වැල්ලවාය ප්‍රාදේශීය සභා සභාපති රෝහණ වන්නිආරච්චි මහතා ගව සම්පත රැක ගැනීමට සැබෑ ආදර්ශයක් දෙමින් වැල්ලවාය ප්‍රාදේශීය සභා ගව මස් මඩුව හා මස් කඩය පෙබරවාරි පළමුවැනිදා සිට වසා දමා වසරකට ගවයන් 2000-3000 පමණ ජීවිත බේරා දීමය ඉදිරිපත් වෙයි.
වැල්ලවාය දිගටම ගව මසින් තොර නගරයක් කරන බවත්, දැනට දුම්වැටි නොවිකුණන නගරයක් බවට පත් කර ඇති බවත් ඔහු කියයි.
මස් මඩු ටෙන්ඩරය රෝහණ වන්නිආරච්චි පදනමෙන් රුපියල් දස ලක්ෂයකට මිලට ගත්තේය.
එහෙත් මස් මඩුව හෝ මස් කඩය මේ වසරේත් දිගටම වසා තැබේ.
සභාපතිගේ මේ තීරණය ප්‍රදේශයේ සියලු විහාරස්ථානවල භික්ෂූන්ගේ ප්‍රසාදයට හේතු වෙයි.
ඌව පළාතේ ප්‍රධාන සංඝ නායක ඇතිලිවැව හිමරතන හිමියන් පැවසුයේ සභාපතිගේ තීරණයෙන් ගවයන් තුන් දහසකටත් උන්ගෙන් ලැබෙන පැටවුන්ටත් අභිය දානයක් ලෙසයි.
ගිය වසරේද වැල්ලවායේ ව්‍යාපාරික රංජන් ද සිල්වා මහතා රුපියල් ලක්ෂ 14කට ටෙන්ඩරය මිලට ගෙන මස් මඩුව හා මස් කඩය වසා දැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පිංකම්. මටත් හිතෙනවා දැන් දැන් වැල්ලවායේ ගිහින් පදිංචි වෙන්න. (ත)
මගේ හිස නමා ආචාරය! (නි)
මෙන්න ලක් පුත්තු. ඔබට සදා ජය. (ත)
අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. . . (ත)
බුදු දහමින් ඔබතුමා ආරක්ෂා කරත්වා. ත්‍රිවිධ රත්නයේ පිහිට ඔබට ලැබේවා. (ත)
මිනිස් කම කියා දුන් ඔබ සැමට බොහෝම පින් .ඔබ සැමට මාගේ උපහාරය !(ත)
මේක ඇත්තටම කරන වැඩක්නම් මමත් කැමතියි දායක වෙන්න. අරමුදලක් පිහිටුවල ඒකට සම්මාදම් ගන්න. අපිටත් ඒ පිනට එකතු වෙන්න පුළුවන්. ලංකාදීප කරුණාකර මේක මේ මහත්මයට දන්වන්න. (ත)
ශ්‍රේෂ්ඨ මිනිසෙක්. (ත)
මිනිස් කම කියා දුන් ඔබ සැමට බොහෝම පින් .ඔබ සැමට මාගේ උපහාරය ! (ත)
වැනසී යන කිරි අම්මලා බේරුවාට ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි. (ත)
හොද වැඩක්. ඔබතුමාගේ වැඩපිලිවල දිගටම පවත්වාගෙන් යන්නට හැකි වේවා යැයි එක සිතින් පතමි. (ත)
මෙහෙම කරන එකනම් වටිනවා. අඩුම තරමින් හරක් මරන එකවත් නවතන එක හොඳයි.. (ත)
විශිෂ්ඨයි...!! උදාර පිංකමක්. සසර පුරාවට නිදුක් නීරෝගී සැපසම්පත් විඳ ධර්මාවබෝධය පිණිසම හේතු වේවා...!!! (ත)
ඔබ සෑබෑ නියම මිනිසෙක්. ගව මස් නොකන සියලුම දෙනාගේ ගෞරවය ඔබට හිමි වෙනවා.
