IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වැලිවේරියේ වෙඩි කෑ අයට ගමෙන් පිහිට

 වැලිවේරිය රතුපස්වල ජල ගැටළුව වෙනුවෙන් පැවති උද්ඝෝෂණයේදී  ගැමියන් හා යුද හමුදාව අතර ඇතිවු ගැටුමෙන්  වෙඩි වැදී  පුර්ණ ආබාධිත තත්වයට පත්වී අසරණ වූ  පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්  ශිෂ්‍යත්ව අරමුදලක් අද  වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනයේදී ඇරඹීය.

රතුපස්වල, නැඳුන්ගමුව, ඌරුවල, වැලිවේරිය ආදී ගම්  කිහිපයක ගම්වාසීන් එක්ව පිහිටුවා ගත් ‘සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය‘ මගින් මේ  ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවා ඇත.

එය සංකේතවත් කරමින් ගැටුමෙන්  මිය ගිය  ගම්පොළ නිලන්ත පුෂ්පකුමාර ගේ වයස අවුරුදු දෙකක් වූ පුතු ගේ නමින්ද,  වෙඩි වැදීමෙන් උකුල් ඇටය ඉවත් කර පුර්ණ ආබාධිත තත්වයට පත් වූ හිටපු යද හමුදා සෙබලෙකු ද වු  වැලිවේරියේ මෙලන් පෙරේරාගේ නමින් ද    බැංකු ගිනුම් අරඹා මුදල් තැන්පතු බැංකු පොත් ඔවුනට  පිරිනමනු ලැබීය.

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගැමියන් හා යුද හමුදාව අතර පසුගිය අගෝස්තු පළමු වැනිදා ඇති වූ ගැටුමේදී  පාසැල් සිසුන් දෙදෙනෙක් හා ඇගළුම් සේවකයෙක්  මිය ගියහ. තවත් විසි හය දෙනෙක්    තුවාල ලැබූහ. ඒ අතර පුර්ණ ආබාධිත තත්වයට පත් වුවෝ දෙදෙනෙක් ද සිටිති.

සියනෑ පරිසරය සුරැකීමේ  ඒකාබද්ධ සංවිධානයේ සභාපති රෝහණ වික‍්‍රම ආරච්චි, ප‍්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා යන මහත්වරු ඇතුළු සාමාජිකයෝ සහ  ගම්වාසීහු අද  උදේ 8.30ට පමණ වැලිවේරිය කාන්ති ක‍්‍රිඩාංගනය ඉදිරිපස ඇති සුසාන භූමියේ මිහිදන් කර ඇති වෙඩි වැදී මිය ගිය පාසැල් සිසුන් දෙදෙනා වන අකිල දිනේෂ් සහ රවිඳු රවිශාන් ගේ සොහොන්වලට පුෂ්ප උපහාර දක්වා ඉටිපන්දම් දැල්වූහ.

එම අවස්ථාවේ  සියලු දෙනාගේ දෙනෙත් කඳුලින් තෙත්වී තිබිණි. 

මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා  සිද්ධියෙන් මිය ගිය ඇගළුම් සේවක  ගම්පොළ නිලන්ත පුෂ්පකුමාරගේ බිරිඳ වයි.එම් නිශංසලා, පුතු තිමීෂ නිසාද් සමග ඔහුගේ මවත් සහෝදරියත් ගම්පොළ සිට පැමිණ සිටියහ.

සැමරුම්  උළෙලේ ප‍්‍රධාන  ආරාධිතයා ලෙස ගම්පහ කොට්ඨාස  භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ඩී කෙමෙසාරු මහතා සහභාගී වු අතර ගම්පහ කොට්ඨාස තුන භාර සහකාර පොලිස් අධිකාරී  චන්දන කොඩිතුවක්කු මහතා ද ආරාධිතයෙක් ලෙස එහි පැමිණ සිටියහ.

