වැලිවේරිය රතුපස්වල ජල ගැටළුව වෙනුවෙන් පැවති උද්ඝෝෂණයේදී ගැමියන් හා යුද හමුදාව අතර ඇතිවු ගැටුමෙන් වෙඩි වැදී පුර්ණ ආබාධිත තත්වයට පත්වී අසරණ වූ පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් අද වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනයේදී ඇරඹීය.
රතුපස්වල, නැඳුන්ගමුව, ඌරුවල, වැලිවේරිය ආදී ගම් කිහිපයක ගම්වාසීන් එක්ව පිහිටුවා ගත් ‘සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය‘ මගින් මේ ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවා ඇත.
එය සංකේතවත් කරමින් ගැටුමෙන් මිය ගිය ගම්පොළ නිලන්ත පුෂ්පකුමාර ගේ වයස අවුරුදු දෙකක් වූ පුතු ගේ නමින්ද, වෙඩි වැදීමෙන් උකුල් ඇටය ඉවත් කර පුර්ණ ආබාධිත තත්වයට පත් වූ හිටපු යද හමුදා සෙබලෙකු ද වු වැලිවේරියේ මෙලන් පෙරේරාගේ නමින් ද බැංකු ගිනුම් අරඹා මුදල් තැන්පතු බැංකු පොත් ඔවුනට පිරිනමනු ලැබීය.
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගැමියන් හා යුද හමුදාව අතර පසුගිය අගෝස්තු පළමු වැනිදා ඇති වූ ගැටුමේදී පාසැල් සිසුන් දෙදෙනෙක් හා ඇගළුම් සේවකයෙක් මිය ගියහ. තවත් විසි හය දෙනෙක් තුවාල ලැබූහ. ඒ අතර පුර්ණ ආබාධිත තත්වයට පත් වුවෝ දෙදෙනෙක් ද සිටිති.
සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ සභාපති රෝහණ වික‍්‍රම ආරච්චි, ප‍්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා යන මහත්වරු ඇතුළු සාමාජිකයෝ සහ ගම්වාසීහු අද උදේ 8.30ට පමණ වැලිවේරිය කාන්ති ක‍්‍රිඩාංගනය ඉදිරිපස ඇති සුසාන භූමියේ මිහිදන් කර ඇති වෙඩි වැදී මිය ගිය පාසැල් සිසුන් දෙදෙනා වන අකිල දිනේෂ් සහ රවිඳු රවිශාන් ගේ සොහොන්වලට පුෂ්ප උපහාර දක්වා ඉටිපන්දම් දැල්වූහ.
එම අවස්ථාවේ සියලු දෙනාගේ දෙනෙත් කඳුලින් තෙත්වී තිබිණි.
මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා සිද්ධියෙන් මිය ගිය ඇගළුම් සේවක ගම්පොළ නිලන්ත පුෂ්පකුමාරගේ බිරිඳ වයි.එම් නිශංසලා, පුතු තිමීෂ නිසාද් සමග ඔහුගේ මවත් සහෝදරියත් ගම්පොළ සිට පැමිණ සිටියහ.
සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ඩී කෙමෙසාරු මහතා සහභාගී වු අතර ගම්පහ කොට්ඨාස තුන භාර සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ද ආරාධිතයෙක් ලෙස එහි පැමිණ සිටියහ.
උත්සවයට පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලනඥයකුට ආරාධනා කර තිබුණේ නැත.
සියනෑ පරිසර සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය පැවසුවේ වෙඩි වැදි ආබාධිතව අසරණ වුවන්ට වන්දියක් ලබා දීම සඳහා මෙතෙක් රජය හෝ කිසිඳු දේශපාලන පක්ෂයක් ක‍්‍රියාකර නොමැති බැවින් ප‍්‍රදේශයේ ධානපතියන් කිහිපදෙනෙකු පරිසර කමිටුව මාර්ගයෙන් උදව් උපකාර කීරම සඳහා මුදල් ලබා දීමට ඉදිරිපත් වු බැවින් එය යුතුකමක් කොට සලකා මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටවු බවයි.
පූර්ණ අබාධිත තත්වයට පත්වූ මෙලන් පෙරේරා මහතාට ත‍්‍රී රෝද රියක් ගෙවීමේ ක‍්‍රමයට ලබා ගෙන තිබු අතර ඔහුට වෙඩි වැදීම නිසා එය නිසියාකාරව ගෙවිමට නොහැකවී තිබිණි. මෙම අරමුදල මගින් මෙලන් පෙරේරාගේ ත‍්‍රීරෝද රියේ වාරික සියල්ල ගෙවා දමා ඔහුගේ ත‍්‍රීරෝද රිය නිදහස් කර දෙන බව ද ඔවුහු කීහ.
