වවුනියාව කොක්එළියේදී බසයක් පෙරැළී මගීන් 36 දෙනෙකු තුවාල ලද බවත් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් වවුනියා පොලීසිය කියයි.
තුවාලකරුවෝ වවුනියා රෝහලට ඇතුළු කරනු ලැබූහ.
වව්නියාවේ සිට මුලතිව් බලා එද්දී කොක්එළියේ යුද හමුදා කඳවුර ආසන්නයේදී බෝක්කුවකද හැපී පෙරළී රෝද කැඩී වෙන්වී ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ කලු පෙට්ටියක් නැද්ද? තිබුණනම් අනතුරට හේතුව දැනගන්න තිබුණා..
ස් එකේ ටයර් දාහා බලන්න.. බලන්න මේ පුද්ගලික බස් වල කිසිම ප්‍රමිතියක් නැති හැටි.. කිසිම විනයක් නැති රියදුරෝ සහ කොන්දොස්තරල.. මේවයේ බල්ලන් බළලුන් ප්‍රවාහනය කළත් මේවගේ තත්ත්වය පිළිබදව බලධාරීන් මීට වඩා සැළකිලිමත් වෙනවා නම් හොදයි.. මේකට අඩුම ගැනෙ පොලිසියෙන්වත් මැදිහත්වෙනවානම් මේවා ටිකක් හරි අඩුවෙනවා..
මෙම බස් රථයෙ ටයර් දිහා බෙලුවාම බස් ඒක ධාවනයට සුදුසු නොවන බව පෙනවා...
බලන්න බස්‍එකේ රෝද දෙස. ඒවා ගෙවිල තියෙන තරම..මේවා දුර දුවන්නෙ. පොලිසියෙන් බලන්නෙ නැද්ද මෙවා ගැන.. අනතුරැ වැඩිවෙනවා...
මේවා ඉන්දියාවෙන් ගෙනාපු හුබස්.....
බෝස්ගෙඩිය වෙනුවට කොස්ගෙඩියක් දාලා...
සියලුම ඉන්දියන් බස් අයින් කරල ජපන් බස් ධාවනයට එක් කරන්න ඕනෙ.නැවතුම් පලේ නවත්වපුවාම විතරක් ප්‍රධාන දොරටු විවර කරන්නඕනෙ.නියමිත වේග සීමාවට එහා නොයන පරිදි ස්වයංක්‍රීයව රථයේ වේගය පාලනය වන උපකරණ සවිකරන්න ඕනෙ.සෑම මගී ප්‍රවාහන රථයකම ආරක්ශක කැමරා පද්ධති සවි කරන්න ඕනෙ.සෑම ප්‍රධාන පාරකම මං තීරු හතරක් තියන ලෙස සකස් කර , අඩියෙන් අඩියට ඉන්න පොලීසියෙ රාළහාමිල ඉවත් කර ආරක්ශක කැමරා මඟින් වැරදි කරණ රියදුරන්ව ග්‍රහනය කර ගැනීමේ සැලස්මක් ක්‍රියාත්මක කරන්න ඕනෙ. (මෙව්ව කවද වෙන වැඩද!!!!...අනේ අපේ ජීවිත වලට දෙවියන්ගෙම පිහිටයි)
කෝ මේ බස් එකේ එයා බෑග් ????
දිනය ගිය අඟහරුවාදා, වව්නියාව බස් එකක් පිස්සෙක් වගේ වාහන තදබදයක් තියෙද්දිත් හෙඩ් ලයිට් ගහල ඉඩ ඉල්ල ඉල්ලා ඇවිල්ලා, තනි ඉරක් තියෙන වංගුවකදී ඉස්සරහා කරන්න හදලා බැරිතැන ඊට ඉස්සරහින් හිටිය මගෙ වාහන කැලේ නොදැම්මොත් හැප්පෙන විදියට ඉස්සට කලා! (මම එයාට ඒකාට් පාඩමක් ඉගැන්නුව - ඒක වෙනම කතාවක්) මේ වගේ හරක්ට, විශේශයෙන් පෞද්ගලික බස් වලට වැරදිවලට රියදුරු බලපත්‍රය අහෝසි වෙන විදියෙ යමක් කල යුතුයි,
අනිත් රියදුරැ මහත්වරැන්ට හොද පාඩම්...!!
මේව දිහා බලල අනිත් රියදුරැ මහත්වරැ හැදුනොත් හොදයි..
මේවා දිහා බලල අනිත් රියදුරු මහත්තුරු හැදුනොත් හොදයි
ඉරනම
මේවා දිහා බලල අනිත් රියදුරු මහත්තුරු හැදුනොත් හොදයි..
අනිත් රියදුරන්ට හොද පාඩමක්...
