මේ දිනවල පුංචි තිරයේ ජනප‍්‍රියම පෙම්වතා ඔහුය. 2013 වසරේ ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේද ඔහුය. හැඩකාර පෙනුම නිසාම ඔහුට සිතින් පෙම් බැඳි තරුණියන් බොහෝ වන්නට පුළුවන. එහෙත් කන්ද උඩරටින් පැමිණ පුංචි තිරය හැඩකරන මේ සුන්දර තරුණයාගේ ආදරය දිනා ගත්තේ එරන්දි හල්කවිදානය.
ඔහු කවුරුද යන්න ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු විශ්ව කොඩිකාරය.
”විශ්ව හා එරන්දි” අතර විවාහය පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඞ් හෝටලයේදී පැවැත්විණි. විශ්වට එරන්දි හමුවුණේ කොහොමද? ඒ සැබෑ වූ ආදර කතාව ගැන කියන්නට අපි එරන්දිට ඇරියුම් කළෙමු.
එරන්දි ඔබගෙ පවුලේ විස්තර ගැන මුලින්ම කිව්වොත්?
මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. පවුලේ එකම දරුවා මමයි. කුඩා කාලයේදීම පදිංචිව සිටියේ ඕස්ටේ‍්‍රලියාවෙ. වයස අවුරුදු අටේදී විතර නැවත ලංකාවට ඇවිත් මියුසියස් විද්‍යාලයේ වසර කීපයක් ඉගෙන ගත්තා. ආයෙමත් ඕස්ටේ‍්‍රලියාවට ගිහින් උපාධිය තෙක් ඉගෙන ගෙන එහේ පදිංචිව සිට නැවත ලංකාවට ආවේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීයි.
මෙතෙක් ජීවිතයේ වැඩි කාලයක් ඕස්ටේ‍්‍රලියාවේ ගත කළ ඔබට විශ්ව හමුවුණේ කොහොමද?
සරත් චන්ද්‍රසිරි අංකල් (ප‍්‍රවීන රංග ශිල්පී* අපේ පවුලේ හිතවතෙක්. ලංකාවට නිවාඩුවකට ඇවිත් හිටපු දවසක සරත් චන්ද්‍රසිරි අංකල් හමුවන්න අපේ ගෙදර අයත් එක්ක ගියා. සරත් අංකල් හිටියෙ රූගත කිරීමක. එදා ඒ රූගත කිරීම්වලට බිමල්, හිමාලි අක්කා වගේම විශ්වත් සහභාගි වෙලා හිටියා. ඉතින් එදා සරත් අංකල් එයාලට අපිව හඳුන්වලා දුන්නා. එදා විශ්ව ගැන කිසිම විශේෂ හැඟීමක් ඇති වුණේ නැහැ. හැබැයි එදා මගේ යාළුවෙකුට එයා එක්ක පිංතූරයක් ගන්න ඕනෑ වුණා. ඒ පිංතූරය අරන් දුන්නෙ මමයි.
ඉන් පස්සෙ මෙය ආදර සබඳතාවයක් වුණේ කොහොමද?
එදා ඒ හඳුනා ගැනීමෙන් දවස් දෙක තුනකට පස්සෙ විශ්ව සරත් චන්ද්‍රසිරි අංකල්ගෙන් අපේ දුරකථන අංකය අරගෙන කතා කළා. මාව දැකපු දවසෙම එයාට මා ගැන කැමැත්තක් ඇති වූ බව කීවා.
ඉතින් ඔබ මොනවද කිව්වේ?
ඇත්තටම කතා කරපු මුල්ම දවසෙම මටත් විශ්ව ගැන ලොකු පැහැදීමක් තිබුණෙ. ඉන්පස්සෙ අපි දිගටම වගේ දුරකථනයෙන් කතා කළා. දෙන්නට දෙන්නගෙ අදහස් ගැලපෙන බව තේරුම් ගියා.
ඊට පෙර ඔබට යෝජනා ඇවිත් තිබුණෙ නැද්ද?
අඳුරන අය මාර්ගයෙන් විවිධ යෝජනා ඇවිත් තිබුණා. නමුත් මේ විදියට ඇවිත් තිබුණෙ නැහැ.
මේ විදියට කිව්වෙ?
විශ්වගෙන් මේ යෝජනාව එන කොට අපේ ගෙදරින් මට විවාහයක් ගැන සොයමින් සිටියෙ. විශ්ව ඇත්තටම හොඳ කෙනෙක්. ආගමට දහමට ලැදි අද කාලයේ බොහෝ තරුණයින් වෙතින් දකින්න නොලැබෙන යහපත් ගතිගුණ ඇති චරිතයක්. ඉතින් මම වගේම අපේ ගෙදර අයත් විශ්වට කැමැති වුණා.
හඳහන් බැලූවද?
ඔව්. දෙමාපියන් ඒවා බැලූවා. හොඳට ගැලපුණා. ඇත්තටම අපේ විවාහ චාරිත‍්‍ර පවා අපි අකුරටම කළා.