උත්සවයට පක්ෂ  විපක්ෂ කිසිදු දේශපාලනඥයකුට ආරාධනා කර තිබුණේ නැත.

සියනෑ පරිසර සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය පැවසුවේ  වෙඩි වැදි ආබාධිතව අසරණ වුවන්ට වන්දියක් ලබා දීම සඳහා මෙතෙක් රජය හෝ කිසිඳු දේශපාලන පක්ෂයක්  ක‍්‍රියාකර නොමැති බැවින් ප‍්‍රදේශයේ ධානපතියන් කිහිපදෙනෙකු  පරිසර කමිටුව මාර්ගයෙන්  උදව් උපකාර කීරම සඳහා මුදල් ලබා දීමට ඉදිරිපත් වු බැවින්  එය යුතුකමක් කොට සලකා  මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටවු බවයි.

පූර්ණ  අබාධිත තත්වයට පත්වූ මෙලන් පෙරේරා මහතාට  ත‍්‍රී රෝද රියක් ගෙවීමේ ක‍්‍රමයට ලබා ගෙන තිබු අතර ඔහුට වෙඩි වැදීම නිසා එය නිසියාකාරව ගෙවිමට නොහැකවී තිබිණි. මෙම අරමුදල මගින් මෙලන් පෙරේරාගේ ත‍්‍රීරෝද රියේ වාරික සියල්ල ගෙවා දමා ඔහුගේ ත‍්‍රීරෝද රිය නිදහස් කර දෙන බව ද ඔවුහු කීහ.

මෙහිදී මියගිය නිලන්ත පුෂ්ප කුමාර මහතාගේ බිරිඳ වන වයි.එම් නිසංසලා මහත්මිය පැවසූවේ සැමියා මිය යාමෙන් සැමියාගේ  මවත් සමග තමාත් දරුවාත් ඉතා අසරණ තත්වයට පත් වු බවත් වැලිවේරියේ  රතුපස්වල ජනතාව තමන් අමතක නොකට කළ මේ උපකාරයට පින් සිදු වන බවත්ය.

පුර්ණ ආබාධිත තත්වයට පත්ව ඇති මෙලන් පෙරේරා මහතා පැවසුවේ ඉදිරි ජිවිත කාලයම තමන්ට රැුකියාවක් කර ගත හැකි තත්වයක් ගැන සිතා ගැනීමට නොහැකි බැවින් ගම්වාසීන් මෙසේ උදව් කිරීම යම් තරමක සැනසීමක් බවයි.

සැමරුම්  උළෙල හා ශිෂ්‍යත්ව ප‍්‍රධානය අවසානයේ ශිෂ්‍යත්ව අරමුද තර කර ගැනීම සදහා පාපන්දු තරගයක් ද පැවැත්විණි.

ගම්වාසීහු විශාල පිරිසක් ඊට සහභාගී වූ අතර සියලු කටයුතු සාමකාමීව සිදු කැරිණි.

 



අදහස් (0)

වැලිවේරියේ වෙඩි කෑ අයට ගමෙන් පිහිට

දහම් Sunday, 05 January 2014 06:53 PM

දිරිය කොන්ද ඇති මිනිස්සු ටිකක්.(ත)

:       0       0

තරංග,අබුඩාබි Sunday, 05 January 2014 07:06 PM

කෝ අර හාමුදුරුවෝ වැඩියේ නැද්ද ? (ත)

:       0       0

කැළුම් Monday, 06 January 2014 10:12 AM

මෙම ප්‍රදේශයේ ජල ගැටලුවේදී නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ඩී කෙමෙසාරු මහතා ඇතුළු පොලිස් නිලදාරීන් ඉතා විශාල මෙහෙයක් කල බව අමතක කරන්න එපා. (නදී)

