2015 වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (19) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
කොළඹ ප්‍රදේශයේ පාසල්වලට අද ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය ලබාගැනීමට සමත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ සත්සරණි හෙට්ටිආරච්චිය. දෙවැනි තැන කොළඹ නාලන්ද විදුහලේ සමල් පුන්සර ද තෙවැනි ස්ථාන කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්.එම්.රත්නායක හා මහනුවර මහා මායා බාලිකා විදුහලේ ඉන්දීවරී රත්නායක ද හිමිකරගෙන ඇත.
දිවයිනෙන්ම පළවැනි ස්ථානය දිනාගත් හිඹුටාන, ගල්වානේ පදිංචි සසඳි සත්සරණි හෙට්ටිආරච්චි සිසුවිය මූලික අධ්‍යාපනය ලබාඇත්තේ කොළඹ සංඝමිත්තා බාලිකාවෙනි. ඇය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර අපරදිග සංගීත අංශයෙන් දක්ෂතා දක්වන්නියකි. සංගීත ක්ෂේත්‍රයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් ද හිමිකරගෙන සිටින සත්සරණිගේ අනාගත බලාපොරොත්තුව ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඉංජිනේරු වෘත්තීයට පිවිසීමයි.
ලංකාවේ දස වැනියා දක්වා අනෙක් සාපෙළ සමතුන් පිළිවෙළින් මෙසේය.
සිව්වැනි ස්ථානය - රනිඳු හේරත් - නාලන්ද විද්‍යාලය, කොළඹ.
පස්වැනි ස්ථානය - අමාජිත් වල්පිට - ආනන්ද විද්‍යාලය, කොළඹ.
හයවැනි ස්ථානය - හිරුෂ නෙත්සර - ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය.
හත්වැනි ස්ථානය - තරුෂි අංජලිකා - ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර.
හත්වැනි ස්ථානය - ඩී.ජයකොඩි - මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව.
අටවැනි ස්ථානය - චතුරංග විජේසිංහ - ආනන්ද විද්‍යාලය, කොළඹ.
අටවැනි ස්ථානය - යසස් වෙල්ලප්පුලි - රාහුල විද්‍යාලය, මාතර
ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූපය - චමිල් රූපසිංහ
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූපය - චමිල් රූපසිංහ
වීඩියෝ - ලහිරු හර්ෂණ, චමිල් රූපසිංහ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට අධ්‍යාපනයෙන් ඉහළටම යාමට අවශ්‍ය ධෛර්යය ලැබේවා! (නි)
රාජකීය විද්‍යාලය එහෙම කෝ? බිෂොප් විදුහල ගිහිල්ලාද? (නි)
මගේ පුතා සියලුම විෂයන් සමත්. ගොඩක් සතුටු දවසක්. (නි)
නාලන්දේ අයියලාට අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)
විභාගය අසමත් කියන්නේ, අදක්‍ෂයෙක් කියන එක නෙමෙයි. ලබන සැරේ උත්සාහ කරන්න. ඒ වගේම වාසනාවන්ත දූ දරුවනි, ලෝකයට වැඩදායක මිනිසුන් වශයෙන් ඉදීරියට එන්න. ඔබ සැමට බුදු සරණයි. (නි)
අපේ සුබ පැතුම් ඔයාලට (බ)
වාසනාවන්ත දිරිය දරුවනි, ඔබ සැමට සුබපතමි. උසස් පෙළදීත් මෙවැනි හපන්කම් පෙන්වීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි! (නි)
උණුසුම් සුභ පැතුම්! ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලෝකේ කිසිම රටකට දෙවෙනි නැහැ. (නි)
තෙරුවන් සරණින් ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! (නි)
ලක්මවට කිරුළු පැළැන්ඳූ දිනෙත් ජයකොඩි පුතේ, ඔබ රටට මහත් අභිමානයකි. සැමට සුබ පැතුම්! (නි)
ස්තුතියි ලස්සන දුවලාට හා ස්මාර්ට් පුතාලට! ලංකාවේ අනාගතයට ඕනෑ ඔයාලා වගේ අති දක්ෂයෝ. හොඳට ඉගෙනගත් ඕනෑම කෙනෙක් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නේ. දෙස් විදෙස් බලපෑම් වලට කොහෙත්ම නැවෙන්නේ නැහැ. "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" (නි)
හරිම සතුටුයි දරුවනේ. ඔබ රටට සම්පතක් (නි)
අතිරේක පන්ති ගුරුවරුන්ටත් සුබ පැතුම්! අපේ පුතත් හොඳට පාස්වෙලා. එ්ත් සිංහල වලටත් පන්ති ගියා. සිංහලවත් උගන්වන්න බැරි ගුරුවරු ඉන්නේ දැන් පාසල් වල (නි)
සමත් සියලු දෙනාට මගේ සුබපැතුම්! නමුත් මෙම පාසල් වලට යන්නේ ලංකාවේ ඉහළන්ම පහේ ශිෂ්‍යත්වයෙන් පාස්වෙන ළමයි. මෙය පාසලට වැඩිය ළමයාගේ දක්ෂතාවයයි (නි)
වාසනාවන්ත දිරිය දරුවනි, ඔබ සැමට සුබ පතමි! උසස් පෙළදීත් මෙවැනි හපන්කම් පෙන්වීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි!