නළුවෙක් නිසා කියන දේ මාතෘකා කරගෙන මේ පේ‍්‍රමයට බාධා එල්ල වුණේ නැද්ද?
නැතුවාම නොවෙයි. ගොඩක් අය එක එක දේ කිව්වා. ඒත් විශ්ව මට සියයට සීයක් නොවෙයි දාහක්ම විශ්වාසයි. අනෙක මම කටකතා විශ්වාස කරන්නෙ නැහැ. විශ්වයි මායි අතර රහස් නැහැ. අපි දෙන්නට දෙන්නා සියලූ දේ බෙදා හදා ගන්නවා. සඟවන දේවල් නැහැ.
නළුවෙක් විදියට විශේෂයෙන්ම පුංචි තිරයේ ජනප‍්‍රිය පෙම්වතා ලෙස එයාට විවිධ නිළියන් සමග පෙම් චරිත රඟපාන්න වෙනවා. ඔබ ඒකට කැමැතිද?
මම විශ්ව හඳුනා ගත්තෙත් ටෙලිනාට්‍යයේ පෙම්වතා චරිතය නිසයි. එතකොට ඊර්ෂ්‍යාවක් නොතිබුණාට එයා එක්ක යාළු වුණාම ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. නමුත් විශ්ව මට සියල්ල ගැන වටහලා දුන්නා. මම තේරුම් ගත්තා ඇත්තටම අද එයා තව තවත් චරිත රඟපානවට මම ආසයි. ඒවා දැකලා මාත් හරියට සතුටු වෙනවා.
ඇත්තටම ඔබට ඊට පෙර පේ‍්‍රමයක් තිබුණෙ නැද්ද?
මගේ මූලික අරමුණ වුණේ වයස 21 වෙද්දී උපාධියක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කළා. ඒ නිසා පෙම් සබඳතා නම් තිබුණෙ නැහැ.
ඔබගෙ ප‍්‍රියතම නළුවා නිළිය කවුද?
විජය මාලනි යුවළයි. හැබැයි අද නම් මට මගේ ප‍්‍රියතම නළුවා මගේ මහත්තයායි.
ඔබට රඟපෑමේ අදහසක් නැද්ද?
කොහෙත්ම නැහැ. මම වඩා කැමැති උගත් අංශය වන නිර්මාණාත්මක කලාව අනුව යමක් කරගන්නයි. මම අධ්‍යාපනය කළේ අලෙවිකරණය සහ මාධ්‍යයට සම්බන්ධ උපාධිය වෙනුවෙනුයි.
|
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙදෙනාටම සුබ පැතුම් !!! (ස)
නිතරම ප්‍රේම චරිත රඟපාන ඔබ ඔය 'ඔටුන්න' දාගෙන ඉන්නකොට මට වෙන චරිතයක් මතක් වෙනවා. ඔබ දෙපලට සුභ ජීවන ගමනක් යන්න ලැබේවා!(නදී)
ලාල් ගලබඩ ගේ කතාව ඇත්ත. විශ්ව මල්ලි මගුල්දා 'අන්දරේට' ඇන්දේ හිතලමද? ඔබ දෙපලට සුභ අනාගතයක්! (නදී)
ඔයාගේ ජීවිතය වසනාවන්ත වේවා! මගේ හොඳම නළුවා ඔයා. එරන්දි හරිම වාසනාවන්තයි.(නදී)
ඇයි විශ්ව වෙන ඇඳුමක් තිබුනෙම නැද්ද ඔය වගේ අන්දරේට අඳින්න. වාසනා වේවා! (නදී)
විශ්ව අයියේ ඔබ දෙපලට මගෙන් සුභ පැතුම්! (නදී)
විශ්ව ,ඔයත් ඔයාගේ අත ගත්ත එරන්දිටත් සුභ අනාගතයක්. ඒ වගේම ඈත කතරක තනි වී ඉන්න අපි, ඔයාල රූ ගත කරන ටෙල නාට්‍ය වලින් ඉතා වශාල වින්දනයක් ලබන බව ආදරෙන් කියන්නම්' කළා ක්ෂේත්‍රයටම ඔබ මිනි පහනක් වේවා! (නදී)
ඔක්කොම හොඳයි. ඒත් කාටද අනේ විශ්වගේ ඇඳුම් හදන්න දුන්නේ ? (නදී)
ඔබ දෙපලට සුබ මංගලම්,ඔබ දෙපලගේ යුග දිවිය,තවත් ටෙලි නාට්ට්යක් නොවෙවයි ප්‍රර්ථනා කරමි. (අ)
ඔයාල දෙන්නගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. සුභ අනාගතයක්! (නදී)
අලුත් ජීවන ගමනට සුභ පැතුම්.(ත)
