 February 2013 08:31 AM

මොන බොරු වැඩද මේ. මේකෙන් වෙන්නේ කළු කඩයක් නිර්මානය වෙන එකයි. මිනිස්සු දඩයමට යොමුකරන එකයි.(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 February 2013 07:49 PM

ඔබට පින්. හැමෝටම ආදර්ශයක්. ඔහොම යන්. (ත)

:       0       0

රංග ශානි Tuesday, 05 February 2013 07:50 PM

ඔබ මුළු ලෝකෙටම ආදර්ශයක්. තෙරුවන් සරුණයි. (ත)

:       0       0

චූලි Wednesday, 06 February 2013 08:32 AM

දැන් වෙන්නේ සිගරට් වල‍ට කළු කඩ නිර්මාණය වීමයි . මේ වගේ තීරණ ගන්න කලින් සමාජවිද්‍යාඥයෙක්ගෙන්වත් අහන්න ඕන (ස)

:       0       0

මාලක Wednesday, 06 February 2013 08:33 AM

දැන් මිනිස්සු දඩමස් කයි. සිගරට් වෙනුවට ගංජා බොයි.(නදී)

:       0       0

රාණී Wednesday, 06 February 2013 08:34 AM

මොන සමජ විශේෂඥයද මේ වගේ තීරණ අනුමත කරන්නේ.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 06 February 2013 02:06 PM

මේක ප්‍රසිද්ධියට කරපු දෙයක්. සමාජියට ප්‍රායෝගික නැහැ. (නදී)

:       0       0

රීටා Wednesday, 06 February 2013 08:35 AM

සමාජ විද්‍යාව ගැන අබමල් රේනුවක දැනුමක්වත් කියෙන කෙනෙක් මේ වැඩේ කරන්නේ නැහැ.(නදී)

:       0       0

දුමින්ද Wednesday, 06 February 2013 08:35 AM

ඉතා හොද වැඩක්. ඔබට ත්‍රිවිද රත්නයේ පිහිටයි.(නදී)

:       0       0

රොසෙරි Thursday, 07 February 2013 12:08 PM

ඔබේ ක්‍රියාව නියමයි.(නදී)

:       0       0

ජයසේකර Tuesday, 05 February 2013 08:00 PM

කෝ තෝරාගැනීමේ නිදහස? (නි)

:       0       0

සිතාරා Tuesday, 05 February 2013 08:02 PM

වෙන දිහාකට ගිහින් මස් ගෙනියිද දන්නේ නෑ. (ත)

:       0       0

සරත් Wednesday, 06 February 2013 08:42 AM

මේ පුන්‍ය කර්මයට දායක වූ සියළු දෙනාට මෛත්‍රිය පතමු.(නදී)

:       0       0

එරංග Monday, 11 February 2013 12:36 PM

වැල්ලවායේ තරු පහේ හෝටල් නැති නිසා හොදයි. නැත්නම් පෝය දවසට මුලු නගරෙම වැහුවත් ඕනෑම තරු පහේ හෝටලයකින් අවශ්‍ය ඕනෑම දෙයක් ගන්න පුලුවන්. (නි)

:       0       0

හසාන් Wednesday, 06 February 2013 02:11 PM

හුඟක් හොඳයි.තවත් කෝණයකින් බැලූවිට ඉතුරුවන ගවයින් ලබන වසරේදී දෙගුණ වේවි. මේකට පිළියමක් සොයන්න (ස)

:       0       0

තරංග Wednesday, 06 February 2013 08:50 AM

බුදු දහමින් ඔබතුමා ආරක්ෂා කරත්වා. ත්‍රිවිධ රත්නයේ පිහිට ඔබට ලැබේවා.(ස)

:       0       0

චාමර Wednesday, 06 February 2013 08:54 AM

ජාති ජාතිත් ඔබට පින්.(නදී)

:       0       0

දනුෂ්ක Wednesday, 06 February 2013 02:14 PM

ඔබේ ක්‍රියාව අපි අගය කරමු. මෙය‍ට දායක වූ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.(නදී)

:       0       0

කමල් Tuesday, 05 February 2013 08:13 PM

ඔබගේ පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා. (ත)

:       0       0

රාජා Wednesday, 06 February 2013 08:56 AM

වැඩේ හොදයි. ඔයොම යමු. හරකුන් විතරක් නෙමෙයි කුකුලො, එළුවෝ, මාළු වන්ගේ පන ටිකත් බේරගන්න බලමු. වැඩිනම් අපනයනය කරමු. විදේශ විනිමය එනවා.(නදී)

