IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විශිෂ්ඨතම ගුවන් භටයා ඒකලින්

2012 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා  ලෙස ඒකල ගුවන් හමුදා කඳවුරේ හෙද සහායක 13318 ප‍්‍රධාන බළලත් නිළධාරී කේ ජී. පී. සී ගමගේ සම්මානයෙන් පිදුම් ලැබීය.

පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔස්සේ  ඔහු කළ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔහුට මෙම සම්මානය හිමි විය.

සම්මාන ප‍්‍රධානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ඊගල්ස් ලැගුන් විවි උත්සව ශාලාවේදී  පැවැත්විණි.

ගගන ඉංජිනේරු, සාමාන්‍යය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්න්වේදන,  ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භූමි මෙහෙයුමි, සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය සේවාවන්හි නියුතු වුවන්  කල දක්ෂතා සැලකිල්ලට ගනිමින්  අදාල වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා  වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස වසරක් පාසා පිදුම් ලබයි.

ගුවන් හමුදාවේ වැඩකටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහා සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කළේය.

මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලැබුයේ  ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ප‍්‍රධාන කමිටුවක් මගිනි.

වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා තේරීමේ තරගයේ සංවිධායක මණ්ඩලයේ සභාපති එයාර් කොමඩෝර්  ඒ.ඩබි.ඊ විජේසුරිය මහතා   විසින් පිළිගැනීමේ කතාව කරමින් ගුවන් හමුදාපතිවරයා ඇතුළු පිරිස ගෞරවයෙන් පිළිගනු  ලැබීය.

සම්මාන ප‍්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා  කියා සිටියේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක් සිදුවන අතර හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ඨ ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.   

මෙම  අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්.කේ පතිරන, සංවිධායක කමිටු සභාපති සහ විධායක මාධ්‍ය නිලධාරි එයාර් කොමඩෝර් ඒ.ඩබි.ඊ විජේසුරිය යන නිලධාරීහු  එක්වූ අතර  ගුවන් හමුදාවේ  සිටින  ජ්‍යෙෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව වන ප‍්‍රධාන බලලත් නිළධාරී ජයසුන්දර සහ බලලත් නිළධාරිනි රත්නප‍්‍රිය ද එක්වුහ.

 

.

 



අදහස් (0)

විශිෂ්ඨතම ගුවන් භටයා ඒකලින්

සෙන්තිල් Wednesday, 02 October 2013 11:53 PM

වැඩ පුළුවන් නම් එච්චරයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 03 October 2013 11:06 PM

අනුරාද මහත්තයත් වලිගෙ පාගාගෙන.එකම තැන ලෙස හුවා දක්කුවෙනම් නැහැ මම ..අයෙත් මගේ අදහස බලන්න..ඔය හැම දෙකටම මුණ දීල යම් කලකිරීම් මත තමය් හමුදා ජීවිතයෙන් සමුගත්තේ..නමුත් ගුවන් හමුදාවෙන් ලබපු එම පන්නරය තමය අදටත් මගේ ජීවිතයේ ලබන සෑම ජයකම අඩිතාලම වෙන්නේ..මම කියපු අඩුපාඩු කැපිලි කෙටිලි උස් පහත් බේද හමුදාවල් වල විතරක් නෙමෙය් පෞද්ගලික මෙන්ම සෑම රාජ්‍ය ආයතනයකම තියෙනවා..ඔබ තුමා ඒවා අත් විදපු කෙනෙක්නම් නෙමෙය් වගේ පෙන්නේ.. (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 October 2013 01:11 PM

අනුරාදගේ යටි අදහස තේරුම් ගත්තා.එම නිසා තවදුරටත් ඔබ හා වදයක පැටලෙන්න අවශ්‍ය නැහැ.මොකද ඔබ කවදාවත් හමුදා ජීවිතයක අත්දැකීම් විදලා නැති කෙනෙක් බව පැහැදිලි නිසා.. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 03 October 2013 12:24 PM

පද්මිණීට ස්තුතියි ..රත් වෙච්ච යකඩේ තැලෙන්න තැලෙන්න තමය පන්නරේ වැඩි..ගුවන් හමුදාව කියන්නේ මම ජීවිතය පිළිබඳ පන්නරය ලබපු තැන..ගුවන් හමුදාවට මගේ ආදරය ගෞරවය හැමදාටමත් තියෙනවා..හොඳ වගේම ඕක ඇතුලේ තියෙන අඩුපාඩු, කැපිලි කෙටිලි, ඉහල පහල බේද ගැනත් ඕක ඇතුලේ ඉඳගෙනම හොඳට කට්ට කාල අවබෝධයක් තියෙන නිසයි මම මගේ ප්‍රතිචාරෙ දැම්මේ..රෝහණ මහත්තයා ඒක වැරදි විදියට තේරුම් අරන්.. (ස)

:       0       0

සරත් Thursday, 03 October 2013 06:35 AM

ඔබට මගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ෆ්‍රී Thursday, 03 October 2013 06:47 AM

සුබ පැතුම්! (නි)

:       0       0

අනුරාධ. Thursday, 03 October 2013 06:15 PM

බන්දුල පෙරේරා මහතාණනි,ඔබ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොපමණ කලක් සේවය කළාදැයි මම නොදනිමි.නමුත් එතැනින් ඔබ පන්නරය ලබාගත් වගක් නොපෙනේ.ඔබම පවසන අන්දමට "ඇතුලේ තියෙන අඩුපාඩු, කැපිලි කෙටිලි, ඉහල පහල බේද" තියෙන ලෝකයේ එකම තැන ලෙස ඔබ හුවාදැක්වීමට උත්සාහ කිරීමම පිළිකුල් සහගතය. රෝහණ මහත්මා සඳහන් කර ඇතිපරිදි "කුමන වයසේ හෝ තරතිරමේදී හෝ දක්ෂතා අගය කළ යුතුයි"යන්න ඉතාම නිවැරදිය. (නි)

