IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විශිෂ්ටයෝ ඉසුරුපාය ළඟ උද්ඝෝෂණයේ

සාමාන්‍ය පෙළ විශිෂට ප්‍රතිඵල ගත් සිසුන්ට ජනප්‍රිය පාසල්වලට යෑමට අවස්ථාව දෙන්නැයි කියමින් ‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමිවූ සිසුන්ගේ දෙමාපිය සංගමය‘ හා ‘ලංකා ගුරු සංගමය‘ එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත්විණි.

ඊට දෙමාපියෝ 200ක් පමණ සහභාගී වූහ.

උද්ඝෝෂණය අතරතුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දෙමාපියෝ තිදෙනෙක් ගොස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් එච් යූ ප්‍රේමතිලක මහතා හමුවූහ.

නව චක්‍රලේඛය නිසා  සිසුනට සිදුවී අසාධාරණය ගැන සහකාර ලේකම්වරයා දැනුවත් කළ බවත්, ඒ ගැන සාකච්ඡා කර පියවරක් ගන්නා බවට ඔහු පොරොන්දු වූ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම්  ස්ටාලින් මහතා කීවේය.

සහකාර ලේකම් ප්‍රේමතිලක මහතා පැවසුවේ ලංකා ගුරු සංගමය සහ දෙමාපිය පිරිසක් පැමිණ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ බවයි. ඒ ගැන තවම තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම පැවසීය.

ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ  ජගත් ආනන්ද සිල්වා, සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමයේ ඩබ්ලිව් එල් ඥානරත්න, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව් ජී දයාරත්න, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, ජාතික විදුහල්පති සංගමයේ මොහාන් පරාක්‍රම මහත්වරු ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයෝ රැසක් උද්ඝෝෂණයට සහභාගී වූහ.

 

ඡායාරූප මුදිතා දයානන්ද

 



අදහස් (0)

විශිෂ්ටයෝ ඉසුරුපාය ළඟ උද්ඝෝෂණයේ

රුක්මල් Thursday, 06 June 2013 04:30 AM

පියල් කියන විදියේ දෙයක් නම් මම හිතන්නේ නැහැ ලංකාවේ තියෙනවා කියලා.මම ගියේ කොළඹ ආනන්දෙට.මුස්ලිම් සහ ක්‍රිස්තියානි ළමයිනුත් අපිත් එක්ක හිටියා, බෞද්ධ පාසලක් වුනාට කිසිම ප්‍රශ්නයක් නැතුව. (නි)

:       0       0

රුක්මල් Thursday, 06 June 2013 04:32 AM

මේක ළමයින්ගේ පැත්තෙන් අසාදරනයි කියල හිතෙන්න පුළුවන්. නමුත් රටක් වශයෙන් ඉගෙන ගන්න පුළුවන් ළමයි ඔක්කොම ටික පාසල් කීපයකට සීමා වෙන නිසා තමා අනික් පාසල් වලට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

සිරිමල් Wednesday, 05 June 2013 01:58 PM

මේකේ මුලික වැරැද්ද පාසල් පන්ති ගත කිරීම. මොකක්ද ජන්ප්‍රිය පාසැල? ඇයි මේ ළමයි ගිය පාසැල ජනප්‍රිය නැද්ද? පාසැල් පද්දතිය තුල ව්දිමත් සැලැස්මක් තියෙනවනම් මේ ප්‍රස්නේ නැහැ. දැන් පාසල් වලට යන්න වෙලා තියෙනේ මුදල් දීල විදුහල් පතිවරු හම්බකරනවා මුදලාලිලා වගේ. මේවට වගකියනේ කවුද ? මේ දරුවන් රටේ අනාගතය නේද ?(නදී)

:       0       0

සිල්වා Wednesday, 05 June 2013 02:08 PM

බැරිද මේ වගේ දේවල් වලට පෙස්සමක් ගහන්න, පාසල් වලට ඇතුලත් කිරීමේදී මුදල් නොගනු! නිදහස් අධ්‍යාපනය සුරැකිය යුතුයි යනුවෙන් ? (නි)

