IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


වස් කාලය නිමිත්තෙන් අවුන් සාන් සුකීට සමාව

(විමුක්ති එස් රුද්‍රිගු)

හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

අවුන් සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් 2021 වසරේ නෙරපා හැරීමෙන් පසුව නිවාස අඩස්සියට පත් වූවාය.බෞද්ධ වස් කාලය වෙනුවෙන් සිරකරුවන් 7000 ක පමණ පිරිසකට පොදු සමාව ලබා දීමට මිලිටරි ජුන්ටාව තීරණය කර ඇති බවත් ඒ යටතේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී හටද සමාව ලබා දී ඇති බවත් මියන්මාර මාධ්‍ය පෙන්වා දී තිබේ.

නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්කයි පුවත් සේවය පෙන්වා දෙන්නේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී හට මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇත්තේ චෝදනා 5 ක් සඳහා පමණක් බවයි.චෝදනා 5 ක් සඳහා සමාව ලබා දුන්නත් ඇයට එරෙහිව තවත් චෝදනා 14 ක් තිබෙන බව ස්කයි පුවත් සේවය වාර්තා කර ඇත.වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටීමෙන් පසුව ඊයේ(31) ඇයව රජයේ වෙනත් ගොඩනැගිල්ලක් කරා රැගෙන ගිය බවත් චෝදනා 5 ක් සඳහා පොදු සමාව ලබා දුන්නද ඇය තවදුරටත් නිවාස අඩස්සියේ සිටිනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇතැයි ස්කයි පුවත් සේවය සඳහන් කර තිබේ.

 



අදහස් (2)

වස් කාලය නිමිත්තෙන් අවුන් සාන් සුකීට සමාව

බද්රානි Tuesday, 01 August 2023 01:53 PM

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව රෝහීන්ගයා මුස්ලිම් ජනතාව සමූල ඝාතනය කිරීම නම් හරිම අපූරුයි. මැය එරට පාලනය කළ අවධියේ කරලියේ පිනුම් ගහපු, "තලෙයිබාන් චිරතු" ලා දැන් ආගිය අතක් හොයා ගන්න නැහැ. ඒ කාලේ ලංකාවටත් වැඩම කළානේ... ලංකාවේ තලෙයිබාන් කල්ලිය උද්යෝගිමත් කරන්න... මම නම් කියන්නේ මේ උමතු දුෂ්ඨ කාන්තාවට ප්‍රසිද්ධියේ මරණ දණ්ඩනය ලබාදිය යුතුයි. ප්‍රජාතන්ත්‍ර වාදය නාමයෙන් යුරෝපයත් රවට්ටපු මැයට මිලිටරි ජුන්ටාව සලකන විදිහ හොඳයි...

:       2       1

sumith priyankara Friday, 04 August 2023 10:08 AM

මහාත්මයා ඔබ මුස්ලිම් ජාතිය පැත්ත අරගෙන කතා කරනවා මුස්ලිම් අන්තවාදි කොච්චර මිනිස්සු බිලිදුන්න ද තලේබාන් මිනි මරැවෝ ඇෆ්ගනිස්තානයේ තව අයි.එස් එතකොට එවා හොදද ඔබ හිතන්නේ ඒක පාර්ශවයේ ඉඳගෙන අවුං සකි සුන් කියන්නේ හොද පිං කරන බෞද්ධ නායිකාවක් ඔබට පෙන්නේ ඇය මිනිමැරැවයි කියලා ඇය නෙමෙයි මිනිස්සු මැරැවේ මේ දැන් තියන හමුදාව ඒ ඇය නෙරපන්න කුමන්ත්‍රණ කරලා ඇයව පහාකරන්නයි

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 173 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 311 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 444 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි
2024 ඔක්තෝබර් මස 15 215 0

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන


මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 142 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 175 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 488 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1463 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site