බම්බලපිටියේ මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින උතුරු කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා යළි ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (9) නියෝග කළේය.
රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පැවසුවේ ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන සැකකරුවකු වන නමුත් ඔහු සොයා ගැනීමට නැති බවයි.
ජිප් රියේ තිබූ ලේ මිනිස් ලේ බල රජයේ රස පරීක්ෂක කියා ඇතැයි ද, එම ලේ සියාම්ගේ දැයි සොයා බැලීමට ඩී.එන්.ඒ ජාන පරීක්ෂණයක් පැවැත්වීමට යොමු කර ඇතැයි ද අබේසේකර මහතා කීවේය.
සොයාගත් අවියක උණ්ඩ කිහිපයක අඩුවක් පවතින බව ද ඔහු සඳහන් කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු සඳහන් කළේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රස්ත මර්දන පනත යටතේ ප්‍රශ්න කිරීම නීති විරෝධී බවයි.
මහේස්ත්‍රාත් පිලපිටිය මහතා ඒ ගැන රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් විමසු විට ඔහු කියා සිටියේ නීතිපති උපදෙස් ලබාගෙන උසාවියට කරුණු දක්වන බවයි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ආපසු බන්ධනාගාරයට රැගෙන යද්දී ගාල්ල පැත්තේ කතක් තරුණයකුගේ ඡායාරූපයක් ද අතැතිව පාරට පැන තම පුතාගේ මරණයට හිටපු නියෝජ්‍ය පොලිස්පති වග කිවයුතු යැයි ශාප කරන්නට වූවාය.
ඒ සමගම තවත් කතක් පාරට පැන ඇයට පැවසූයේ වාස් ගුණවර්ධන කහවත්තේ කොටකෙතන ඝාතන වැළැක්වූ වීරයකු බවයි.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් දුරට දේශපාලන සම්බන්දයකින් තොරව ඉහළ පෙලේ නිලධාරියෙකුට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක වීම අපිට ලොකු සතුටක් (නි)
කාටවත් චරිත සහතික දෙන්න එපා මිනිසුනේ (නි)
හලෝ සිද්දික් , ආයෙමත් රටේ ජාතින් අතර කෝලාහලයක් අවොත් , ඒකත් ඉවර කරන්න අපි බාර දෙන්නෙත් මෙතුමටම තමයි. ඇයි බයද ?(නදී)
සරත් පොන්සේකා කෙරුවේ යුද්ධයක්. වාස් ගුණවර්ධන කෙරුවේ තමාගේ බඩවඩා ගන්න ශුද්ධයක්. තේරෙන අයට දෙකේ වෙනස තේරෙයි.(නදී)
කොහොමත් අන්තිමට තමන් අතට තම අතමය සෙවනැල්ල.... තමයි (නි)