ඔබ සැම හොඳට ඉගෙනගෙන, රටට වැඩදායක, ගුණගරුක යහපත් පුරවැසියන් හැටියට සේවයක් කරන්න. ඔබ සැමට මගේ සුබ පැතුම්! (නි)
දරුවනි ඔබට සුභ පැතුම්. සා /පෙළ වගේ නොවේ උ/පෙළ හොදින් අධ්‍යයනය කරන්න (බ)
හොඳින් ඉගෙන ගන්න. රටට සේවය කරන්න දරුවනේ. රට හැර යන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ. (බ)
සුබ පැතුම්!. මේ කාරණාවට අදාළ නැතත්,හොයලා බලන්න මේ අයගෙන් වැඩි දෙනෙක් පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා එම විදුහල් වලට ඇතුලත් වුණ අය. ගමේ ඉස්කෝල වල ඉන්න අය ජාතික පාසල් වලට අරගෙන ජනප්‍රිය කරනවා (ම)
!!...උත්සාහවන්ත දුදරුවනි, ඔබ සැමට මාගේ උණුසුම් සුබ පැතුම්...!! (ම)
අනේ අපේ මහින්ද මහත්තයා හිටියා නම් !!!!! (නි)
දරුවන් ඔබ සැමට දිගු ගමනක් යන්න ත්රිවිධ රත්නයේ පිහිටයි. (ර)
දුවේ පුතේ රටේ අනාගතය ඔබයි. ඔබට ජය. (ර)
රටේ අනාගතය බාරගන්න ඉන්න දුවේ, පුතේ, ඔබලා වාසනාවන්තයි.මේ එක කඩඉමක් පමණයි. ඊලග වාසනාව ලගාකරගන්නා නිහතමානිව උත්සහ වන්ත වෙන්න. පලමු සුබපැතුම්. අපේ ගමේ පුතෙක් කිසිම අමතර පන්තියකට නොයා සි8 එස්1 අරගන. දහසක් අගහිගකම් මැද්දේ ගමේ පාසලට ගියේ දුප්පත් කම නිසයි. පන්තිවලට යන්න සල්ලි නැහැ. පාසලේ උගන්වන දේ පමණයි.ඉංග්‍රීසි වලට එස් 1.අමතර පන්ති ගියානම් ලොකු පාසලකට ඔහුටත් යන්න සුදුසුකමක් වෙයි. (ර)
මාගේ සුබපැතුම්.! (ර)
අපේ රටට ආදරේ කරමින් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා! (ර)
සිංහල බෞද්ධ පදනමක් තියන පාසල් වලින් මෙවන් දක්ෂයන් බිහිවීම ලොකු සතුටක්. බිග් මැච් එකට බාලිකා විද්‍යාල වලට පනින කළු සුද්දන්ගේ ඉස්කෝලවලට තමන්ගේ ළමයි නොයවා ඉන්න දෙමවුපියන් වග බලා ගන්න ඕනේ. (ම)
උදය හරියටම හරි. (ර)
මෑත කාලයේ හොඳම විභාග ප්‍රතිඵල වැඩිපුර ලබාගෙන තිබුනේ කොළඹින් පිට දුදරුවන්. මෙවර කොළඹ දරු-දැරියන් හපන්කම් පෙන්වා තිබෙනවා. කොහොම වුණත් මේ සියලු දෙනාම අපේ දැයේ සම්පත්. මේ සියලු දෙනාට ආසිරි පතමු. (නි)
උත්සාහවන්ත දුදරුවනි, ඔබට සුබ පැතුම්! (නි)
විශිෂ්ටයින්ට අපෙන් සුබ පැතුම්! (නි)
සමත් අසමත් සියලු දෙනාටම මගේ සුභ පැතුම්! අසමත් අය තව උත්සාහ කරන්න.. (නි)
සා.පෙළ සමත් සියලුම දෙනාට මාගේ සුබ පැතුම්! (නි)
බොහොම හොඳයි. සුබ පැතුම්.! (ර)
දියණියනි ඔබලාට මාගේ සුබ පැතුම්.! (ර)
