‘නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාශීලිව කටයුතු කළ නිලධාරියෙකි. ඔහු වෙනුවෙන් ජනතාව උපහාර උත්සව පැවැත්වුවා. මෙච්චර හොඳට රාජකාරි කළ වාස් ගුණවර්ධන මහතාට මොකද වුණේ කියා ජනතාව අද ප්‍රශ්න කරනවා.‘ යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ තොරතුරු හා ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය කමල් වලේබොඩ මහතා පැවසීය.
වාස් ගුණවර්ධන මහතා මිනීමැරුමක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
මාහාචාර්ය වරයා එසේ පැවසුවේ මහජන මිත්‍රහීලි අභිමානවත් වෘත්තීය පොලිස් සේවාවක් යන සංකල්පය යටතේ ‘සියපත්විල‘ වැඩසටහනේ මාතලේ පොලිස් කොට්ඨාසයේ වැඩමුළුවක ප්‍රධාන දේශනය පවත්වමිනි.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුව මාතලේ සංචාරක හෝටල් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මහාචාර්යවරයා මෙසේ ද පැවසීය.
‘පොලිසිය හා ජනමාධ්‍ය දෙකක් නොව එකකි. පොලිසිය මෙන්ම ජනමාධ්‍යය ජනතාවට සහ රටට සේවය කරන අංශයක්. මානව ධර්ම වර්ධනයෙහි මෙන්ම ආර්ථික සමාජ හා සංස්කෘතික ක්‍රියාදාමවල කැපවී කටයුතු කරන මාධ්‍යවේදියා සමග පොලිසිය නිතරම අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතුයි.
මාධ්‍යවේදියා සත්‍ය හෙළි කිරීමට, විවේචන කිරීමට, වරද දුටු තැන ඒ ගැන රටට හෙළි කිරීමට පැකිලෙන්නේ නැහැ.
වාර්තමානයේ පොලිසිය සමාජයේ සාමය ඇති කිරීමට කටයුතු කරනවා වගේම ඩෙංගු උවදුර මර්දනය කිරීම වැනි සේවාවලද නියැලී සිටිනවා. මේ නිසා පොලිසිය හා මාධ්‍ය අතර ඇත්තේ සමීප සම්බන්ධයක්.
පොලිස් රාජකාරිය වර්තමානයේදී විවිධ හේතු නිසා ජනතාවගේ විවේචනයට ලක්වී තිබෙනවා. ඒ තත්ත්වය දුරු කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා පොලිස්පති මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාස්ට මොකද වුනේ? ලොක්කන්ව තරහ කර ගත්ත එකයි වුනේ. (අ)
වාස් කියන්නේ ඇත්තටම හොද කෙනෙක්.අපේ රටේ හොද අයට රැදී සිටින්න ආයුෂ නැහැනේ. කව්රුත් දන්නා දෙයක් නේ ඒක. කොහොම වුනත් සියල්ල දෙවියන්ට බාරයි.ඔබතුමා ඉක්මනට නිදහස් වේවා! (නි)
රට පාලනය කරන උදවියත් හැඟින්ම්බරව කතා කර සිංහලයාව මෝඩයා කරන එක මිසක් නිදහස ලැබුනු දා ඉඳලා මොනවද කලේ? හෙටත් සිංහලයා රැවෙටෙනවා කතාවලට අනාගතයේත් රැවෙටෙනවා. (අ)
වාස් වැඩේ ජෝන් බාස් නේද? දැන් ඉතින් මාංචු දාන් ඇදෙත් ඉන්න පුලුවන්නේ.(නදී)
