පිළියන්දල මඩපාත කම්හලේ විෂ රසායනය ආඝ්‍රාහනය කිරීමෙන් අසනීප වු 30 දෙනෙකු පමණ පිළියන්දල රෝහලේත්, 42 නෙකු පමණ කළුබෝවිල රෝහලේත් ප්‍රතිකාර ලබති.
.jpg)
පිළියන්දල මඩපාත කම්හලේ විෂ රසායනය ආඝ්‍රාහනය කිරීමෙන් අසනීප වු 30 දෙනෙකු පමණ පිළියන්දල රෝහලේත්, 42 නෙකු පමණ කළුබෝවිල රෝහලේත් ප්‍රතිකාර ලබති.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් රතුපස්වල ප්‍රශ්නයක් නම් නිර්මාණය නොවේවා කියා කියන එකෙන්ම රතුපස්වල ප්‍රශ්නය ගැන තියෙන අවබෝධය තේරුම් ගන්න පුලුවන්. (ස)
හැම ප්‍රශ්නෙකටම විසදුමක් තිබෙනවා වගේම විසදුමටත් විසදුමක් තිබෙනවා (නි)
ඒ කියන්නේ මිනිස්සු කර්මාන්ත ශාලාව වටේ ගෙවල් හදාගෙන දැන් කර්මාන්ත ශාලාව ඉවත් කරන්න කියනවා? දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
ඔන්න නොකිව්වයි කියන්න එපා.අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.කිසිම සැකයක් නැහැ.බලන්නකෝ.. (නි)
මම කිට්ටුව ඉන්නා කෙනෙක්. මේ කර්මාන්ත ශාලාව අවුරුදු 20 විතර පැරණියි. එතකොට ගෙවල් නැහැ. දැන් හැමතැනම ගෙවල්. වහන්න පහසු වුණත් කර්මාන්ත ඇතිකරන්න අමාරුයි (නි)
ඔය අදහසින් මම අදහස් කළේ අද රට යන්නේ ඔය විදිහට නිසා. වැරදි විදිහට තේරුම් ගන්න හොඳ නැහැ.අචිනි, රවී පව්! (නි)
මේ කර්මාන්ත ශාලාවේ සේප්ට් ඔපිසර් r කෙනෙක් නැත්ද?(නදී)
ඒ ම් හරකෙක්ද (නදී)
පිළිවෙලක් නැහැ..ප්‍රමිතියක් නැහැ.ඒකයි මේ හැමදේටම මුල.(නදී)
ලංකාවෙ තිබෙන්නෙ කර්මාන්ත ශාලා සුලු ප්‍රමාණයයි.ඒ ටිකත් වහගෙන පිටරටින්ම ඔක්කොම ගේන්න තමයි ඕනෑ.රටක් දියුණු වෙනවා කියන්නෙ, රටේ කර්මාන්ත වැඩි වෙනවා කියන එක. (නි)
ඇවිලෙන ගින්නකට පිදුරු දානවට වැඩිය අපි හිතන්න ඕනෑ මේ හැම ගැටළුවක්ම රටේ තිබෙන නීතියට අනුව මුලින් කටයුතු කරලා විසදා ගන්න. බලධාරීන් මේ ගැන ඉක්මනින් සොයා බලා කඩිනමින් විසදුම් දෙන්න ඕනෑ. කර්මාන්ත ශාලාවක් නිසා කිසියම් ගැටළුවක් එන්න පුළුවන්. ඒ නිසා රටේ තිබෙන කර්මාන්ත වහන්න කියලා කියන එක නෙමෙයි විසදුම. මේ ගැටලුව ජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට ස්ථිර විසදුමක් රටේ ආණ්ඩුව දෙන්න ඕනෑ.. (නි)
මොනවද අප්පා කරනවා. (ස)
ඔන්න ගන්නවා නම් බද්දක් ගන්න අවස්ථාව.... (නි)
කර්මාන්ත ශාලාව ප්‍රමිතියකින් තොරව භාවිතා කිරීමයි මෙතන වෙලා තිබෙන්නේ.මෙය වහලා හරියන්නේ නැහැ.වහාම බලධාරින් කර්මාන්ත ශාලාව අධීක්ෂණයකට ලක් කර සේවකයන්ටත්,අවට නිවැසියන්ටත්.හානිකර නොවන වාතාවරණය පිරික්සිය යුතුයි. කාන්දුවීමට හේතුව සොයා මින් ඉදිරියට එවන් දෙයක් සිදු නොවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසා නැවත පටන් ගැනීමට පෙරත් බලධාරින් සියලු ප්‍රමිතීන් නිවැරදි බව තහවුරු වීමෙන් පසු අවසර දිය යුතුයි. එසේ නොමැතිව කර්මාන්ත ශාලාව තව කොතැනට ගෙනගියත් ප්‍රමිතියක් නැත්නම් එම සමාගමේ සියලුම සේවකයන්ගේද ජීවිත වලට තර්ජනයක් අවදානමක් ඇතිවිය හැකියි. (නි)