මෙන්න මිනිස්සු. (ත)
මෙන්න ආදර්ශමත් මිනිස්සු. (ත)
අනේ ඔබ තුමාට පුළුවන්නම් මුළු ලංකාවෙම මේ දේ ක්‍රියාත්මක කරන්න. (ත)
අපට ආඩම්බරයි සභාපති තුමණි! ඔබට සියලු දෙවි රැක වරනයි! (ත)
මම කිතුණු වුණත් ඔබතුමක් කළ මේ උදාර ක්‍රියාව ඉතාමත් අගය කරමි. මෙය හැමෝටම ආදර්ශයක්. අපි අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි. ඔබට දෙවි පිහිටයි. (ත)
බුදු සරණයි. (ත)
ඔබතුමාට මගේ ආචාරය. (ත)
හුඟක් පින්. (ත)
නියම නායකයෙක්. ඔබතුමාට බුදු සරණයි. කවදාහරි ලංකාවෙ ජනාධිපති වෙවායි පතනවා. (ත)
ඔබට පින්. හැමෝටම ආදර්ශයක්. ඔහොම යන්. (ත)
ඔබ මුළු ලෝකෙටම ආදර්ශයක්. තෙරුවන් සරුණයි. (ත)
කෝ තෝරාගැනීමේ නිදහස? (නි)
වෙන දිහාකට ගිහින් මස් ගෙනියිද දන්නේ නෑ. (ත)
ඔබගේ පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා. (ත)
සභාපති රෝහණ වන්නිආරච්චි මහතාටත් ව්‍යාපාරික රංජන් ද සිල්වා මහතාටත් ගොඩාක් පිං. එතුමන්ට අපි ආශිර්වාද කරමු. අපිත් සතුන්ට හරිම ආදරෙයි. අපේ නගරයේ මස් මඩුවත් වහන්න පිංවතෙක් ඉදිරිපත් වනවා නම් අපේ සතුට ඉහටත් උඩින්.(නදී)
මුදල් පසුපස හඹා යන දේශප්‍රේමීන් සිටින අපේ රටේ ඹබගේ සත්ගුනවත් ක්‍රියාව ඔවුනට ආදර්ශයක් වේවා!(නදී)
ගොක් හොඳයි. (ත)
මස් කන්නේත් නැද්ද? (ත)
ආදර්ශමත් දේශපාලකයෙක්. විශිෂ්ට වැඩක්. (ත)
නියමයි සර්, ඔබ බෞද්ධයෙක්. අපි අගය කරනවා ඔබගේ ක්‍රියාව.(නදී)
ආචාර්ය, දේශබන්දු, දේශමාන්‍ය තනතුරු දිය යුත්තේ මේ වගේ සත් භාවයෙන් කටයුතු කරන අයට.(නදී)
මේකෙන් වෙන්නේ හරකුන් මිල අඩු වෙලා කන අය වැඩිවීමයි. ?(නදී)
නියම මනුස්සයෙක්. උවේ තවමත් නියම සිංහලයො ඉන්න එක ගැන ආඩම්බරයි. බුදු සරණයි. (ත)
මස්වලට කෑදර අයගෙන් තවම විරෝධතා එල්ල වුණේ නැද්ද? ක්‍රියාව අගේ කරනවා. (ත)
මගේ ආදර මිතුර මෙය ඔබ කල ඉතා උසස් ක්‍රියාවක්.(නදී)
ඔබ තුමා උදාර නායකයෙක්.(නදී)
මේ පුද්ගලයා සිටිය යුත්තේ ප්‍රාදේශීය සභාවේ නොවේ. පාර්ලිමේන්තුවේය. ඔබට දීර්ඝායුෂ පතමි. (ත)
ලංකාවේ තියෙන පළාත් සභා, ප්‍රාදේශීය සභා වළින් මේ වගේ වැඩක්වත් කෙරෙනවානම් කොච්චර පිනක් ද? (ත)
ඔබතුමාට බුදුබව ලැබේවා – මම “වහු පැටියා”
මෙවැනි දේවල් කරන අයට අපෙත් සහාය ලැබෙනවා. (නි)
අනේ මන්දා. (ත)
ඔබතුමා සැමදා සභාපති වේවායැයි පතමි. (ත)
සුපිරි වැඩක්. (නි)