කොටින්ට රට පාවලා දුන්නෙත් ඔය ආරක්ෂක නිලධාරියොමයි. දැන් මිනීමරන්න කොන්ත්‍රාත්තුව ගන්නෙත් පොලිස් ලොක්කා තමයි. රට බල්ලට ගිහින්.(නදී)
යුද සමයේ ත්‍රිකුනාමලයේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් වාස් මහත්තයා ගැන තව තව දේවල් දැනගන්න පුලුවන්.(නදී)
ලොක්කෝ ,අපි දන්නවා ඔයා ලොකු ඔලුවේ අමාරුවකින් ඉන්න බව ,ඔක්කොටම කලින් කමල් වලේ බොග හැකි ඉක්මනින් මානසික ඩොකෙක් ලඟට දුවන්න ..හෙබෙයි කැම්පස් පැත්ත පළාතේ යන්න නම් එපෝ ...(අ)
වාස් සී අයි ඩී එකට තර්ජනය කරලා නෑ. ඒ පොලිස්කාරයෝ කතා කරන සාමාන්‍ය විදිය. පොලිස්කාරයෝ ජනතාවට කතා කරන්නෙත් පොලිස් ලොක්කෝ පොලිස් පොඩ්ඩන්ට කතා කරන්නෙත් ඔය විදියට තමයි. වාස්ටත් කකුල් දෙකෙන් එල්ලලා මිරිස් ගෝනියට බස්සල ගහල ප්‍රශ්න කලොත් තව තොරතුරු හෙළි කරයි. (අ)
වාස්ගේ කුණු හෝදන්න ලද්ජ්ජ නැද්ද මන්ද (අ)
කළ කල ටද් පල පල දේ... (නි)
වාස් නිර්දෝෂී බව ළඟදීම සැමටම දැක ගන්නට ලැබේවි (නි)
මංජු, ඔබට ස්තූතියි (නි)
පොලිසිය හොරකම් කරනවා. දේශපාලුවො නීති විරෝධී වෙලදාම් කරනවා. හමුදා නිලදාරීන් බිස්නස් කරනවා. රාජ්‍ය සේවය නිදි. විනිසුරන් අල්ලස් ගන්නවා. ගුරුවරු ලමයින්ට අපචාර කරනවා. හාමුදුරුවරු පාරට බහිනවා. කසිප්පු මුදලාලිලා චන්දෙ ඉල්ලනවා. ඉතින් මේක අපේ ධර්මද්වීපයලු..ආශ්චර්යය නොවේ නම් මේ වෙන මොකක්ද? (නි)
වලේබොඩ කඩේ යයි (අ)
අනේ කුමාරි, ඔය ඉන්න රට කියනවද ? (නි)
චෝදනා එල්ල වූවන් කෙරෙහි විවිධ මත පල කිරීම සදාචාරාත්මක නොවේ. (නි)
එයාගේ මානසික තත්වය ගැන වාර්තාවක් ගන්න කියලා මම යෝජනා කරනවා (නි)
පුදුම මිනිස්සු ඉන්න රටක් මේක. ලිහලා බලපු මල්ල සමහර අය ඔබලත් බලනවා.ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දැකලත් දැකපු දේ නොවේ ඇතුලේ තියෙන්නේ කියලා හිත වෙනස් කරගන්නවා.මෙහෙම හිතන මිනිස්සු ඉන්නතුරු රටක් හදන්න ආමාරුයි. (නි)
ඒ වුණාට නෝනා නම් කියන්නෙ වෙන කතාවක් නේද? (නි)
රාජකාරී නිල ඇඳුම හා තත්වය තමන්ගේ අනිසි සුඛ විහරණය සඳහා යොදා ගැනීමට කාටවත්ම බැහැ. (නි)
වාස්- මම මිනීමරුවෙක්. වලේබොග - වාස් හොඳ මිනිහෙක්. නිගමනය - මිනීමරුවන් හොද මිනිසුන්ය. පාතාලය හොදයි. (ත)
අපේ රටේ ඇස් කන් ඇරගෙන හිටිය සියලු දෙනාම දන්නවා මොකද වුනේ කියලා. දිට්ඨ ධම්ම වේදනීය කර්ම.ශ්‍රී සම්බුදු දහම පසක් කරන්නේ එයයි. (නි)