බලධාරින්ගේ සහ සේවකයන්ගේ නොසැලකිල්ල නිසා නිසි නඩත්තුවෙන් තොරවීම නිසා සිදු උන දෙයක්.මින්පසු පරිස්සමෙන් වැඩ කරාවී, කිසි කෙනෙක් මිය ගියේ නැහැනේ.අවශ්‍ය නම් වැඩියක් ගන්න.කර්මාන්ත ශාලා ඉවත් කිරීමෙන් අප රටට වන්නේ විශාල පාඩුවකි. (ස)
කලින් රතුපස්වල දැන් මඩපාත. කොහෙන් අවවසන් වෙයිද මන්දා. (නි)
ඒ කර්මාන්ත ශාලවට ධනවත් බලවත් අය සම්බන්ධ නැතුව ඇති නේද?? අහිංසක රතුපස්සල ජනතාව ජීවිත පුද කරලත් තවම විස වතුර පාවිච්චි කරන්නෙ.වහාම විස හරණය කල යුතුයි. (ස)
හමුදාවෙ මහත්වරු මෙතන මොකද කරන්නෙ? මඩපාත කියන්නෙ හමුදා පාලන ප්‍රදේශයක්ද? (ස)
හරිම සිම්පල් උත්තරයක් මේ ප්‍රශ්නෙට තියෙන්නෙ. සල්ලි වලට ඔක්සිජන් ලබා දෙන්න බට එළන්න ගන්නවා කියමු. එළියට බැහැල පාරවල් වහන්න ගත්තොත් වෙඩි තියමු. (ස)
මේ කර්මාන් ශාලාව කාගෙද? අරගොල්ලන්ගේ නෙමෙයි නේද? (නදී)
මේ කර්මාන්ත ශාලාවත් හම්බන්තොටට අරගෙන යන්න. රතුපස්වල වගේ මේ දෙකම හම්බන්තොටට අරගෙන ගියානම් ගොඩක් හොදයි. (නි)
සියලුම දෙනාට ඉක්මන් සුවය පතනවා ...!! (ස)
මෙතන අදහස් දාල තියන එම් ගැන හරිම පුදුමයි.(නදී)
ඡායා රුප වල පොල්ස් නිලදාරීන් සිටින තත්වයෙන්ම කර්මාන්ත ශාලාවේ ඇතුලත තත්වය පෙනෙනවා. ඇත්ත වශයෙන්ම අවට ජනයා රෝගී වීමට හේතුව කර්මන්තශාලාව නම් මෙයට ඉඩදුන් කව්රු හෝ වේවා වග කිව යුතුයි. විශේෂයෙන් රාජ්‍ය නිලදාරීන්. කෙලින් වැඩ කරන්න බැරි,තමන් යටතේ සේවය කරන නිලදාරීන් ගෙන් වැඩගන්න බැරි අදක්ෂ පරි පාලන නිලදාරීන්.(නදී)
මේක ලොක්කෙක්ගේ කම්හලක් වෙන්න බැහැ. මොකද? උසාවියෙන් තහනම් නියෝගයක් ගන්න පොලීසියෙන් වැඩ කරනවා. (ස)
ඔය වගේ කර්මාන්තශාලා ආරම්භ කරන කොට අවට ජනතාව ගැන සැලකිලිමත් වෙන්නේ නැද්ද?. පුදුමයි. මම දන්නා එක කොන්ක්‍රීට් නිෂ්පාදනාගාරයක් තිබුණා පාලු ගඟක් අසබඩ නියම ප්‍රමිතියට. වර්ෂ 10 ට පමණ පසු ගෙවල් කීපයක් අලුතින් ඉදි උනා අදාල ප්‍රදේශයේ. නිවැසියන්ගේ ඉල්ලීමකට අනුව දැන් කොන්ක්‍රීට් නිෂ්පාදනාගාරය වහල. ආයතන ප්‍රදනින් සේවක වැටුප් ගෙවමින් වර්ෂ 1.5 සිට සුදුසු බිමක් සොයනවලු තමන්ගෙ නිෂ්පාදන වලට. එතන එහෙම, මෙතන මෙහෙම. අනේ මන්දා...... (ස)
වෙන තැනකින් දුම් පිටවෙනවා නම් පොලිසියේ නිලධාරීන් හා මහජනයා නාස් ආවරණය කරගෙන ඉන්නේ මොකද?.කර්මාන්ත ශාලාවේ තත්වය පින්තුර ටිකෙන් අවබෝධ කරගන්න බැරි අය. (ස)
තවත් රතුපස්වල ප්‍රශ්නයක් නම් නිර්මාණය නොවේවා! (නි)
තවත් වැලිවේරියක්ද? (නි)
ඕක කර්මාන්ත ශාලාවෙන් වුණ දෙයක් කියලා ඔප්පු කරන්න. කර්මාන්ත ශාලාව නිවාස ඇති ප්‍රදේශයක ආරම්භ කිරීම වැරදි නැහැ. විෂ දුම වෙන කොහෙන් හරි එන්න ඇති. මිනිස්සු අවුස්සන්න තුන් වැනි පාර්ශවයක් එයිද කියලා විමසිලිමත් වෙන්න.මේ මිනිස්සු රටේ සංවර්ධනයට අකුල් හෙලන එක වැරදියි (නි)