කවුද මේ රාජා රෝන් ටෝක් දානා වී නෝ ඔහෙලටත් ගෙරි මස් වානා හුසේන් නම් කම් නෑ එයාට මස් ඕනා මේවා දුටොත් කට තලයි උඹේ නෝනා (නි)
ඉතා හොදයි. අපි හරක් මැරීම නැවත්විය යුතුයි. අනේ කරුණාකරලා කුකුල් මස් කඩයි, මාළු වෙළසැලුයි නම් වහන්න එපා.(නදී)
එතකොට වැල්ල වායේ ටවුමේ තැබෑරුම් නැද්ද?(නදී)
වැදගත් දවස ඊයේ පෙබරුවෙ හතරයි සැමරුවෙ ප්‍රීතියෙන් හැටපස් වැනි වසරයි නිදහස් රටක නිදහස් සිතුවිලි අතරයි. සිවුපා සතුන් ගැන සිතුවේ ඔබ විතරයි.(නදී)
අරමුදලක් පිහිටවනවා නම් අපිත් කැමතියි උදවුකරන්න. (නි)
මෙය පෙදෙසෙන් පෙදෙසට ව්‍යාප්ත කරන්න උත්සහ ගන්න.(නදී)
තිලිණ ඔබ හරි වගේ (ද මන්දා).(නදී)
මස් කන්නම ඕනැයෑ? (නි)
නඩරාජට තරහා ගිහින් වගෙයි.(නදී)
වැල්ලවායේ පදිංචියටට එන පිරිස වැඩිවෙයි. ඒ නිසා ඉඩම් මිල වැඩිවෙයි.(නදී)
වැල්ලවායේ කිරිඅම්මලා, පුතාලා, මුනුපුරාලා පෙර පින් කර ඇති අය බවයි පෙනෙන්නේ.(නදී)
අපි දුන්න ඡන්දෙට ගරු කරලා මේවා බලලා රට හදන්න.(නදී)
මෙම ව්‍යාපෘතිය ඊලගට සුද්ද නගරවලින්ද සුද්ද විය යුතුයි.(නදී)
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි.(නදී)
ගව ඝාතන පමණක් ඇයි නවත්වන්නේ? ඇයි කුකුල් මස්? මෙයාට ගව මස් කන්න බැරි ලෙඩක් තියෙනවද දන්නේ නෑ නේද? අනෙක් සතුන්ගේ පණ පණ නොවේද? (නදී)
මුළු රටටම ආදාර්ශමත් වැඩක් (දී)
හරක් මරන්න බැහැ. අනෙක් ඕනෑ සතෙකුයි මිනිස්සුයි මරන්න පුලුවන්. (නි)
ඔය සල්ලි කොහෙන්ද? (නි)
එතකොට වැල්ලවායේ තැබෑරුම් වහන්නේ කවදද? (නි)
අනෙක් අපරාධ නවත්වන්නේ කවදාද? (නි)
විශාල පිනක්. ඔබට ජය! (නි)
ඉතා සතුටුදායක කතාවක් (දී)
ඉතින් ඔය මස් කඩේ වහලාදාන එකට වඩා හොද නැද්ද ඕකේ කිරි කඩයක් වගේ බිස්නස් එකක් පටන් ගත්තා නම්? (නි)
නියම වැඩක් සභාපති තුමනි..ඔබ සුජාත පුත්‍රයෙක්..වැල්ලවාය දිවයිනේ හොඳම නගරය කරන්න.. (ත)
ප්‍රාදේශීය සභා පාලකයින්ගේ ක්‍රියාකාරකම් පිළිකුල් වී ඇති යුගයක ඔබ කතාවෙන් නොව ක්‍රියාවෙන් කළ මේ දේ විශිෂ්ටයි. (නි)
ලංකාවේ හැම නගරයකම ඔබ වැනි ධර්මිෂ්ඨ පුද්ගලයන් බිහි වේවා. ඔබට ගොඩක් පින්. (ත)
අවංකවම හොද වැඩක්. ඔහාමම ඉදිරියට යන්න. (ත)
උතුම් ක්‍රියාවක් ඔබතුමාගෙන්. (ත)
මේ විටමින් ආහාර නැතිකරන්න එපා. අනෙක අපේ සංචාරක කර්මාන්තය ගැනත් සිතිය යුතුයි නේද? (නි)
හැම අවුරුද්දෙම මේ වගේ උදාර වැඩ දිගටම කරගෙන යන්න පුලුවන්ද? (නි)