:       0       0

බුවනෙක Thursday, 06 June 2013 07:52 AM

අවුරුදු ගොඩක් මහන්සි වෙලා පාඩම් කලට කිසිම වැඩක් නැහැ (නි)

:       0       0

මහී Wednesday, 05 June 2013 02:28 PM

කොහෙද අනේ මෙම විශිෂ්ටයෝ සිටින්නේ? අපේ රටේද? මටනම් පෙනෙන්නේ නැහැනේ (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 05 June 2013 02:29 PM

දෑන් එතකොට වරදට දඬුවම් දෙන්නත් ඉහල නිලදාරින්ට අයිතියක් නැද්ද? (නි)

:       0       0

වරුණ Wednesday, 05 June 2013 02:39 PM

හැමදේටම අරගල කරන්න ගුටිකන්න කදුළු ගැස් කන්න වෙලා මිනිස්සුන්ට. කොහොමද අස්චාර්ය.(නදී)

:       0       0

පියල් Wednesday, 05 June 2013 02:43 PM

අපි සුළු ජාතීන්ට අසාධාරනයක් නැහැ කියනවා - ඉස්කෝල දෙකකට කතා කලා ලංකාවේ තියෙන බොරැල්ලේ සහ අනික ලොකුම එක - උත්තරය තමයි A 7 b 2 තිබුනට වැඩක් නැහැ - බුද්දාගමේ වෙන්නත් ඕනා - මේවා ආණ්ඩුවේ තීරණද නැත්නම් විදුහල්පති ලගේ දන්නේ නැහැ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 05 June 2013 03:08 PM

ගරා වැටෙන පාසල් පද්දතිය නගා සිටුවිමට අපගේ සහය. ව්දුහල්පති මුදලාලිලාට එරහිව නැගී සිටුමු. රටට ඔබින ලෝකය එක්ක යා හැකි නවීන අධ්‍යාපනයක් සකස්කිරීමට බලදාරින්ට හැකියාව ලැබේවා. අද ඉංග්‍රීසි මුලිකම දේ ලෝක ගම්මානය තුල අපි ජිවත් වෙන්නේ. විවෘත මනසක් ඇති පිරිසක් බ්හි කිරීමට මේ දේවල් උපයෝගි කරගමු.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 09:12 PM

ජර්මනියේ පාසල් වල ලමයි ඉගෙනගන්නේ උදේ වරුවේ පමණයි. හවස් වරුවේ ක්‍රීඩා වල නිරත වෙති. උපකාරක පන්ති වලට සහභාගී වෙන්නේ 10% අඩු ප්‍රමාණයකි. ජනප්‍රිය පාසල් කියලා විශේෂයක් නැත.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 05 June 2013 09:22 PM

ස්ටාර්ලින් මහත්තයට පුදුම අමාරුවක්නේ තියෙන්නේ මේ ලමයි ගැන. ළමයින්ගේ විභාග ඇපේට තියලා පඩි වැඩි කරගන්න ස්ට්‍රියික් කරන එකේ තව මොනවද මේ කරන්නේ.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 05 June 2013 04:04 PM

ඔවා ඉතින් සාකච්ඡා කරලා පියවර ගන්නකොට.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 05 June 2013 04:08 PM

මේ පලවෙනි කොටස, දෙවෙනි කොටස විශ්ව විද්‍යාල වලට මේ විශිෂ්ටයෝ ගියහම බලගත්තෑකි (නි)

:       0       0

රුවන් Wednesday, 05 June 2013 10:41 PM

ඉගෙන ගන්න උවමනාව තියෙන දරුවා මොන පාසලට ගියත් ඉගෙන ගන්නවා.මොකද උසස් පෙල සමත් වෙන්න වැදගත්ම සාධකය තමන් යන පාසල නොව තමන් යන ටියුෂන් පංතියයි.ඔය සුපිරි පාසල් වලට යන අයත් අන්තිමට ගොඩයන්නෙ ටියුෂන් පිහිටෙන්, තිත්ත වුනත් ඇත්ත ඒකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 133 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 715 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 491 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3159 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1747 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site