අර පහලම ලලිත් කියලා තියන කතාව හරියට හරි. නීතියට පිටින් ගිහින් සැකකරුවන් ඝාතනය කලාම, අපේ කට්ටිය හිතනව 'මෙයා නියම පොරක්' කියලා. නීතිවිරෝධී ලෙස අපරාධ මර්ධනය කිරීමත් අපරාධයක් බව මිනිස්සු දන්නෙ නැහැ. නීති විරෝධී අපරාධ මර්ධන රැල්ලට අහුවෙලා නිවැරදි මිනිස්සු කොච්චර මැරෙනවද, පෞද්ගලික එදිරිවාදිකම් පිරිමහ ගන්නවද කියලා කවුරුත් දන්නෙ නැහැ. (නි)
වාස් මහත්මයා අවංක එඩිතර නිළධාරියෙක්... (නි)
මොහු දැනට සැකකරුවෙක් පමණයි. නමුත් වරදකරු බව ඔප්පු වුවහොත් අනිවාර්යයෙන්ම දඩුවම් දියයුතුයි (නි)
මෙතුමාට සාමයේ සංකේතය වන සුදු පරවියෙක් දකුණු අතටත්, අපරාදයේ ලකුණ වන කඩුවක් වම් අතටත් දෙන්න මට හිතෙනවා (නි)
මිනිස් ඝාතනයක් කරලා තිබෙනවා නම් නිතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
මේක ලංකාව නිසා දැන් අදහස් දාලා පසුවට වෙනස් කරගන්න වෙයිද සැකයි. (නි)
මම දාපු ප්‍රතිචාරය කැතද තවම නැත්තේ ....? (අ)
මට පේන්නේ වෙන කතාවක්. වාස් අපි අපි දන්නා විධියට සරත් ෆොන්සේකා වගේ ටිකක් තද තීරණ ගන්න දක්ෂ නිලධාරියෙක්. පත්තරවල තිබුන කරුණු අනුව මෙන්න මේ ගැනත් හිතන්න. වාස් ගුණවර්ධන රත්නපුර, ගාල්ල සිදුවූ මිනී මැරුම් නතර කරා. රත්නපුර දේශපාලන බලවතාගේ නියෝග වලට එරෙහිව. වාස් එයාගේ පුතාගේ ප්‍රශ්නයකදිත් ඒ විදියටම හැසිරුණා. හැබැයි එදා නිතිය එයාට විරුද්ධව ක්‍රියාත්මක උනේ නැත්තේ දේශපාලන උවමනාවට. දැන් ප්‍රශ්නෙදි වාස්ගේ පුතා , නෝනා පටලවනවා මදිවට එයාගේ ගෑණු ලමයවත් පටලවන්න හදනවා. අඩුම ගානේ වාස් කොහොමද මේකට සම්බන්ධ කියලවත් තවම කියන්නේ නෑ. මේක පිටුපස්සේ වෙන කතාවක් ඇති. වාස් මහත්තයා ගාල්ලේ,රත්නපුර පැත්තේ වීරයෙක් උනාට වැඩ කරන්න ආවේ රටේ සදා හුරතල් ප්‍රබලම ඇමතිවරයාගේ වැයික්කියට. එතනින් වැඩ වරද්ද්දා ගත්තද? වාස්ගේ රැදවුම් නියෝගයට අත්සන් කරන්නේ රාජ්‍ය ආරක්‌ෂක ඇමැතිවරයා ලෙසින් ජනාධිපති බව පත්තරේ තියෙනවා. ඒ කියන්නේ වරදට අහුවුණ අනිත් සැකකරුවෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවෝ වෙලා වාස්ගේ පවුලේ කට්ටිය එකතුවෙලා විනොදෙට කරපු දෙයක් විදියට පවුලටම දඩුවම් විදින්න වේවි. මේවා අනිකුත් සෑම නිලධාරියෙක්ම හිතට ගන්න. කඩේ යනවා නම් හැමදාම කඩේම යන්න. නැත්නම් අහක බලාගෙන රාජකාරිය කරන්න. දුමින්ද සිල්වාගේ රුපවාහිනී චැනලය හරි ලස්සනට උසාවිය ලග අම්මා කෙනෙකුගේ දොස් මුරේ වීඩියෝ කරා. ඒ කැමරා කරුවන්ට හිරුනිකාව දැකල නැද්ද උසාවිය ලගදී? කොහොම උනත් ග්‍රහ අපල ආවම ඔහොම තමයි. මේවා බොරුද කියල අපි බලාගෙන ඉදිමු.(නදී)