විශ්වවිද්යාලවලින් දේශපාලන නවත් වන්න ඕනෙමයි දරුවන්ගේ අනාගතය පිකටින් වලට විකුනන එකට විරුද්දව යමක් නොකලොත් දරුවන්ගේ අනාගතය අදුරේ දෙමාපියන්වත් මේකට මෑදිවෙන්න ඔනේ. (ර)
මේ ද සා.පෙල ප්‍රතිපල කලින් එම ගෙන් මගේ බලවත් කනගාටුව සහ සුබ අලුත් අව්රුද්දක් වේවා. (ර)
මගේ සුබ පැතුම්.! (ර)
සමත් අයටත් අසමත් අයටත් සුබපැතුම් අසමත් අය තමන් දක්ෂ දේවල් වලින් නැගී සිටින්න. (ර)
දුවේ සුබ ගමන් තෙරුවන් සරණින් ඉදිරි ගමන සාර්ථක වේවා.! (ර)
ඹ්නෑම ළමයෙක් තමන්ගේ විභාග ප්‍රතිඵල ඉක්මනින් බලාගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ. ඒත් www.doenets.lk වලට කීපදෙනෙක් එකවර ආවොත් කවදාවත් වැඩකරන්නෙ නැහැ. කරුණාකර මෙවැනි ප්‍රධන ඒවායේවත් වේගය වැඩි කරන්න සිතා බලන්න. (නි)
දැන්නම් අහින්සක හිනාවක් තියෙන්නෙ, හැබැයි තව අවුරුදු දෙකකින් අන්තරේට රැවටිලා, පාර දිගේ රස්තියදු වෙන්නෙත් මේ අයම තමයි.(හේ)
මම සුබ පතමි ඔබලාගේ අනාගතය සාර්ථක වේවා කියා. (ර)
දරුවන්ට හොද අද්යාපනයක් ලබා දෙන එක දෙමුපියන්ගේ වගකීමක්. ඒ දේ මුල ඉදල පළමු පන්තියේ ඉදල කරන්න ඕනි දෙයක් හොදින් පොහොර දැම්ම ගසක හොද පලදාවක් තියනවා සේම කැලේට හැදුනු ගස් නිසි පලදාවක් නැත. එසේ හෙයින් සියල්ලන්ගේම වගකීම් නිසි අයුරින් ඉටු කොට දරුවන්ගෙන් හොද ප්‍රතිපල අසනු මැනවි ! (ර)
අපෙන් සුබ පැතුම්.! (ර)
දියණියනි ඔබලාට මාගේ සුබපැතුම්. (ර)
සමත් අසමත් සියලු දෙනාටම මගේ සුභ පැතුම්! අසමත් අය තව උත්සාහ කරන්න.. ඔබ සියලු දෙනාටම අල්ලාහ්ගේ පිහිටයි.! (ර)
ආදරණීය දරුවනි ඔබලාට සුභපැතුම් ! (ර)
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අසමතුලිතයි (බ)
විභාගය අසමත් කියන්නේ, අදක්‍ෂයෙක් කියන එක නෙමෙයි. කැපවීමේ ප්‍රතිපල තමයි පාස් වීම. නමුත් පස්වුන නොවුන,හැමකෙනෙක්ම බුද්ධිමතුන්. පාස් නොවූ සැමට ඔවුන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගත හැක. (බ)
වාසනාවන්ත දූ දරුවනි ලෝකයට වැඩ දායක මිනුසුන් වෙන්න. සල්ලි පස්සේ හඹා නොගොස් ලෝකයට අවංක යම් මෙහෙවරක් කිරීමට උත්සහගන්න. (ර)
සුපිරි ඉස්කෝල වලට ගිහින් 1,2,3 වෙන එක අරුමයක් ද? ඒවාය විශේෂ පහසුකම්, විශේෂ ඉගෙන්වීම්. අනිත් ඉස්කෝල වල හරියට උගන්වන්නේ නැහැ. දරුවෝ නහිනවා මහා රාත්‍රී වෙනකම් පන්ති යනවා. දෙමවු පියන් නහිනවා. සල්ලි වියදම් කරනවා. මේකද සාදාරනය.? ඊට පස්සේ කියනවා මේ සුපිරි ඉස්කෝල වල අය 1,2,3 අවා කියලා. මේවා හරි නැහැ. පවු දරුවෝ! (ර)
සියලු දෙනාට සුබ පතමි. (ර)