දේශපාලන වරප්‍රසාද උපයා ගන්නා මාර්ගයක් කොට නොගෙන තම දැනුම ප්‍රායෝගිකව භාවිත කළ හැකි මගක් ලෙස පමණක් යොදාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාට ගෞරවනීය ආචාරය පුද කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහාචාර්ය විශ්ව වර්ණපාල මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියි.
විශ්වා වර්ණපාල මහතාගේ අවමංගල්‍ය උත්සවය මාදිවෙල ඔබහේන පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අද (29) පැවැත්විණි.
2004 සිට 2010 දක්වා කාලය තුළ මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විශ්වා වර්ණාපල මහතා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුර ද හොබවා ඇත.
දේශපාලන විද්‍යා විෂය සම්බන්ධයෙන් කැපී පෙනුණු මෙහෙවරක් ඉටු කළ විශ්වා වර්ණපාල මහතා කාලීන දේශපාලනය, පක්ෂ දේශපාලනය, ශ්‍රී ලංකාවේ පරිපාලන ආදී විවිධ තේමා යටතේ කෘති රචනා කරමින් ද පුවත්පත් සඟරා සඳහා ද්වී භාෂා ලිපි සම්පාදනයෙන් ද එම විෂය සම්බන්ධ තම දැනුම, අදහස් හා ආකල්ප සමාජගත කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විශ්වා වර්ණපාලයන්ට ජනපති ගෞරව ආචාරය
නිමල්රජපක්ෂ Monday, 29 February 2016 10:37 PM
මහාචාර්ර්ය තුමනි , ඔබතුම සමග ලගින් ඇසුරු කිරීමට ලැබීම හා ඔබතුමාගේ ගෝලයකු වන මා දැනට විදෙස රටක සිටින බැවින් ඔබතුමාගේවියෝවීම ,දැනගත් මොහොතේ එය අදහගැනීම පවා බැරිවිය ,ඔබතුමාගේ පුලේ අයට මගේ බලවත් සෝකය ප්‍රකාස කර සිටිමු (කෞ)
අතුල Monday, 29 February 2016 02:14 PM
වටිනා මිනිසෙකුගේ නික්මයෑම! (නි)
අමිත් Monday, 29 February 2016 02:27 PM
අනිච්චාවත සංඛාරා! මෙම මොහොත කොයිවෙලේ එනතුරුද අපි අනන්ත දේවල් කරගන්නෙ? ආවඩන්නේ? (නි)
මුණසිංහ Monday, 29 February 2016 05:54 PM
ඔබට නිවන්සුව පතමි.! (ර)
ගාමිණී විජයරත්න Tuesday, 01 March 2016 08:11 AM
ඔබ කල දහසක් වැඩ අතරේ රිචඩ් පතිරණ ඇමතිතුමා සමඟ පැමිණ 1998 වසරේදී පුලතිසිපුර විද්‍යාපීඨයට මුල්ගල තැබුවා මතකයි එහි උගත් ගුරුවරු දහස් ගණනක් අද ලංකාව පුරා පාසල්වල දරුවන්ගේ නුවණ පහදනවා,(ම)
චන්දික Tuesday, 01 March 2016 09:26 AM
ඇත්තටම ඉතා වටිනා අදුරුතුමෙක්.ඔබට නිවන් සුව ලැබේවා (හේ)