වාස් මහත්තයෝ, රජකම් කෙරුවත් කල කම් පල දේ කියලා අහලා තියෙනවා නේද? නීතියෙන් හැංගුනාට ස්වභාව ධර්මයෙන් නම් කවදාවත් ගැලවෙන්න බැහැ.ඔය හැමදෙනාටම මම ඉතාම ලජ්ජාවෙන් කියනවා , 'අද ඔයාලට වුනාට හෙට ජනතාව වන අපිට'... (නි)
මොහු ගත් සමහර ක්‍රියාමාර්ග දරුණු සහාසික වුවත් එමගින් අපරාද පාලනයට සහ සැකකරුවන් ඇල්ලීමට පුළුවන් වුනා...විශේෂයෙන් ගාල්ලේ සහ කහවත්තේ....මොකද අපරාදකාරයන් හුරතල් කරලා වැඩක් නැ.(නදී)
චෝදනා බරපතල උනත්, කුරුණෑගලට සහ කහවත්තට මෙතුමාගෙන් වුන සේවය නම් සුළුකොට තකන්න බැහැ. ලලිත් ඒ දවස් වල කහවත්ත පුරාවටම හිටියෙ ඔයා කියන විදිහෙ පුදුම මිනිස්සු කොටසට අයිති වෙන අය තමා. අපි සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටිය මෙතුමා අනාගතයේදී මුලු රටේම අපරාද රැල්ල පාලනය කරයි කියලා. (නදී)
මෙයත් පොන්සේකා වගේ කරපු දේ ගෞරවය ගන්න ඉඩක් තියා ගත්තේ නැහැ. නැත්නම් කහවත්තේදී, ගාල්ලේදී අවශ්‍ය දේ අවශ්‍ය විදියට කලා. දැන් එ පැති සමකාමියි. ජේ.වී.පී ත්‍රස්තවාදය නැති කලේ, කොටි ත්‍රස්තවාදය නැති කලේ ත්‍රස්තවදෙට ත්‍රස්තවාදයෙන්ම උත්තර දීලා. පාතාල ත්‍රස්ත වාදයටත් ඒ බේතම දෙන්න ඕනා. ඒකට හොද සුදුසුම මිනිහෙක් අපරාදේ ලක්ෂ කීපෙකට ආත්මය විනාශ කර ගත්තා.(නදී)
රිස්මි මෙයා මිනී මරලද මිනීවල මොනවද මරන්න තියෙන්නේ? මොහු සැකකරුවෙක්.(නදී)
අර ස්වාමීන් වහන්සේ මොකද ඇවිත් ඉන්නේ.(නදී)
කොටකෙත ඝාතන නවතන්න තව කීදෙනක්ගේ අහිංසක ජීවිත බිලිගත්තද කියල දන්නේ දෙවියන් පමණි. අපේ රටේ ඉන්නේ මහා පුදුම මිනිස්සු. නීතියට පිටින් ඝාතන වෙනකොට ඒවා සාධාරණය කරන මිනිසුන් තමයි මේවට වගකිවයුතු. පොලිසිය කලයුත්තේ වැරදි කරුවන් අල්ලා දීම පමණි. දඩුවම් දීම අයිති උසාවියටයි. මෙයාගේ මුණ දැක්කම දුක හිතෙනවා.(අ)
ඔව් ඉරංග අමල් ඔබලා හරි .කව්රු මොන විදිහට කිව්වත් ඔහු හොද කෙනෙක් .සමහර අයෙ එයා ගැන මුකුත්ම නොදැන ඔහේ බනිනවා . නමුත් ඔහු හොද කෙනෙක් .ඔය කව්ද ගෑනියෙක් ඇවිල්ල කෑ ගහන්නේ කගේ හරි කීමකට .(අ)