මෙහිදී මියගිය නිලන්ත පුෂ්ප කුමාර මහතාගේ බිරිඳ වන වයි.එම් නිසංසලා මහත්මිය පැවසූවේ සැමියා මිය යාමෙන් සැමියාගේ මවත් සමග තමාත් දරුවාත් ඉතා අසරණ තත්වයට පත් වු බවත් වැලිවේරියේ රතුපස්වල ජනතාව තමන් අමතක නොකට කළ මේ උපකාරයට පින් සිදු වන බවත්ය.
පුර්ණ ආබාධිත තත්වයට පත්ව ඇති මෙලන් පෙරේරා මහතා පැවසුවේ ඉදිරි ජිවිත කාලයම තමන්ට රැුකියාවක් කර ගත හැකි තත්වයක් ගැන සිතා ගැනීමට නොහැකි බැවින් ගම්වාසීන් මෙසේ උදව් කිරීම යම් තරමක සැනසීමක් බවයි.
සැමරුම් උළෙල හා ශිෂ්‍යත්ව ප‍්‍රධානය අවසානයේ ශිෂ්‍යත්ව අරමුද තර කර ගැනීම සදහා පාපන්දු තරගයක් ද පැවැත්විණි.
ගම්වාසීහු විශාල පිරිසක් ඊට සහභාගී වූ අතර සියලු කටයුතු සාමකාමීව සිදු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම වටිනා සත් ක්‍රියාවක් (දී)
රතුපස්වල කොල්ලන්ට කෙල්ලන්ට කාලයක් තිස්සේ බැනපු බන්දුල පෙරේරා නැද්ද දැන්. ප්‍රතිචාරයක් දාන්නකෝ බලන්න. (නදී)
ඇත්තටම සියලු දෙනාම එකතුවී කලාවූ ඒ මහගු කාර්‍යට ස්තුතියි.(නදී)
කාගේදෝ මෝඩ තීරණයනට හමුදාව කරගැහුවා. පොලිසිය මග ඇරිය නිසා පොලිසියට ගමෙන් ප්‍රශ්ණයක් නැහැ.(නදී)
ජීවත්වීමේ අයිතිය අහිංසකයින්ගෙන් උදුරාගත් නිලධාරීන් මියගිය අයට "සැලියුට්" කරනවා. ජීවත් වුන කාලයේදී ඔය සැලියුට් එක ගැහැව්වා නම් ඒ දරුවෝ තවමත් ජීවතුන් අතර.(නදී)
අැයි පොලිසිය මේකට ගාව ගත්තේ. එයාලා නේද හමුදාව ගෙන්නුවේ.(නදී)
කර්මාන්ත ශාලාව ගලවන අතරේ ඔය වගේ දේවල් කරලා මිනිස්සු ඔක්කොම තව තවත් එකමුතු වන එක තමා හොද මොකද කර්මාන්ත ශාලාව බාගයක් ගලවල නතර උනොත් මිනිස්සු එකමුතුව හිටියහම කර්මාන්ත ශාලාවේ අයට ඕක ඔතනින් අරන් යන්නම වෙනවා.(නදී)
මෙම ප්‍රදේශයේ ජල ගැටලුවේදී නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ඩී කෙමෙසාරු මහතා ඇතුළු පොලිස් නිලදාරීන් ඉතා විශාල මෙහෙයක් කල බව අමතක කරන්න එපා. (නදී)
මේ පොලිසියේ අය මොකටද මෙතනට ගාව ගත්තේ? (නදී)
දේශපාලනය නම් එපා මේ ගමට (දී)
ඔන්න නියම වැඩක් කරලා තියනවා. දේශපාලනඥයෝ නැති එකමුතු කමේ වැඩක්. මගේ ප්‍රණාමය (ත)
ඉතාමත් හොඳ වැඩක් (දී)
මුළු රටම කෝලම් මඩුවක් වගේ (දී)
කෝ අර හාමුදුරුවෝ වැඩියේ නැද්ද ? (ත)
දිරිය කොන්ද ඇති මිනිස්සු ටිකක්.(ත)
අහිංසකයෝ වතුර ඉල්ලලා කර ගත්ත හදියක්! (ත)
නීතිය ඉටු කරන්නත් පියවර ගන්න. (ත)
ඉතාමත් හැඟුම් බර සංවේදී මොහොතක්. දැන් පරීක්ෂණ කෝ? (ත)
ඉතාමත් හොද වැඩක්. වැලිවේරියේ මිනිස්සු කල ගුණ දන්නා උසස් මිනිස්සු කොට්ටාසයක්. (ත)
එකමුතුකම සැමදාම පවතීවා...... (ත)