පාලකයන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගන්න පොලිසිය පාවිච්චි කලාම ඒ පිහිටෙන් පාලකයෝ බලය තහවුරු කරගෙන සියලු සැප සම්පත් විදිමින් කෝටිපතියන් වී වැජබෙද්දී පොලිසියේ අය මෙයාලා කරන වැරදි සේරමත් දන්න කොට එයාලා හිතුවොත් අපි මෙයාලා රජ කරවලා නිකම්ම පඩියකට දුක් විදින්නේ ඇයි? මේ ජීවන බර දරාගන්න බැරි කාලේ එයාලටත් පඩියෙන් ජීවත් වෙන්න බැරි උනාම කියලා හිතුවද දන්නේ නැහැ. අපිත් හැමදාම මෙයාලා රජ කරවමින් ඉන්නේ නැතුව අපිත් ඒ විදියටම රජවෙමු කියලා.(නදී)
වාස්ට දැන් පරණ ඒවා මතකද දන්නෙ නැහැ (නි)
තිසල් කියපු කතාව ඇත්ත (නි)
මෙයා කොහොමඳ හොඳ මිනිහෙක් වෙන්නෙ. එතකොට හොඳ මිනිස්සුන් කවුරුන් කියලද කියන්නෙ.(නදී)
මෙහෙම අයට සහතික දෙන්න එපා මහත්තයෝ (නි)
මටත් තියෙනවා අදහස්. ඒත් මං තාම පොඩි වැඩියි ඕවට අදහස් දාන්න. (නි)
වෙස් මුහුණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ අපි නෑ රැවටෙන්නේ... (නි)
පොලිස් පති තුමා වගකිව යුතුයි තමන්ගේ වැයික්කියේ වැඩවලට.(නදී)
කොචිචර කිරි දෙවුවත් පලක් වේද ගොම බිංදුවක් දැමුවිට? රටේ අපචාර දුෂණ මැඩලීමට තමයි නීතියක් කියලා දෙයක් ස්ථාපිත කර තිබෙන්නේ. නමුත් නීතීයේ හිඩැස් තිබෙන අවස්ථා වලදි ඊට වෙනත් නිර්නායකයන් යොදා ගත් අවස්ථා ඕනෑ තරම් දැක ඇත. ඒවා සාර්ථක වු අවස්ථාද ඇත. නීතියෙන් කළ නොහැකි දේ මෙවැනි කටයුතු මගින් හෝ නවතා රටේ සාමාන්‍ය වැසියාට නිදහසේ සිටිමිට අවකාශ ලබාදුන් අවස්ථා ඇත. දැන් දැන් කරුණු සටහන් වන පරිදි මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලදාරියා එවැනි දේවල් උපයෝගි කර ගෙන අපචාර නවතා ඇත. එය අනුමත කළ නොහැකි වුවත් පොදු සමාජියට යහපතක් විය. කරුණු කෙසේ වුවත් තම පුද්ගලික සුඛවිහරනය සදහා යම් අපරාධයක් කරන්නේ නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි. පුද්ගලික සුඛවිහරණය නිල ඇදුම සමග පටලවා ගැනිම ඛේදජනකය (නි)
දෑන් බලගෙන ගියාම පාතාලයයි පොලීසියයි අතර පොඩි වෙනසයි තියෙන්නෙ. මේ දෙගොල්ලම ජනතාවට හිරිහෑර කරනවා, තර්ජනය කරනවා, බියගන්වනවා, මංකොල්ල කනවා, මරනවා. පොලීසිය මේවා කරන්නෙ එයලගෙ හයියෙන් නෙමේ නිල බලයෙන්, නිල ආයුධ වලින් සහ නිල වාහන වලින් , එතකොට එයලා වැරදි කීපයක් කරනවා. නමුත් පාතාලය මේවට යොදා ගන්නෙ තමන්ඟෙ වාහන තමන්ගෙ ආයුධ තමන්ගෙ බලය. කව්ද නරක අඩු? (නි)
ඇයි වාස්ගේ නෝනත් පොඩි කොල්ලෙකුට පයින් ගහලා උසාවි ගියේ. පුතා කොහොමද දන්නේ නැහැ. වැරදි කරපු සියලු දෙනා අල්ලලා උල තියන්න ඕනේ. (නදී)
අපි හිතුවෙත් නැහැ කවදාවත් මෙහෙම දේකට පැටලෙයි කියලා. (නි)