:       0       0

හලා/මාදම්පේ ප්‍රියන්ත Tuesday, 05 February 2013 08:14 PM

සභාපති රෝහණ වන්නිආරච්චි මහතාටත් ව්‍යාපාරික රංජන් ද සිල්වා මහතාටත් ගොඩාක් පිං. එතුමන්ට අපි ආශිර්වාද කරමු. අපිත් සතුන්ට හරිම ආදරෙයි. අපේ නගරයේ මස් මඩුවත් වහන්න පිංවතෙක් ඉදිරිපත් වනවා නම් අපේ සතුට ඉහටත් උඩින්.(නදී)

:       0       0

ගයාන් Wednesday, 06 February 2013 08:57 AM

හොද වැඩක්. ඔබේ ඉදිරි දිවියට අපේ සුභ පැතුම්.(නදී)

:       0       0

ච්න්ද්‍රකුමාර Tuesday, 05 February 2013 08:14 PM

මුදල් පසුපස හඹා යන දේශප්‍රේමීන් සිටින අපේ රටේ ඹබගේ සත්ගුනවත් ක්‍රියාව ඔවුනට ආදර්ශයක් වේවා!(නදී)

:       0       0

චාමර Wednesday, 06 February 2013 08:58 AM

දැන ගැනීම පිනිසයි. තැබෑරුම් පාලනය කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන්. ප්‍රාදේශීය සභාවට ඒවා වහන්න බැහැ.(නදී)

:       0       0

හේරත් Wednesday, 06 February 2013 02:18 PM

කුකුලු මස් කඩ, කරවල කඩ, මාලු කඩ, ඌරු මස් කඩ... මේ සියල්ල නැතිවන දින ලංකාව ධර්මද්වීපයක් වනු ඇත. (නි)

:       0       0

සුරංජිත් Tuesday, 05 February 2013 08:21 PM

ගොක් හොඳයි. (ත)

:       0       0

ජිල් Wednesday, 06 February 2013 09:17 AM

ඔන්න බලාගන්න මිත්‍රවරුනි...හරක්මස් කෑල්ලට පෙරේත කවුද කියල..මේ කොමෙන්ටු වලින් ඒ බව මනාව පැහැදිලි වෙනවා (ස)

:       0       0

හුසේන්-රියාද් Tuesday, 05 February 2013 08:22 PM

මස් කන්නේත් නැද්ද? (ත)

:       0       0

හිසාජීන් Tuesday, 05 February 2013 08:23 PM

ආදර්ශමත් දේශපාලකයෙක්. විශිෂ්ට වැඩක්. (ත)

:       0       0

දම්මි Wednesday, 06 February 2013 09:21 AM

ඔබේ ක්‍රියාව අපි අගය කරමු..සුබ පැතුම් (ස)

:       0       0

සුසන්ත Wednesday, 06 February 2013 09:21 AM

හොඳ වැඩක්. අපේ සුබ පැතුම් (ස)

:       0       0

ප්‍රියා Wednesday, 06 February 2013 09:23 AM

හොඳ වැඩක් (ස)

:       0       0

නුවන් Wednesday, 06 February 2013 09:31 PM

හසාන් එහෙනම් ගෑණු සත්තුයි පිරිමි සත්තුයි දෙගොල්ලම පැටව් ගහන්න ඕනා. ඔයාලගෙ පැත්තෙ එහෙම වෙන්නැති. (නදී)

:       0       0

කුමාරගේ Tuesday, 05 February 2013 08:39 PM

නියමයි සර්, ඔබ බෞද්ධයෙක්. අපි අගය කරනවා ඔබගේ ක්‍රියාව.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 05 February 2013 08:41 PM

ආචාර්ය, දේශබන්දු, දේශමාන්‍ය තනතුරු දිය යුත්තේ මේ වගේ සත් භාවයෙන් කටයුතු කරන අයට.(නදී)

:       0       0

නඩරාජා Tuesday, 05 February 2013 08:42 PM

මේකෙන් වෙන්නේ හරකුන් මිල අඩු වෙලා කන අය වැඩිවීමයි. ?(නදී)

:       0       0

මහින්ද Tuesday, 05 February 2013 08:47 PM

නියම මනුස්සයෙක්. උවේ තවමත් නියම සිංහලයො ඉන්න එක ගැන ආඩම්බරයි. බුදු සරණයි. (ත)

