ගාල්ල අක්මීමනදී ඉඩම් හිමි වැවිලිකරුවකු වන ලාල් ප්‍රියන්ත ලියනගේ සහ බිරිය කපා කොටා ඝාතනය කළැයි සැකපිට කාන්තාවක් තිදෙනෙක් ඇතුළු හත් දෙනෙක් අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ගාල්ල අක්මීමනදී ඉඩම් හිමි වැවිලිකරුවකු වන ලාල් ප්‍රියන්ත ලියනගේ සහ බිරිය කපා කොටා ඝාතනය කළැයි සැකපිට කාන්තාවක් තිදෙනෙක් ඇතුළු හත් දෙනෙක් අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශනා කිරීමෙන් පල්ලි පන්සල් ගොඩනැගීමෙන් පමණක් සමාජයක් යහපත් කල නොහැක.අපේ මිනිස්සුන්ගේ මොළ හේදිලා.අපරාදයට දඬුවම භේද නොබලා දිය යුතුය.(අ)
අබ්දුල් මහත්තයෝ, පොඩ්ඩක් ලෝක ඉතිහාසය අරගෙන බලන්න (නි)
බන්දුල මහත්තයෝ, ආගමක් දහමක් ඇති වුණ නිසා තමයි ශිෂ්ට සමාජයක් බිහිවුණේ (නි)
උතුරු පළාතේ මේ වගේ දේවල් අහන්න ලැබෙනවා ගොඩක්ම අඩුයි. මට හිතෙනවා මුළු ලංකාවම අවුරුද්දකට විතර හමුදාව පාලනය කළොත් මේ අපරාධ ගොඩක්ම අඩුවෙයි කියලා. (නි)
පුද්ගලයෙක් හැගීම්බරව මෙහි යමක් ලිව්වාට කමක් නැහැ. නමුත් දුවන්නන් වාලේ අනෙක් අය පිටුපස යමින් වහසි බස් දොඩවා ජනප්‍රිය වීමට උත්සාහ නොකළ යුතුයි. (නි)
මිනිස් හිත විවිධයි.විෂමයි.එම විවිධත්වය විෂමත්වය මත තමයි ලෝකයේ පැවැත්ම දියුණුව පවතින්නේ වාගේම මේ ලෝකයේ විනාශයත් සිද්ධ වෙන්නේ.ආගම දහමින් මිනිස්සු දමනය කරන්න බැහැ.යම් ප්‍රතිශතයක් යම් පාලනයකට ලක් කරන්න විතරක් ඒකෙන් පුළුවන්. අපිට රටේ ලෝකයේ පෙනෙන දියුණුවත් එක්ක දවසින් දවස අපි ළං වෙන්නේ විනාශයට.ඒක නතර කරන්න කාටවත් බැහැ.දෙකෝටියක් ඉන්න රටේ අපරාදයක් දුෂණයක් ඇහෙන්නේ නැති දවසක් දකින්න හීන දැකීම මෝඩ වැඩක් ෆස්රුල් ගෆූර් මහත්තයෝ.අපි හැමෝටම එකම හිත් දෙවියෝ මැව්වා නම් එහෙම වෙන්න තිබුනා.එහෙත් දෙවියෝ එහෙම කළා නම් අපි තාම ගල් යුගයේ. (නි)
" කවුරු මාගේ අදහස් පිළිගත්තත් නැතත්. මම නම් කියන්නේ මෙවැනි දරුණු අපරාධකරුවන් මහජනයා ඉදිරියේදීම එල්ලලා මරන්න ඕනෑ කියලා". එහෙම නොවෙයි. ගෝල් ෆේස් පිට්ටනියට ගෙනල්ලා අරාබියේ වගේ බෙල්ල කපදමන්න ඕනෑ (නි)
එල්ලුම් ගහ තියාගෙන පොල් ගානවද දෙයියෝ තමා දන්නේ. සුභ අනාගතයකට මෙහෙම අය බාධාවක්. (නි)
ෆස්රුල් ගෆූර් බුද්ධිමතෙක් වගෙයි.ඔබට ජය (නි)
