IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්

(සුජිත් හේවාජුලිගේ )

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.

වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලටය. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව වෛද්‍යවරු යෝජනා කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.

එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රටා අත්හැර ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවත් ලේකම්වරයා කීවේය.

හෙදියන්ද දෙසීයකට වැඩි පිරිසක්ද රට රැකියාවලට ගොස් ඇතත් නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධාවක් වී නැතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (15)

විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්

bingu Saturday, 20 April 2024 10:37 AM

අලුතින් පියවරක් ගන්න දෙයක් නෑ. රටේ මිනිස්සුන්ට කන්නවත් නැතුව ඉන්න වෙලාවක කිසිම වෘත්තියකට නොදුන් රු 35,000ක් දුන්නානේ. වෙන කිසිම වෘත්තිකයෙක්ට නැති විදියට පුද්ගලික සේවයත් කරන්න රජය ඉඩ දීලා තියෙනවානේ. දැනටත් ආධුනික දොස්තර කෙනෙක්ටත් අවම ලක්ෂ දෙක හමාරක් ලැබෙනවානේ අතිකල නොකරත්. තව මොනවාද ඉල්ලන්නේ? කරන්න තියෙන එකම දේ තමයි නිදහස් අධ්‍යාපනයෙන් වියදම් කළ මුදල නැවත අය කර ගැනීම. පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැමීම. මෙයාලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන, ලංකාවේ දොස්තරගේ ලක්ෂ 3-5 වැටුප සංසංදනය කරනවා. දියුණු රටවල ලක්ෂ 20-30 වැටුප එක්ක. ඒ රටවල්වල කම්කරුවාටත් ලක්ෂ ගණන් ගෙවනවා. අනික ඒ රටවල නිකන් උගන්නලා නෙවෙයි. මරු දොස්තරලා. ලංකාවේ උපාධිය සුදුසුකම් තියෙන මුදලට ගන්න කැමැති කෙනෙක්ට ගන්න දෙන්නෙත් නෑ. වෙන කෙනෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. තමන් රටට වැඩක් කරන්නෙත් නෑ. දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදලින් නිකන් ඉගෙන ගෙන රට පනිනවා...

:       4       1

SamanSunday, 21 April 2024 06:27 PM

නිදහස් අධ්‍යාපනය ඇති කලේ වහල්ලු හදන්න නොවේ.

:       0       3

Nimali Saturday, 20 April 2024 10:46 AM

රටේ මෙම ආර්තික ප්‍රශ්නයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් GMOA ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනෑ. මෙයාලා තම රටේ වැටුප් ප්‍රතිපත්ති හදන්න මැදට පැනලා තමන්ට ලොකු හැන්දෙන් බෙදාගෙන අනික් වෘත්තිකයෝ අත පල්ලෙන් වැටුණු පිරිසක් විදිහට සලකලා ඉතාම අඩු වැටුප් තලවල තිබ්බේ පාදෙණිය කියන පුද්ගලයා... ඒකෙන් වුනේ රටේ ආර්තිකය ගොඩ නගන්න ඍජුවම දායකවෙන මහාචාර්යවරු, විද්‍යාඥවරු, පරේෂකයෝ, ඉංජිනේරුවරු, කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ පිරිස් බුරුතු පිටින් රට හැර ගිය එක... ඒකෙන් වුනේ රටේ ආර්තිකය යළි ගොඩ ගන්න බැරි විදියට කඩන් වැටුණු එක. දැන් හැබයි තමන්ටත් ඉන්න බැරි වෙනකොට එයාලත් රට පනිනවා... අනුන්ට වළ කපනකොට තමනුත් වළේ වැටෙනවා කියන්නේ ඕක තමයි...

:       3       0

raviindra Saturday, 20 April 2024 10:50 AM

රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල දානකොට දොස්තරලාම තමයි විරුද්ධ වුනේ. වෙන්න ඕනෑ විරුද්ධ වෙන එක නොවේ. ප්‍රමිතියකට කරන්න උදව් කරන එක. දැන් මෙයාලාත් රට පනිනවා. දැන්වත් පුළුවන් තරම් ප්‍රමිතියක් සහිතව වෛද්‍ය විද්‍යාල දාන්න ඕනෑ. අන්තරේ සහ පාරට බහින වෙද සිසුන්ගේ ශිෂ්‍යභාවය වහාම අහෝසි කළ යුතුයි.

:       3       0

sachin Saturday, 20 April 2024 11:07 AM

විය යුත්තේ යන කෙනාට යන්න දී වැඩි වශයෙන් දොස්තරලා බිහි කිරීමයි. මොකද ලංකාවේ දොස්තරලා යනු කිසිම දේකින් සෑහීමකට පත්වන පිරිසක් නොවන නිසායි. ඉල්ලීම් ලබාදීම, වැටුප් වැඩි කිරීම යනු විසඳුම් නොවේ. දේශපාලන පිළිලය වගේම සහ ඊට වඩා ලොකු පිළිලයක් තමා මේකත්. දැනටමත් නොකරන අතිකාල වලට රුපියල් ලක්ෂයක් ලබා දෙයි. ඇඟිලි සලකුණු, පැමිණීම, පිටවීම නැත. බහුතරයක් දොස්තරලා රෝහල්වල ඉන්නේ මාසෙට දවස් 10 ට වඩා අඩු දින ගණනක්. රාජකාරි වෙලාවේ පුද්ගලික සේවයේ, දොස්තරට දෙන දීමනාවම සාමාන්‍ය උපාධිධාරියෙකුගේ වැටුප මෙන් දෙගුණයක්, වාහන පර්මිට් ලැබේ. මිනිස්සුන්ට කන්නවත් නැතුව ඉන්න රටකට, නිකන් උගන්නලා, ඉගෙන ගන්න ලෙඩ්ඩුත් නිකන්ම ලැබිලා (පිටරටවල රෝගීන් ලංකාවේ රෝගීන් මෙන් සිසුන්ට ඉගෙන ගන්න තමන්ව භාවිතා කිරීමට ලේසියකට ඉඩ නොදේ) තව මොනවද දෙන්න තියෙන්නේ...? රටකට දරන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා...!