:       0       0

ධම්මික, Monday, 06 January 2014 10:31 AM

කර්මාන්ත ශාලාව ගලවන අතරේ ඔය වගේ දේවල් කරලා මිනිස්සු ඔක්කොම තව තවත් එකමුතු වන එක තමා හොද මොකද කර්මාන්ත ශාලාව බාගයක් ගලවල නතර උනොත් මිනිස්සු එකමුතුව හිටියහම කර්මාන්ත ශාලාවේ අයට ඕක ඔතනින් අරන් යන්නම වෙනවා.(නදී)

:       0       0

සුකිරි Monday, 06 January 2014 10:32 AM

අැයි පොලිසිය මේකට ගාව ගත්තේ. එයාලා නේද හමුදාව ගෙන්නුවේ.(නදී)

:       0       0

සුමිත්‍රා Sunday, 05 January 2014 08:35 PM

මුළු රටම කෝලම් මඩුවක් වගේ (දී)

:       0       0

සත්‍යයා Monday, 06 January 2014 10:44 AM

ජීවත්වීමේ අයිතිය අහිංසකයින්ගෙන් උදුරාගත් නිලධාරීන් මියගිය අයට "සැලියුට්" කරනවා. ජීවත් වුන කාලයේදී ඔය සැලියුට් එක ගැහැව්වා නම් ඒ දරුවෝ තවමත් ජීවතුන් අතර.(නදී)

:       0       0

සාගර Monday, 06 January 2014 11:10 AM

කාගේදෝ මෝඩ තීරණයනට හමුදාව කරගැහුවා. පොලිසිය මග ඇරිය නිසා පොලිසියට ගමෙන් ප්‍රශ්ණයක් නැහැ.(නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 07 January 2014 09:53 AM

රතුපස්වල කොල්ලන්ට කෙල්ලන්ට කාලයක් තිස්සේ බැනපු බන්දුල පෙරේරා නැද්ද දැන්. ප්‍රතිචාරයක් දාන්නකෝ බලන්න. (නදී)

:       0       0

මනෝජ් ප්‍රසන්න Monday, 06 January 2014 12:06 PM

ඇත්තටම සියලු දෙනාම එකතුවී කලාවූ ඒ මහගු කාර්‍යට ස්තුතියි.(නදී)

:       0       0

සරත් නානායක්කාර Sunday, 05 January 2014 10:25 PM

ඉතාමත් හොඳ වැඩක් (දී)

:       0       0

චානක් Sunday, 05 January 2014 11:20 PM

බොහොම වටිනා සත් ක්‍රියාවක් (දී)

:       0       0

අශා Monday, 06 January 2014 12:35 AM

දේශපාලනය නම් එපා මේ ගමට (දී)

:       0       0

සරත් අතාවුද Sunday, 05 January 2014 02:25 PM

ඔන්න නියම වැඩක් කරලා තියනවා. දේශපාලනඥයෝ නැති එකමුතු කමේ වැඩක්. මගේ ප්‍රණාමය (ත)

:       0       0

රන්ජන් - ඉන්දියාව Sunday, 05 January 2014 02:32 PM

එකමුතුකම සැමදාම පවතීවා...... (ත)

:       0       0

ජගත් ලියනගේ Sunday, 05 January 2014 02:57 PM

ඉතාමත් හොද වැඩක්. වැලිවේරියේ මිනිස්සු කල ගුණ දන්නා උසස් මිනිස්සු කොට්ටාසයක්. (ත)

:       0       0

අසාද් Monday, 06 January 2014 08:01 AM

මේ පොලිසියේ අය මොකටද මෙතනට ගාව ගත්තේ? (නදී)

:       0       0

ප්‍රමුඛ. Sunday, 05 January 2014 04:29 PM

ඉතාමත් හැඟුම් බර සංවේදී මොහොතක්. දැන් පරීක්ෂණ කෝ? (ත)

:       0       0

සකුරු Sunday, 05 January 2014 04:37 PM

නීතිය ඉටු කරන්නත් පියවර ගන්න. (ත)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 05 January 2014 04:48 PM

අහිංසකයෝ වතුර ඉල්ලලා කර ගත්ත හදියක්! (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 975 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 680 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 805 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1353 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 542 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 160 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site