ගීත්, ඔයා හිතුවේ මේක එයාබස් එකක් කියලද එයා බෑග් තියෙන්න...මේක ඉන්දියාවේ ලදරන් ප්‍රයිවට් බස් එකක්.....
අනේ කාලේ වනේ වාසේ කිව්වලු .
හයියෙන් ගියොත් බස් දෙකට කැඩෙනවා...හිමින් ගියොත් රියදුරු දෙකට කඩන්න හදනවා.....
මේවනේ වැඩ
ගැමුණුගේ කට කෝ දැන් මේවට කවුද වගකියන්නේ..?
අනේ මන්දා
ගැමුණු කිවුවේ.........????
ටයර් වලින් පේනවා බස් එකේ ලස්සන..
පණුවෝ නම් දෙකට කැඩෙනවා . බස් දෙකට කැඩෙනවද ????
බොලේ කාගෙද අර කොස් ගෙඩිය ?
රියදුරු දෑතට දෙවි පිහිටයි කිව්වේ ඉස්සරනේ
නිදිමතේ වාහනය එලව්‍වාද දන්නැ
බලන්නේ මේ රෝද ගැලවිලා තියෙන තරමක් ! අහිංසක මිනිස්සුන්ව සූර කෑවා මදිවට අනතුරක හෙළුව . බස් හිමියාව එල්ලූම් ගස් යැවිය යුතුයි .
මග හොදට පෙනේනම් යන්න රෝදත් තිබේනම් කිව හිමිහිට යන්නේ නොයා මග මරුවන් සේ
මම හිතන්නේ ආචාර්ය වරයෙක් අපේ භාෂාවට කරනවා වගේ දෙයක් තමයි මේ රියැදුරා මගීන්ට කරලා තියෙන්නේ.
බලන්න ටයර් වල කට්ට ගෙවී ඇති අන්දම .ඉතින් අනතුරු අහන්නත් දෙයක්ද
මම නම් හිතන්නේ නෑ තුවාල වෙලා ඉතුරු වෙලා ඇති කියලා හැපිලා තියෙන විදියට
සැමට ඉක්මන් සුවය ලැබේවා ...!!
ඉන්දියාවේ බස් නේද??
රකෂණයෙන් වන්දි ලබා ගැනීමටත් මෙවැනි දේවල් හිතු මතේ කරනවා....මේක කොහොමද කියල කල්පනා කරන්න පුළුවන්. නමුත් එහි ඇත්තක් තියෙනව....මේ වගේ අනතුර දරුණුයි නම් අලුත් බසයක් හිමි වේ.....
මේ ටයර් වල කට්ට නැනේ ... ඉතින් හයියෙන් ඇවිත් වංගුවක් හරවද්දී බ්රේක් එකක් ගහන්න උනොත් අනිවාර්යෙන්ම ලිස්සන බව මේ ඩ්‍රයිවර්ට තේරුමක් තිබුනේ නැද්ද ? එහෙම තේරෙන්නේ නැතුව බස් එකක ඩ්‍රයිවර් කෙනෙක් උනේ කොහොමද ? අනික තමයි ලංකාවේ තියෙන වාහන වලට දැඩි නීතියක් ගෙන්න වෙනවා වේගය පාලනය , සඥා අනුගමනය කිරීම , වාහනය නියමානුකුලව නඩත්තු කිරීම ,සහ රියදුරන්ගේ සංයමය ගැන .... සමහර වාහන තියෙනවා බ්රේක් හරියට නැ,,,, ලයිට් පත්තුවෙන්නේ නැ ... චැසිය හොඳටම දිරල .... පාරේ යද්දී කෑලි හැලෙනවා ,,,,පදින රියැදුරා කුකුල් කේන්ති කාරයෙක් ... ඉතින් මෙහෙම වාහන පාරට දැම්මම කොයිවෙලේ අනතුරක් වෙයිද කියල කියන්න බෑ....
මගීන්ගේ ජීවිත පිළිබඳව අද පොදු ප්‍රවාහන රථ ධාවනය කරන රියදුරු මහත්වරුන් සැලකිල්ලක් දක්වන්නේ නැතිබව මෙවැනි අනතුරු නිසා පෙනී යනවා.
මේ බස් එක හිමීට ඇවිත් තියෙන්නේ වගේ...
