ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවත්වාගෙන ගිය, වොෂින්ටන් ගොඩනැඟිල්ල බදු දීමට විදේශ අමාත්‍යාංශය සැරසේ.
ශ්‍රී ලංකා රජයට ආර්ථික වශයෙන් ඵලදායී වන ආකාරයට එම ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගැනීම සුදුසු බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා ඇත.
ගොඩනැඟිල්ල බදු දීම හෝ කුලියට දීම සම්බන්ධයෙන් වන නියමයන් හා කොන්දේසි සාකච්ඡා කිරීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ සභාපතිත්වය යටතේ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර ඇත. මංගල සමරවීර මහතාගේ යෝජනාව මේ සතියේදී අනුමත කර තිබේ.
පසුගිය රජය කාලේ මේ ගොඩනැගිල්ල මිලට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලිනි දන්නවද වොශින්ග්ටන් තියෙන්නේ කොහෙද කියල ...එහෙ තියන බිල්ඩිමක් කොහොමද සුදු අලියෙක් වෙන්නේ මේ බයිලා කට්ටියට සල්ලි නැතුව..(බ)
කිත්රුවන් , වොෂින්ටන් වල තිබෙන බිල්ඩිමක් සුදු අලියෙක් වන්නේ , ඒවායේ නඩත්තුව සඳහා යන මුදලට , සමහරවිට බිල්ඩිම මිලදී ගන්නට කොමිස් ගසා වඩා වටිනාකමක් පෙන්නා මුදල් වංචා කරද කියලත් දන්නේ නැහැ (බ)
චරිත් සේරසිංහ සමඟ මම එකඟයි (නි)
තාක්ෂණය දියුණු කාලයක මෙම කාර්යාලය සුදු අලියෙක් පමණයි කියායි බොහෝ දෙනා කියන්නේ. (නි)
ඔව් ඉතින්, ඵලදායී කටයුත්තකට යොදවනවා නම් අපිත් කැමතියි (නි)
කොහොම වුණත් ඒ ගොඩනැගිල්ල තියෙන මාවතේ තියෙන්නේ විදේශ තානාපති කාර්යාල පමණයි. ඒ නිසා එ්ක දෙන්න වෙන්නේ තානාපති කාර්යාලයකට හෝ වෙනත් විදේශ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකට විතරයි. ඒවගේම මෙවැනි කුඩා ඉඩකඩක රාජ්‍යතාන්ත්‍රික කාර්යාලයක් පවත්වාගෙන යන්නට කැමති වෙන්නෙත් අපි වගේම කුඩා රටක් පමණයි. එනිසා ඉතා විශාල මුදලකට කුලියට දෙන්නට පුළුවන් වෙයි කියලා නම් හිතන්න අමාරුයි. කෙසේවෙතත් මේක ලංකාවට වත්කමක් වෙයි (නි)
ඕනෑම දෙයක් සුදු අලියෙක් වෙන්නේ වියදමට සරිලන ලාබයක් එයින් නොලැබීම නිසයි. (නි)
ලෝකය වටේ අපිට අයත් වෙනත් ගොඩනැගිලි තිබේ නම් විකුණලා කීයක්හරි හොයාගන්න තමයි අපිට දැන් වෙලා තියෙන්නේ. තානාපති කාර්යාලය පදික වේදිකාවේ වුණත් තියාගන්න පුළුවන් කියලා සමහරු හිතනවා ඇති (නි)