විස එන්නතක් ශරිරගත වු බව කියන විශේෂඥ ශල්‍ය වෛද්‍ය එච් ආර් ජයවික්‍රම බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට මාරු කැර එවා ඇත.
ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි කියයි.
කලක් තිස්සේ ඔහු පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබු බව ද තොරතුරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ඔහුට එන්නතක් විස වී ඇත (නි)
වෛද්‍යතුමනි, ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
කරුණාකර රෝගීන්ට එන්නත් දෙනවිටත් දෙවරක් සිතන්න (නි)
ඔබට මේ මොහොත වන විටත්, සුවය ලැබී ඇතැයි සිතමි.., ඔබට දිර්ගායුෂ ලැබේවා ඉක්මන් සුවය පතමි....!!(නදී)
වෛද්‍යතුමනි, ඔබට ඉක්මන් සුවය පතමි. (නි)
ඔබට ඉක්මන් සුව පතමි.... (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ගොඩක් පිළිකා බෙහෙත් මරණීය විසවෙනවා හරියට නහරයට විද්දේ නැත්නම්. (නි)
මම බදුල්ලේ. ඔබතුමට ඉක්මන් සුවය ඉතාලියේ සිට පතනවා.ඒ වගේම මෙය කෙසේ වුවාදැයි සොයබැලීම බලධාරින්ගේ වගකීමක්. හේතුව අපේ දරුවන් බෙහෙත් ගන්නේ බදුල්ලෙන්. ඒ නිසා බයක් දැනෙනවා (නි)
මේ රන් දෑතින් කී දෙනෙක් ගොඩ දාලා ඇද්ද? ඔබට අප සැමගේ ආශිර්වාදය ලැබේවි. ඉක්මන් සුව වේවා. (නි)
බදුල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු පෙරේදා (26දා) සවස බදුල්ල රෝහලේ වෛද්‍ය විවේකාගාරයේ නාන කාමරයේදී විෂ එන්නතක් ශරීරගත කර ගැනීමෙන් බරපතළ අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. වෛද්‍යවරයා විෂ එන්නත් ශරීරගත කර ගැනීම පිළිබඳව නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. බදුල්ල පොලිස් අධිකාරි ග්‍රෙගරි කුරේ මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ සිදුකරයි.(නදී)
තිසරණ සරණින් ඔහුගේ ජීවිතයට කිසිඳු හානියක් නොම වේවා ..!! ඉක්මනින් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමි ..!! (ස)
චන්දන ,ඔබට ස්තුතියි වැඩිදුර විස්තර ලබා දුන්නට .(නදී)
ඔහුට ඉක්මන් සුවය ලැබේවා (ස)
විස එන්නතක් මොකටද රෝහලකට? (නි)
විෂ එන්නත ශරීර ගත කරගත්තද එහෙම නැත්නම් කව්රුහරි එහෙම කරාද?කව්රුත් දැකල නැහැනේ?කව්රුහරි මරල දැම්මත් සියදිවි නසාගත්ත කියලනේ කියන්නේ. දැන් කොහොමත් නිකන් වෙන දේවල් කොහොමත් වැඩි වගේ. මේක පිටු පස්සේ සැඟවුන අවුලක් තිබෙනවා.(නදී)
ඉක්මන් සුවය පතමි.(නදී)
දොස්තර මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
රජයේ රෝහල් වල විෂ එන්නතුත් තිබෙනවාද? (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
අපිට ලෙඩ හැදුනම දොස්තර මහත්තුරු ළගට දුවනවා. එයාලා ලෙඩ වුණහම අපි මොනවා කියන්නද? ඉක්මනින් සනීප වේවා ! (නි)
වැදගත් ජීවිත කීයක් නම් බේරලා ඇද්ද මේ මිනිස්සු? සෑහෙන පාඩුවක් මේ වගේ කෙනෙක් අඩු වුණොත්. ඔබතුමාට ඉක්මනින් සුව ලැබී තවත් රෝගීන් දහසකට සෙතක් සළසන්න ලැබේවා! (නි)
ඉක්මන් සුවය පතා ලංකාදීප පාඨක අප සැවොම ප්‍රාර්ථනා කරමු.අවශ්‍ය සහයෝගය කවුරුත් ලබාදෙන්න. (නි)
විෂ එන්නතක් ශරීර ගතවෙන්නේ කොහොමද ?? විෂ එන්නත් කොහෙන්ද? අනේ මන්දා? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න (නි)
සුවහසක් රෝගීන් සැනසූ වෛද්‍යතුමාණනි, ඔබට ඉක්මන් සුව! (නි)
විෂ එන්නතක් ශරීර ගතවුණා කිවුවේ? (නි)
අසරණ රෝගීන් සුවපත් කළ පිනෙන් ඔබද සුවපත් වේවා! මුතියංගණ බෝ සමිදු පිහිටයි ඔබට ! (නි)
ඔබට ඉක්මන් සුවය පතමි (නි)
ෂෙහාන්, මොකද ඔයා දොස්තරටත් වැඩ දොස්තර කෙනෙක්ද? කෙනෙක් කරදරයක වැටුණහම අටුවා ටීකා හොයන්න එපා.එයාට වචනයකින් හරි පිළිසරණක් වෙන්න පුරුදු වෙන්න. ලෝකයේ අනිත් අයට වැඩිය අපේ රටේ අය වෙනස් කියලා කියමනක් අහලා නැද්ද ? (නි)
විෂ එන්නත් තිබෙනවා.සර්පයෝ කෑවහම විෂ එන්නත් තමයි දෙන්නේ (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි !!!! (නි)
ශාන්ත, මෝඩයෙක් වගේ කියවන්න එපා. (නි)
එතුමාට ඉක්මන් සුවය පතමි. කෙසේ වුවද ඉදිරියේදී මෙවැනි සිදුවීම් නොවීමට අදාල බලධාරීන් වගබලා ගත යුතුයි. (නි)
පිළිකා නොවන ලෙඩෙකුට පිළිකා එන්නත විෂ එන්නතකි. එසේම බොහෝ අවස්ථා වල එන්නත් විෂ වීමටද හැකිය (නි)