මෙවැනි අනතුරුවලට හේතු ගොඩක් තියනවා, ලංකාවේ තියන මාර්ග පද්ධතිය උනත් දැන් රටට සුදුසු නැහැ, ප්‍රධාන මාර්ග වල අඩුම තරමේ එක දිශාවකට මංතීරු 2 ක් වත් තියෙන්න ඕන, නැත්නම් වහනයක් අනෙක් වාහනයකට ඉස්සර කරන්න වෙන්නේ තමන්ට විරුද්ද දිශාවෙන් වාහන එන මං තීරුවෙන් (wrong side), වාහන අනතුරුවලට මෙය ප්‍රධාන හේතුවක්, බස්රියදුරන්ගේ තරගකාරී බව, රියදුරන්ට විනයක් නැතිකම, හරියාකාරව නඩත්තු නොකරන වාහන තවත් හේතු ලෙස දැක්විය හැකිය, මාර්ගය අයිනේදී පදිකයන් මිය යාමට හේතුව ඔවුන්ට ආරක්ෂා සහිතව යාමට පදික වේදිකාවක් නොමැති වීමය, අප අසා දැනුවත් වී ඇත්තේ පාරේ පයින් ගමන් කරන විට දකුණු පැත්තෙන් යායුතු ලෙසටය, පදිකයන්ට ආරක්ෂා සහිතව යාමට අඩුම තරමින් පාරේ එක පැත්තකවත් පදික වේදිකාවක් සැකසීම නොපමාව සිදුකල යුතුය, . මේ හැම දෙයක් ම ඒ අයුරින්ම කරන්න බැරිතරමට තිබෙන බාධාවන් අසීමිතයි....
දැන් රස්සාවක් නැත්තන්, අවු 21 පිරුනු ගමන් බර වාහන ලයිසන් එක ගන්න කොල්ලො ඊලගට පෞද්ගලික බස් රියදුරු රස්සාවට බහිනවා. එයාලට මිනිස් ජීවත වල, වටිනා කම තේරෙන්න වයස ගත වෙලා මදි. තනිකඩ සෙල්ලක්කාර අයට ඒවා තෙරෙන්නේ නෑ. උවමනාව තියෙන්න මීටරේ අන්තිම කට්ටෙට එනකල් වේගෙ වැඩි කරගන්නයි, ඉස්සරහින් යන වාහනේට වෙට්ටුවක් දාල වැඩ පෙන්නීමට විතරයි. ඉස්සර නම් මම දන්න විදියට බස් ලයිසන් එක දුන්නේ අවු 30 සම්පූර්ණ උනාට පස්සේ. එතකොට තරමක් දැනුම් තෙරුම් තියෙන, වගකීමක් ගන්න හැකියාව තියෙන වයස. පහුගිය දවසක මම ගමන් ගත් මාතර-කොළඹ පෞද්ගලික බස් රථයේ රියදුරුට වයස 25ක් පමණ ය. ඔහු රියදුරු අසුනේ වාඩි වී සිටියේ, කැඩුනු පුටුවක නුහුරට වාඩි වෙන අයුරින් අසුනේ පැත්තකට වෙන්නටය. අසුනේ ඉතිරි ඉඩකඩ, ඔහුගේ ජංගම දුරකතන 2ටත්, ලෙන්සුවටත්, කැසට් යන්ත්‍රයේ දුරස්ථ පාලකයටත් ය. මොරටුව නව-ගාලු පාරේදි බස් රථයේ වේගය පැ.කි.මි.75 ලෙස මීටරයේ සටහන් වී ඇති බව දුටුවෙමි !
මම හිතන්නෙ මෙතන ප්‍රතිචාර දක්වන අය කවමදාවත් වව්නියා මුලතිව් මාර්ගයේ ගමන් කරල නැතිව ඇති. මේ පාරවල්වල තත්ත්වය ඉතාම නරකයි.. කිලෝමීටර් 75න් 50ක්ම ඉතාම දුෂ්කරයි.. බස් ඒ ටික යන්න පැය 3.5කට වැඩිය ගන්නවා.. පාරවල්වල තත්ත්වය ඉතාම දුෂ්කරයි.. මේවගේ අනතුරක් වීමේ ඉඩ කඩ ඕනෑම වෙලාවක පවතිනවා..
කව්ද අවසර දුන්නේ මෙහෙම ගෙවී හිය රෝදත් එක්ක මගීන් ගෙනියන්න රියදුරයි , .බස් හිමියාවයි දෙන්නම අවරුදු 10 වත් හිරේට යවන්න ඕන .
මේ මිනිස්සුනට පිස්සුව හැදිලද? බස් වලට ස්වයංක්‍රීය වේග පාලක සවි කරන්න ඕනි
ඔයින් ගියා මදැයි......
බස් එක හැප්පිලාද ? බෝම්බෙකට අහුවෙලාද ???
බලන්න ටයර් ගෙවිල තියෙන තරම... මේ වගේ ටයර් තියෙනකොට තිරිංග ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. අනිත් රටවල්වල වගේ අදායම් බලපත්‍රය ගන්නකොට දුම් පරීක්ෂාව කරනවා වගේම අනිත් දේවලුත් සෝදිසි කළානම් හරි...
ඉතා කණගාටුයි
ඉක්මන් කොටයි.. කොයි කාට්ත් පාඩමක්.!! රෝගීන්ට ඉක්මන් සුව ලැබේවා..!!