මීට පෙර වාස් සහ ඔහුගේ බිරිඳ අවුරුදු 14 ක පොඩි ළමයෙක් උස්සලා ගහලා වුන සිද්ධිය යටපත් වුණා වගේම මේකත් යටපත් වෙලා යයි. අන්තිමට කියයි ශ්‍යාම් සියදිවි නසාගත්තා කියලා.(නදී)
රන්ජිත් එක්ක මමත් එකගයි. (නි)
මේක වෙන්න බැරි දෙය. කොටකෙතන මිනිමැරුම් අල්ලලා ආවා විතරනේ (නි)
පාතාලය නැති කරන්න පොලිසිය මිනි මරන්න ඕන නැහැ. ඒවාට අනුබල දෙන අය මේ රටේ ඉන්න කොට පොලිසිය මිනි මරණ එක ගැන පුදුම වෙන්න ඕනත් නැහැ. මේ රටේ පාතාලය නැති කරන්න ඕන නම් කල යුත්තේ එකම එක දෙයයි. පාතාලයන් සමග සියලු දේශපාලකයන් පවත්වන සියලු සම්බන්දකම් වහාම නතරකලොත් පොලිසියට රටේ පවතින නීතිය පමණක් ක්‍රියාත්මක කර මේවා නවතා දැමිය හැක. එහෙම නැතුව පාතාලයන් නිසා ඔවුන් මරා දැම්මට කමක් නැහැ කියන මතයේ ඉන්න මිනිස්සු ඉන්න රටක පොලිසිය මෙවැනි තත්වයකට පත් වීම ගැන පුදුම වියයුතු නොවේ. රටේ නීතියක් නැත කියල කියන මිනිස්සුම මේවට ආවැඩී මේ විපාක වලට කර ගැසීමට පොලිසියටද සිදුවීම රටේම අභාග්‍යයකි.(නදී)
මේ චිත්‍රපටියේ මැද කොටස. ඊළඟ කොටස ඔහු හොදම පුද්ගලයා කරාවි. ඊට පසුව මරාපු අය සියදිවි හානිකරගත්තා වගේ වේවි. අවසානයේ පුරුදු පරිදි වාස්ට ඇප සහ නිදොස් කොට නිදහස දේවි. මේවා අතිවිශිස්ට සිනමා නිර්මාණ. අපේ අවාසනාවට සම්මානයට පාත්‍ර වන්නේ නැහෙනේ. (නදී)
වාස් හොඳ මිනිහෙක් කීවම මම මේ කල්පනා කලේ මෙයා මේ කතා කරන්නේ අපේ චමින්ද වාස් ගැනවත් ද කියලා.(නදී)
මට නම් විශ්වාසයි මෙයත් වාස් එක්ක මේවට සම්බන්ධ වෙලා ඇති.(නදී)
අද පොලිසියවත් විශ්වාස කරන්න බැහැ. ඇයි අත්අඩංගුවට පත්වුණාම අසනීප වෙන්නේ? මේක පුදුම වැඩක්නේ. (නි)
ඇත්තටම වාස් කියන්නේ හොඳ දක්ෂ නිලධාරියෙක්. අපි දන්නා විදිහට අවංක කෙනෙක්.පැවරුණු රාජකාරිය අවංකව කළ කෙනෙක්.රටේ නමගිය අපරාධ රාශියකට සම්බන්ධ වුන අපරාධකාරයන් නීතිය ඉදිරියට ගෙනාපු දක්ෂ නිලධාරියෙක්.වාස්ට මේ වකවානුවේ පැවරී තිබුනේ පාතාලයත් , මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන ජාවාරම්කරුවනුත් නීතිය හමුවට කොටුකර ගැනීමේ මෙහෙයුමි සැලසුම් කිරීමට.මෙයට පෙරත් සැලසුම් සහගතව ඔහුව අමාරුවේ දැමීමට කළ උත්සාහයත් ව්‍යර්ත වුනා. මේ සිදුවීමත් එහිම කොටසක් වෙන්න පුළුවන්.මේ එල්ල වෙලා ඇත්තේ චෝදනා පමණි. තවම ඔප්පු කරලා නැහැ. (නි)
කොටියක් ගත්තලු නේද (අ)
නපුරු කලට සත හට අත් වන විපත....... එදුරු නොවෙයි කළ පවු පල දෙවා මිස.......(සුභාෂිතය) (නි)
කවුරු මොනවා කියුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (දී)
