ගම්පහ රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයට යුද හමුදාව කැඳවා ඇත්තේ පොලිස්පතිවරයා විසින් යැයි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ඉදිරියේදී අද (19) පැවසීය.
යුද හමුදාව හා උද්ඝෝෂකයන් අතර වැලිවේරිය නගරයේ දී අගෝස්තු පළමුවැනි දාගැටුමේ දී තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි දෙමින් කොමසාරු මහතා එලෙස පැවසීය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරීවරයා සාක්කි දුන් එතර එම සාක්කියේදී ඔහු පැවසුවේ වැලිවේරියට හමුදාව කැඳවූයේ තමා නොවන බවයි.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ උපුල් දේශප්‍රිය මහතා - මහේස්ත්‍රාත්තුමනි, වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ පොලිස් අධිකාරී නොවේ නම් කවුද කැඳවූයේ කියා හෙළි කළ යුතුයි.
මහේස්ත්‍රාත් - වැලිවේරියට හමුදාව කැඳවූයේ කවුද?
පොලිස් අධිකාරී කොමාසරු - වැලිවේරියේ තත්ත්වය උසස් නිලධාරීන්ට දැන්වූවාම ඒ වෙනුවෙන් අවශ්‍ය වන පිරිසක් එවනවා.
නීතීඥ උපුල් දේශප්‍රිය - කවුද හමුදාව කැඳවපු උසස් නිලධාරියා?
පොලිස් අධිකාරී කොමසාරු - මට ලැබුණු වාර්තාවකට අනුව පොලිස්පතිතුමා තමා යුද හමුදාව කැඳවා තිබෙන්නේ.
මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූයේ වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ ගම්පහ පොලිස් අධිකාරී විසින් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ කටින් වචනයක් ගැනීම ඉබ්බාගෙන් පිහාටු ගැනීමටත් වඩා අමාරුයි වගේ (නි)
ඔය හැමෝම කරන්නේ බොරු. මේ රටේ ඕනෑම වැරදි වැඩක් කරලා උසාවියෙන් ගැළවෙන්න පුළුවන් ක්‍රම මිනිස්සු දන්නවා. පොඩි මිනිහට සාධාරනයක් වෙන්නේ නැහැ කවදාවත්. (නි)
සමහරුන්ට අපේ සිනහවල් පෙනෙන්නේ නැහැනේ දැන් (නි)
බන්දුල ,කව්ද කිව්වේ හමුදාව ගෙන්නලා වෙඩි තැබූ එක වැරදියි කියලා.හමුදාව ගෙන්නපු කෙනෙක් හොයා ගන්න නැතිඑකයි ප්‍රශ්නය.ඔයා කියනවා වගේ මෙච්චර හොද වැඩක් කරපු කෙනා සැගවෙන්නේ ඇයි? (නි)
සිරියලතා, ඒකට මට හිනා... (නි)
අනේ, මෙතන කිසි වරදක් වෙලා නැහැ බන්දුල! වෙලා තියෙන්නේ "අරය" තනියම හිනා වෙන එකයි, ලුම්බිණි අපිව හිනා ගස්වපු එක විතරමයි. (දිල්)
බන්දුල පෙරේරා කරන කාර්යය මම නම් හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් කියලා. (නි)
මෙ බන්දුල පෙරේරා සුනිල් පෙරේරාගේ මල්ලිද ? (අ)
බන්දුල පෙරේරලා වගේ අයට තමා දැන් ඉතින් වරදින කාලය එන්නේ (නි)
දැන් ඉතින් සියල්ල සිදුවී අවසානයිනේ? (නි)
පොලිසියට පාලනය කරන්න බැරි අවස්ථා වලදී හමුදාව කැඳවීම කෙරෙන දෙයක්නේ. මෙතනත් එහෙම සිදුවුණ බව පෙනෙනවා. ඉතින් ඇයි ඒකේ වගකීම බාරගන්න පොලිසියට බැරි? දැන් වැඩේ අවුල් වෙන්න යනවා වගෙයි තවදුරටත්. (නි)
ලුම්බිණිට දිවැස් තිබෙනවා වගේ.බලාගෙන.නිදාගන්නකොට ප්‍රවේශමෙන්.හමුදාව ගෙන්වපු එකද මෙතන තියෙන වරද? හමුදාව නොපැමිණායා නම් තාමත් නුවර පාර වහගෙන සිටීවි. පොලිසියට නොහැකි නම් හමුදාව එම දේ කළ යුතුයි. (නි)
