IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘විශ්ව මට සියයට දාහක් විශ්වාසයි’

 

 

 

මේ දිනවල පුංචි තිරයේ ජනප‍්‍රියම පෙම්වතා ඔහුය. 2013 වසරේ ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේද ඔහුය. හැඩකාර පෙනුම නිසාම ඔහුට සිතින් පෙම් බැඳි තරුණියන්  බොහෝ වන්නට පුළුවන. එහෙත් කන්ද උඩරටින් පැමිණ පුංචි තිරය හැඩකරන මේ සුන්දර තරුණයාගේ ආදරය දිනා ගත්තේ එරන්දි හල්කවිදානය.
ඔහු කවුරුද යන්න ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු විශ්ව කොඩිකාරය.


”විශ්ව හා එරන්දි” අතර විවාහය පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඞ් හෝටලයේදී පැවැත්විණි. විශ්වට එරන්දි හමුවුණේ කොහොමද? ඒ සැබෑ වූ ආදර කතාව ගැන කියන්නට අපි එරන්දිට ඇරියුම් කළෙමු.

 

 


 එරන්දි ඔබගෙ පවුලේ විස්තර ගැන මුලින්ම කිව්වොත්?
මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. පවුලේ එකම දරුවා මමයි. කුඩා කාලයේදීම පදිංචිව සිටියේ  ඕස්ටේ‍්‍රලියාවෙ. වයස අවුරුදු අටේදී විතර නැවත ලංකාවට ඇවිත් මියුසියස් විද්‍යාලයේ වසර කීපයක් ඉගෙන ගත්තා. ආයෙමත්  ඕස්ටේ‍්‍රලියාවට ගිහින් උපාධිය තෙක් ඉගෙන ගෙන එහේ පදිංචිව සිට නැවත ලංකාවට ආවේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීයි.

 

 


 මෙතෙක් ජීවිතයේ වැඩි කාලයක්  ඕස්ටේ‍්‍රලියාවේ ගත කළ ඔබට විශ්ව හමුවුණේ කොහොමද?
සරත් චන්ද්‍රසිරි අංකල් (ප‍්‍රවීන රංග ශිල්පී* අපේ පවුලේ හිතවතෙක්. ලංකාවට නිවාඩුවකට ඇවිත් හිටපු දවසක සරත් චන්ද්‍රසිරි අංකල් හමුවන්න අපේ ගෙදර අයත් එක්ක ගියා. සරත් අංකල් හිටියෙ රූගත කිරීමක. එදා ඒ රූගත කිරීම්වලට බිමල්, හිමාලි අක්කා වගේම විශ්වත් සහභාගි වෙලා හිටියා. ඉතින් එදා සරත් අංකල් එයාලට අපිව හඳුන්වලා දුන්නා. එදා විශ්ව ගැන කිසිම විශේෂ හැඟීමක් ඇති වුණේ නැහැ. හැබැයි එදා මගේ යාළුවෙකුට එයා එක්ක පිංතූරයක් ගන්න  ඕනෑ වුණා. ඒ පිංතූරය අරන් දුන්නෙ මමයි.

 

 


 ඉන් පස්සෙ මෙය ආදර සබඳතාවයක් වුණේ කොහොමද?
එදා ඒ හඳුනා ගැනීමෙන් දවස් දෙක තුනකට පස්සෙ විශ්ව සරත් චන්ද්‍රසිරි අංකල්ගෙන් අපේ දුරකථන අංකය අරගෙන කතා කළා. මාව දැකපු දවසෙම එයාට මා ගැන කැමැත්තක් ඇති වූ බව කීවා.

 

 


 ඉතින් ඔබ මොනවද කිව්වේ?
ඇත්තටම කතා කරපු මුල්ම දවසෙම මටත් විශ්ව ගැන ලොකු පැහැදීමක් තිබුණෙ. ඉන්පස්සෙ අපි දිගටම වගේ දුරකථනයෙන් කතා කළා. දෙන්නට දෙන්නගෙ අදහස් ගැලපෙන බව තේරුම් ගියා.