කවුරුත් හොද මිනිස්සු තමයි සමාජය තමයි මිනිස්සු වෙනස් කරන්නේ (දී)
වාස් අපිට හිටිය දක්ෂ කෙනෙක්. ඔහුගේ නම ලොව පුරා තවම පැතිරෙනවා (නි)
වාස්ට දැන් හොදයි. මාසෙ පඩිය ලක්ෂ දහයයි.(නදී)
ඔය දැන ගන්න තියෙන්නේ හෙලිවුන ප්‍රමාණය විතරයිනේ. තව තව හොයන්න. එවිට ඇත්ත දැනගන්න හැකිවේවි (නි)
අනේ මෙයා මහාචාර්ය කෙනෙක් වගේ නෙමෙයි පෙන්නේ පොඩි බබෙක් වගෙයි. (නදී)
අපි කලබල වෙන්නේ මොකටද? එතුමා වරදකරුවෙකු වෙලා නැහැනේ (නි)
වාස් උන්නැහේ සී.අයි.ඩී එකට කරපු තර්ජනයෙන් කාටත් තේරෙනවා ඇතිනේ එයාගේ වැඩ කොහොමද කියලා. රත්නපුර ඇතුළු සමහර සිද්දි ගැන නියම තොරතුරු සොයා ගත්තා කියල කිව්වම මෙහෙම අයට ඒවා සොයා ගැනීම අපහසු නැහැ නේද?(නදී)
එතුමා තමන්ගේ හිතට එකගව වැඩ කළා වෙන්න බැරිද? හැබැයි එළියේ ඉන්න අය ඇතුලට දාන ,ඇතුලට දාන්න ඕනැ අය එළියේ ඉන්න කාලයක් මේක. (නි)
වාස් මහත්තය හොද බව ඇත්ත.මේ ටිකත් අහන්නකො.ඕනෑම උසස් අයට ගොඩක් යාලුවො ඉන්නවා.ඒ අය අතරෙ මුදල් තියෙන ලොකු නරක අදහස් තියෙන අයත් ඉන්නවා.ඉතින් එහෙම යාලුවෙක් වාස් මහත්තයටත් ඉදලා තියෙනවා වෙන්න බැරිද? මහත්තයා තේරුම් නොගත් එක දෙයක් තියෙනවා. හිතට එකග නැති වැඩ සහ නරක අය අතරට ගියොත් වෙන දේ.හරියට රාජකාරි කළාට වැඩක් නැහැ.හරි මිනිසුන් එක්ක ඉන්න ඕනෑ. සී අයි ඩී ය නියම විදියට වැඩ කරනවා. මෙතන මොනව හරි වෙලා තියෙනවා කියලා අපිටත් දැනෙනවා. ඇත්ත දන්නෙ ඉතින් වාස් මහත්තයම තමයි. (නි)
මේ මහත්තයා ගොඩක් හොද කෙනෙක් බව අපි දන්නවා. එහෙම අයත් මේ වගේ තත්ත්වයකට පත්වෙනවා කියලා දැන ගත්තහම අපිට ඇත්තටම ලංකාවට එන්නත් බය හිතුණා (නි)
මම හිතන්නේ මෙයා ඔය කියන්නේ චමින්ද වාස් ගැන වෙන්න ඇති. නෙත්නම් ගොඩක් මහාචාර්ය වරුන්ගේ වගේ මෙයාගෙත් මොලේ කොලොපන් වෙලා වෙන්න ඇති.(නදී)
මේක ඇත්ත එළිවිය යතු අබිරහස් කතන්දරයක්. (නි)
මනුස්සයෙක් හොද මිනිහෙක් කරන්නත් , නරක කෙනෙක් කරන්නත් පුළුවන් සුලු වෙලාවයි යන්නේ (නි)
මේක කියපු අයටත් මොනවාහරි කරලා දීලා වගේ. වාස් හොද ඇති නිදාගත්තාම. (නදී)
වාස් නියම චරිතයක්. (නි)
මිත්‍රහීලි අභිමානවත් වෘත්තීය පොලිස් සේවාවක්... මොනවද අප්පේ මේ සම්මන්ත්‍රන? පලමුවෙන්ම සම්මන්ත්‍රන තියන්න ඕනෑ ජනතාවට සෑනසීමෙන් ඉන්න දෙන පොලිසියක් හදමු කියන තේමාව යටතේ. මිනිස්සු ලංකාවෙ පොලිසිය හින්දා හොඳටම හෙම්බත් වෙලා ඉන්නෙ (නි)
දාන්න කට්ටිය තව ඕනේ තරම් එළියේ ඉන්නවා.(නදී)
වාස්ගේ ක්‍රියාකලාපය හරියට සොයා බලන්න. (ත)