මෙයාට තියන මනමාල හිනාව මිනි මරලත් ලැජ්ජා නැති මිනිහෙක්. ටයි පටිය බෙල්ලේ නෙවෙයි ඉන වටේ ගහන්න ඕනේ.(නදී)
අපේ හාමුදුරුවන් පාරට බහිනවනම් අපිත් හාමුදුරුවන් සමග.(අ)
. චීවර ධාරියෝ ඉන්නවා විවිධ අකටයුතුකම් කරමින් ඕනි තරම්, එත් මේ හමුදුවරු නම් වෙන්න බැහැ කොහොමත් (අ)
බන්දුල මහතාණෙනි! තරහ අවසර, මා කිව්වේ මගේ අදහස. ඉවසා වදාරා මම කිව්වදේත් නොවේවා කියලා ප්‍රර්ථනා කරගෙන බලාගෙන ඉදිමු. මමමේ නිකමට අහන්නේ ඔබතුමා කැලණිය පැත්තේද? එක්කෝ ඕන නෑ. (අ)
සියල්ලටම පෙර මේ රටේ සඟ සංශෝධනයක් කරන්න ඕනෑ.අනේ මේ රටට වෙච්ච දේ! (නි)
වාස් කියන්නේ අවංක හිත හොද නිලදාරියෙක්, එතුමා නිදහස් වෙනවා (දී)
වාස්, ඔබ එඩිතර හා අවංක නිලධාරියෙක්. පාතාලය සුද්ද කරන්න ඔබ වගේ කෙනෙක් මේ රට්ටට ඉන්න ඕනා. ඔබ නිදහස් වේ යැයි සිතමි.(නදී)
වාස් කියන්නේ නිල ඇදුමට මුවාවෙන් තිරිසන් වැඩ සීමවාක් නැතිව කරපු කෙනෙක්.(නදී)
බුදුදහම පවතින අපේ මවුබිමේ ඔයවගේ අපරාද උගතුන් කරනවා නම් දුප්පත් මිනිස්සු අපරාද කරන්නනේ ජිවත් වෙන්නෙන්. (නි)
වාස් කියන පුද්ගලයා අවංකය කියා අදහස් දමන ඔබලාට සිහි විකල් කියා මමනම් කියන්නේ.මොහු කර තිබෙන්නේ මහා පිලුකුල් ක්‍රියාවක්....මෙහි වඩා බරපතල කම නම්...මොහු ඉහල පොලිස් නිලධාරියෙක් ...... රාජකාරී ඉහල නිල ඇඳුම පාවිච්චි කරමින් මිනිස් ඝාතනයන් මෙහෙයවීම මොහු වෙනි කෙනෙකුට කිරීම තබා සිතීමට වත් නොහෙක .මෙවෙනි පුද්ගලයන් අනාගත උන්නතිය වෙනුවෙන් බරපතල දඬුවන් දී සිර ගෙවල් වලට යෙවිය යුතුමය.මොහුව රටේ අපරාද කරුවන්ගේ නාම ලේකනයටද නොපමාව ඇතුලත් කල ...යුතුය...(අ).
වාස් වැරදි නම් සමාවක් දිය යුතු නැහැ (නි)
මම පිටරට ගියාට පසු මම 22 වසරක් යුද සේවය කර නිදහස් කරගත් රට ගැන පත්තර බලනවිට බොහෝ දුකයි.(නදී)