 


 ඊට පෙර ඔබට යෝජනා ඇවිත් තිබුණෙ නැද්ද?
අඳුරන අය මාර්ගයෙන් විවිධ යෝජනා ඇවිත් තිබුණා. නමුත් මේ විදියට ඇවිත් තිබුණෙ නැහැ.

 

 


 මේ විදියට කිව්වෙ?
විශ්වගෙන් මේ යෝජනාව එන කොට අපේ ගෙදරින් මට විවාහයක් ගැන සොයමින් සිටියෙ. විශ්ව ඇත්තටම හොඳ කෙනෙක්. ආගමට දහමට ලැදි අද කාලයේ බොහෝ තරුණයින් වෙතින් දකින්න නොලැබෙන යහපත් ගතිගුණ ඇති චරිතයක්. ඉතින් මම වගේම අපේ ගෙදර අයත් විශ්වට කැමැති වුණා.

 

 


 හඳහන් බැලූවද?
ඔව්. දෙමාපියන් ඒවා බැලූවා. හොඳට ගැලපුණා. ඇත්තටම අපේ විවාහ චාරිත‍්‍ර පවා අපි අකුරටම කළා.

 

 


 නළුවෙක් නිසා කියන දේ මාතෘකා කරගෙන මේ පේ‍්‍රමයට බාධා එල්ල වුණේ නැද්ද?
නැතුවාම නොවෙයි. ගොඩක් අය එක එක දේ කිව්වා. ඒත් විශ්ව මට සියයට සීයක් නොවෙයි දාහක්ම විශ්වාසයි. අනෙක මම කටකතා විශ්වාස කරන්නෙ නැහැ. විශ්වයි මායි අතර රහස් නැහැ. අපි දෙන්නට දෙන්නා සියලූ දේ බෙදා හදා ගන්නවා. සඟවන දේවල් නැහැ.

 

 


 නළුවෙක් විදියට විශේෂයෙන්ම පුංචි තිරයේ ජනප‍්‍රිය පෙම්වතා ලෙස එයාට විවිධ නිළියන් සමග පෙම් චරිත රඟපාන්න වෙනවා. ඔබ ඒකට කැමැතිද?
මම විශ්ව හඳුනා ගත්තෙත් ටෙලිනාට්‍යයේ පෙම්වතා චරිතය නිසයි. එතකොට ඊර්ෂ්‍යාවක් නොතිබුණාට එයා එක්ක යාළු වුණාම ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. නමුත් විශ්ව මට සියල්ල ගැන වටහලා දුන්නා. මම තේරුම් ගත්තා ඇත්තටම අද එයා තව තවත් චරිත රඟපානවට මම ආසයි. ඒවා දැකලා මාත් හරියට සතුටු වෙනවා.

 

 


 ඇත්තටම ඔබට ඊට පෙර පේ‍්‍රමයක් තිබුණෙ නැද්ද?
මගේ මූලික අරමුණ වුණේ වයස 21 වෙද්දී උපාධියක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කළා. ඒ නිසා පෙම් සබඳතා නම් තිබුණෙ නැහැ.

 

 

 

 


 ඔබගෙ ප‍්‍රියතම නළුවා නිළිය කවුද?
විජය මාලනි යුවළයි. හැබැයි අද නම් මට මගේ ප‍්‍රියතම නළුවා මගේ මහත්තයායි.

 

 


 ඔබට රඟපෑමේ අදහසක් නැද්ද?
කොහෙත්ම නැහැ. මම වඩා කැමැති උගත් අංශය වන නිර්මාණාත්මක කලාව අනුව යමක් කරගන්නයි. මම අධ්‍යාපනය කළේ අලෙවිකරණය සහ මාධ්‍යයට සම්බන්ධ උපාධිය වෙනුවෙනුයි.

