2012 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස ඒකල ගුවන් හමුදා කඳවුරේ හෙද සහායක 13318 ප‍්‍රධාන බළලත් නිළධාරී කේ ජී. පී. සී ගමගේ සම්මානයෙන් පිදුම් ලැබීය.
පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔස්සේ ඔහු කළ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔහුට මෙම සම්මානය හිමි විය.
සම්මාන ප‍්‍රධානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ඊගල්ස් ලැගුන් විවි උත්සව ශාලාවේදී පැවැත්විණි.
ගගන ඉංජිනේරු, සාමාන්‍යය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්න්වේදන, ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භූමි මෙහෙයුමි, සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය සේවාවන්හි නියුතු වුවන් කල දක්ෂතා සැලකිල්ලට ගනිමින් අදාල වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස වසරක් පාසා පිදුම් ලබයි.
ගුවන් හමුදාවේ වැඩකටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහා සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කළේය.
මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලැබුයේ ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ප‍්‍රධාන කමිටුවක් මගිනි.
වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා තේරීමේ තරගයේ සංවිධායක මණ්ඩලයේ සභාපති එයාර් කොමඩෝර් ඒ.ඩබි.ඊ විජේසුරිය මහතා විසින් පිළිගැනීමේ කතාව කරමින් ගුවන් හමුදාපතිවරයා ඇතුළු පිරිස ගෞරවයෙන් පිළිගනු ලැබීය.
සම්මාන ප‍්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා කියා සිටියේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක් සිදුවන අතර හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ඨ ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.
මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්.කේ පතිරන, සංවිධායක කමිටු සභාපති සහ විධායක මාධ්‍ය නිලධාරි එයාර් කොමඩෝර් ඒ.ඩබි.ඊ විජේසුරිය යන නිලධාරීහු එක්වූ අතර ගුවන් හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව වන ප‍්‍රධාන බලලත් නිළධාරී ජයසුන්දර සහ බලලත් නිළධාරිනි රත්නප‍්‍රිය ද එක්වුහ.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගන්න මොන කට්ටක් කන්න ඇතිද?? (ස)
අනුරාදගේ යටි අදහස තේරුම් ගත්තා.එම නිසා තවදුරටත් ඔබ හා වදයක පැටලෙන්න අවශ්‍ය නැහැ.මොකද ඔබ කවදාවත් හමුදා ජීවිතයක අත්දැකීම් විදලා නැති කෙනෙක් බව පැහැදිලි නිසා.. (නි)
බන්දුල පෙරේරා මහතාණනි,නැවතත් ඔබව ඇමතීමට සිදුවීම පිළිබඳව මම කණගාටු වෙමි."නමුත් ගුවන් හමුදාවෙන් ලබපු එම පන්නරය තමයි අදටත් මගේ ජීවිතයේ ලබන සෑම ජයකම අඩිතාලම වෙන්නේ" යයි සඳහන් කළත් ඔබ උඩබලාගෙන කෙළගසාගන්නවා වැනි සෙයක් දැනේ.ලිවීමට තව බොහෝ දේ ඇතත්......, අවසන් වශයෙන් මෙය ලිවිය යුතුමය.මා පිළිගන්නා ලෙසට ලෝකයේ ශ්‍රේෂ්ඨ ආයතනයක් වන "ශ්‍රී ලංකා ගුවන් හමුදාව" ( නිළධාරීන්,සෙසු නිළයන් හා සිවිල් කාර්ය මණ්ඩලය) මෙසේ විවේචනය කිරීම පිළිකුල් සහගතය. (නි)