:       0       0

බන්දුල - කටාර් Tuesday, 05 February 2013 08:51 PM

මස්වලට කෑදර අයගෙන් තවම විරෝධතා එල්ල වුණේ නැද්ද? ක්‍රියාව අගේ කරනවා. (ත)

:       0       0

සම්පත් Wednesday, 06 February 2013 09:35 AM

අප්‍රසිද්දියේ මේ වගේ හොද වැඩ කරන අය ගොඩක් ලංකාවේ ඉන්නවා.(නදී)

:       0       0

මුතු Wednesday, 06 February 2013 02:31 PM

නියමයි ..............(දී)

:       0       0

සුගත් Wednesday, 06 February 2013 09:37 AM

යූනුස්, රිෂ්මී ඔයා දෙන්නා හොද වැඩවලට අකුල් හෙලන්න එපා.(නදී)

:       0       0

ක්‍රිෂාන් Friday, 25 September 2015 02:29 PM

හරක් විතරයි එත්කොට පවු..කුකුලු එලුවො ඌරො සත්තු නෙමේද??දඩයමේ ගිහින් කොච්චර සත්තු දඩයම් කරනවද? මිනිස්සුන්ව කොච්චර මරනවද ලංකාවෙ.ගව ඝාතනය හොදයි කියනව නෙමේ ඕක නැවැත්තුවහම ඔයිට වඩා ප්‍රශ්න වැඩි වෙන එකයි වෙන්නෙ. කිරි කර්මාන්තෙට්ම සෑහෙන්න පාඩුයි ඕකෙන්...(අ)

:       0       0

නිමල් Wednesday, 06 February 2013 09:40 AM

ලක්ෂ 10 න් වැඩේ ගොඩ නේ (ස)

:       0       0

සිසිර Tuesday, 05 February 2013 08:56 PM

මගේ ආදර මිතුර මෙය ඔබ කල ඉතා උසස් ක්‍රියාවක්.(නදී)

:       0       0

සාලිය Tuesday, 05 February 2013 08:58 PM

ඔබ තුමා උදාර නායකයෙක්.(නදී)

:       0       0

විජේතුංග Wednesday, 06 February 2013 02:38 PM

හොඳ පින්සිදු වෙන වැඩක්. මේකට සම්බන්ධ වූ සැමට මගේ ආචාරය , තෙරුවන් සරණයි (ස)

:       0       0

රියාස් Monday, 11 February 2013 01:05 PM

හැබැයි තැබෑරුමුත් වහන්න වේවි. (නි)

:       0       0

අසංක Saturday, 26 September 2015 11:58 AM

ඔබ ලෝකෙටම ආදර්ශයක්

:       0       0

සම්පත් Wednesday, 06 February 2013 09:49 AM

උදේට එලකිරි බොන අය කවදාවත් ගෙරි මස් කන්නේ නෑ (ස)

:       0       0

බුද්ධදාස Wednesday, 06 February 2013 02:38 PM

හොඳ පින්සිදු වෙන වැඩක් මේකට සම්බන්ධ අයට මගේ ආචාරය , තෙරුවන් සරණයි (ස)

:       0       0

වික්ටර් Wednesday, 06 February 2013 09:50 AM

සභාපති තුමනි, ඔබට මල් මිටක් (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 05 February 2013 09:03 PM

මේ පුද්ගලයා සිටිය යුත්තේ ප්‍රාදේශීය සභාවේ නොවේ. පාර්ලිමේන්තුවේය. ඔබට දීර්ඝායුෂ පතමි. (ත)

:       0       0

අජිත් Wednesday, 06 February 2013 09:54 AM

මෙය සෙසු ප්‍රාදේශීය සභා වලටත් මහඟු ආදර්ශයක් වේවා(ස)

:       0       0

ඩෑම් - දෝහා Tuesday, 05 February 2013 09:06 PM

ලංකාවේ තියෙන පළාත් සභා, ප්‍රාදේශීය සභා වළින් මේ වගේ වැඩක්වත් කෙරෙනවානම් කොච්චර පිනක් ද? (ත)

:       0       0

බුද්ධික Wednesday, 06 February 2013 09:57 AM

සභාපතිතුමනි, මේ කලා වගේ තැබෑරුම් ටිකත් වැහුව නමි ඔබ නියම සභාපති.(නදී)

:       0       0

ජයරත්න Tuesday, 05 February 2013 09:13 PM

ඔබතුමාට බුදුබව ලැබේවා – මම “වහු පැටියා”

:       0       0

වීරා Tuesday, 05 February 2013 09:14 PM

මෙවැනි දේවල් කරන අයට අපෙත් සහාය ලැබෙනවා. (නි)