මිනීමරුවන් අද අපේ රටේ පුවත් මවන්නන් වෙලා. කපා කොටා මරා දැමීම් මේ දිනවල බහුලව දකින්නට හා ඇසෙන්නට ලැබෙනවා. කාන්තාවන් පවා මිනී මරන්න පෙළඹිලා. මොකක්ද අපේ රටේ වෙන්නේ? කවුරු මාගේ අදහස් පිළිගත්තත් නැතත්, මම නම් කියන්නේ මෙවැනි දරුණු අපරාධකරුවන් මහජනයා ඉදිරියේදීම එල්ලා මරන්න ඕනෑ. ඉන්පසුව අපරාධ අඩු වෙනවාද නැද්ද කියලා බලන්න පුළුවන්. ඕනෑම දෙයක් කරලා ඇප ලබා එලියට එන්න පුළුවන් කියා දන්න නිසා තමයි මේ වගේ දේවල් වන්නේ. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් වගේ දරුණු අපරාධ වලට කිසි දිනක පක්ෂග්‍රාහී වෙන්න එපා. මුදල් වලට කෑදරකමින් ඔවුන් වෙනුවෙන් කිසිම නීතීඥවරයෙක් හෝ ඉදරිපත් වෙන්න එපා. කරුණාකරලා මේ වගේ අයට කිසිම බුරුලක් නොදී මරණ දඬුවම තීන්දු කරන්න. (නි)
මෙහෙමත් ලෝකයක්! (නි)
දැන් කාන්තාවෝ හරි දිවුණුවෙලා වගෙයි
මිනීමරුවන් අද අපේ රටේ පුවත් මවන්නන් වෙලා. කපා කොටා මරා දැමීම් මේ දිනවල බහුලව දකින්නට හා ඇසෙන්නට ලැබෙනවා. කාන්තාවන් පවා මිනී මරන්න පෙළඹිලා මොකක්ද අපේ රටේ වෙන්නේ? කවුරු මාගේ අදහස් පිළිගත්තත් නැතත්. මමනම් කියන්නේ මෙවැනි දරුණු අපරාධ කරුවන් මහජනයා ඉදිරියේදීම එලල්ල මරන්න ඕනේ. ඉන්පසුව අපරාධ අඩු වෙනවාද නැද්ද කියල බලන්න පුළුවන්. ඕනෙම දෙයක් කරලා ඇප ලබා එලියට එන්න පුළුවන් කියා දන්න නිසා තමයි මේ වගේ දේවල් වන්නේ. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් වගේ දරුණු අපරාධ වලට කිසි දිනක පක්ෂග්‍රාහී වෙන්න එපා. මුදල් වලට කෑදර කමින් ඔවුන් වෙනුවෙන් කිසිම නීතීඥ වරයෙක් හෝ ඉදරිපත් වෙන්න එපා. කරුණා කරලා මේ වගේ අයට කිසිම බුරුලක් නොදී මරණ දඬුවම තීන්දු කරන්න. (නදී)
සත්‍ය පාල, ඔබටත් ඔබ මෙන් සිතන සැබෑ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ටත් අපේ සමාජය හා එක්වන්න ඒ ජාතික කර්තාව්‍ය ඉටුකරන්න අබැර්තු ඇත. එහෙම නේද දයා...චන්දි..? (නදී)
චන්දි, ඔබ කියන ආකාරයට දඬුවම් කොයි තරම් දරුණු වුවත්, නීති කොයි තරම් තද වුවත් ඒ හා සමානව වැරදි කිරීමේ වටා පිටාව සකස් වී තිබුනේ නම් දඬුවමේ හෝ නීතියේ ඇති පලක් නැත. ඒ නිසා ඊට සාපේක්ෂව මිනිසුන්ගේ සිත ද දියුණු කල යුතුය. සිත දියුණු වීමට නම් ජීවිතයේ යතාර්ථය දැන ගත යුතුයි. එය කල හැක්කේ දහමට පමණයි. (නදී)
මහපොළව උහුලන්නෙති අපරාද කරුවන්ටනම් දරුණු දඬුවම් දිය යුතුමයි (අ)
සමහරු කියන විදියට ප්‍රසිද්දියේ මාරුව කියල මේවා නවතන්න බැහැ එහෙමනම් ඔය දඬුවම් දෙන රටවල කිසිම අපරාදයක් සිදුනොවෙන්න ඕන එහෙම නැහැනේ නේද ? හැබැයි මරණ දඬුවම ක්‍රියාත්මක කොලාට වරදක් නැහැ , හැබැයි එකත් පහල ඉඳල ඉහලට සුද්ද කිරීමට ගන්න උත්සාහයක් එක එඅ තරම් සාර්ථක වෙන්නේ නැහැ ,හැබැයි ඉහල ඉඳල පහලට ආදර්සමත් ජිවිත ගත කරන සමාජයක් ගොඩ නැගුනොත් එදාට මේ රට ලස්සන වේවි . හතේවේ දසකෙට පෙර මේ රටේ හිටියේ ආදර්සමත් ජිවිත ගතකරපු ඉහල සමාජයක් උගත් සමාජයක් ඒ කාලේ මේ තරම් පිරිහීමක් තිබුනද ? (අ)