බන්දුල මහතාණෙනි! ඉවසා වදාරා බලාගෙන ඉදිමු. මට පේන්නේ වෙන කතාවක්. වාස් අපි අපි දන්නා විදියට සරත් ෆොන්සේකා වගේ ටිකක් තද තීරණ ගන්න දක්ෂ නිලධාරියෙක්. පත්තරවල තිබුන කරුණු අනුව මෙන්න මේ ගැනත් හිතන්න. වාස් ගුණවර්ධන රත්නපුර, ගාල්ල සිදුවූ මිනී මැරුම් නතර කළා. රත්නපුර දේශපාලන බලවතාගේ නියෝග වලට එරෙහිව. වාස් එයාගේ පුතාගේ ප්‍රශ්නයකදිත් ඒ විදියටම හැසිරුණා. හැබැයි එදා නිතිය එයාට විරුද්ධව ක්‍රියාත්මක වුනේ නැත්තේ දේශපාලන වුවමනාවට. මෙතුමා අනාගතයේදී මුලු රටේම අපරාද රැල්ල පාලනය කරයි කියලා දේශපාලන බලවතා එයාට විරුද්ධව ක්‍රියාත්මක වුනා වෙන්න පුළුවන්. මේවා අනිකුත් සෑම නිලධාරියෙක්ම හිතට ගන්න, කඩේ යනවා නම් හැමදාම කඩේම යන්න. නැත්නම් අහක බලාගෙන රාජකාරිය කරන්න. (නි)
මේක ඇත්ත නැත්ත මොකද්ද? (නි)
කුමාර, මම හිතන්නේ බන්දුල ගම්පහ පැත්තේ කියලයි. අර ප්‍රසිද්ධ නිළියන්ට ඡන්දෙ දුන්න කට්ටිය ඉන්න පැත්තේ... (නි)
නිල ඇඳුම නැති පොලිස් රාලහාමි පොත්ත නැති කෙසෙල් ගෙඩිය වැනිය. (ඕනෑම කෙනෙක්ට කොටන්න පුළුවන්).(නදී)
නරකවැඩ කරන ලැජ්ජා නැතිව ඉන්න හැටි (අ)
ලංකාවේ මිනිස්සුන්ට කරපු හොද දේවල් මතක තියෙන්නේ බොහොම ටික කලයි. අවංකව සේවයක් කරන කෙනාට වර්තමානයේ ලැබෙන්නේ මේ වගේ දේවල්. අයියේ, ඔයා ඉක්මනට නිදහස් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. (නි)
බොහොම කණගාටුයි වාස් මහත්තයෝ ,ඔබ පිටපලාත්වල රාජකාරිය හොදින් කරලා තියනවා. කොළඹ ඇවිත් දේශපාලන ජරා වලේ වැටිලා,වැරදි වැඩ වලට යොමුවුනාද දන්නේ නැහැ. ඔබටත් තියෙන්නේ සංසාරේ දුකයි කියලා හිතලා හිත හදාගන්න (නි)
චන්ද්‍රා ඔයා කෝළමුන්ගේ ඒවට ලීවේ ඔයත් කොළමක් නිසාද?(නදී)
ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැනේ. එමි නිසා නඩුව අවසන් වනතුරු බලාගෙන ඉන්න (නි)
කුමාර මහත්තයෝ, හැම දෙයක්ම ඔබතුමාට පාට කන්නාඩි වලින් පෙනුනට ඒවායින් බලලා ඔබතුමා කියන දේවල් පිළිගන්න මැට්ටෝ මේ රටේ නැහැ.ඕනෑම දෙයකට ඕනෑම සිදු වීමකට දේශපාලනය සම්බන්ද කරවන්න උත්සහ ගන්න අයගේ තියෙන ඔය හිත් අමාරුව කුහකකම හොද වෙන්න තව සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි.ඔය කියන දේවල් මිනිස්සු පිලිගත්තා නම් අද මේ රටේ තත්ත්වය මීට වැඩිය බොහොම වෙනස්. මේ මනුස්සයා වරදක් කලා.නීතියක් නැහැ කියන රටේම මේ උසස් නිලදරියාව පොලිසිය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරනවා. තව මොනවද බයිලා කියවන්න තියෙන්නේ? (නි)