:       0       0

තිලින Tuesday, 05 February 2013 09:17 PM

අනේ මන්දා. (ත)

:       0       0

පෙරේරා Wednesday, 06 February 2013 10:08 AM

මෙය‍ට දායක වූ සැමට ස්තූතිය පුදමි (ස)

:       0       0

ජයා Wednesday, 06 February 2013 03:17 PM

මස්කඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල නොපවත්වන බවට සභාවේ තීරණයක් ගෙන කටයුතු කරලා මස්කඩ කතාව අවසන් කරන්න පුළුවන්නේ. ටෙන්ඩරය ගන්න යොදවන මුදල් වෙනත් වැදගත් වැඩකට යොදවන්න පුළුවන්නේ. කොහොම උනත් කරපු පින් අතේ වැඩේනම් කාටත් ආදර්ශවත් වැඩක්. (ස)

:       0       0

ආසිරි Tuesday, 05 February 2013 09:18 PM

ඔබතුමා සැමදා සභාපති වේවායැයි පතමි. (ත)

:       0       0

ප්‍රසාද් Wednesday, 06 February 2013 10:10 AM

සභාපතිතුමනි, ඔබට දීර්ඝායුෂ පතමි. (නදී)

:       0       0

සාගල Wednesday, 06 February 2013 03:21 PM

කාලෙකට පස්සේ දේශපාල‍කයෙකුගේ හොඳක් ඇහුවේ (ස)

:       0       0

පැතුම් Wednesday, 06 February 2013 10:12 AM

නියමයි! නියම ආදර්ශයක්. ලංකාවේ අයට ගොඩක් පින් සිදුවෙනවා.(නදී)

:       0       0

දිසා Tuesday, 12 February 2013 06:58 PM

ඒ වැඩේ ජාතික මෙහෙවරක් (දී)

:       0       0

ගුණපාල Tuesday, 05 February 2013 09:30 PM

සුපිරි වැඩක්. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 06 February 2013 10:16 AM

නියම වැඩක්.(නදී)

:       0       0

අක්‍රම් Wednesday, 06 February 2013 10:16 AM

හොද වැඩක්.(නදී)

:       0       0

බන්දුල Tuesday, 05 February 2013 09:33 PM

කවුද මේ රාජා රෝන් ටෝක් දානා වී නෝ ඔහෙලටත් ගෙරි මස් වානා හුසේන් නම් කම් නෑ එයාට මස් ඕනා මේවා දුටොත් කට තලයි උඹේ නෝනා (නි)

:       0       0

සජිත් Sunday, 10 February 2013 07:55 PM

මේක නම් හොද වැඩක් නෙමෙයි. වැල්ලවාය් මිනිස්සු හරක් හදන එක නතරකරයි. එතකොට වැල්ලවායෙන් ගවයෝ වද වෙලා යයි. (නදී)

:       0       0

නිත්‍යා Wednesday, 06 February 2013 10:19 AM

රට පුරා ව්‍යාප්ත විය යුතු යහපත් දෙයකි (ස)

:       0       0

කණිෂ්ක Tuesday, 05 February 2013 09:34 PM

ඉතා හොදයි. අපි හරක් මැරීම නැවත්විය යුතුයි. අනේ කරුණාකරලා කුකුල් මස් කඩයි, මාළු වෙළසැලුයි නම් වහන්න එපා.(නදී)

:       0       0

සජිත් Sunday, 10 February 2013 07:58 PM

හේරත්, ධර්මද්වීපයක් නෙමෙයි මිනිසුන්ට ජීවත්වෙන්න බැරි ද්වීපයක් වෙයි.(නදී)

:       0       0

ෂාන් Wednesday, 06 February 2013 10:22 AM

දැන්ම ඡන්දෙට ලෑස්ති වෙනවා වගේ.(නදී)

:       0       0

ෂෙර්ප් Tuesday, 05 February 2013 09:39 PM

එතකොට වැල්ල වායේ ටවුමේ තැබෑරුම් නැද්ද?(නදී)

:       0       0

ජයී තිසර Tuesday, 05 February 2013 09:47 PM

වැදගත් දවස ඊයේ පෙබරුවෙ හතරයි සැමරුවෙ ප්‍රීතියෙන් හැටපස් වැනි වසරයි නිදහස් රටක නිදහස් සිතුවිලි අතරයි. සිවුපා සතුන් ගැන සිතුවේ ඔබ විතරයි.(නදී)