දෙගොල්ලම තරගෙට මරනවා ..මුන්ව එල්ලන්න ඕනේ මහපාරේ හැමෝටම පෙනෙන්න ...කෑම වතුර නැතිව විදවලා මැරෙන්න ..ඇයි දෙවියනේ අපිත් පව් පුරෝගන්නවා උදේ පාන්දරින් මේ අකුසලයෝ නිසා ..? (ස)
ජාතිවාදීන් ආගම්වාදීන් මොනවා කිව්වත් ජරාවාදී නොවී සත්‍යවාදී ෆස්රුල් ගෆූර්ල, චන්දිල, දයා අලහාකෝන්ල, සෆීන්ල එකතුවෙලා මේ රට යහපත් තැනකට ගෙනෙන්නට හඩක් නගමු.(නදී)
චන්දි - දහම් සමාජයක් ගොඩනගනවා කියන්නේ ආගමික ප්‍රචාරයන් ශබ්ද විකාශනයෙන් හඩනගා සැමෝටම ඇසෙන්න කටයුතු කිරීම නොවේ. මාහිතන්නේ සෑම ගමකම තිබෙන පන්සල්, කෝවිල් පල්ලි වල ඉන්න පූජක තුමන්ලා සංඝයා වහන්සේලා ජනතාව ලඟට යා යුතුය. ධර්මය දේශනා කලයුතුය. එක ගමක මත්පැන්වලට ඇබ්බැහිවුන කෙනෙක්ව ගමේ ඉන්න පූජක වරුන් / ආගමික නායකයින් දවසට එකපාරක් මුණගැහිලා වත් ඒ වරද පෙන්වා දීල දේශනා කලානම් අනිවාර්යෙන් පුළුවන් අඩුම ගානේ මාසයකින් හරි ඔහුව යහ මග ගන්න. මේවා තමා ආගමික නායකයන්ට තිබෙන වගකීම්. (අ)
සෆීන්, ඔයා කියන විදියට දහම් සමාජයක් ගොඩ නගන්න අද දහම් පතුරන, එනම් බුද්ධ පුත්‍රය න් ලංකාවේ ඉන්නවාද ? ඇත්තටම ලංකාවේ වගේ මිනි මැරුම්, දුෂණ, මංකොල්ලකෑම්, අපචාරයන්, සිදුවන තවත් රටක් මේ ලෝකේ කොහෙවත් නැති තරම්. මේ හැමදේටම තදින් බලපාන්නේ නීතියක් නොමැති කමයි,යනු මගේ හැගීමයි. මං හරිද,වැරදිද මං දන්නේ නෑ.(නදී)
ගපුර් මහත්තයෝ, ඔබ කියන අදහස තමයි මමත් හැමදාම කියන්නේ. මටත් විරුද්ධව සමහරු අදහස් දානාවා. රටේ අන්තිම මිනිසා වන තුරු කපා කොටා මරා දාන කම් අපි ඉමුද? (නදී)
සමාජ දැක්ම අගෙයි.. සෆීන් මැතුදුනි, ඔබගේ..(නදී)
මිනිසා වැරදි කරන්නේ ඔහුට ඒ සඳහා පෙළඹවීම් තිබෙන නිසාය. එය ආර්ථික වශයෙන් හෝ සමාජීයිය වශයෙන් විය හැකිය. ඒ නිසා මේ පෙළඹවීම් දුරු කල යුතුය. පෙළඹවීම් යනු වැරදි කිරීමේ හැකියාව වර්ධන වනා ආකාරයට තම පසුබිම සැකසී තිබීමයි. ෆස්රුල් ගෆුර් ගේ යෝජනාව කල හැක්කේ මිනිසුන්ව වරදට පෙළඹවීම් පසුබිම නිසියාකාරව දුරු කල පසුවය. එනම් සමාජය දහම් සමාජයක් කරා ගෙනයා යුතුය. අවාසනාවකට මෙන් අප රටේ දහම් සමාජය කරා ගෙන යන සියලුම අංශ බොහොමයක් දේශපාලනීකරණයවී හෝ ආර්ථික වාසී පදනම් කරගෙන ක්‍රියාත්මක වේ. මෙනිසා මේ සමාජය ගොඩ ගැනීම ලේසි පහසු දෙයක් නම් නොවේ.(නදී)