 

 

විශ්ව එරන්දි ගැන කියූ විදිය


”මුලින්ම නම් මට එරන්දි දුටුවාම ආසාව සමග වූ හැඟීමක් ඇති වුනේ. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. නමුත් පසුව ගතිගුණ ගැන තේරුම් ගනිද්දි මේ තමයි මගේ ගමනාන්තය කියලා හිතුණා. මගේ වැරදි දේ එයා දුටුවා. එයාගෙ වැරදි දේ මම දැක්කා. මට එකඟ විය නොහැකි දේට එයා එකඟ වුණා. මාත් එහෙම වුණා. ජීවිතය දෙන්නට දෙන්නා තේරුම් ගත්තා.

 


 


 



අදහස් (0)

‘විශ්ව මට සියයට දාහක් විශ්වාසයි’

නන්දන Tuesday, 17 December 2013 03:31 PM

විශ්වට සහ එරන්දිට මාත් මගේ බිරිඳ තිලිනි හද වතින්ම සුභ පතනවා.(නදී)

:       0       0

හිරාන් Thursday, 09 January 2014 08:05 AM

ශ්‍රී සුබ මංගලම් ඔයාගේ නාට්‍ය වලට අපි ගොඩක් කැමතියි (දී)

:       0       0

දසුන් Wednesday, 25 December 2013 10:20 AM

කුමාරිහාමි,චායා ටෙලිනාට්‍ය තමයි විශ්වගේ හොඳම ආදරණීයම රංගනය තියෙන නාට්‍ය. (නදී)

:       0       0

කුමාරිහාමි Friday, 03 January 2014 11:13 AM

විශ්ව දැන් සීනිබෝල පෙම්වතාට සීමා වුනා ඇති. කෝරලේ මහත්තයා අවසන් කොටසේ වසන්ත, ගාමිණි කුමාර, කපිල සිගේරා වැනි සටන් නළුවන් සමග සටන් ජවනිකාව තාත්විකව නිරූපණය කළා. දැන් ක්‍රියාදාම නළුවෙක් වෙන්න කාලේ හරි. (නදී)

:       0       0

කිත්සිරි Tuesday, 17 December 2013 04:42 PM

විශ්ව සහ එරන්දි ,ඔබ දෙපලට උණුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

ච්න්තක 2 Friday, 20 December 2013 09:10 AM

ඔක්කොම හොඳයි. ඒත් කාටද අනේ විශ්වගේ ඇඳුම් හදන්න දුන්නේ ? (නදී)

:       0       0

රුවි Monday, 23 December 2013 10:12 AM

දෙදෙනාටම සුබ පැතුම් !!! (ස)

:       0       0

කැන්ඩි විකි Sunday, 15 December 2013 09:19 PM

සුභ පැතුම් විශ්ව මල්ලී.(නදී)

:       0       0

ගීතාංජලී Thursday, 19 December 2013 02:31 PM

විශ්ව අයියේ ඔබ දෙපලට මගෙන් සුභ පැතුම්! (නදී)

:       0       0

එන්.කේ.කේ මදූ Sunday, 15 December 2013 09:36 PM

සුබ පැතුම් අක්කි ඔයාලට.(නදී)

:       0       0

සදුන් රසාංජන Monday, 16 December 2013 01:25 PM

ශ්‍රී සුභ මංගලම්! (නදී)

:       0       0

යසන්ති Sunday, 15 December 2013 09:47 PM

සුභ මංගලම් ! (නදී)

:       0       0

සචින් Wednesday, 18 December 2013 11:59 AM

එකසිය විස්සට දෙසිය විස්සක්ම ආවඩා ආයුබෝවේවා සුභ මංගලම්.(නදී)

:       0       0

රොෂාන් Sunday, 15 December 2013 10:18 PM

උණුසුම් සුභ පැතුම්(දිල්)

:       0       0

මේනක Thursday, 09 January 2014 10:19 AM

ඔබ දෙපලට සුබ පැතුම් ජය වේවා ! (දී)

:       0       0

කුමාරි Monday, 16 December 2013 02:03 PM

ඇත්තටම විශ්ව හොඳ නලුවෙක්. දෙදෙනාගේ යුග දිවියට සාමය, සමගිය, සෞභාග්‍ය උදාවේවා! (නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 09:28 AM

