
(සුජිත් හේවාජුලිගේ )
විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට හෙට (21) බාරදීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට බොහෝ දුරට අනිද්දා (22) ඉදිරිපත් කෙරෙනු අැත
විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධය විවාදය ලබන 24 සහ 25 පැවැත්වීමට දැනටමත් දින වෙන් කරගෙන අැත. කථිකයන් රැසක් සිටින හෙයින් එම විවාදය රාත්‍රිය දක්වාම පැවැත්වීමට නියමිතය.
විසි දෙක පිළිබද පෙත්සම් විභාගයට අදාල සියලු කටයුතු සදහා අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන කාලය අවසන් වන්නේද හෙට සඳුදාය.
චීනයේ සංචාරයක නිරතව සිටි කතානායකවරයා දිවයිනට (19) නැවත පැමිණීයේය
මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ හදිසි රැස්වීමක් හෙට ( 21) පැවැත්වීමට තීරණය කර ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
එන සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබියදී මෙසේ හදිසි පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් පැවැත්වීම කුමකටද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය විසින් 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින් නව නීතිය මගින් නඩු ගොඩගැසීමට සහ අධිකරණ ප්‍රමාදයන් අවම කිරීමට ඉවහල් වන බවට ඔබ එකඟද? 22 ආණ්ඩුක්‍රම සංසෝදනය පිලිබදව ඩේලි මිරර් හෝ පමණක්නොව ලංකාදීප පුවත්පත (සිංහල සහ ද්‍රවිඩ පුවත්පත) මගින්ද විමසා බැලීමක් සඳහා පාර්ශික නොවන ප්රජතන්ත්රවාදී ක්‍රියාවකි,
ඉක්මන් කොට මෙය සම්මතකොට ක්‍රියාත්මක කරන්න ජනතා අභිලාෂය එයයි