:       0       0

අත්තනායන Wednesday, 06 February 2013 10:24 AM

හොද තීරනයක්. වැල්ලවායේ ජනතාවට හොද නායකයෙක්.(නදී)

:       0       0

ඉදුනිල් Wednesday, 06 February 2013 10:26 AM

සභාපතිතුමණි ඔබට කතරගම දෙවි පිහිටයි (ස)

:       0       0

පාලිත Tuesday, 05 February 2013 09:49 PM

අරමුදලක් පිහිටවනවා නම් අපිත් කැමතියි උදවුකරන්න. (නි)

:       0       0

මංජුල Wednesday, 06 February 2013 10:28 AM

ඇති විශිෂ්ට වැඩක් (දී)

:       0       0

සජිත් Sunday, 10 February 2013 08:06 PM

ලක්ෂ දහය ගැන මටත් සැකයි. හොද වැඩ කරන්න ඕනේ තමන්ගේ සල්ලි වලින්. කාගෙන්වත් පගා ගහපු සල්ලිවලින් නෙමෙයි. ඒත් මේක හොද වැඩකුත් නෙවෙයි. ජාතිවාදය අවුස්සක වැඩක්. අපේ මින්ස්සුන්ට කන්න බැරිනම් ඇයි අනිත් අයගේ අයිතිය නැතිකරන්නේ.(නදී)

:       0       0

සමන්ත Wednesday, 06 February 2013 03:51 PM

සභාපතිතුමනි ඉතාමත් වටිනා වැඩක් ! , මේ කලා වගේ තැබෑරුම් ටිකත් වැහුව නමි ඔබ නියම සභාපති.අනේ ඔබ තුමාට මේ කලා වගේ පුළුවන්නම් මුළු ලංකාවෙම මේ දේ ක්‍රියාත්මක කරන්න.හොද වැඩක්. ඔබතුමාගේ වැඩපිලිවල දිගටම පවත්වාගෙන් යන්නට හැකි වේවා යැයි එක සිතින් පතමි ,ඉතාමත් වටිනා වැඩක් ! (ස)

:       0       0

මහීන් Sunday, 10 February 2013 08:17 PM

හරියට කරනවා නම් කරන්න ඕනෑ මස් කඩ ඩෝසර් කරන එකයි. (නි)

:       0       0

චිත්‍රා Wednesday, 06 February 2013 10:35 AM

මේ වගේ හොද දේවල් රටපුරා ක්‍රියාත්මක වෙනවනම් මොනතරම් දියුණුවක් අපේ රටේ ඇති වේවිද - ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු- (ස)

:       0       0

තිලක් Wednesday, 06 February 2013 03:52 PM

ගෙරි මස් කන, විකුනන අයට මේකෙන් ගොඩක් රිදිලා වගේ. හැම හොද වැඩක්ම එක්වර කරන්න බැහැ. මේත ආරම්භයක් විතරයි.(නදී)

:       0       0

ගලබඩ-ඉතාලිය Tuesday, 05 February 2013 09:55 PM

මෙය පෙදෙසෙන් පෙදෙසට ව්‍යාප්ත කරන්න උත්සහ ගන්න.(නදී)

:       0       0

මහීෂ Tuesday, 05 February 2013 09:58 PM

තිලිණ ඔබ හරි වගේ (ද මන්දා).(නදී)

:       0       0

හේමන්ත දසනායක Wednesday, 06 May 2015 04:29 PM

ඔබ වැනි නායකයෝ රටට ආදර්ශයක් (නදී)

:       0       0

ෆයිරෝස් Wednesday, 06 February 2013 04:00 PM

ඉතාමත් හොඳ වැඩක් . මේ වගේම රටබීම සැලුත් වහන්න පුළුවන් වු‍ණොත් (ස)

:       0       0

හස්තික Tuesday, 17 June 2014 02:15 PM

ඔබට තෙරුවන් සරණයි (දී)

:       0       0

වින්ද්‍යා හසන්ති Tuesday, 17 June 2014 02:15 PM

ඔබ වැනි මිනිසුන් රටට ආඩම්බරයක්.කුමන පක්ෂයක උවත් ඔබ කරන්න ක්‍රියාව ඉතා වැදගත්.ඔබට තෙරුවන් සරණ පතමි. (දී)

:       0       0

අජිත් Wednesday, 06 February 2013 10:43 AM

කොහේ මස් කඩ වැහුවත් මල්වාන පැත්තෙනම් බැරිවෙයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1001 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 667 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1826 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 352 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 594 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1567 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38923 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site