මම කිතුණු වුණත් ඔබතුමක් කළ මේ උදාර ක්‍රියාව ඉතාමත් අගය කරමි. මෙය හැමෝටම ආදර්ශයක්. අපි අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා කළ යුතුයි. ඔබට දෙවි පිහිටයි! (නි)
මෙන්න නියම මහත්තුරු. (නි)
ශාක ප්‍රෝටීන වැඩිකරලා කිරි වලින් ස්වයංපෝෂිත වෙලා, අනිත් සියලුම මස්/මාළු බිත්තර කරවල උම්බලකඩ වගේ සත්ව ප්‍රෝටීන විකුණන එකත් ඔය වගේ නැවත්තුවොත් සම්මා දෘෂ්ටික දෙවියන් ඇතුළු ඔක්කොම ධාර්මික මිනිස්සු ඔහෙට එන්න පටන් ගන්න නිසා ඔය පැත්තේ පර්චසය ගිනි ගානකට නගීවි. (නි)
ආවත් ලෝකෙන් ගැරැහුම්- නුබයි පුතා උතුම් (ත)
අන්න ඒකටත් එක්ක කැලණිය. (ත)
මෙන්න වැඩ. ඔඹට ජය! (නි)
හොඳ වැඩක්. ලංකාවේ අනිත් ප්‍රාදේශීය සභා වලට ලොකු ආදර්ශයක්. මිනිස්සු හොද වැඩ කරන කොට විරුද්දව ඉන්න අය වැඩී. (ත)
රිස්මි, සල්ලි කොහෙන් වුණහම ඔයාට මොකද? සල්ලි වලින් වැරදි දෙයක් කරලා නැහැනේ. (නි)
හොදට බලන්න. මේ වැඩේට විරුද්ධ වෙලා තියෙන වැඩි දෙනා මුස්ලිම්. (නි)
මේ ආදර්ශය අනෙක් නගර සභාත් සිතට ගන්නවා නම් හොදයි. (නි)
රිස්මි, අහමඩ්, යූනුස් සහ ජසීමාගේ හිත රිදිලා වගේ හරක් මස් නැතුවට. (නදී)
සභාපතිතුමනි, ඔබට ගාල්ලෙන් හරසර! (නි)
නියම වැඩක් . බොහොම පින් ඒ උතුම් වැඩේට (ස)
මේවා ප්‍රාදේශීය සභාවලට පමණක් නොවේ. ලොකුම ලොකු නායකයන්ටත් හොඳ ආදර්ශ.ශේෂ්ඨ නායකයකුගේ ලක්ෂණ මතුවෙනවා.කල්පනාවෙන් කටයුතුකරන්න.සුභ සහ ජය. (ස)
මොන බොරු වැඩද මේ. මේකෙන් වෙන්නේ කළු කඩයක් නිර්මානය වෙන එකයි. මිනිස්සු දඩයමට යොමුකරන එකයි.(නදී)
දැන් වෙන්නේ සිගරට් වලට කළු කඩ නිර්මාණය වීමයි . මේ වගේ තීරණ ගන්න කලින් සමාජවිද්‍යාඥයෙක්ගෙන්වත් අහන්න ඕන (ස)
දැන් මිනිස්සු දඩමස් කයි. සිගරට් වෙනුවට ගංජා බොයි.(නදී)
මොන සමජ විශේෂඥයද මේ වගේ තීරණ අනුමත කරන්නේ.(නදී)
සමාජ විද්‍යාව ගැන අබමල් රේනුවක දැනුමක්වත් කියෙන කෙනෙක් මේ වැඩේ කරන්නේ නැහැ.(නදී)
ඉතා හොද වැඩක්. ඔබට ත්‍රිවිද රත්නයේ පිහිටයි.(නදී)
මේ පුන්‍ය කර්මයට දායක වූ සියළු දෙනාට මෛත්‍රිය පතමු.(නදී)
බුදු දහමින් ඔබතුමා ආරක්ෂා කරත්වා. ත්‍රිවිධ රත්නයේ පිහිට ඔබට ලැබේවා.(ස)
ජාති ජාතිත් ඔබට පින්.(නදී)
වැඩේ හොදයි. ඔයොම යමු. හරකුන් විතරක් නෙමෙයි කුකුලො, එළුවෝ, මාළු වන්ගේ පන ටිකත් බේරගන්න බලමු. වැඩිනම් අපනයනය කරමු. විදේශ විනිමය එනවා.(නදී)