පත්තරවල තිබුනේ විශ්ව සැලසුම් කල හිස්වැස්මක් කියලා. ඔහු එය පරපුරෙන් පරපුරට ගෙනියන්න රන් ආලේපකර හැදෙව්වා කියලා. එය සම්ප්‍රදායික හිස්වැස්මට වඩා වෙනස් තමයි. එහෙම බැලුවොත් මේ ජෝඩුවගේ ඇඳුම්වල සම්ප්‍රදායට විරුද්ධ කීයක් නම් දේවල් තියෙනවද? මේඩප් ඔසරියත් සම්ප්‍රදායට විරුද්ධනෙ.(නදී)

:       0       0

රසික සෝමලතා Thursday, 19 December 2013 06:03 PM

විශ්ව ,ඔයත් ඔයාගේ අත ගත්ත එරන්දිටත් සුභ අනාගතයක්. ඒ වගේම ඈත කතරක තනි වී ඉන්න අපි, ඔයාල රූ ගත කරන ටෙල නාට්‍ය වලින් ඉතා වශාල වින්දනයක් ලබන බව ආදරෙන් කියන්නම්' කළා ක්ෂේත්‍රයටම ඔබ මිනි පහනක් වේවා! (නදී)

:       0       0

නිම්මි Sunday, 22 December 2013 08:58 PM

අලුත් ජීවන ගමනට සුභ පැතුම්.(ත)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 09:31 AM

එරන්දි, බෝම්බ සහ රෝස චිත්‍රපටය බලන්න. විශ්වගේ ප්‍රේම ජවනිකා හොඳම රංගනය තියෙන්නේ ඒකෙ මිසක් ටෙලි නාට්‍යවල නොවේ.(නදී)

:       0       0

සේරම් Thursday, 19 December 2013 08:32 AM

ඇයි විශ්ව වෙන ඇඳුමක් තිබුනෙම නැද්ද ඔය වගේ අන්දරේට අඳින්න. වාසනා වේවා! (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 17 December 2013 09:23 AM

ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 15 December 2013 04:06 PM

සුභ පැතුම්(දිල්)

:       0       0

නිශාදි පූර්ණිමා Sunday, 22 December 2013 11:37 AM

ඔයාල දෙන්නගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. සුභ අනාගතයක්! (නදී)

:       0       0

රුවන් සංගීත් දිසානායක Monday, 06 January 2014 01:55 PM

ශ්‍රී සුබ මංගලම් (දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 21 December 2013 10:41 AM

ඔබ දෙපලට සුබ මංගලම්,ඔබ දෙපලගේ යුග දිවිය,තවත් ටෙලි නාට්ට්යක් නොවෙවයි ප්‍රර්ථනා කරමි. (අ)

:       0       0

ධම්මිකා Tuesday, 17 December 2013 10:09 PM

ඔබට සුභ පතනවා විශ්ව(දිල්)

:       0       0

දර්ශ Tuesday, 17 December 2013 11:02 AM

විශ්ව දක්ෂ නලුවෙක්. නව දිවියට සුභ පැතුම්.(නදී)

:       0       0

අනුර පනාගොඩ මෙල්බන් Monday, 16 December 2013 06:00 PM

මෙල්බන් නුවරින් සුබ පතමි (දිල්)

:       0       0

ප්‍රේමකුමාර Monday, 06 January 2014 10:16 PM

ඇය කියන්නේ ඇත්ත ඇයට සීයට දාහක් විශ්වාතවන්ත අය ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් විශ්ව. අනිත් එක්කෙනා මම. (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 18 December 2013 04:24 PM

නිතරම ප්‍රේම චරිත රඟපාන ඔබ ඔය 'ඔටුන්න' දාගෙන ඉන්නකොට මට වෙන චරිතයක් මතක් වෙනවා. ඔබ දෙපලට සුභ ජීවන ගමනක් යන්න ලැබේවා!(නදී)

