වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ පොලිස්පති නියෝගයෙන් නොවන බවත්, වැලිවේරිය ගැටුම ඇතිවීමට දෙදිනකට පෙර රතුපස්වලට හමුදාව කැඳවූයේ පොලිස්පතිගේ ඉල්ලීම මත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ පොලිස්පති නියෝගයෙන් නොවන බවත්, වැලිවේරිය ගැටුම ඇතිවීමට දෙදිනකට පෙර රතුපස්වලට හමුදාව කැඳවූයේ පොලිස්පතිගේ ඉල්ලීම මත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ල හිටපු එක්කනට රටත් අත ඇරලා යන්න උනේ මේ වගේම ප්‍රකාශයක් කරලා නේද? (අ)
ඉෂාන් මහත්තයෝ..තමන්ගේ ගැටළු විසදගන්න අනුන්ට ගැටළු ඇතිකරවන්නේ කුහක අර්ත්මර්තකමී මිනිස්සු..මේ වතුර බීල ඉස්පිරිතාලෙකට ගිය එකෙක් ගැනවත් මමනම් අහල නැහැ..මෙයට වඩා ජරා වතුර බොන වතුර ඇත්තෙම නැති මිනිස්සු ලංකාවේ ගොඩක් පැතිවල අපාදුක් විදගෙන ඉන්නවා..එ මිනිස්සු එහෙමනම් මහපාරවල් මැද ගිනිතිය ගන්න ඕන..(ත)
බන්දුලට දුක හිතිලා තියෙන්නේ පැයක් පාර දෙපැත්තේ හිරවෙලා හිටි අය ගැන විතරයි. පැය දහස් ගාණක් තිස්සේ වස වතුර බීපු මිනිස්සු ගැන දුක නැහැ. අහෝ බන්දුල නොදිටි මනුස්සකම. (නි)
බන්දුල මේ කර්මාන්ත ශාලාව ඔයාගේ ගමට ගෙනියන්න කියල වගකිවයුත්තන් ගෙන් ඉල්ලීමක් කරන්න.බෑ කිව්වොත් මාරාන්තික උපවාසයක් පටන් ගන්න. මෙතන ඔයාට විරුද්ධව අදහස් පළ කරන හැමෝම එනවා ඔයාගේ උදව්වට. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා ඒකාන්තයි. (අ)
බන්දුල පෙරේරා කියන කෙනා, රතුපස්වල සිදුවීම සොයන්න පත් කළ කණ්ඩායමට ඇතුලත් නොකළ එක රජය කරන ලද මහා මෝඩකමක්. එහෙම දැම්මා නම් මෙලහකට මේකෙට "එක්කෝ මුට්ටිය, නැත්නම් එළුවා" න්‍යායෙන්ම එයාගේ තීන්දුව ගන්න තිබුන. අපරාදේ. (ස)
මේ තරම් මේ ප්‍රශ්නයකදී රජය නිහඩ වීම තමයි මහත්තුරුනේ අපේ ප්‍රශ්නය. මේ උද්ඝෝෂණ වලට මිනිස්සු මෙහෙයවපු අය හොයලා, අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ මොකද? මේක සාමකාමී ජනජීවිතයට බාධා නොවන සාමකාමී උදඝෝෂණයක් වුණා නම් හමුදාව එතනට එන්නෙත් නැහැ,මේ මිනිස්සු මැරෙන්නෙත් නැහැ.මේක පුදුම ලෝකයක්නේ.මේ සිදුවීම මානුෂිකව අර්ථ දක්වන්න හදන අයව පාරවල් දෙපැත්තේ පැයක් හිරකරවලා තිබුණා නම් ඔවුන් ඔය ශ්‍රී මුඛ වලින් පතුරු අරින්නෙත් රජයයි, පොලිසියයි, හමුදාවයිම තමයි (නි)
හමුදාව යැවුවේ කව්ද කියල මුළු රටම දන්නවා .නමුත් හැම කෙනාම ඒක කියන්න බය කමට තමයි අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියල .(දිල්)
සිරි ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙක් අධිකරණයට බොරු කියල ඔප්පු උනොත් අධිකරණයට අපහස කල කියල දඩුවම් දෙනවනේ. අපි දැන් බලගන ඉමු මොකද වෙන්නේ කියල.මේකත් ජෙනරාල්ගේ නඩුව දුමින්දගේ නඩුව වස් ගුණවර්ධනගේ නඩුව තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ නඩුව වගේ නොවේව කියල පතමි. බන්දුල පෙරේරා සහ ලලිත්ගේ ප්‍රදේශ වලට මෙම කර්මාන්ත ශාලාව ගෙනියන්න කියල මම රජයෙන් ඉල්ලා සිටිමි.මොකද ඔවුන්ට මෙම ජල ගැටළු ප්‍රශ්න නොවේ. (දිල්)
හමුදාව යවපු එක නෙමෙයි ප්‍රශ්නය. හමුදාවේ සමහර අය එදා හැසිරුණ විදියයි වැරදි. ඒ ගැන පත්තර වල විස්තර තිබුනා. ඒ සෙබළු ගැන හොයන්න ඕනෑ. ඇයි ඒක නොකරන්නේ? (නි)
රතුපස්වල සිද්ධිය මුල සිටම මෙනෙහි කරලා බැලුවම ටිකෙන් ටික ගොඩ නැගුනු කථාන්තරයක්. මේ සිද්ධියට ඉතාමත් පහසුවෙන් විසදුම් දෙන්න පුලුවන් ආයතන හා පුද්ගලයින් රටේ සිටියදි,විසදන්න ක්‍රමවේද තිබියදි නිකරුනේ දිග්ගස්සා ගත්තා. යුද්ධයට විසදුමක් දුන්න රජයක් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න අසමත් වුණේ ඇයි?මේ සිද්ධිය අනාගත සිදුවීම් වලට අත්දැකීමක් කර ගන්නවා නම් කාට කාටත් හොදයි. (නි)