හොද වැඩක්. ඔබේ ඉදිරි දිවියට අපේ සුභ පැතුම්.(නදී)
දැන ගැනීම පිනිසයි. තැබෑරුම් පාලනය කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන්. ප්‍රාදේශීය සභාවට ඒවා වහන්න බැහැ.(නදී)
ඔන්න බලාගන්න මිත්‍රවරුනි...හරක්මස් කෑල්ලට පෙරේත කවුද කියල..මේ කොමෙන්ටු වලින් ඒ බව මනාව පැහැදිලි වෙනවා (ස)
ඔබේ ක්‍රියාව අපි අගය කරමු..සුබ පැතුම් (ස)
හොඳ වැඩක්. අපේ සුබ පැතුම් (ස)
හොඳ වැඩක් (ස)
අප්‍රසිද්දියේ මේ වගේ හොද වැඩ කරන අය ගොඩක් ලංකාවේ ඉන්නවා.(නදී)
යූනුස්, රිෂ්මී ඔයා දෙන්නා හොද වැඩවලට අකුල් හෙලන්න එපා.(නදී)
ලක්ෂ 10 න් වැඩේ ගොඩ නේ (ස)
උදේට එලකිරි බොන අය කවදාවත් ගෙරි මස් කන්නේ නෑ (ස)
සභාපති තුමනි, ඔබට මල් මිටක් (ස)
මෙය සෙසු ප්‍රාදේශීය සභා වලටත් මහඟු ආදර්ශයක් වේවා(ස)
සභාපතිතුමනි, මේ කලා වගේ තැබෑරුම් ටිකත් වැහුව නමි ඔබ නියම සභාපති.(නදී)
මෙයට දායක වූ සැමට ස්තූතිය පුදමි (ස)
සභාපතිතුමනි, ඔබට දීර්ඝායුෂ පතමි. (නදී)
නියමයි! නියම ආදර්ශයක්. ලංකාවේ අයට ගොඩක් පින් සිදුවෙනවා.(නදී)
නියම වැඩක්.(නදී)
හොද වැඩක්.(නදී)
රට පුරා ව්‍යාප්ත විය යුතු යහපත් දෙයකි (ස)
දැන්ම ඡන්දෙට ලෑස්ති වෙනවා වගේ.(නදී)
හොද තීරනයක්. වැල්ලවායේ ජනතාවට හොද නායකයෙක්.(නදී)
සභාපතිතුමණි ඔබට කතරගම දෙවි පිහිටයි (ස)
ඇති විශිෂ්ට වැඩක් (දී)
මේ වගේ හොද දේවල් රටපුරා ක්‍රියාත්මක වෙනවනම් මොනතරම් දියුණුවක් අපේ රටේ ඇති වේවිද - ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු- (ස)
කොහේ මස් කඩ වැහුවත් මල්වාන පැත්තෙනම් බැරිවෙයි (ස)
ඉතාමත් වටිනා වැඩක් ! මේ වගේ හොද දේටත් විරුද්ද වෙන අය ඉන්නවා දැක්කම පුදුම හිතෙනවා . නුවන් , මම ඔයාගේ අදහසට සහාය වෙන්න කැමති (ස)
කුනුවී ගද ගහන දේශපාලකයින් අතරේ ඔබ ශ්‍රේෂ්ට මැනිකක්. ඔබට ජය!(නදී)
ලැබුනත් ලෝකෙන් ගැරහුම් නුඹයි පුතේ උතුම්.(නදී)
මෙය ඉදිරි දියුණුව තකා ගත් හොද ජනප්‍රිය තීරණයක්. වැල්ලවාය පැත්තේ තියෙන පුශ්නේ මස් කඩ නෙමෙයි ගංජා.(නදී)
හරක් මරන්න බැහැ. මිනිසුන් මරන්න පුළුවන්. ඔයාලා හරකට විතරක් මේ තරමි ආදරේ ඇයි?(නදී)
මිනී මරන ජරා වැඩ කරන දේශපාලකයින් අතරේ ඔබ වැදගත් මහත්තයෙක්.(නදී)
කුඩු අපේ රටේ තහනම් කියලා මිනිස්සු කුඩු බොන්නේ නැද්ද? දඩමස් තහනම් කියලා දඩමස් කන්නේ නැද්ද. ගණිකා වෘත්තිය තහනම් කියලා ගණිකාවෝ අපේ රටේ නැද්ද?(නදී)
