හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ නැත.
ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව නිලධරයෝ අධිකරණයට දැන්වූහ.
මේ අතර ගුණවර්ධන මහතාගේ අයිපෑඩයේ විස්තර ඇතුළත් වාර්තාවක් කොළඹ විශ්ව විද්‍යාලයයෙන් ලැබී ඇතැයි රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැන්වීය.
බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් මරා දැමීයැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති, ඔහුගේ පුත් රවිඳු ඇතුළු හත් දෙනෙක් සැකපිට රිමාන්ඩ් කරනු ලැබ සිටිති. දෙසැම්බර 17 වැනිදාට නඩුව කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසි සහ දේශපාලකයන් යනු දියුණු වන ලෝකයේ කිසිසේත්ම විශ්වාසයක් තැබිය නොහැකි දෙකොට්ඨාශයකි (නි)
මම දන් නැතුව තමයි අහන්නේ. ඇයි එළියේ ලෙඩක් දුකක් නැති හොඳට ඉන්න මිනිස්සු ඇතුලට ගියාට පස්සේ ලෙඩ වෙන්නේ? මොකද්ද හේතුව ? මට නම් තේරෙන්නේ නෑ. (ස)
හිතේ අමාරුවක් වෙන්න ඇති (නි)
අජිත්, ඔබ කියන කතාව ඇත්ත තමයි (නි)
අනේ පවු! (නි)
රිශ්වාන්, ඇයි දන්නවද?එයාලට ඇතුලේ සැප නැහැනේ. මදුරුවෝ කනවා. රස කෑම බීම නැහැ. වෙලාවට කන්න ඕනා. නාන්න ඕනා. ඔය වගේ දේවල් වෙනකොට ඉබේටම ලෙඩ හැදෙනවා.(නදී)
රිස්වාන්, මට තේරෙන්නේ නැත්තේ සල්ලිකාරයන්ට පමණද ලෙඩ හැදෙන්නේ. දුප්පත් අයට දෙවියන්ගේම පිහිටද? (නි)
රිස්වාන්,එයාලා එකපාරටම නැති ලෙඩ අරගෙන ලෙඩ වෙන්නේ ලංකාවේ නීතියේ හිලක් තිබෙන හින්දයි. හැබැයි ඒක වලංගු වෙන්නේ ලොකු කට්ටියට විතරයි (නි)
වාස් මහත්මයා ගොඩක් දක්ෂ නිලධාරියෙක්. මෙතුමාව ඉක්මනින් නිදහස් වන්න කියලා පතනවා ! (නි)
ලෙඩ වෙන්න දෙයක් නැහැ. ලෙඩක් දාගත්තනේ.(නදී)
මිනීමරුවන්ට මහතා කියල අමතන ක්‍රමයක් අපි අහලා නැහැ.මහත්වරු මේ වගේ වැඩ කරනවද? (ස)