වංචාවෙන් විදුලිය ලබා ගත් විශ්‍රාමිකයකුට රජයේ ගාස්තු සහ වංචා කළ විදුලිය වෙනුවෙන් අලාභ වු රුපියල් 169858 මුදල ගෙවන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා නියෝග කළේය.
ටෙම්පලර් පාර ගල්කිස්සේ පදිංචි ගමගේ සුනිල් පෙරේරාට මෙසේ දඩ මුදල් නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පව් අහිංසකයා! (නි)
අද දරන්න බැරි ජීවන වියදම හින්දා මිනිස්සු කොහොම හරි ජීවත් වෙන්න බලනවා. මේ වගේ අසරණ මිනිස්සුන්ට දඩ ගහන එක නෙමෙයි කරන්නේ ඕනෑ. පුළුවන් නම් නොමිලේ විදුලිය දෙන එක. අපේ රටේ ඇතැම් විශ්‍රාමික අයට විශ්‍රාමික වැටුප වෙනුවට එකවිට මුදලක් ලැබෙන ක්‍රමයක් තියෙන්නේ.රටේ උද්දමනයත් මුදල් අච්චු ගැසීමත් නිසා මෙම මුදලේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා. මේ අයට කිසිම සහනයක් නැහැ. මේ අයට වසරක් පාසා මීට සාධාරනයක් ලෙස රජයෙන් මුදලක් ගෙවිය යුතුයි (නි)
හරි හරි. විදුලි බිල ගෙවන්න තරම් විශ්‍රාමික වැටුුපක් ලැබෙන්නේ නැහැ තමයි. අපිත් ගෙවන්නේ බොහොම අමාරුවෙන්. ඒ වුණාට ඔහොම කළහම මේ ගොල්ලෝ ඒකත් අපෙන් අල්ලන්න හදනවනේ. ඒ හින්දා ඔය ගාන ගෙවල දාලා හිත හදා ගන්න. (නි)
විදුලිය හොරෙන් ගන්න පෙර දෙවරක් හිතලා බලන්න තිබුනා, එය කරන ආකාරය ගැන (නි)
ගාන දැක්කම කරන්ට් වදින්න ඇති.(නදී)
මිනිසුන් නිතිගරුක වියයුතුයි. හොරකම කිසිසේත් සාධාරනීකරණය කළ නොහැක. හැමෝම ජීවන බර වැඩියි කියලා හොරකම් කරන්න ගියොත් කෙහොමද? අනාගත පරපුරට ආදර්ශයක් වෙන්න උපරිම දඬුවම් දිය යුතුයි. ප්‍රභාත් හැමදේම පිනට ගන්න බලන් ඉන්න නිසා තමයි රටට හෙනගහලා තියෙන්නේ. තමන්ට තියෙන විදියට ජීවත්වීමට පුරුදු වියයුතුයි. මම මේ දේශපාලකයින් හරියි කියනවා නෙමෙයි. නමුත් හොරකම වැරදියි.(නදී)
සම්පත් මහත්තයෝ, විශ්‍රාම ගිය මනුස්සයෙකුට සල්ලි හම්බ කරන්න බැහැ වයසයි.අදුරේ ඉන්නද කියන්නේ. (ස)
හැම විශ්‍රාමිකයෙක්ම විදුලිය හොරකම් කරන්න ගියොත්.හොරකම හොරමමය.... ඔච්චර ගානක් ගෙවන්න විශ්‍රාම යන්න කලින් ඉඳන්ම හොරකම් කරන්න ඇති. වයසක අය නොදරුවන්ට ආදර්ශයක් විය යුතුයි (දිල්)