ඇත්තට වාස් ට මොකද උනේ අනේ (ත)
අපිටත් ඒක නම් ප්‍රශ්නයක්. මේ මනුස්සයා කළ යුතු දේ කළා. එව්වා අපිට අමතක නෑ. නොකළ යුතු දේ කළා නම් දඩුවම් විදින්න ඕන. (ත)
මට මොකුත් මතක නැහැ
වාස් මහතාට මොකද වුනේ කියලා එයාගෙන් ප්‍රකාශයක් අරන් ජනතාවට හෙළිකරන්න. (නි)
නියෝජ්‍ය පොලිස්පතිත් මෙලෙස වන රටක සිවිල් ජනතාවගේ ආරක්ශාව කෙසේ වේවිද ? (නි)
අනේ මන්දා මම මොනවා කියන්නද කියලා
වාස් හොදයි දුමින්ද සිල්වා හොන්දායි. (නදී)
ඔය ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාම 'හොඳ' මිනිස්සු.(අ)
දැන් අර ඊයේ මැනික් ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි එකහමාරක සල්ලි සහ මැනික් ගල් හොරකම් කරලා. කරලා තියෙන්නෙත් පොලිසියෙන් කියලලු. ඉතින්? අනේ මන්දා??? (නි)
'වාස් හොඳ මිනිහෙක් - මොකද වුණේ?' මහැදුරු කමල් වලේබොඩ. හාරලා බලන්න කොස් ගෙඩියක් නෙවියිනේ මහතයෝ, මටනම් ඔබ ගැනත් සැකයි(අ),
ඇයි වාස්ගෙන් මාධ්‍යට ප්‍රකාශයක් ගන්නේ නැත්තේ? (අ)
මහදුරු කියනවා වාස් හොඳ මිනිහෙක් කියල, වාස් කියනවා මම මිනිමරුවෙක් ආවම බලාගමු කියල (අ)
වාස් මහත්තයා හොද මිනිහෙක් හොදට හොයල බලන්න මම හිතන්නෑ වැරදිකරන කෙනක් කියලා(අ)
වස් හොද මිනිහෙක් ඒක තමා බන්දනාගාරයට දැම්මේ.(අ)
සෑම් ,මෝඩ කතා කියන්න එපා.අදාල දේ කතා කරන්න.ඔයා සියල්ල දත් වසු පැටියෙක් කියලා අපි දන්නවා. (නි)
බලමුකෝ අනිත් වැරදි කරපු අයටත් මොකද වෙන්නේ කියලා. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
හිර ගෙවල්වල ඉන්නේ යක්කු පෙරේතයෝ කුම්බාන්ඩයෝ නෙවෙයි , ගොඩක් හොද මිනිස්සුත් එතන ඉන්නවා , මෙයත් එහෙම කෙනෙක් කියල හිත හදාගනිමු (අ)
රජකම් කෙරුවත් කළකම් පල දේ කියනවනේ.අපි නම් මේ කිසිත් නොදනී.සර්ව ජන චන්ද බලයට පින් සිද්ද වෙන්න ගුණ දහම් මිනිස්කම් කියන දේවල් රහස් පොලිසියටවත් හොයාගන්න බැරි තරමට මඩ ගොහොරු දේශපාලනයෙන් හංගලා තියෙනවා කියන එක නම් අපි දන්නවා. (නි)
මොනවා වුනත් ඇත්ත එලියට අවොත් මීට වඩා ලොකු දේවල් හොයාගන්න පුළුවන් වේවි. (නි)
මම දන්නෙ නෑ අනේ මට තේරෙන් නෑ අනේ, මොනවද හැංගිලා තියේ ... (නි)
මම මුලින් හිතුවේ අපේ අර මඳවේග පන්දු යවන වාස් කියලා (නි)
කොච්චර කාලයක් හොඳ පුද්ගලයෙක් හැටියට ගෞරව ලැබුවත්,එක නරක සිතුවිල්ලක් ඇති මනුස්සයෙක් විනාශ කරන්න. වැරදි කරන්න ලේසියි. යහමග එන්න අමාරුයි. (නි)
මේවා දකිනකොට මට හිතෙනවා කැළෑ වදින්න. කාවද අපි විශ්වාස කරන්නේ? (නි)