තිවන්ක මමත් ඔබ සමගයි. වාස් මහත්මයා අවංක එඩිතර නිළධාරියෙක්. ඔහු නිදහස් වියයුතුයි. (නි)
සරත් ෆොන්සේකා කියන්නේ රට බෙදන්න සටන් කරපු පිරිසක් සුද්ද කරපු කෙනෙක්. වාස් කියන්නේ සමාජය විසින් පාතාලෙට තල්ලු කරපු කට්ටිය සුද්ද කරපු කෙනෙක්. කවුද වඩා හොඳ? (නි)
මෙතුමා දක්ෂ නිළධාරියෙක්. නොවිසදුනු අපරාධ රැසක් මෙතුමා දක්ෂ විදියට විසදලා තිබෙනවා. හිතාගන්න බැහැ මේ දේ. (නි)
මම හිතන්නේ අද ලංකාවේ වෙන දවල් ගොඩක් මෝඩ වැඩ මට කිසිම ප්‍රශ්ණයක් නැහැ. මට අහන්න තියන්නේ මේකයි ඇයි පැණි වරකා කන් නැතුව වැල කන්න ගිහින් හොරා වෙන්නේ.(නදී)
මේ කොළමට ලියන කෝලමුන්නේ නඩුව අහලා තීන්දුත් දෙන්නේ.(නදී)
මේ නඩුව අවසානයේ මොහු වැරදිකරු වුනොත් එල්ලුම් ගහ නියම වෙවිද? එසේ නොවුනොත්, මුස්ලිම්-සිංහල කෝලාහලයක් ඇතිවේවි යැයි හැගේ. (නි)
බලන්න නිල ඇදුම නැතිවිටදී ඇති වෙනස... (නි)
ලුම්බිණි කියනවා වගේ භික්ෂුවක් එතනට පිරිත් නූල්වත් බඳින්න ගියාද? හාමුදුරුවරුන්ට ඇති වැඩකුත් නැහැ.. නැති වැඩකුත් නැහැ.රෝහලකට වැඩම කරලා එහෙම නැත්නම් රෝගියකු බලන්න වැඩම කරලා පිරිත් නූලක් බැඳලා ආශිර්වාද කරනවා වගේ නොවෙයි විවිධ අපරාධ චෝදනවාන්ට ලක් වුනු කෙනෙකු බලන්න යන එක.මේවා අපේ හාමුදුරුවරු වටහා ගන්නවා නම් හොඳයි.. (නි)
සත්‍ය කුමක්ද?සත්‍ය කෙසේ වෙතත් මෙතන ජාතිවාදයක් ඕනෑද? නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ.මේවට ජනතාවත් වග කියන්න ඕනෑ.අපේ ජනතාව දේශපාලකයන් පසු පස හඹා යාම නතර කොට දේශපාලකයන් හරි මගට ගැනීමට කටයුතු කල යුතු වෙනවා.ජනතාවද පටු වාසි තකා ඔවුන් මග නොයන්න ඕනෑ.සිද්ධික්, ඔයාලා ජාතිවාදය වපුරන්න එපා.ඔයාලා අරාබියේ කකුල තියාගෙන කතා කරන්න එපා.ඔයාලා තමා මේ රටට වෙලා තියෙන හෙනය.කිසිම රට ගැන හැගීමක් නැති උදවිය.ඔයාලගේ බහුතරය ක්‍රිකට් තරඟයක් ගියත් සහයෝගය දෙන්නේ පකිස්ථානයට.ඔයාලට මේවා ගැන කතාකරන්න අයිතියක් නැහැ. (නි)
ශාන මල්ලි කතාවක් තියනවා මැස්සෝ මරන්න වදුරට කඩුව දුන්න වගේ කියල .බුද්දීමතෙක් අතට කඩුව ලැබුනොත් කොස්හරි කොටයි අපරාද කාරයන්ට කඩුව ලැබුනොත් බෙල්ලටමයි කොටන්නේ .මෙයාට හොදට කඩුව පුළුවන් වෙලත් නඩුවකට පටලුනානේ. (අ)
මම හිතන්නේ මෙය ෆොන්සේකා ගේ පාරේ ගියේ. නමුත් පරක්කු වැඩියි (අ).