බන්දුල පෙරේරාගේ "මාර්ගය" නම් කවදාවත් අවහිර වෙන එකක් නැහැ (නි)
ලුම්බිණි, අන්තිමට හිනාවෙන්නේ හිනාවෙන අපිටම බව යමෙක් නොදන්නේ නම් ,මෙන්න කට කොනකින් මගේ සිනාව... (නි)
ඕක නෙමෙයිනේ කියන්න තිබුනේ පොලිස් අධිකාරිවරයාට. එදා කියු දේවල් මට මතක නැහැ කිවුවා නම් නේ හොද. අර අරයා කිව්වේ එදා... එහෙම කිවුවා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැහැ (නි)
පොලිස්පතිතුමා වුණත් ගොඩක් සතුටු වෙයි අපේ අයගේ මේ අදහස් බලලා. (නි)
මේක මහජන ප්‍රශ්නයක්.වගකිවයුත්තෝ එළියට ගන්න වෙනවා. උසාවිය නොමග යවන්න කාටවත් ඉඩ දෙන්න එපා. (නි)
මේකට පොලිසියේ කවුරුවත් වගකියන්නෙ ඕන නැහැ. පොලිසියෙ කාටවත් හමුදාවට අන දෙන්න බලයක් නැහැ. හමුදාවෙ නිලදාරියෙක් පොලිස්පතිගේ අණ පිලිපැදලා තියෙනවනම් එයාල තමයි වැරදි (දී)
බන්දුල පෙරේරා ඉල්ලගෙන කනවා.කිව්වොත් කියන්නේ මැටි කතාවක්මයි. (දී)
මට මැවිලා පෙන්නේ අර ගලේ පහරපු බළලා එක වහන්ට දගලන හැටි . (දී)
රට අද බන්දුලට ගිහිල්ල වගේ මට පේන්නෙ. (ත)
ඇත්තමයි ලුම්බිණි, අණ දුන්න කෙනා දැන් මොකුත් නොදන්නවා වගේ නඩුව දිහා බලාගෙන සෙමින් හිනා වේවි ඉඳිද්දී, මේවා දකින අපිට නම් හයියෙන්ම හිනා යනවා. (අ)
හමුදාව යවන්න ඇත්තටම අණ දුන්න කෙනා හිනා වේවි මේ නඩුව දිහා බලාගෙන ඇති.(දිල්)
පොලිසීයේ ඉන්නේ තොත්ත බබාලාද?(දිල්)
ඇත්තමයි ලුම්බිණි. (දිල්)
මටත් මැවිලා පේනවා එයාගේ හිනාව ලුම්බිණී.(දිල්)
වැලිවේරියේ වෙඩි තිබ්බද ?,මටනම් මතක නැහැ.(ත)
ඔන්න එන්න දුන්නේ මම නම් නොවේ.(දිල්)
මට පේන විදියට ලුම්බිණී හරි. හිනා වෙවී බලා ඉන්නවා ඇති. (ත)
තත්වය කියන්නේ මොන තත්වය ද? හමුදාව එන්න ඉස්ස්සේලා කවුරුවත් ප්‍රචණ්ඩ ලෙස හැසිරුනේ නැහැනේ (දිල්)
කොළඹ අපරාධ කොට්ඨාසය බොරු සාක්‍ෂි ලබාදීම ගැන පියවරක් නැද්ද?(දිල්)
පොලිසිය හරියට සාක්කි නොදී කොහොමද ජනතාව හදන්නේ.(දිල්)
ලංකාවේ හිටපු විහිළු කාරයෝ ෆ්‍රෙඩී සිල්වා ,නිහාල් සිල්වා නැතිවුනාට පස්සේ දැන් ඉන්නේ පොලිස් අධිකාරිලා (දිල්)
පොලිසිය ඇරුනම මුළු ලෝකයම දන්නවා මේකට අණ දුන්න මාමා ගැන. ලුම්බිණි හරි. එත් ඒ හිනාව කවද හෝ දවසක කදුළුවලට හැරේ වේ නේද?(දිල්)
මේවා දකිද්දි සුනිල් පෙරේරාගේ සින්දුවක් මතක් වෙනවා (දිල්)
එක එක්කෙනා එක එක දේවල් කියනවා නම්, දැන් තියෙන්නේ ඔතනට රාජකාරිය කරන්න ඇවිල්ලා පටිත් ගලවාගත් හමුදා නිලධාරියගෙන්ම ඇත්ත අහන එකයි. එයා කියයි කවුද එන්න කිවුවේ කියලා. (නි)
කට කට! ප්‍රවේශමෙන්... (නි)
හැමෝම එකතුවෙලා ලස්සනට රගපානවා.මේ ඝාතන වලට සම්බන්ධ හැම කෙනෙකුටම තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැළවෙන්න ක්‍රමක් මේ ලෝකයේ තවමත් නිර්මාණ වී නොමැත. (නි)
පහත් තැනින් වතුර ගලන්නයි හදන්නේ. (ත)
ලුම්බිණි, එයා විතරක් නොවෙයි, එයාගේ අරයත් හිනාවෙවී බලාගෙන ඉන්නවා ඇති නේද? (නි)
මේ ගොල්ලෝ 88 -89 කාලෙත් හිටියද දන්නේ නෑ. (අ)