:       0       0

සිල්වා Wednesday, 02 October 2013 08:04 PM

මමත් හිටියේ ඔය කියන හමුදාවේ තමා. යුද්ධයට ලොකු කැපකිරීමක් කළා. නමුත් කියන්න ඕනෑ නුසුදුසු නිලධාරීන්ගේ පරිපාලනය නිසා අසරණ වන ගුවන් භටයන් ගැන මීටවැඩිය හොදින් සිතිය යුතුයි (නි)

:       0       0

ජයා Thursday, 03 October 2013 01:45 PM

ප්‍රියන්ත ඔයා හරියටම හරි. මටත් එයම තමා සිද්ධ වුණේ. අනික් සියලුම නිලධාරී මහත්වරුන්ටත් ගුවන් හමුදාවටත් මගේ ප්‍රණාමය හා ස්තුතිය (නි)

:       0       0

අනුරාධ. Thursday, 03 October 2013 08:40 AM

කවදත් අපේ ගුවන් හමුදාව කරන්නේ විශිෂ්ට වැඩ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජයෙන් ජයම වේවා! (ස)

:       0       0

අමිල - කටුනායක Thursday, 03 October 2013 08:55 AM

ඕක ගන්න මොන කට්ටක් කන්න ඇතිද?? (ස)

:       0       0

බන්දුල‍ පෙරේරා Thursday, 03 October 2013 09:24 AM

අංකේ නිවැරිදි නම් මෙයාගේ සේවා කාලය වන වසර 22 දැන් අවසන් වී තිබිය යුතුයි.මම නම් හිතන්නේ අද හෙට පැන්ෂන් යන්න ඉන්න අයට මෙහෙම සම්මාන දෙනවට වඩා තව සේවා කාලය තියෙන තරුණ ගුවන් බටයින්ව දිරි ගන්වල ඔවුන්ට මේ සම්මානය දිනා ගන්න අවස්ථාව හිමි කර දිය යුතුයි... (ස)

:       0       0

කපිල Wednesday, 02 October 2013 09:44 PM

විශිෂ්ටයාට ජය (දී)

:       0       0

දේශාන් Wednesday, 02 October 2013 09:44 PM

ඔබ අපට සම්පතක් (දී)

:       0       0

කමල් Wednesday, 02 October 2013 09:44 PM

නියමයි සහෝදරයා (දී)

:       0       0

අවින්ත Wednesday, 02 October 2013 09:44 PM

සුභපැතුම් (දී)

:       0       0

රෝහණ Thursday, 03 October 2013 09:49 AM

දක්ෂ කැපවීමකින් ක්‍රියාකළ කෙනකුට සම්මානයක් ලැබෙනවිට අපි සතුටු විය යුතු විනා එයට අනවශ්‍ය විවේචන කිරීම හොද නැත. බන්දුල මහතාණනි, එය ලාංකිකයින් වශයෙන් අපි සිතා ගත යුතු දෙයක්. කුමන වයසේ හෝ තරතිරමේදී හෝ දක්ෂො අගය කල යුතුයි.. (ස)

:       0       0

බිනුල Wednesday, 02 October 2013 10:09 PM

කොහෙන් උනත් විශිෂ්ටයි (දී)

:       0       0

අනුරාධ. Friday, 04 October 2013 10:44 AM

බන්දුල පෙරේරා මහතාණනි,නැවතත් ඔබව ඇමතීමට සිදුවීම පිළිබඳව මම කණගාටු වෙමි."නමුත් ගුවන් හමුදාවෙන් ලබපු එම පන්නරය තමයි අදටත් මගේ ජීවිතයේ ලබන සෑම ජයකම අඩිතාලම වෙන්නේ" යයි සඳහන් කළත් ඔබ උඩබලාගෙන කෙළගසාගන්නවා වැනි සෙයක් දැනේ.ලිවීමට තව බොහෝ දේ ඇතත්......, අවසන් වශයෙන් මෙය ලිවිය යුතුමය.මා පිළිගන්නා ලෙසට ලෝකයේ ශ්‍රේෂ්ඨ ආයතනයක් වන "ශ්‍රී ලංකා ගුවන් හමුදාව" ( නිළධාරීන්,සෙසු නිළයන් හා සිවිල් කාර්ය මණ්ඩලය) මෙසේ විවේචනය කිරීම පිළිකුල් සහගතය. (නි)

:       0       0

පද්මිණි Thursday, 03 October 2013 10:19 AM

මම හිටියේ බන්දුල අදහස් දානතුරු. නැත්නම් කිසි ගතියක් නැහැ. දැන් ඉතින් අම්බානට කන්න. (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 03 October 2013 11:10 AM

මමත් හිටියේ ඕකේ සිග්නල් අංශයේ. නමුත් එක නිළධාරියෙක් නිසා මට එපා වුණා (නි)

:       0       0

සරෝජ් ජයසේකර Wednesday, 02 October 2013 10:59 PM

මගේ උණුසුම් සුබ පැතුම් ඔබට විරයාණනි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 111 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1444 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 903 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1489 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1134 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2622 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20748 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19646 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site