උතුරේ මානව හිමිකම් හා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ඕස්ට්‍රේලියා හා නවසීලන්ත පාර්ලිමේන්තු වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ පර්යේෂණයක් සඳහා විශේෂ ව්‍යාපෘති වීසා ලබා ගැනීමෙන් බවත්, ශ්‍රී ලංකාවේ වීසා නීති කිසිත් කඩ කර නැති බවත් හරිත පක්ෂයේ ඕස්ට්‍රේලියා සෙනට් මන්ත්‍රී ලී රෙනොන් හා නව සීලන්ත හරිත පක්ෂයේ මන්ත්‍රී ජෑන් ලෝගි කියති.
ඔවුහු නව වැනිදා දෙමළ ජාතික සන්ධානය සමග වව්නියාවේ ද, පසුව කොළඹ දෙමළ ජාතික සන්ධාන කාර්යාලයයේ ද සාකච්ඡාවක් පැවැත්වූහ.
උතුරේ මානව හිමිකම්, එහි වත්මන් දේශපාලන තත්වය, යුද්ධයෙන් අවතැන්වූවන් යළි පදිංචි කිරීම වැනි කරුණු ගැන සාකච්ඡා කළහ.
වවුනියා සාකච්ඡාව පුවත්පත්වලට තහනම් කැර තිබිණි.
තමන් ශ්‍රී ලංකාවට ආවේ තොරතුරු සෙවීමේ කාර්යයකට බව හරිත පක්ෂය කියයි.
මේ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ සරවනබවන්, උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම්, උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී ඩෙනිෂ්වරන්, උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන නියෝජිත ජී ලංගනාදන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මානව අයිතිවාසිකම් ප්‍රශ්නයක් නැත්නම් ඇයි අපි බය වෙන්නේ? (නි)
කැන්ගරු රටේ කොටින්ට වැඩිය සිංහයෝ වැඩියි. ඒ නිසා කැනඩාව හැසිරෙන විදියට ඕස්ට්‍රේලියාවට හැසිරෙන්න අමාරුයි. හරිත පක්ෂයත් යන එනමන් නැති පක්ෂයක්. එකයි බෝට්ටුකාරයෝ ගැන කතා කරලා, බෝට්ටුකාරයින්ගේ නෑදෑයින්ගේ ඡන්ද ටික ගන්න හදන්නේ. (ස)
හම්බ වෙලා තියෙන කට්ටිය දැක්කම එකතු වෙලා ඉන්න කට්ටිය දැක්කම වාර්තාව මොකක්ද? පරමාර්ථ මොකක්ද? කියල හිතාගන්න පුළුවන් මොන්ටිසෝරි යන ළමයෙකුට උනත්,..මුන් ලංකාවේ ඉන්නේ මැටි හරක් කියල වගේ හිතා ගෙන ඉන්නේ..අපේ නිදහස් මාධ්‍ය නඩේවත් කට්ටියට මුණ ගස්වලා අදුන්වලා දීලා යවන්න.. (ස)
එයාලගේ රටවලට පිටින් අය ඇවිල්ලා ඔවැනි දේවල් කරන්න පුලුවන්ද? අද මෙවැනි රටවල් කරන්න යන්නේ ඈත ඉතිහාසයේ තිබුන අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයක් නැවත ස්ථාපනය කිරිමැටි. එයට අපේ ද්‍රවිඩ සහොදරවරුනුත් උදව් දෙනවා ඔවුන්ගේ තිබෙන යටි බලාපොරාත්තු ඉටු කර ගැනීමට. ඉන්දියාවට හෝ වෙන රටකට මෙවැනි අන්දමට ගියානම් ඔවුන්ට ඔහොම ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ (නි)
ලුම්බිණි මට පොඩි ප්‍රස්නයක් තියෙනවා ඔයාගේ අදහස් ගැන. ඔයාට පුලුවන්ද , කාස්මීරයට හරි, ඉරාකයට හරි ගිහින් එහෙන් අමෙරිකාවෙන් වෙන මානව හිමිකම් කඩ වෙන එක ගැන හොයන්න. ජාතියට ද්‍රෝහිවෙන්න එපා. වදාපු හදාපු දෙමපියන්ටත් ලැජ්ජයි.(නදී)
අවසර දෙන්න කලින් එම්බසි එක ඔය කට්ටිය ගැන හොයා බලලා අවසර නොදෙන්නයි තිබුනේ. අනික පෙරේරා කියන විදිහට අපේ රටට අපහාස කරනවා කියලා අවශ්‍ය පියවර නොගෙනෙ ඉන්න කියලද කියන්නේ . ඔය විදිහට ගියොත් ඕන කෙනෙකුට ඇවිත් ඕන දෙයක් කරලා යන්න පුළුවන්නේ. (නදී)