සතුට මවා ගත්තට දුක පෙනෙනවා (නි)
ස්වාමින් වහන්සේලා මොනවද ඔතන කරන්නේ? (නි)
අවසානයේ වාස් නිදහස් වී පොලිසියේ ඉහළම නිලයකට යයි. නැත්නම් විශ්‍රාම ගොස් ඡන්දෙ ඉල්ලයි. ඇත්තටම එහෙම වෙයිද? නොවෙන්නත් බැරි නැහැ (නි)
කොචිචර හොදකෙනෙක් වුනත් වැඩක්නැහැ, අහිංසක මිනිස්සු මැරුවනම්. (නි)
තව ඔය වගේ ජේෂ්ඨ එක්කෙනෙක් ඉන්නවා මිනිස්සු දෙන්නෙක් මරපු. එයාටත් මේ වගේ දඩුවම් කළයුතුයි (නි)
කඩුව අතේ තිබුන පලියට මිනී මරණ සිරිතක් නැහැ. එය අතට ගන්නකොට කළ යුතු කාර්ය මොකක්ද නොකළ යුතු කාර්ය මොකක්ද කියලා අවබෝදයක් තියෙන්න ඕනෑ. ඒක තමයි වීසි කත්තෙයි, කඩුවෙයි වෙනස.ඒඑක තේරුම් නොගත්ත නිසා එයා අද විදවනවා (නි)
මේ ගැන මොකුත් හිතාගන්න බැහැ. අහලා තියෙන විදියට නම් හොද මහත්මයෙක් (නි)
මේ අතරේ ඉන්න ස්වාමින්වහන්සේ පිරිත් නුලක් වත් බඳින්න ආවාදෝ? (අ)
මෙය දැක්කම හිතෙනවා නීතිය කොහෙද තියෙන්නේ කියල අනේ අපේ රටේ නීතිය (අ)
අනේ මන්ද මොනවා ලියන්නද කියල ,හොද සේවයකුත් වුණ කුරුණෑගල ට. (අ)
වාස් මහත්තයා රිමාන්ඩ් එකේ ඉඳලා උසාවි එන්නෙත් තරු පහේ හෝටලයක ඉඳලා වාගේනේ. හැම කෙනාම මේ වගේද දන්නේ නැහැ. දන්නේ නැති නිසා අහන්නේ (නි)
උසාවියේ තිබෙන නඩුවක් නිසා මම මොහු ගැන කිසිත් නොකියමි . සාදාරන විමර්ශනයක් සමග නඩුව යනවා නම් හොඳය. මෙය එක සිද්දියක් පමණක් වන්නට හැක (නි)
කුරුනැගල ජනතාව දන්නවා මෙයාගේ චරියාව (අ)
අතිතයේ ඝාතනයට ලක්වු මීනිසුන්ට සාදාරණය කරන්න කාලය ඇවීත් ඇති බවට දෙවියන්ට ස්තුති කල යුතුය. සාධාරණය ඉටු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ධෛර්ය ලැබේවා! (නි)
කුරුණෑගල පැත්ත ටිකක් සොදොසි කලොත් පුතාව නම් හොයා ගන්න පුළුවන් ....? (අ)
ලංකාවේ තිබෙනවා නේද මොකක්ද නීතියක් සැකකරු අහු වුනේ නැත්නම් පව්ලේ කෙනෙක් කුදලාගෙන ගිහින් කුඩුවට දමන .... ඒකත් වලංගු දුප්පත් අයට පමණද මන්දා? (නි)
රටපුරා තවත් කරපු අපරධ තිබේදැයි යන්න ගැන සොයන්න කොමිසමක් දාන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම එහෙම ඒවා අහුවුනොත් නඩු ගොනු කරන්නත් ඕනෑ. (නි)
ඒ උපදෙස් එනකොට නඩුව හමස් පෙට්ටියේ තමයි (ත)
වාස් කියන්නේ හරි අවංක හොද මනුස්සයෙක්. (නි)
මෙයාට ටයි දාලා නෙමෙයි අමුඩයක් ගස්සලා ගේන්ඩ තිබුනේ.(නදී)
නිල ඇදුම දාගෙන අපරාද කරන කාටත් මේක හොද පාඩමක්.(නදී)