හරක් මස් කන අන් ජාතීන් ගැනත් හිතන්න. මැදපෙරදිගත් ඌරුමස් විකුනනවා. මේකද ජාතික එකමුතුකම? (නදී)
මේවාට හුරේ දාන්නේ මිනස්සුනේ. මේවා ඡන්දෙ ගන්න කරන වැඩ.(නදී)
හොද වැඩ කරන අයට තරහකාරයො වැඩියි. කෝකටත් පරිස්සමින් සභාපතිතුමනි.(නදී)
ජනප්‍රිය තීරණයක්. හැබැයි ප්‍රායෝගික නැහැ. ගණිකාවෝ, කුඩු, දඩමස් ලංකාවේ තහනම් උනාට ඒවා නැද්ද? සමාජ විද්‍යාත්මකව අධ්‍යනය කර ආකල්ප වර්ධනයක් කරන්න. බොරු වැඩ කරන්න එපා මෙයින් වෙන්නේ කළු කඩ ඇරෙන එක.(නදී)
සරල ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් උනත් කියයි මේ වැඩෙන් කළු කඩ හැදෙන බව. බහු ආගමික, බහු ජාතික රටක බෞද්ධයෝ හරක් මස් නොකෑවට අනික් අය කනවනේ. ඇයි තමන් ගැන පමනක් හිතන්නේ.(නදී)
බහු ආගමික, බහු ජාතික, බහු සංස්කෘත රටක් කියලා ලෝකෙට ඇහෙන්න කෑගහලා වැඩක් නැහැ. බෞද්ධයෝ සහ හිංදු බැතිමතුන් නෙකෑවට අනිත් අය කන්නේ නැද්ද.(නදී)
ලංකාව බහු ජාතික රටක් නිසා මේ නීතිය සාධාරණ නැහැ.(නදී)
ඇයි මේ අන්ජාතීන්ගේ අයිතීන්වලට වැට බදින්නේ.(නදී)
ජනප්‍රිය තීන්දුවක්.(නදී)
හරක් මස් වලට කලු කඩයක් කොහේහරි හැදෙන එකයි මේකෙන් වෙන්නේ. (නි)
මෙයට දායක වූ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි (ස)
සත්තු මරණ කන එක නවත්වන්න (දී)
ලංකාවෙන් මස් කඩ ඉවත් කරන්න (දී)
මේකට කිය්නනේ අන්තවාදය කියලා. මස් කන වෙනත් ජාතීන් ලංකාවේ නැද්ද?
ඒවා වෙන්න ඕන වැඩ (දී)
සත්තු මරණ එක ලොකු පවක් (දී)
මම ලංකාදීපෙ දැක්ක ලොකුම කමෙන්ට් ගොඩ... එක හොද දේශපාලකයෙක්ගෙ එක හොද වැඩක් ගැන කොහොම සතුටක්ද මිනිස්සු ලබන්නෙ? ඒක මෙතුමාට දකින්නත් එයින්ම සිත පැහැදී තව තව මෙවන් වැඩ කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලත් පතනවා. මාකටින් වලට ඇරෙන්න අපේ රටේ අනිත් දේශපාලකයොත් මේවගේ වැඩ කරානම් කොච්චර හොදද? (ස)
දිවයිනේ සියලුම මස් කඩ වැසිය යුතුයි (ස)
ඔව් ඇත්තෙන්ම මමත් එකඟයි මෙ තීරණයට (ස)
මස් කන්න එපා (දී)
සභාවෙන් ප්‍රතිපත්ති තීරණයක් ගන්න ඉදිරියට හරක්මස් අලෙවිසැල් පවත්වාගෙන නොයන බවට. ඒ අනුව හරක් මස් අලවි කිරීම වෙනුවෙන් ටෙන්ඩර් කතා එන්නේ නැහැනේ. හරක් මස් අලවියට අදාල ටෙන්ඩර මිලදී ගන්න යොදවන මුදලින් තවත් වඩාත්ම හොඳ වැඩක් කරන්න. එවිට වැදගත් වැඩ දෙකක් වෙනවා. කොහොම උනත් පින් අතේ වැඩේනම් නියමයි. (දී)