මේ සිද්දිය සම්බන්දව නවසීලන්තේ ප්‍රවෘත්ති වලදී ලංකාවේ ප්‍රතිරූපය සම්පූර්නෙන් සවුත්තු කරලා දැම්ම.(නදී)
එන්.ජී.ඕ. තහනම් නොකරන්නේත් ඇයි කියා දන්නා කෙනෙක් කියන්න. (නි)
හරිම පහත්. ඒ අදාල විස්තර හොයන්න ආවා නම් පාර්ශ්ව දෙගොල්ලෝ එක්කම (රජය හා අනෙකුත්) සාකච්චා කළ යුතුයි. එක පාර්ශවයක් එක්ක විතරක් කතාකළහම ඒක රහස් ගනුදෙනුවක්නේ. මේ ගොල්ලෝ හිතන්නේ අපේ රටේ වෙන දේවල් මේ ගොල්ලන්ගේ බුදලයක් කියලා. (නි)
කැංගරු රටේ කල්ලතෝනි කොටි ඡන්ද ගන්ඩ තමයි මෙයාල ,කැනඩාවේ වගේ .හිගනවා (අ)
රාජ්‍ය නියෝජිතයින් නොමැතිව අපේ රටේ කිසිම සාකච්ඡාවකට අවසර දෙන්න එපා. අපේ රටේ ප්‍රශ්න ඇති වෙලාවල ඔය කිසිම නියෝජිතයෙක් අපිට පක්ෂව හිටියේ නැහැ. ඒ අය අදත් ඉන්නේ ශ්‍රිලංකාවේ ප්‍රශ්න ඇතිකරන්න හේතුවක් හොයා හොයා. එනිසා ඔය එන අයගේ වරිතවල් සහ සෑම වීඩියෝ පටිගතකිරීම් ඇතළු සෑම වාර්තාවක්ම රජය මගින් පරික්ෂාකර රටින් ගෙනා යුතු දේවල් පමණක් ගෙනියන්න අවසර දෙන්න. (නදී)
ඔය ඇවිල්ල ඉන්නේ පිල්ලේ නෝනගේ තවත් නංගිලා දෙන්නෙක්. ඔය ගොල්ලෝ තමයි බෝට්ටු කාරයෝ වෙනුවෙන් කිබුල් කදුළු සලන අය. ඔය ගොල්ලෝ තමන්ගේ රටවල් වල පාර්ලිමේන්තුවේ කතා කරන්නේ බෝට්ටු කාරයෝ ගැනයි ,සමලින්ගිකයෝ ගැනයි විතරයි. ඒ ඇරෙන්න මේ ගොල්ලන්ට වෙන වැඩක් නැහැ.මම මේ ගොල්ලන්ගේ ඔය කියන හරිත [ග්‍රීන්ස්] පක්ෂය ගැන හොදට දන්නවා. (අ)
පාර්ලිමේන්තුවට විස්තර වාර්තා දෙන්න ආවා නම් මොකටද සංචාරක විසා වලින් ලංකාවට එන්නේ.එහෙම ආවා නම් එන්න තිබුනේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයකටනේ.එහෙම ඇවිල්ලා රජය සමග එකතුවෙලා මේ දේ කළා නම් ඉවරනේ. (නි)
නීතිය අකුරටම පෙන්වා දී,උණු සිනි කිරි තේ කෝප්පයකින් සංග්‍රහ කර බුලත් විටක් කා, අර පුටුවක මකුණන් ඉන්න එකක වාඩි කරවා තියන්න. (නි)
වීසා දෙන්න ඕනෑ කොන්දේසි මතයි. ලංකාවෙනුත් ඒ රටවල්වල දේවල් හොයන්න යවන්න ඕනෑ. බලන්න ඔවුන් වීසා දෙයිද කියලා. මේ පුංචි රටේ ඔච්චර පර්යේෂණ කරන්න දෙයක් නැහැනේ. අනිත් එක ඔවුන්ට ඕනෑ තැනක යන්න, ඕනෑ කෙනෙක් හම්බ වෙන්න නිදහසත් ඕනෑ. මේක හරිම අසාධාරණයක්නේ. (නි)
මොවුන් ඔක්කොම එන්නේ දමිළ අය සමග සහ එන්.ජී.ඕ. නඩය සමග කතා කරන්නම විතරද? ඔවුන් නිසා අසරණ අහිංසක අපිට වූ පාඩුව අලාබහානි හොයන්න කවුරුත් නැද්ද? (නි)
කිසිම නීතිමය දෙයක් කඩ කලේ නැතිනම් ලංකාවට විරුද්ධව රාජ්‍ය මට්ටමින් පියවර ගන්න . එසේ නැතුව ප්‍රකාශ දුන්නට වැඩක් නැහැ. මොකද ඇවිත් තියෙන්නේ සංචාරක විසා කියලනේ කියන්නේ . අනික් කරුණ ලංකාවේ ප්‍රස්න තියෙන්නේ දෙමල අයට විතරද . සිංහල අපි වෙනුවෙන් ඔය රටවල් සොයන්නෙම නැද්ද ? හතර බිරි කතාවක් මේක (නදී)
ලංකාවට කිසිම සුදේදෙකුට එන්ඩ නොද්දුනොත් හොඳ මදිද? ඒ අයට මොකටද අපේ වැඩ. (නදී)
අහිංසක බෝ පැල ටිකක්නේ හම්බ වෙලා තියෙන්නේ.(නදී)