වාස් කුඩුවට වෙලා මරපු මිනි ගණන ගනිනවා ඇති.(නදී)
කොතැනක බැලුවත් ලෝගු පොරව ගත් හාමුදුරුවරු ඉන්නේ මොකද ? වැඩි හරියක් ඒ අය කරන්නේ වැරදි මාර්ග වලට අනුබල දීම නේද ?(නදී)
වාස් කියන්නේ හොඳ අවංක මනුස්සයෙක් (නදී)
පියා නිදොස් නම් ඇයි පුතා අතුරුදහන් වුණේ? කෙසේවුවත් අසාදාරනයට ලක් වූවන්ට සාධාරණ නඩු තීන්දුවක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා (නි)
සිද්ධික් මුස්ලිම් කෙනෙක් නෙවේ. එයා කලබල ඇති කරන්න ඇවිත් තියෙන්නේ. කොහොම නමුත් වාස් හොද මිනිහෙක් නෙවේ මගේ හිතේ. ගොඩක් මිනිස්සු කියන ඒවා වල ඇත්තක් තියෙනවා. සත්‍ය කවදාක හරි එලි වෙයි. ඒත් ලංකාවේ නීතිය නම් ක්‍රියාත්මක වෙන එක බොරු.(නදී)
වාස් එළියට එයි
හොඳ නිළධාරියෙක් ඇයි මෙහෙම කළේ කියලා හිතා ගන්න බැහැ (නි)
වාස් කියන්නෙ අවංක මනුස්සයෙක්. ඇයි එයාට එහෙම වුණේ? (නි)
වාස් පව්. හොද මිනිහා (ත)
කොහොමද? (ත)
මෙතන ඉන්න චීවර ධාරියා කවුද ? (ත)
මම හිතාගෙන නම් හිටියේ මෙයා හරි අවංක නිලධාරියෙක් කියලා (නි)
සිද්දික් කියන්නේ මුස්ලිම් කෙනෙක් නෙවෙයි. අනිවාර්යෙන්ම ඔය වගේ කෝලාහලයක් ඇතිකරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් (නි)
සමහර මෝඩ මිනිස්සු හිතනවා පාතාලයෝ නැත්නම් මිනීමරුවො නඩු නැතුව මහමග මරා දාන එක හොඳයි කියලා. එහෙම මරපු අයට සමාජයත් ඒ ලේබල් එකම අලවනවා. (නදී)
මෙය ගාල්ලේ කසේ 1ත් සම්බන්දියි (ත)
මෙතන චීවරධාරියෝ මොකද මේ කරන්නෙ.? (නි)
කොටකෙතන මිනිමැරුම් අවසන් කළේ වාස් ගුනවර්ධන. දැන් මේ ගමේ මිනිස්සු නිදහසේ ඉන්නවා. කව්රු මොනවා කිවුවත් අපට වාස් මහත්තයා වීරයෙක්. දේශපාලන වුවමනවන්ට කොටකෙතන සමහරු නිදහස් වෙලා. වාස් මහත්තය හිටියා නම් ඒ අයටත් නියම දඩුවම ලැබෙනවා (නි)
සිද්දික් මහතා නිකන් මෝඩ කතා කියන්න එපා. මේකට කොහොමද මුස්ලිම් සිංහල ප්‍රශ්න ඇතිවෙන්නේ? මම නම් ණයට සල්ලි දෙන්නේ නැහැ. එතකොට සියාම්ලට වුනා වගේ මුකුත් ප්‍රශ්න නැහැ. (නි)
සිද්දික් , තමුන්ට අඩු සිංහල -මුස්ලිම් කෝලාහලයක්ද ? එහෙනම් පටන් ගන්නවකෝ එකක් (නි)
සිද්ධික්, කොහොමද එහෙම වන්නේ? ඔයාලගේ කෙනෙක්ම තමා වැඩේ බාර දුන්නේ. නමුත් ඔයාලට ඕනෑම නම් අපිත් ඕනෑ වෙලාවක සුදානම්. (නි)
වැරදි වැඩක් කරනකම් අපේ මිනිස්සුන්ට ඕනෑම කෙනෙක් හොඳයි. (නි)