නිල් බට්ටිකුරුල්ලා හෙවත් ඉන්දු නිල් සිටිකිච්චා හිමාල කඳු පන්තියේ ඊශාන දිග කොටස සිය නිජබිම කරගත් සත්ත්ව විශේෂයකි. ඉන්දියන් බ්ලූ රොබින් Indian Blue Robin ලෙස හෝ ඉන්දියන් බ්ලූ චැට් Indian Blue Chat ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වෙන නිල් බට්ටිකුරුල්ලා සත්ත්ව විද්‍යාත්මකව ලුස්කිනිආ බෘන්නිආ Luscinia brunnea ලෙස හැඳින්වේ.
වනාන්තරවල බිම ගැවසෙමින් කෘමි සතුන් ආහාරයට ගන්නා නිල් සිටිකිච්චා ශීත සෘතුව ගත කිරීම සඳහා මෙරට තෙත් කලාපයට හා උඩරට කඳුකර වනා්නතර වලට පැමිණෙයි. ගේ කුරුල්ලකු තරම් වූ ප්‍රමාණයකින් වැඩෙන සිටිකිච්චාගේ කකුල් තරමක් දිගැති විම විශේෂත්වයකි.
සිරුරේ ප්‍රමුඛ වර්ණය කළු පැහැයට හුරු තද නිල් පැහැය වීම හේතුවෙන් නිල් සිටිකිච්චා ලෙස හැඳින්වේ. පියාපත් කෙලවර දුඹුරුවන්ය. ගෙල හා පපු පෙදෙස දිලිසෙන රන් දුඹුරු පැහැතිය. යටි බඩ හා ගුද පෙදෙස සුදු පැහැතිය. නිල් සිටිකිච්චා පහසුවෙන් හඳුනාගත හැකිවන්නේ සුදු පැහැති ඇහි බැම හේතුවෙනි.
ගැහැණු සතාගේ ගත තරමක් ඔලිව් දුඹුරු පැහැයට හුරුය. කිරිල්ලියගේ යටි කය ලා පාටය. ලා පැහැති කෙටි ඇහි බැමක් සහිත කිරිල්ලියගේ උගුරු පෙදෙස සුදුවන්ය.
වනාන්තර යටිගොන්නේ බිම ඉතා හොඳින් සැඟවී ඇති කෝප්ප ආකාරය කැදැල්ලක් තනයි. පාසි, වියලි තණකොළ, ලොම් යනාදිය නිලි සිටිකිච්චා අමුද්‍රව්‍ය ලෙස කැදැල්ලට යොදා ගනී. කිරිල්ලිය බිත්තර හතරක් පමණ දමයි. පැටවුන්ට කවා ඇති දැඩි කිරීමේ දී කුරුල්ලා ද තම කිරිල්ලියට සහයෝගය දක්වයි.
වීසා නැති සංචාරකයෝ - 01
http://www.lankadeepa.lk/index.php/articles/267260
වීසා නැති සංචාරකයෝ - 02
http://www.lankadeepa.lk/index.php/articles/267404
වීසා නැති සංචාරකයෝ - 03
http://www.lankadeepa.lk/index.php/articles/267670
වීසා නැති සංචාරකයෝ - 04
http://www.lankadeepa.lk/index.php/articles/269230
වීසා නැති සංචාරකයෝ - 05
http://www.lankadeepa.lk/index.php/articles/271278
වීසා නැති සංචාරකයෝ - 06
http://www.lankadeepa.lk/index.php/articles/271788
වීසා නැති සංචාරකයෝ - 07
http://www.lankadeepa.lk/index.php/articles/276725
වීසා නැති සංචාරකයෝ - 08
http://www.lankadeepa.lk/index.php/articles/277005
වීසා නැති සංචාරකයෝ - 09
http://www.lankadeepa.lk/index.php/articles/277400
වීසා නැති සංචාරකයෝ - 10
http://www.lankadeepa.lk/index.php/articles/277598
වීසා නැති සංචාරකයෝ - 11
http://www.lankadeepa.lk/index.php/articles/277863
වීසා නැති සංචාරකයෝ - 12
http://www.lankadeepa.lk/index.php/articles/278158
වීසා නැති සංචාරකයෝ - 13
http://www.lankadeepa.lk/index.php/articles/278400
වීසා නැති සංචාරකයෝ - 14
http://www.lankadeepa.lk/index.php/articles/280308
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වීසා නැති සංචාරකයෝ - 15
සුමිත් Sunday, 07 December 2014 09:36 AM
ගොඩක් වැදගත්. (ර)
ඩොන් ජිනලාල් කලන්සූරිය Sunday, 07 December 2014 09:47 AM
මම හරිම කැමතියි. (ර)
සංජීව Sunday, 07 December 2014 01:42 AM
වටිනා ලිපියක්. ස්තුතියි. (ර)
චින්තක මනුර Sunday, 07 December 2014 04:29 PM
ගොඩක් වටිනා දෙයක් ;මගේ සුබ පැතුම්. (අ)