IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විශාල හිඟ බදු ඇති බව කියන කතා බොරු

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය.

මෙම ආයතන තුනෙහිම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණක් බව පෙන්වා දුන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෝකයේ ඕනෑම රටක සමස්ත බදු ආදායමෙන් 3%-5% ක් අතර හිඟ බදු ප්‍රමාණයක් පවතින බවද සඳහන් කළේය.

සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා මේ බව කීවෙි "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එසේම මෙම ආයතන තුන 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම ආදායම ලෙස රුපියල් ට්‍රිලියන 3 ඉක්මවූ ආදායමක් ලබා ගත් අතර වසර 25කට පසු ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට සමත් වූ බවද ගුණසිරි මහතා සඳහන් කළේය.

 



අදහස් (15)

විශාල හිඟ බදු ඇති බව කියන කතා බොරු

යෝගා Monday, 26 August 2024 06:10 PM

පෝට් සිටිය හදන්න සීගිරි ගල කඩන්න වෙනවායි කියපු අයනේ ඔය බොරු කට උල්කරලා කිව්වේ...!

:       0       0

රාලහාමි Monday, 26 August 2024 06:10 PM

බොරු කියලාම තමයි තට්ටේ පෑදිලා තියෙන්නේ. කවුද ඔය "හදපු බොරු" කතාව කියන්න කිවේ? රනියා නේද? හොරුන්ට කඩේ ගිහින් නිකම් ඇන ගන්න එපා.

:       0       0

Dilshan Monday, 26 August 2024 06:11 PM

බිලියන 90ක් බොහොම පොඩි ගාණක් නේ.. දුප්පත් මිනිස්සුන්ට බදුපිට බදු ගහලා බිලියන 90 එකතු නොකර ඉන්නේ මොකද කියලා පැහැදිලි කරා නම්... විශේෂයෙන්ම අර අරක්කු කොම්පැනි කාරයින්ගේ බදු මොකද එකතු නොකරන්නේ?

:       0       0

ama Monday, 26 August 2024 06:22 PM

දී කිරට බළලුන් සාක්කි කිව්වාලු..! 

:       0       0

WCA Monday, 26 August 2024 06:28 PM

අම්මෝ අම්මෝ බොහොම ස්තුතියි..! ඉක්මණට ඇවිල්ලා දැනුවත් කළාට...!

:       1       0

Perera Tuesday, 27 August 2024 04:45 AM

එක එක දේශපාලුවන්ට කහින්නේ නැතුව රාජ්‍ය සේවකයෙක් විදියට අදාල වැඩක් බලාගෙන හිටපන්

:       0       0

Ratne Tuesday, 27 August 2024 05:26 AM

මේ බදු වංචා කරන්න දීලා ව්‍යාපාරකයින්ගෙනුත්, ඒ පිළිබඳව සත්‍ය ජනතාවගෙන් දැක්වීමට උත්සාහ කරමින් වංචනික පාලකයින්ගෙන් තුටු පඬුරු ගන්න කොමිස් ජනරාල් කෙනෙක් වගේ.

:       1       0

සෙනෙවිරත්න Tuesday, 27 August 2024 06:26 AM

සුරා බදු කොමසාරිස් කොහොමද දේශීය ආදායම් සහ රේගුව වෙනුවෙන් ඉලක්කම් කියවන්නෙ? ඒක පැහැදිලි කරන්න. එතකොට හොර ස්ටිකර් ගැහුවෙම නැද්ද? එහෙම ජාවාරමක් ලේසියෙන් අතහරින්න පුලුවන්ද නීතියක් තියෙන රටකට? සුරාබදු නිළධාරින්ගෙ වත්කම් බැලුවම රජයට එන බදු කොහෙද කියල හොයන්න පුලුවන් . මම දන්න සුරාබදු නිළධාරියෙක් හරහා අඩුමිලට බොතල් ගත්ත කෙනෙක් බාර් එකකින්, එහෙම වෙන්නෙ කොහොමද

:       2       44

Tilak Tuesday, 27 August 2024 07:16 AM

එසේනම් දත්ත සමග ඔප්පු කරන්න. නිශ්පල ආකාරයේ ප්‍රකාශන දත්ත විරහිතව කීම පිළිගත නොහැකි දෙයක්. කොමසාරිස් හෝ කවුරු කීවත් දූෂිත රාජ්‍යයක විනිවිද භාවයෙන් තොරව කරන ප්‍රකාශ පිලිගත නොහැකියි.

:       2       40

Jagath Tuesday, 27 August 2024 08:50 AM

මේ හොරා කියන්නෙ බොරු.

:       2       35

lalindra Tuesday, 27 August 2024 11:28 AM

ඉතින් ගුනසිරි ක්‍රම සහ විදි කාරක සභාවට එන්න කියපුවාම හැංගෙන්නෙ නැතිව එකට ගිහිල්ලා ඔය කතාව කියන්නකෝ. පාලු ගෙයි වලං බිඳින්නෙ නැතිව. ඔයා එක බොරුවක් කියලා කියනවානම් කාරක සභාවට ගිහිල්ලා පාඨලී මහත්තයට අභියෝග කරන්න්කෝ එයා කිවේ බොරු කියලා.

:       1       0

Rata Perata Tuesday, 27 August 2024 11:34 AM

නව පාලනයකින් ගෙදර යන්න ඕනෑ දූෂිත නිලධාරීයෙක්

:       1       0

පිටරටවැසියා Tuesday, 27 August 2024 12:45 PM

මූණේ තියෙන තක්කඩි පාට ...

:       1       5

අරවින්ද මොනරවිල Tuesday, 27 August 2024 01:59 PM

දිය කිරට බළලුත් සාක්ෂි කියලා කිව්වලු, ඒ වගෙයි තමයි මෙයාගේ කතාවත්, මෙයා කියන කතාව ඇත්ත නම් පාර්ලිමේන්තුවට ඉදිපත් කරලා තියෙන වාර්තාවල බොරු හො අසත්‍ය තොරතුරු ඇතුලත් කරලා තිබෙන බවයි පෙනෙන්නේ. එහෙම නම් ඒකට විරුද්ධව මෙයාට දඩුවම් කලයුතු වෙනවා.

:       1       5

K. G. C. Deepal Tuesday, 27 August 2024 03:17 PM

තව ටිකදොහක් ඉවසන්නකෝ.... ඔයාලා හම්බ කරගත්තු විදිහත් ඔප්පුකරලා රජයේ ලේඛන හදපු විදිහත් පෙන්නන්නකෝ... ඊට පස්සේ බැරි යැයි කොච්චර කල් කූරු ගනින්න වෙයිද කියලා බලන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2095 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2202 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2757 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5792 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1891 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6532 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18454 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site