:       0       0

ලංකා Wednesday, 18 December 2013 12:02 AM

විශ්ව සහ එරන්දි ,ඔබ දෙපලට උණුසුම් සුභ පැතුම්! ඔබට සුභ අනාගතයක්! (නදී)

:       0       0

අසෝකා Monday, 16 December 2013 07:07 PM

බැඳගත් දෙඅත දිවි ඇති තෙක් රැකගන්න. ජිවිත ගමන මල් යහනක් කර ගන්න. විශ්වාසයට ඉවසීමට තැන දෙන්න. ආසිරි පතමි යුග දිවියම සරු වෙන්න.(නදී)

:       0       0

ලේක්කෝ සුදත් ඇන්තනි Wednesday, 18 December 2013 04:55 PM

ලාල් ගලබඩ ගේ කතාව ඇත්ත. විශ්ව මල්ලි මගුල්දා 'අන්දරේට' ඇන්දේ හිතලමද? ඔබ දෙපලට සුභ අනාගතයක්! (නදී)

:       0       0

ධම්ම Tuesday, 17 December 2013 12:07 PM

දෙදෙනාට සුභ පැතුම් සමග පොඩි කාරණාවක් කියන්න තියෙනවා මුළු ඇඳුමේ හිස් වැස්ම ගැන. ඇඳුම් නිර්මාණය කල අයට සාම්ප්‍රදායික මුළු ඇඳුම ගැන අවබෝධයක් තිබිලා නැහැ වගෙයි. එක පාරටම මට මතක් උනේ ප්‍රවීණ නාට්‍ය ශිල්පී විජය නන්දසිරිගේ වෘෂභ රාජ නාට්‍යයයි.(නදී)

:       0       0

අනුර Wednesday, 18 December 2013 05:02 PM

ඔයාගේ ජීවිතය වසනාවන්ත වේවා! මගේ හොඳම නළුවා ඔයා. එරන්දි හරිම වාසනාවන්තයි.(නදී)

:       0       0

උමර් Sunday, 15 December 2013 06:41 PM

සුභ පැතුම් විශ්ව සහෝදරයා.(නදී)

:       0       0

ඉදුනිල් උදයංග Monday, 16 December 2013 08:36 AM

ඔයාල දෙන්නට තුණුරුවන්ගෙ සරණ ලැබේවා! මගේ සුභ පැතුම්!. (නදී)

:       0       0

චතුරිකා Sunday, 15 December 2013 06:43 PM

ඔයාට සුභ පතනවා අයියේ මමත් ගොඩක් ආස නලුවා ඔයා තමයි.(නදී)

:       0       0

චතුරිකා Sunday, 15 December 2013 06:43 PM

ඔබට සුභ පැතුම් (දිල්)

:       0       0

මධූ ෂෙරීනා Monday, 16 December 2013 09:07 PM

සුභ මංගලම්.(නදී)

:       0       0

ජනක ගමගේ Friday, 03 January 2014 08:34 AM

සුබ මංගලම් හොදට ගැලපෙනවා.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 02:10 PM

විශ්වගේ ආදරණීයම රංගනය දකින්න බෝම්බ සහ රෝස නරඹන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 33 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


රැස්වීමක් පැවැත් වුවැයි පක්ෂ ආධාරකරුවකුට තර්ජනය කරලා
2024 සැප්තැම්බර් මස 20 225 0

ජනාධිපති අපේක්ෂකයකුගේ ජයග්‍රහණය උදෙසා එම පක්ෂයේ ආධාරකරුවකු විසින් ඔහුගේ ආයතනය තුළ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂයක ආධාරකරුවකු බැන තර්


සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට
2024 සැප්තැම්බර් මස 20 775 0

සැමියා පැදවූ ත්‍රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිර


ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ
2024 සැප්තැම්බර් මස 20 1215 2

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙ


නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 20 1779 3

නිවිතිගල, දෑල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව


ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 564 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14539 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 105 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 90 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site