‘ගෙදරක වැසිකිළිය විවෘත කිරීමට අපිට එන්න කියන්න.අපි එනවා .නමුත් දේශපාලන වේදිකාවට එන්න කියන්න එපා‘ යැයි කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු තම ඉතාලි සංචාරයේ අවසන් අදියරේ පැවති වෙරෝනා ප්‍රසංගය අවසනදී තම ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකු හමුවේ කීය.
ඇත්තටම අපි ඉතාලියට ආ දවසේ සිට බොහෝ අය අපිට සංග්‍රහ කරන්න ඉදිරිපත් වුණා. ඒ හැමෝටම අපි කිව්වේ ලංකාවට ආපු දවසට අපි හමුවෙන්න කියලයි. අපිට සලකා අපිව රැකබලා ගත්තු ඔවුන්ගේ ඕනෑම දෙකට අපි නොමිලේ සහභාගී වෙනවා.විනෝදයත් එක්ක සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්න අපට පුළුවන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ කතාව නම් මල් මසුරන් (දී)
කලාවේ නියම අගය දන්නා නිහතමානී කලාකරුවන් දෙදෙනෙක් ලෙස කුමාර මහතාට සහ ගිහාන් මහතාට මා අගයන අතර කලාව වෙනුවෙන් පළමුව මගේ ප්‍රණාමය පුද කරනවා. මෙය කලාව උගසට තබා දේශපාලනයට පිවිසි සහ පිවිසීමට බලාපොරොත්තුවන අනෙක් කලාකරුවන්ට ආදර්ශයක් වේවා! (නදී)
ටෙනිසන්, එතකොට තිස්ස සර් කියල දීල තියෙන්නෙ කලාව විතරක්ද? රඟපෑම විතරක්ද කියලත් හිතෙනවා නේද? (නදී)
තිරිමාදුර මහත්තයෝ ඔබට මුල්ම සම්මානය ලැබුන දවසේ ඔබ කිව්ව දේ මට තවම මතකයි. ඔබගේ අම්මා තමයි ඔබට මේ තත්ත්වයට එන්න අත හිත දුන්නේ කියලා. කවුරුත් අද පිළිකුල් කරන දේශපාලනයට ඇවිත් ඔබගේ ආදර අම්මගේ සිතුම් පැතුම් සිහිනයක් කරන්න එපා. ඔබගේ කලා ජීවිතයට මගේ උණුසුම් සුභ පැතුම්.(නදී)
රුවන්, අපිට කලාවේ අයනු ආයනු කියා දුන් පින්වත් තිස්ස ගුනවර්දන ගුරු පියාණන්ට පින්සිදුවන්න වෙල්ස් කුමරුවන් කී දෙනෙක් අද කලා ලොව එලිය කරනවද ? (නදී)
පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් තමයි.(නදී)
ඔයාලගේ ආදර ප්‍රේක්ෂකයෝ කවදාවත් ඔයාලව ඒවගේ පහත් තැනකට ඇදල දමන්නේ නැහැ ..ඔයාලත් ඒ අයව කවදාවත් අසරණ කරන්න එපා . දේශපාලනයට වඩා කලාව කොයිතරම් උතුම්ද ?සමහර නළු නිළියෝ අද දේශපාලන අතකොලු වෙලා ..ප්‍රේක්ෂකයන්ගෙන් සදහටම ඇත්වෙලා..ඔයාලා කවදාවත් ඒවගේ පහත් තත්වයකට වැටෙන්න එපා (දී)
නළුවෙක් කියන්නේ සමාජ විපර්යාසයට රංගනයෙන් විතරක් දායක වෙන කෙනෙක් නොවේ. මේ කළා කරුවන් දෙන්නාගේ වචන වල දුක් විඳින ජනතාවගේ හද ගැස්ම තියෙන බව පේනවා. අහන්නත් සතුටුයි.(නදී)
මගේ ජිවිත කාලෙට අහපු හොදම කතාව නියමයි මහත්තයෝ (දී)
ඔබ දේපල මන් කැමති අගය කරන කලා කරුවන් දෙදෙනෙක්.අපේ රටේ මඩිය පුරවා ගන්නා පල්වෙන දේශපාලනේට ඔබලා වැනි අවංක අය නොයෙන එකමයි හොද.ඔබලා වැනි අයට පුලුවන් දේශපාලනෙන් තොරව මේ වැටිලා තියෙන අගදෙන් අපේ රට බේරා ගන්නා. (අ)
අපි ඔබගේ කතාවට 100% එකඟයි මහත්තයෝ (දී)
මේ ප්‍රකාශනයෙන්ම මේ දෙන්නාගේ සමාජ දැනුම පේනවා. අපිට දුකයි මෙයාලා ගැන. (දී)
වටිනා කියමනක් අද කාලයේ කලාතුරකින් අහන්න ලැබෙන දෙයක් කලාකරුවෙක්ගෙන්.(නදී)
බොහොම නිහතමානී චරිත.(නදී)
උපුල්, නියමයි ඔබ.(නදී) .
වේල්ස් කුමරුවෙක්... ඇත්තටම සතුටුයි...(අ)
කුමාර තිරිමාදුර - මම කැමතිම විශිෂ්ට ගණයේ නිහතමානී නළුවෙක්. අනෙත් සමහර නළු බට්ටන්ටත් ආදර්ශයක්. (දිල්)
අද කඩේ යන සමහර නළුවෝ එදා අපේ වීරයෝ ගුරුවරු වීරයෝ අද කඩේයන කොට අපිට දුකිකි දේසපාලන අසුගි ගොඩට නොවැටී ඉන්නට ගත තීරණයට අපේ අචාරය ìììììì (අ)