මේක කාගේ වැඩක්ද කියලා අපිට පහසුවෙන්ම හිතාගන්න පුළුවන් (නි)
කතාව ඇත්ත නේන්නම්. පොලිස්පතිට කොහෙද බලයක් තියෙන්නේ හමුදාව කැඳවන්න? (නදී)
බන්දුල, පාරවල් හරස් කරන්න පෙලඹවූ, හමුදාවට මහජන දේපල වලට පහර දෙන්න මිනිස්සු පෙලඹවූ, මේවාට නායකත්වය ගත් පුද්ගලයින් ඉන්නවා නම් ඒ අය හෙළිකරලා මොකටද, අත්අඩංගුවට ගන්නවා මිස. ඔයාගේ කතා ඔයාටම හොදයි (නි)
රටක විනය සහ නිතීය කියන්නේ මිනිසුන්ව වෙඩි තියලා මරලා රකින්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දැක්කා බොහෝ දෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙන හැටි. දඩුවම් දීලා විනය රැකගත් හැටි. ලලිත් කියන පුද්ගලයා හරියට කතා කරන්නේ පාරක් වහලා තිබුණු එකම උද්ඝෝෂණය මේක පමණයි වගේ. අනේ මන්දා ඉතින්, නින්දෙන් නැගිටලා වගේ කතා කරන ඔයාලා වගේ අය ගැන මොන කතාද?? (නි)
අපිට පරචිත්ත විඥානය නැති එක තමයි මේ සියල්ලටම මුල (නි)
ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බලයේ ඉන්න පාලකයින් අපොහොසත් නම් ජනතාව ට පාරට බහිනවා හැර වෙන විකල්පයක් නැති බව තේරුම් ගන්න බැරි මෝඩයොත් මේවා ට ලියනවා. පොලිසියයි හමුදාවයි ජනතාව ට විරුද්ධ උනා නොව කොඳු නාරටි නැති පාලකයෝ "උරාගෙ මස් ඌර පිටම තියල කපපු වැඩක්" බව තේරුම් ගන්න මේ දෙව්දත්තයන්න්ට තව කොපමණ කලක් යයිද දන්නේ නැහැ. (අ)
මම කිව්වේ. ඇත්තටම හමුදාව යවපු කෙනා මේවා බලාගෙන හොඳටම හිනහ වෙනවා ඇති කියල. බොරුද? (අ)
කතා නොකරන එක නෙමෙයි ප්‍රශ්නය බන්දුල පෙරේරා. ඔය කියන දේවල් වුණා නම් එහෙම නායකත්වයක් තිබුනා නම් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නේ නැත්තේ මොකද කියන එකයි. අනික ඔයත් කියන්නේ නැහැනේ කව්ද ඒ අය කියලා. (නි)
රටක දියුණුවට විනයක් අවශ්‍යයි. නීතියක් අවශ්‍යයි. විරෝධතා තියනවා කියල රටේ තිබෙන ප්‍රධානම පාර මැද ඉඳගෙන එය අවහිර කළවිට මොනවද කරන්න තියෙන්නේ? රතුපස්වල මිනිස්සුන්ට අසාධාරණයක් වුණා කියලා රටේ අනෙකුත් සියලුම දෙනාටත් අසාධාරණයක් වෙන්න ඉඩ අරින්න රටක ආණ්ඩුවටවත්, පොලිසියටවත්, හමුදාවටවත් පුලුවන්ද? වැසූ පාර පාවිච්චි කරන්නේ රතුපස්වල ජනතාව විතරක් නෙමෙයි. ඒ පාර වැසූ විට රටට වෙන හානිය බලපාන්නෙත් රතුපස්වල ජනතාවට විතරක් නෙමෙයි. (නි)
ඔන්න පුතේ තවත් ලොක්කෙක් ඇනගත්ත. තුන්වේලටම සත්‍යය පමණක් ප්‍රකාශකරන මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනය අපි පිලිගන්නවා.එහෙනම් ඉතින් ඊට පටහැනි දේ කියන අය ඇන ගන්නවාමයි. හ්ම්! (අ)
ඔහොම යමු හෙට අපිත් අපටම වෙඩි තියාගනී මාර ආතල් (අ)
ඔය විදියට කතා කරන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)
අනේ මන්දා! හොරා පොලිස් කරනවාද? (නි)
කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුදධියෙන් ඇසිය යුතුයි. (නි)
අනේ ලංකාවේ පොලිසියට ගිය කල! (නි)
මිනිස්සුම හමුදාවට එන්න කියලා ,හමුදාවට ගල් ගසලා හමුදාව කුලප්පු කරලා වෙඩි තියන්න කිව්වද දන්නෙ නැහැ (නි)
හමුදාවට චෝදනා කරනකිසිවෙකුට මේ උද්ඝෝෂණය සංවිධානය කළ මිනිස්සු පාරවල් හරස් කරන්න පොලබවපු හමුදාවට මහජන දේපල වලට පහර දෙන්න මිනිස්සු පොලබවපු මේවට නායකත්වය ගත් පුද්ගලයින් ගැන කතා නොකරන්නේ මොකද කියන එක ප්‍රස්නයක්.(දිල්)
මමත් ඔතන හිටියා ඔය වෙලාවෙ. මම නම් කියන්නේ මිනිස්සුමයි හමුදාවට එන්න කියලා තමුන්ටම වෙඩි තියවා ගත්තෙ (නි)