මාරසිංහට ඔව්චර අමාරුවක් තියෙනවා නම් ගිහින් සත්තු මරලා මස් දෙන එකනේ, කවුරුත් එපා කියලා නැහැනේ. (නි)
බාර් ටිකත් වහලා දැම්මොත් නියමයි. (නි)
බෞද්ධ රටකට මස්කඩ කුමටද? තැබෑරුමුත් වහනවා නම් තවත් හොදයි. (නි)
මේක ප්‍රසිද්ධියට කරපු දෙයක්. සමාජියට ප්‍රායෝගික නැහැ. (නදී)
හුඟක් හොඳයි.තවත් කෝණයකින් බැලූවිට ඉතුරුවන ගවයින් ලබන වසරේදී දෙගුණ වේවි. මේකට පිළියමක් සොයන්න (ස)
ඔබේ ක්‍රියාව අපි අගය කරමු. මෙයට දායක වූ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.(නදී)
කුකුලු මස් කඩ, කරවල කඩ, මාලු කඩ, ඌරු මස් කඩ... මේ සියල්ල නැතිවන දින ලංකාව ධර්මද්වීපයක් වනු ඇත. (නි)
නියමයි ..............(දී)
හොඳ පින්සිදු වෙන වැඩක්. මේකට සම්බන්ධ වූ සැමට මගේ ආචාරය , තෙරුවන් සරණයි (ස)
හොඳ පින්සිදු වෙන වැඩක් මේකට සම්බන්ධ අයට මගේ ආචාරය , තෙරුවන් සරණයි (ස)
මස්කඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල නොපවත්වන බවට සභාවේ තීරණයක් ගෙන කටයුතු කරලා මස්කඩ කතාව අවසන් කරන්න පුළුවන්නේ. ටෙන්ඩරය ගන්න යොදවන මුදල් වෙනත් වැදගත් වැඩකට යොදවන්න පුළුවන්නේ. කොහොම උනත් කරපු පින් අතේ වැඩේනම් කාටත් ආදර්ශවත් වැඩක්. (ස)
කාලෙකට පස්සේ දේශපාලකයෙකුගේ හොඳක් ඇහුවේ (ස)
සභාපතිතුමනි ඉතාමත් වටිනා වැඩක් ! , මේ කලා වගේ තැබෑරුම් ටිකත් වැහුව නමි ඔබ නියම සභාපති.අනේ ඔබ තුමාට මේ කලා වගේ පුළුවන්නම් මුළු ලංකාවෙම මේ දේ ක්‍රියාත්මක කරන්න.හොද වැඩක්. ඔබතුමාගේ වැඩපිලිවල දිගටම පවත්වාගෙන් යන්නට හැකි වේවා යැයි එක සිතින් පතමි ,ඉතාමත් වටිනා වැඩක් ! (ස)
ගෙරි මස් කන, විකුනන අයට මේකෙන් ගොඩක් රිදිලා වගේ. හැම හොද වැඩක්ම එක්වර කරන්න බැහැ. මේත ආරම්භයක් විතරයි.(නදී)
ඉතාමත් හොඳ වැඩක් . මේ වගේම රටබීම සැලුත් වහන්න පුළුවන් වුණොත් (ස)
රොෂාන්ගේ කියමන නියමයි. නමුත් අර සුගත්ට මොකක්ද හැදිලා තියෙන පිස්සුව? (නි)
නියමයි මාරසිංහ. මම ඔබට එකගයි. (නි)
දැන්න වැල්ලවාය මිනිසුන්ට වඩා හරක් බෝවෙනවා.(නදී)
ඔබගේ උදාර ක්‍රියාව නිසා පාඩු ලබන අයගෙන් බේරිලා ඉන්න. අද මේ රටේ මිනී මරන එක ලොසින්ජරයක් කනවා වගේ පහසුයි. ඔබ තුමාට කතරගම දෙවි පිහිටයි.(නදී)
අනෙකුත් ප්‍රාදේශීය සභාපත්වරුන්ට ආදර්ශයක් වේවා!(නදී)