එකසිය විස්සට දෙසිය විස්සක්ම ආවඩා ආයුබෝවේවා සුභ මංගලම්.(නදී)
පත්තරවල තිබුනේ විශ්ව සැලසුම් කල හිස්වැස්මක් කියලා. ඔහු එය පරපුරෙන් පරපුරට ගෙනියන්න රන් ආලේපකර හැදෙව්වා කියලා. එය සම්ප්‍රදායික හිස්වැස්මට වඩා වෙනස් තමයි. එහෙම බැලුවොත් මේ ජෝඩුවගේ ඇඳුම්වල සම්ප්‍රදායට විරුද්ධ කීයක් නම් දේවල් තියෙනවද? මේඩප් ඔසරියත් සම්ප්‍රදායට විරුද්ධනෙ.(නදී)
එරන්දි, බෝම්බ සහ රෝස චිත්‍රපටය බලන්න. විශ්වගේ ප්‍රේම ජවනිකා හොඳම රංගනය තියෙන්නේ ඒකෙ මිසක් ටෙලි නාට්‍යවල නොවේ.(නදී)
විශ්වගේ ආදරණීයම රංගනය දකින්න බෝම්බ සහ රෝස නරඹන්න.(නදී)
කුමාරිහාමි,චායා ටෙලිනාට්‍ය තමයි විශ්වගේ හොඳම ආදරණීයම රංගනය තියෙන නාට්‍ය. (නදී)
සුබ මංගලම් හොදට ගැලපෙනවා.(නදී)
විශ්ව දැන් සීනිබෝල පෙම්වතාට සීමා වුනා ඇති. කෝරලේ මහත්තයා අවසන් කොටසේ වසන්ත, ගාමිණි කුමාර, කපිල සිගේරා වැනි සටන් නළුවන් සමග සටන් ජවනිකාව තාත්විකව නිරූපණය කළා. දැන් ක්‍රියාදාම නළුවෙක් වෙන්න කාලේ හරි. (නදී)
ශ්‍රී සුබ මංගලම් (දිල්)
ඇය කියන්නේ ඇත්ත ඇයට සීයට දාහක් විශ්වාතවන්ත අය ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් විශ්ව. අනිත් එක්කෙනා මම. (දී)
ශ්‍රී සුබ මංගලම් ඔයාගේ නාට්‍ය වලට අපි ගොඩක් කැමතියි (දී)
ඔබ දෙපලට සුබ පැතුම් ජය වේවා ! (දී)
මෙල්බන් නුවරින් සුබ පතමි (දිල්)
සුභ පැතුම් විශ්ව සහෝදරයා.(නදී)
ඔයාට සුභ පතනවා අයියේ මමත් ගොඩක් ආස නලුවා ඔයා තමයි.(නදී)
ඔබට සුභ පැතුම් (දිල්)
සුභ පැතුම් විශ්ව මල්ලී.(නදී)
සුබ පැතුම් අක්කි ඔයාලට.(නදී)
සුභ මංගලම් ! (නදී)
උණුසුම් සුභ පැතුම්(දිල්)
ඔයාල දෙන්නට තුණුරුවන්ගෙ සරණ ලැබේවා! මගේ සුභ පැතුම්!. (නදී)
ශ්‍රී සුභ මංගලම්! (නදී)
ඇත්තටම විශ්ව හොඳ නලුවෙක්. දෙදෙනාගේ යුග දිවියට සාමය, සමගිය, සෞභාග්‍ය උදාවේවා! (නදී)
සුභ පැතුම්(දිල්)
බැඳගත් දෙඅත දිවි ඇති තෙක් රැකගන්න. ජිවිත ගමන මල් යහනක් කර ගන්න. විශ්වාසයට ඉවසීමට තැන දෙන්න. ආසිරි පතමි යුග දිවියම සරු වෙන්න.(නදී)
සුභ මංගලම්.(නදී)
ඔබට සුභ අනාගතයක්! (නි)
විශ්ව දක්ෂ නලුවෙක්. නව දිවියට සුභ පැතුම්.(නදී)
දෙදෙනාට සුභ පැතුම් සමග පොඩි කාරණාවක් කියන්න තියෙනවා මුළු ඇඳුමේ හිස් වැස්ම ගැන. ඇඳුම් නිර්මාණය කල අයට සාම්ප්‍රදායික මුළු ඇඳුම ගැන අවබෝධයක් තිබිලා නැහැ වගෙයි. එක පාරටම මට මතක් උනේ ප්‍රවීණ නාට්‍ය ශිල්පී විජය නන්දසිරිගේ වෘෂභ රාජ නාට්‍යයයි.(නදී)
විශ්වට සහ එරන්දිට මාත් මගේ බිරිඳ තිලිනි හද වතින්ම සුභ පතනවා.(නදී)
විශ්ව සහ එරන්දි ,ඔබ දෙපලට උණුසුම් සුභ පැතුම්! (නදී)
ඔබට සුභ පතනවා විශ්ව(දිල්)
විශ්ව සහ එරන්දි ,ඔබ දෙපලට උණුසුම් සුභ පැතුම්! ඔබට සුභ අනාගතයක්! (නදී)