IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


විෂ බීජ නාශක බෝතලය ළඟින් තබා බොන්න බල කරලා

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

"බිපන්,තව බීපන්, තව බීපන්, මැරෙන්න බීපන්" යැයි පවසමින් වැසිකිලි විසබීජ නාශක දියර බෝතලය අසල තබා 14 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි.

ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක ප්‍රධාන පාලිකාවකගේ සහ සේවිකාවකගේ බැණවැදීම් සහ පහරදීම් ඉවසාගත නොහැකි වූ 14 හැවිරිදි දැරියක් වැසිකිලි පිරිසිදු කිරීමට ගන්නා විසබීජ නාශක දියරයක් පානය කිරීමෙන් රෝහල් ගතකර ඇත.

කුඩා දැරියක් විෂබීජ නාශක දියර පානය කිරීමෙන් නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය  නාරහෙන්පිට පොලිසිය වෙත ලබා දුන් දුරකථන පණිවුඩයක් අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගිය නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සිදුකළ විමර්ශනවලදී ඉකුත් 6 වෙනි දින දහවල් දැරියට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ මුළුතැන් ගෙයි සේවිකාව බැණවදිමින් පහරදී ඇති අතර එහිදී දැරිය වැසිකිලි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක දියරයක් පානය කර ඇතැයි පොලිසිය කියයි.

එහිදී පාලිකාව සහ මුලුතැන්ගෙයි සේවිකාව දැරියට " බිපන් තව බීපන් තව බීපන් මැරෙන්නම බීපන්" යැයි පවසමින් විෂබීජ නාශක දියර අඩංගු බෝතලය ඇය අසලම තබා තව තවත් පහර දී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

 



අදහස් (4)

විෂ බීජ නාශක බෝතලය ළඟින් තබා බොන්න බල කරලා

Pradeep Kumara Wednesday, 08 November 2023 10:23 PM

අයියෝ, මේ ගැහැණුන්ට දරු කැක්කුම කියලා දෙයක් නැද්ද?

:       0       1

රංබොඩ Thursday, 09 November 2023 12:21 AM

ළමා නිවාසවල දරුවන්ට උපකාර කිරීමට යෑමෙන් දැනගත් දෙයක් තමයි ඒ දරුවන් අසාමාන්‍ය ලෙස සමාජයෙන් ඈත් කර ඇති වග. ඇතුළත ඇති හිංසනය එළියට යයි කියන බියෙන් එය කරනවා විය හැකිය. මීට වඩා ඒ දරුවන් ගැන සැළකිලිමත්ව ක්‍රියා කිරීමට බලය ඇත්තෝ අවධානය යොමු කරත්වා..!

:       0       1

ajith Thursday, 09 November 2023 05:48 AM

මොවුන් මිනිස්සුද?

:       0       1

FAIROOS Thursday, 09 November 2023 12:28 PM

මෙහෙමත් කාලකණ්ණින්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 723 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 151 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 863 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 361 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 924 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1998 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39629 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25779 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1209 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site