IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


වස පොල්තෙල් ගැන සොයන්න පරීක්ෂණයක්

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවිරරත්න)

පිළිකා කාරක අඩංගු පොල්තෙල් රටට ඇතුළු වී ඇත්දැයි සෙවීමට  පරීක්ෂණයක් පවත්වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාට තමා උපදෙස් දුන් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.

අහිතකර පොල්තෙල් මෙරට වෙළෙඳපොළේ තිබෙන බවට කිසිදු පාරිභෝගිකයකු මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නැතැයි කී ගුණවර්ධන මහතා එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතත්, මෙ තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව ද ප්‍රකාශ කළේය.

අහිතකර පොල්තෙල් පිළිබඳ කාරණය එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළිදරව්කර ඇති හෙයින් එ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත් වූ පිරිස සොයාගෙන ඒ අයගෙන් තොරතුරු ලබාගෙන අහිතකර පොල්තෙල් තිබේ නම් එහි සුලමුල සොයා ගැනීමට කටයුතු කරන ලෙසට තමා නිලධාරීන්ට උපදෙස් දුන් බවත්  මේ පොල්තෙල් රට තුළට ගෙන ඒම නොකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබියදී ඒවා රට තුළට ගෙන ආවා නම් එහි වරද පැටවෙන්නේ  රේගුවට බවත් ගුණවර්ධන මහතා පැවැසීය

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
 



අදහස් (11)

වස පොල්තෙල් ගැන සොයන්න පරීක්ෂණයක්

kapila Wednesday, 24 March 2021 10:45 AM

හාල්මිල යට ගහන්න... දැන් එහෙනම් පොල්තෙල් ගැන කතා කරමු.

:       0       20

siri Wednesday, 24 March 2021 11:04 AM

ඊට කලින් සාධාරණ මිලකට පොල්ගෙඩියක් සල්ලිදිලා ගන්න තැනක් හොයාගන්න පරීක්ෂණයක් කළොත් නරකද ඇමතිතුමෝ?

:       0       19

දිමුත් Wednesday, 24 March 2021 11:18 AM

ඕක ඇත්ත නම් එයින් ජාතියක් ලෙඩ වෙනවා කියලා තේරෙන් නැද්ද? වගකිව යුතු පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි.

:       0       15

thilak Wednesday, 24 March 2021 12:18 PM

පාරිභෝගිකයන් පරීක්ෂණ කරන්න තරම් දියුණු නෑ. රේගුවෙන් පරීක්ෂා කරලා ගේන්න ඕනේ...

:       0       18

WCA Wednesday, 24 March 2021 01:20 PM

ලංකාවේ ඇමති බුරුවන් හිතාගෙන ඉන්නේ පාරිභෝගිකයින් බඩු ගන්නේ තෙල්වල පිළිකා කාරක කියලා ගහලා නැත්නම් ලැබ්වල ටෙස්ට් කරලා කියලා... ඉතින් කුණු බඩු, පිළිකා කාරක බඩු ඔය හොර ව්‍යාපාරිකයින් මිනිස්සුන්ට කවන අහන්නත් දෙයක්ද? ඔය පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය, ඔක්කොම වහන්න අපි ටෙස්ට් කරලා කන්නම්...

:       0       16

pradeepa Wednesday, 24 March 2021 01:50 PM

කොහොමද 69 ලක්ෂයට දැන් සැපද? කරපු පව කවදා ගෙවලා ඉවර වෙයිද මන්දා...?

:       1       18

kapilaWednesday, 24 March 2021 05:08 PM

අනික් කට්ටියගේ කෙරුවාවත් ඔහොම්ම තමයි...

:       0       0

Bandu wimalasena Wednesday, 24 March 2021 04:40 PM

මේ ගෙනාපු පොල්තෙල් විස සහිතයි නම් වගකීම රජය බාරගත යුතුයි. ඒකට තමයි මහජනතාවගේ මුදල් වලින් නිලධාරින් පත්කරලා තියෙන්නේ. බන්දුල අමැතිතුමෝ බයිලා ගහන්න එපා, මහජනතාව මෝඩයින් නොවේ. සහ ඔබලාගේ සෙල්ලම්ද දනිති.

:       0       0

Perera Wednesday, 24 March 2021 11:40 PM

බොරලුගොඩ රිලවාගේ තව රිලා නැටුමක්..

:       0       0

B Anthony Thursday, 25 March 2021 05:05 AM

අනේ ලංකාවේ අපනයන බෝග ආදායමෙන් තුන්වන තැනට තිබුණු පොල්. අද විෂ පොල්තෙල් පිටරටින් ගෙන්වන්න වෙලා. නිදහසෙන් පස්සේ අපේ කියන නායකයින් අපේ රටට කරළා තියෙන විපත පේනවද? අපේ ඡන්දෙ දෙන අයට...!

:       0       3

Kamal Koyrala Thursday, 25 March 2021 06:49 AM

2500 පවුලක් කාලා ඉන්න සහ අවුරුදු බඩුමල්ලට ගෙනාපුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 100 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 94 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 5 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 588 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 356 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 172 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site