හිටපු නියෝජ්‍ය පොලිස්පති ද හා ඔහුගේ පුත් රවිදු ද තවත් සැකකරුවන් හත් දෙනකුද යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා නියෝග කළේය.
බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් ගත කැර සිටීයේය.
රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පැවසුයේ සාක්කි කරුවන් 26 දෙනකුගේ සාක්කි සටහන් කැරගෙන ඇති බවයි.
පරීක්ෂණ වාර්තාවේ පිටපත් නීතිපති උපදෙස් පතා ඉදිරිපත් කළ බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තාත්තටයි පුතාටයි කාලයක් යනකම් ඇතුලට වෙලා තමයි ඉන්න වෙන්නේ (නි)
පියාණනි.... මා නැවත උපන්නොත් අසාර වූ මේ සංසාරේ... ඔබේම පුතු වේවා....! (නි)
අනේ මන්ද මට හිතෙන්නේ මෙයාල හොද පෙන්නගෙන නරක කරපූ කියල (දී)
අනෙ හොදයි ඇතුලේ ඉන්න තරමටම
හිතාගෙන හිටියේ හැමදාම රජකරන්න, කළ කළ දේ පල පලදේ කියන්නේ ඕකට තමා (නි)
මේ සිද්දියෙන් පෙනී යන්නේ , අපරාද කරුවන්හට අප ශ්‍රී ලංකා නිතිය අනුව කිසිසේත්ම නිදැල්ලේ හැසිරිය නොහැකි බවය, වරදක් නම් කවුරු කලත් දඩුවම් දෙනවා නොඅනුමානය මා නිවැරදිද ?(නදී)
එක්තරා අග විනිසුරුවරයෙක් වරක් කිව්වා 'ඕනෑම පුද්ගලයෙකුට ඉහළ තැනකට එන්න ලොකු සමත්කමක් අවශ්‍ය වෙන්නේවත් අමාරුවක් වෙන්නෙවත් නැහැ, නමුත් ඒ ආපු තැන රැකගන්න නම් ඉතාම ලොකු සමත්කමකුත් දැඩි උත්සාහයකුත් තිබිය යුතුයි' කියලා. මේක ඔප්පුකරන සාධක සිය දහස් ගණනක් හොයා ගන්න පුළුවන්. මේ තියෙන්නේ එකක්. (නි)
දිගටම හිටියත් මොකද ඉතින්? (නි)
අපරාධ කරුවන්ට ශ්‍රී ලංකා නිතිය අනුව කිසිසේත්ම නිදැල්ලේ හැසිරිය නොහැකි බවය..."ටිකිරි මැණිකේ, ඔයත් සිංගප්පුරු ගිහිල්ලා මොලේ මාරුවෙලා ආපු කෙනෙක්ද? (ස)
කවුරු මොනවා කිවුවත් ඔබතුමාට නොසැලී ඉන්න .සත්‍ය කවදාම හෝ ජය ගන්නවා.කහවත්තේ මිනිස්සු අද නිදහසේ ජීවත් වෙන්නේ ඔබ නිසා.අපේ රටේ හුගක් අයට මුල අමතක වෙනවා.කමක් නැහැ.කවදා හරි ඔබ නිදොස් කියලා කියාවි. එතෙක් ඉවසන්න. (ස)
ගිම්හානි, මුළු කහවත්තම දන්නවා මිනීමරුවෝ කවුද කියලා (නි)
ගිරිගෝරිස්, පරෙස්සමින්, මහා කළු හස්තය ඔබේ පිටිපස්සෙනුත් එයි.(අ)
ගිම්හානි දුවනි, කට වහගෙන ඉන්නේ, වාස් අයියා සහ රවිඳු පුතා ගැන බණ නොකියා ඉන්නේ. (ස)
ටිකිරි මැණිකේ, ඕන තරම් අපරාධ කාරයෝ නිදැල්ලෙ ඉන්නවා.උන්ට රැකවරණය ලොකු තැන්වලින් ලැබෙනවා.නැති බැරි එකා නිතරම කොටු වෙනවා. (ස)