මේ ලැබිලා තියෙන ප්‍රතිචාර වලින්ම පේනවා නේද මේක කොච්චර උතුම් වැඩක්ද කියලා? (නි)
අයියෝ! වැල්ලවායේ තම්බි ජනතාව? (නි)
හසාන් එහෙනම් ගෑණු සත්තුයි පිරිමි සත්තුයි දෙගොල්ලම පැටව් ගහන්න ඕනා. ඔයාලගෙ පැත්තෙ එහෙම වෙන්නැති. (නදී)
මේ වගේ අනෙත් අයත් බුද්ධිමත්ව සිතනවා නමි බුද්ධිමතුන් පිරුණු රටක් ඉදිරියෙදි ගොඩනැගෙයි.(නදී)
ඔබේ ක්‍රියාව නියමයි.(නදී)
ඉස්සෙල්ලාම ගණිකා මඩම්, තැබෑරුම් වහලා ඉන්න එපැයි. (නි)
නියමයි මහත්තයෝ. වැදූ අමිමට නය නැති පුතෙක්.(නදී)
මේක නම් හොද වැඩක් නෙමෙයි. වැල්ලවාය් මිනිස්සු හරක් හදන එක නතරකරයි. එතකොට වැල්ලවායෙන් ගවයෝ වද වෙලා යයි. (නදී)
හේරත්, ධර්මද්වීපයක් නෙමෙයි මිනිසුන්ට ජීවත්වෙන්න බැරි ද්වීපයක් වෙයි.(නදී)
ලක්ෂ දහය ගැන මටත් සැකයි. හොද වැඩ කරන්න ඕනේ තමන්ගේ සල්ලි වලින්. කාගෙන්වත් පගා ගහපු සල්ලිවලින් නෙමෙයි. ඒත් මේක හොද වැඩකුත් නෙවෙයි. ජාතිවාදය අවුස්සක වැඩක්. අපේ මින්ස්සුන්ට කන්න බැරිනම් ඇයි අනිත් අයගේ අයිතිය නැතිකරන්නේ.(නදී)
හරියට කරනවා නම් කරන්න ඕනෑ මස් කඩ ඩෝසර් කරන එකයි. (නි)
හොද දේ අගය කරන්න පුරුදු වෙන්න. (නි)
ආශා, මොහු කළ කාර්යය ගැන ප්‍රශංසා කරන්න. (නි)
ආශා, මෝඩ කතා කියන්න එපා. (නි)
මුස්ලිම් අයට තරහා යයිවද්ද? (නි)
වැල්ලවායේ තරු පහේ හෝටල් නැති නිසා හොදයි. නැත්නම් පෝය දවසට මුලු නගරෙම වැහුවත් ඕනෑම තරු පහේ හෝටලයකින් අවශ්‍ය ඕනෑම දෙයක් ගන්න පුලුවන්. (නි)
හැබැයි තැබෑරුමුත් වහන්න වේවි. (නි)
මස් කඩ වහන්න කලින් පරිසර චක්‍රය පිළිබදව දැනුවත් වී සිටිය යුතුයි. (නි)
හොද වැඩක් (දී)
ඒ වැඩේ ජාතික මෙහෙවරක් (දී)
මෙවන් පුතුන් නැවත නැවත ඉපදේවා. ඔබ වැනි කෙනෙකුට බාදා ඕනි තරම් ඇති, ඒත් කවදාවත් පසු බහින්න එපා.(නදී)
ඔබට තෙරුවන් සරණයි (දී)
ඔබ වැනි මිනිසුන් රටට ආඩම්බරයක්.කුමන පක්ෂයක උවත් ඔබ කරන්න ක්‍රියාව ඉතා වැදගත්.ඔබට තෙරුවන් සරණ පතමි. (දී)
ඔබ වැනි නායකයෝ රටට ආදර්ශයක් (නදී)
ඔබ ඔබේ ජීවිතයට කොච්චර ආදරෙයිද ? ඒ වගේම සියුලු දෙනාට ආදරය කරන්න (නදී)
හරක් විතරයි එත්කොට පවු..කුකුලු එලුවො ඌරො සත්තු නෙමේද??දඩයමේ ගිහින් කොච්චර සත්තු දඩයම් කරනවද? මිනිස්සුන්ව කොච්චර මරනවද ලංකාවෙ.ගව ඝාතනය හොදයි කියනව නෙමේ ඕක නැවැත්තුවහම ඔයිට වඩා ප්‍රශ්න වැඩි වෙන එකයි වෙන්නෙ. කිරි කර්මාන්තෙට්ම සෑහෙන්න පාඩුයි ඕකෙන්...(අ)
ඔබ ලෝකෙටම ආදර්ශයක්