අනුරාද මහත්තයත් වලිගෙ පාගාගෙන.එකම තැන ලෙස හුවා දක්කුවෙනම් නැහැ මම ..අයෙත් මගේ අදහස බලන්න..ඔය හැම දෙකටම මුණ දීල යම් කලකිරීම් මත තමය් හමුදා ජීවිතයෙන් සමුගත්තේ..නමුත් ගුවන් හමුදාවෙන් ලබපු එම පන්නරය තමය අදටත් මගේ ජීවිතයේ ලබන සෑම ජයකම අඩිතාලම වෙන්නේ..මම කියපු අඩුපාඩු කැපිලි කෙටිලි උස් පහත් බේද හමුදාවල් වල විතරක් නෙමෙය් පෞද්ගලික මෙන්ම සෑම රාජ්‍ය ආයතනයකම තියෙනවා..ඔබ තුමා ඒවා අත් විදපු කෙනෙක්නම් නෙමෙය් වගේ පෙන්නේ.. (දී)
බන්දුල පෙරේරා මහතාණනි,ඔබ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොපමණ කලක් සේවය කළාදැයි මම නොදනිමි.නමුත් එතැනින් ඔබ පන්නරය ලබාගත් වගක් නොපෙනේ.ඔබම පවසන අන්දමට "ඇතුලේ තියෙන අඩුපාඩු, කැපිලි කෙටිලි, ඉහල පහල බේද" තියෙන ලෝකයේ එකම තැන ලෙස ඔබ හුවාදැක්වීමට උත්සාහ කිරීමම පිළිකුල් සහගතය. රෝහණ මහත්මා සඳහන් කර ඇතිපරිදි "කුමන වයසේ හෝ තරතිරමේදී හෝ දක්ෂතා අගය කළ යුතුයි"යන්න ඉතාම නිවැරදිය. (නි)
ප්‍රියන්ත ඔයා හරියටම හරි. මටත් එයම තමා සිද්ධ වුණේ. අනික් සියලුම නිලධාරී මහත්වරුන්ටත් ගුවන් හමුදාවටත් මගේ ප්‍රණාමය හා ස්තුතිය (නි)
පද්මිණීට ස්තුතියි ..රත් වෙච්ච යකඩේ තැලෙන්න තැලෙන්න තමය පන්නරේ වැඩි..ගුවන් හමුදාව කියන්නේ මම ජීවිතය පිළිබඳ පන්නරය ලබපු තැන..ගුවන් හමුදාවට මගේ ආදරය ගෞරවය හැමදාටමත් තියෙනවා..හොඳ වගේම ඕක ඇතුලේ තියෙන අඩුපාඩු, කැපිලි කෙටිලි, ඉහල පහල බේද ගැනත් ඕක ඇතුලේ ඉඳගෙනම හොඳට කට්ට කාල අවබෝධයක් තියෙන නිසයි මම මගේ ප්‍රතිචාරෙ දැම්මේ..රෝහණ මහත්තයා ඒක වැරදි විදියට තේරුම් අරන්.. (ස)
මමත් හිටියේ ඕකේ සිග්නල් අංශයේ. නමුත් එක නිළධාරියෙක් නිසා මට එපා වුණා (නි)
මම හිටියේ බන්දුල අදහස් දානතුරු. නැත්නම් කිසි ගතියක් නැහැ. දැන් ඉතින් අම්බානට කන්න. (ස)
දක්ෂ කැපවීමකින් ක්‍රියාකළ කෙනකුට සම්මානයක් ලැබෙනවිට අපි සතුටු විය යුතු විනා එයට අනවශ්‍ය විවේචන කිරීම හොද නැත. බන්දුල මහතාණනි, එය ලාංකිකයින් වශයෙන් අපි සිතා ගත යුතු දෙයක්. කුමන වයසේ හෝ තරතිරමේදී හෝ දක්ෂො අගය කල යුතුයි.. (ස)
අංකේ නිවැරිදි නම් මෙයාගේ සේවා කාලය වන වසර 22 දැන් අවසන් වී තිබිය යුතුයි.මම නම් හිතන්නේ අද හෙට පැන්ෂන් යන්න ඉන්න අයට මෙහෙම සම්මාන දෙනවට වඩා තව සේවා කාලය තියෙන තරුණ ගුවන් බටයින්ව දිරි ගන්වල ඔවුන්ට මේ සම්මානය දිනා ගන්න අවස්ථාව හිමි කර දිය යුතුයි... (ස)
මමත් හිටියේ ඔය කියන හමුදාවේ තමා. යුද්ධයට ලොකු කැපකිරීමක් කළා. නමුත් කියන්න ඕනෑ නුසුදුසු නිලධාරීන්ගේ පරිපාලනය නිසා අසරණ වන ගුවන් භටයන් ගැන මීටවැඩිය හොදින් සිතිය යුතුයි (නි)
කවදත් අපේ ගුවන් හමුදාව කරන්නේ විශිෂ්ට වැඩ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජයෙන් ජයම වේවා! (ස)
සුබ පැතුම්! (නි)
ඔබට මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
වැඩ පුළුවන් නම් එච්චරයි (නි)
මගේ උණුසුම් සුබ පැතුම් ඔබට විරයාණනි! (නි)
කොහෙන් උනත් විශිෂ්ටයි (දී)
සුභපැතුම් (දී)
නියමයි සහෝදරයා (දී)
ඔබ අපට සම්පතක් (දී)
විශිෂ්ටයාට ජය (දී)