:       3       0

kamal Saturday, 20 April 2024 11:09 AM

ETCA ගහන එක තමයි හොඳම විසඳුම... ඉන්දියාවෙන් ගේන්න ඕනෑ. යන එකා යයි. කරන කෙනෙක් කරයි...

:       2       0

Che Saturday, 20 April 2024 11:29 AM

වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂ දහයක පඩියක්වත් නොලැබේ නම් ලංකාවේ රැඳීමෙන් ඵලක් නැත...!

:       0       3

චන්දන Saturday, 20 April 2024 01:55 PM

බුද්ධිමතුන් රට හැරයන එක ගැන රජයට ගාණක් නැහැ. එහෙම එකේ මේ රජය දිගටම තිබුණොත් ඉන් ඵලක් නොමැති බවයි පේන්නේ...

:       3       16

Perera Saturday, 20 April 2024 03:27 PM

රාජපක්ෂලාට මේ ප්‍රවෘත්ති කණට මී පැණි වගේ. ඔවුන්ට ඕනේ රටේ ඉන්න මෝඩයින් ගාන වැඩි කරගෙන මෝඩයින්ව නාස් ලණුව දාලා ඔව්න්ට ඔවුන්ගේ ගමන යන්න.

:       2       17

Che Saturday, 20 April 2024 06:51 PM

වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂ දහයක වැටුපක්වත් නො ලැබේ නම් ලංකාවේ සිටීමෙන් ඵලක් නැත...

:       8       14

Lalla Saturday, 20 April 2024 10:58 PM

ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන හිතලා ගනන් හදන්න. ඔවුන්ට ඉගැන්වූයේ අම්මා අප්පා ගෙවලා නම් එහෙම ඉල්ලුවාට කමක් නෑ. මහජන මුදලින් ඉගෙනගත්තු එකාලාට ඉන්න බැරිනම් එකම විකල්පය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම සහ සියලු විශ්ව විද්‍යාල පාඨමාලා ණය පදනමකට යටත් කිරීමයි.

:       3       0

අසාධාරණ Sunday, 21 April 2024 08:30 AM

වයස අවුරුදු 5 සිට උසස් පෙළ දක්වා ජනතා මුදලින් අධ්‍යාපනය නොමිලේ ලබා දෙනවා... එහෙම ඉගෙනුම ලබා නැවතත් ජනතා මුදලින් උපාධිය ලබනවා ඊළඟට රජයේ රැකියාවක් දෙනවා. ඊළඟට ලක්ෂ දහයක වැටුපක් ඉල්ලනවා. උන්දැලා කැමැති නැහැ.. තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් දැරූ අහිංසක ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න. රජයකට රටේ සමස්ථ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට වගකීමක් තියෙනවා. ඒක නොතේරෙන අය තමන්ට විතරක් ඔක්කෝම දීපල්ලා කියලා කියනවා. කොතරම් අසාධාරණ ඉල්ලීමක්ද කියලා මේ ආත්මාර්ථකාමියෝ තේරුම් ගන්නේ නැහැ. කොහොම වුණත් රජයේ සේවය සඳහා බඳවා ගැනීමේ දුර්වලතා මේකට හේතුවක් වෙනවා. තමුන්නැහැ මෛත්‍රී භාවනාව කර ලෝක සත්වයාට කරුණාව දක්වන්න ඉගෙන ගන්න.

:       4       0

SamanMonday, 22 April 2024 08:17 PM

නිදහස් අධ්‍යාපනය බිහි කලේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට මිසක් වහලුන් තැනීමට නොවේ...

:       0       0

Saman Sunday, 21 April 2024 06:15 PM

කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ වහල්ලු හදන්න නොවේ.මිනිසුන්ගේ ජිවන තත්වය ඉහළ දමන්න.

:       0       0

kotiya Sunday, 21 April 2024 06:22 PM

කස්ටිය කට ඇරියොත් නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්ත දොස්තරලා. දොස්තරලාට විතරක් නිදහස් අධ්‍යාපනේ දීලා නෑ. මුළු රටේම අයට නොමිලේ තමයි අධ්‍යාපනේ දෙන්නේ. ඒකෙන් ප්‍රයෝජන ගත්තු අය ටිකක් තමයි දොස්තරලා වෙලා තියෙන්නේ. එහෙම නිදහස් අධ්‍යාපනෙන් ප්‍රයෝජනයක් නොගෙන හරියට ඉගෙන ගන්නේ නැතුව ඉගෙන ගත්ත අයට ඉරිසියා කර කර බැන බැන ඉඳපල්ලා. පිට රටවල නිදහස් අධ්‍යාපනේ නෑ කියන ළිං ගෙම්බන් පොඩ්ඩක් හොයලා බලාපල්ලා ජර්මනිය ගැන එහෙම. ජර්මනියෙත් අධ්‍යාපනේ සම්පූර්ණයෙන් නොමිලේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 2 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 15 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 54 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 61 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2337 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38315 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site