කැලණිය වේවැල්දූව කාමර කුලියට දෙන හෝටලයට අද (17) පැමිණි මර්වින් සිල්වා මහතා එය වසා දමන්නැයි හිමිකරුට දැන්වීය.
ඇමති එනතුරු ප්‍රදේශවාසිහූ වේවැල්දූව ඤාණවිමලරාමයට රැස්ව සිටියහ.
මේ හෝටලය තිබෙන්නේ නිවාස සංකීර්ණයක් අසලයි.
ඇමති මෙසේද කීවේය,
‘‘පිඩාකාරී අන්දමින් විවිධ දේ සිදුවෙන බව ප්‍රදේශවාසින් කියනවා. අධිකරණයටත් ගමේ අය ගිහින් තිබෙනවා. ඒ නිසා අදම හේ හෝටලයේ කාමර විකිණිම නවතා දමන්න ඕනෑ. මම මේ හෝටලයෙන් කලා බීලා නෑ. සල්ලි අරන් නෑ. වෙනත් වැඩි ප්‍රයෝජන අරන් නෑ. ඒ නිසා මට බියක් නැතිව කතා කරන්න පුළුවන්‘‘.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්වින් නම් හැබෑම වීරයෙක්! (නි)
ඔය හෝටලයෙන් එතුමා වෙනත් වාසි ප්‍රයෝජන නොගෙන සිටි නිසා නොබියව කතාකිරීමේ හැකියාව එතුමාට තිබුණා. ඒකට අද කාලේ අනෙක් අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
පුතත් ඇතුළේ ඉන්න එකේ තාත්තාටත් යන්න හිතිලා වගේ (නි)
පුතා යන නයිට් ක්ලබ් ටිකත් ඔහොමම වැහුවා නම් ගොඩ නේද ? (නදී)
ඕනෑම වැඩක් කළයුතු පිළිවෙලක් තියෙනවා. (නි)
මොකක්ද මේ නීතිය? (නි)
එල කොල්ලෙක් නේ අපේ ඇමති තුමා. (නදී)
ඉස්සෙල්ලම කැළණියේ තියෙන ගණිකා මඩම් ටික වහන්න (නදී)
මේකේ අදහස් දැක්වූ උදවිය අහළ පහළ තමන්ගේ පවුල් සමඟ පදිංචිව හිටියා නම් පළකරන්නේ වෙනත් අදහසක් (නි)
ඒ වුණාට මම නම් කියන්නේ මෙහෙම තමයි වැඩකරන්න ඕනෑ (නි)
මේ වගේ වැඩ කරන්න ඇති අයිතිය මොකක්ද? මෙයද රටේ නීතිය? (නි)
අනේ! කොළඹ තියෙන තරු පහේ හෝටල් වල කෙරෙන්නෙත් ඔයටිකම තමයි. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව තමන්ට හිතෙන දේ කරන එක වැරදියි. මේ රටේ නීතියක් තිබෙනවා (නි)
එතකොට කැලණිය ප්‍රදේශයේ කාමර කුලියට දෙන්නේ මේ හෝටලයේ පමණද? හෝටල් නොවන කාමර කුලියට දෙන තවත් තැන් නැද්ද? (නි)
ඇමතිතුමා කටවරද්දා ගත්තේ එහෙම නැහැ නේද? (නි)
මේ රටේ නීතියක් තියෙනවාද කියන ප්‍රශ්නය විදේශ රටවල සිටින අය අහන්න ඉඩ තිබෙනවා නේද? (නි)
නීතියේ නව නැම්මක්! (නි)
ඔන්න ලොක්කා පැන්නා !!! උපකාර ,ජරාව ,ගත්ත තැන් තියෙනවා එහෙනම් (අ)
හෝටලයට වඩා දරුණු වසංගතයක් තමයි මත්පෙති ගෙන්වන ජාවාරම. එයත් මෙලෙසම නවත්වන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)
රටේ නීතිය දේශපාලනීකරණය වෙලා. බලය යොදා කරන වැඩ මේවා. (නි)
ඔබයි අපේ ශක්තිය! (නි)
ඔබ නම් නියම නායකයෙක්. ජය වේවා! (නි)
මේවා වැඩිදියුණු වෙලා එනතෙක්ම දන්නෙ නැද්ද? (නි)
ලංකාවේ නීතිය තිබෙන තැන දැනගන්නට තවත් උදාහරණයක් (නි)
හොටෙල් එක වහන එක අසාදරන් වැඩක්.යන අය නවත්වන්න. (අ)
අනිත් හොටල් වලින් සල්ලි අරන් තියනව, නිකන් කාල බිලා තියනව කියන එකනෙ කියන්නෙ.(අ)
එයාගේ හෝටලයත් වහන්න කියන්න (අ)
නීතිය බල්ලාට ගිහින්.(හේ)
පුදුම නීති ලංකාවේ තියෙන්නේ. (අ)
මට හිතා ගන්න බැහැ මොකක්ද මේ නීතිය කියලා. පක්ෂ සංවිධායකයෙකුට, ඇමතිවරයෙකුට පුලුවන්ද හෝටලයක් වහන්න අණ දෙන්න. (අ)
ඒ කියන්නේ එහෙම සල්ලි සහ වෙනත් දේවල් ගත්ත තැනුත් තියෙනවා කියන එක නේද, ඇමති තුමා ? (අ)
රටේ නීතියක් නැද්ද මෙයාලට හිතුනා වෙලාවට වහන්න බලය දුන්නේ කව්ද? (අ)